අපි යථාර්ථය වෙනස් කරන්නට මැදිහත් වන්නෙමු.එය අපට කල හැකිය.මන්ද යථාර්ථය තනා ඇත්තේ මිනිසුන් විසින් මිස දෙවියන් විසින් නොවන බව අපි දන්නා නිසාවෙනි.දෙවියන් යනුද මිනිසුන් විසින්ම තැනූ සංකල්පයකි.මිනිසුන් සෑදු දේ ඉදිරියේ නැවත මිනිසුන්ම හිස නැවිය යුතු නැත.
සමාජ යථාර්ථය ප්‍රතිනිර්මාණය(වෙනස්) කරන්නට ප්‍රථම එය නිවරැදිව ග්‍රහණය කරගත යුතුය.එයට බාධාකාරී වන්නේ දෘෂ්ඨිවාදයයි.
එමනිසා මේ මොහොතේ අපගේ ප්‍රමුඛ කාර්‍යයක් වන්නේ දෘෂ්ටිවාදී විචාරයයි.දෘෂ්ඨිවාදී හැඟවුම්කරණයන්ගෙන් තම ආත්මය ගලවා ගත් මිනිසුන් හෙවත් මේ යුගයේ සෑබෑ විප්ලවාදීන් නිර්මාණය කිරීම අපේ වැඩකි.එවන් විශාල පිරිසක් අවශ්‍ය නැත.මන්ද සමාජ වෙනස යනු සියළු මිනිසුන් වෙනස් කිරීම නොව වෙනස් කල හැකි මිනිසුන් ලවා සමාජ ව්‍යුහ වෙනස් කිරීමයි..
ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂ අදහස් සමග සමග ධනාත්මකව(එකඟ වීම හෝ විවේචනාත්මකවීම) සම්බන්ධ වන්නන් අප පක්ෂ අදහස් ඉදිරියේ කුණුහරුපෙන් බැන වදිති.දඩාවතේ යන බල්ලන් පවා අපට බුරා පනිති..
ඔවුන්ට අනුව අපි පොන්නයින්ය.ඔවුන් අපෙන් අහන්නේ අපි බඩු ගහන්නේ නැත්ද කියාය..
දැන් බොහෝ දෙනා අපට කුණුහරුපෙන් බනින්නේ මන්දැයි අපට ලේසියෙන් පහදා දිය හැකිය
අපි කරන්නේ දෘෂ්ඨිවාදය යටතේ මිනිසුන් සංවිධානය කිරීම නොව දෘෂ්ඨිවාදය විචාරය කිරීම ඔස්සේ මිනිසුන් සංවිධානයයි.
අප දෘෂ්ඨිවාදය විචාරය කිරීම බොහෝ දෙනෙකුට වේදනාකාරී අත්දැකීමකි.
දෘෂ්ඨිවාදය යනු කවුරුන් විසින් හෝ අපව මුලාකිරීම නොව,අප විසින්ම සමාජ ව්‍යුහවයන් සමග සම්බන්ධවීමේදී ඇතිකරගන්නා එකඟතාවයන්ය.එය තුළ හිඳිමින්ම වඩා යහපත,සතුට,හොඳ යෝජනා කීරීම පහසුය එමෙන්ම පීඩාකාරී නොවේ.
එහෙත් දෘෂ්ටිවාදී විචාරය යනු එය නොවේ.දෘෂ්ඨිවාදී විචාරය යනු එම ඇතිකරගන්නා එකඟතාවයන්හීම ඇති නිස්සාරත්වය,ව්‍යාජත්වය පෙන්වීමයි.
ඉතින් මෙම පෙන්වාදීම කෙනෙකුට වේදනාකාරි නොවී තිබිය හැකිද?
විශේෂයෙන් මධ්‍යම පාංතිකයින්ට එය අතිශය වේදනාකාරී තත්වයක් උදාකර ඇත.
දෘෂ්ඨිවාදයෙන් ගැලවීම වේදනාකාරිය.
පුබුදු හා අනුර සමග ධනාත්මකව සම්බන්ධවන්නන් අන්තර්ජාලය ඔස්සේ අපිට කුණුහරුපයෙන් බැනවැදීම ගැණ ඉතින් අප පුදුම වන්නේ නැත.
මේ සටහන කියවා දැන් නැවතත් ඔවුන් අපගෙන් මෙසේ අසනු ඇත.
උඹලා පොන්නයෝ නේද?
උඹලා ආතල් ගන්න දන්නේ නැහැ නේද..?

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. මෙතන පොඩි උභතෝකෝටිකයක් තියනවා. දෘෂ්ටිවාදය සහ ෆැන්ටසිය යන දෙකම කරන්නේ අපේ මද්‍ය්යයේ ඇති හිස්බව අපෙන් වසන්කිරීම. මේ හිස් මද්‍යයට Lacan කියන්නේ “the truly traumatic core”කියල. ඒ කියන්නේ ඔබ කියන දේ හරියටම හරි. දෘෂ්ටිවාදී හෝ ෆැන්ටසියේ ‘කඩතුරාව’ ඉවත්කරපු ගමන් අපිට ක්ෂිතිමය අත්දැකීමකට මුහුන දෙන්නවෙනවා. උභතෝකොටිකය කියල මම කිව්වේ මේ ක්ෂිතිමය අත්දැකීම මගහරින්න පුළුවන් හැමදෙයක්ම කරන එකම නේද ‘මනුෂ්‍ය ස්වභාවය’ කියන්නේ? එක නේද බුදුන්වහන්සේ “හිස ගිනිගත්තෙකු හැකිතරම් ඉක්මනින් ඒ ගින්න නිවන්න හදනවා වගේ සංසාරෙන් එතෙර වන්න ඉක්මන්වෙන්න” කියල තියෙද්දි අපේ සිංහල බෞධ්දයා හිසගිනිගත්ත වගේ පිස්සු කෙළිමින් “අපි බුදුන් සරණ ගියෝ” කියල ෆැන්ටසියෙන් මන්මත් වී ආතල් එකේ ඉන්නේ? ඇත්තටම නිදි අය ඇහැරවන්න පුළුවන් එත් බොරුවට නිදි අය? ජිජැක් කියනවා මේ දෘෂ්ටිවාදී මුලාවේ ඉන්නේ නොදැන නෙවේ කියල. නොදන්නාවානම් මුලාවෙන් ගලවන්න පුළුවන් එත් දැනගෙනම මුලාවේ ඉදිමින් ආතල් ගන්න අය?

Comments are closed.