පෝලන්ත ‘සමාජ යථාර්ථය’ තම මාධ්‍ය වූ සිනමාව පදනම් කොට නිරූපණය කරන්නට දරණ ලද සියලු අවංක උත්සාහයන් වියැකී යාම නිසා ක්‍රිස්ටෝෆ් කිසලොව්ස්කි යථාර්ථයේ ප්‍රබන්ධ මානය වෙතට ආපසු ගමන් කරන්නට විය. ඒ සඳහා, ඔහුට පෝලන්තය අතහැර පැරීසිය බලා ගමන් කරන්නට සිදු විය. පැරීසියේ දී, ඔහුගේ විශිෂ්ට නිර්මාණ තුනක් බිහි විය. 

    ලංකාවේ ‘සමාජ යථාර්ථයට’ ද පෝලන්ත සමාජ යථාර්ථයට සොලිඩැරිටි සංවිධානයේ අවසානය සමඟ සිදු වූ දේ සිදු වී ඇත. ලංකාවේ ‘සමාජ යථාර්ථය’ නිරූපණය – Representational Logic of Social Reality- කරන අවසාන ආකෘතිය වූ ‘ජනතා විමුක්ති පෙරමුණ’ එහි අවසාන සමාජ නිරූපණය කරමින් සිටිති.

             මේ පසුබිම තුළ, කිසලොව්ස්කිගේ ‘වෙරෝනිකාගේ ද්විත්ව ජීවිතය’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වූ “වෙරෝනිකා” පරිදි ලංකාවේ මැදපාන්තික තරුණ-තරුණියන් බටහිර ධනවාදී රටවලට ‘දාර්ශනික අනාතයන්’ ලෙස පිටවෙමින් සිටිති. ඔවුහු උතුරු ගෝලයේ වැන්කූවර් සිට ඔස්ලෝ දක්වාත්, දකුණු ගෝලයේ සියෝල් සිට මෙල්බන් දක්වාත් නගරවලට ඇතුළු වී සිටිති. [ඉහළ අධ්‍යාපනයක් නොලද අය මැදපෙරදිගට සංක්‍රමණය වී ඇත.] ආර්ථික අර්බුදයක දී තෝරාගත හැකි එක විකල්පයක් වන්නේ, විගාමනය යි. 

   දේශපාලන විකල්පයක් විසින් ‘ආර්ථික පැරඩයිමය’  නො විසඳූ සෑම මොහොතකම- 70 සමගි පෙරමුණ, 1994 චන්ද්‍රිකාගේ මානුෂික ධනවාදය, 2019 ගෝඨාභයගේ වියත් දේශපාලනය- අදාළ දේශපාලන ව්‍යාපාරයක්ම සහමුලින් ම විනාශ වී යාම ඉතිහාස ගතිකයකි.

ලංකාවේ උන්මුල සමාජ අර්බුදය සඳහා තවදුරටත් පාරභෞතික (සමාජවාදය, ජාතිකවාදය, ලිබරල්වාදය) හෝ ආගමික අර්ථකතන හෝ දේශපාලන ජනප්‍රියවාදයන් විකල්ප නොවේ. ෆ්‍රෙඩ්රික් ජෙම්සන් විසින් කිසලොව්ස්කිගේ සිනමාව අරභයා රැගෙන එන තිසීසය අපගේ යථාර්ථයට ද අදාළ ය. 

              “ කිසලොව්ස්කිගේ සිනමා කතන්දර 1989 වසරේ බර්ලින් තාප්පය ඇද වැටෙන තුරු දෝලනය වූයේ, විගාමිකත්වය සහ යකඩ තිරයකින් වැසී ගිය සමාජවාදය නම් අදහස අතර ය. ඇලෙක්සැන්ඩර් සොල්සනෙට්සින්  සහ බොරිස් පැස්ටනැක් මගින් නිරූපණය වූයේ, විමතික අදහස් සහ අව්‍යාජ කොමියුනිස්ට්වාදය අතර පරතරය යි. නමුත්, 1989 දී සිදු වූ සෝවියට් දේශයේ බිඳ වැටීම මගින් මූර්තිමත් වූයේ, ඉහත තේමාවන් සහ තත්වාරෝපණයන් තවදුරටත් වලංගු නොවන බවත් කොමියුනිස්ට්වාදය පිළිබඳ ගැටලුව පසුජාතික තත්ත්වයකට පරිවර්තනය කළ යුතු බවත් ය”. 

 

           ටොරොන්ටෝ, බර්ලීන්, පැරිස්, ඔක්ලන්ඩ්, හෙල්සින්ස්කි, ඇම්ස්ටර්ඩෑම්, ටෝකියෝ, බර්න් වැනි නගරවල සිට YouTube මගින් යුරෝපා ශිෂ්ටාචාරයේ අසිරිය අපට පෙන්වන සිංහල තරුණියන් ඔවුන්ගේ යථාර්ථය පසුජාතික තත්ත්වයකට රැගෙන ගොස් ඇත.

 

රට තුළ පදිංචිව සිටින ඔබත් ඊට සූදානම් ද? 

Samabima.

**************************************************

මේ මොහොතේ අප මුහුණ දෙන ආර්ථික ගැටළුව  සදහා විසදුම කුමක්ද යන්න කිසිවෙකු විසින් විධිමත්ව සාකච්ජා කරනු අපට දක්නට නොලැබේ. ජ.වී.පෙ ඇතුළු වමේ පක්ෂ වලට අනුව ලංකාවේ ගැටලුවට හේතුව  වංචාව දුෂණය නාස්තිය නම් මේ මොහොතේ යුරෝපයේ ප්‍රභල රටවල සහ ජපානයේ  ආර්ථික පසුබෑමට හේතුවද වංචාව දුෂණය නාස්තිය විය හැකිද ? ඕනෑම සංස්ථාපිතයක් වංචාව දුෂණය නාස්තිය හේතුවෙන් කඩා වැටෙන බව සත්‍යකි. නමුත් ලංකාව වැනි රටක ආර්ථිකය ගොඩනැගී ඇති අඩිතාලම තුල  වංචාව දුෂණය නාස්තිය යනු සාමාන්‍ය දෙයකි. ආර්ථිකය තුල ඇති අලිඛිත, අවිනීතික කොටස ඉවත් කල විට ආර්ථිකය තව තවත් අර්බුදයට ගමන් කරයි. උදාහරනයකට ලංකාවේ රාජ්‍ය මගින් සපයනු ලබන ආර්ථිකමය වශයෙන් වැදගත් බොහෝ සේවාවන් සහ පහසුකම් ලබා ගැනීම සදහා රජයේ නිලධාරීන් අල්ලස් ලබා ගන්නා බව ප්‍රසිද්ධ රහසකි. මෙම නිලධාරීන්ගෙන් ඇතැමුන්  ජ.වී.පෙ නියෝජනය කරන වෘත්තීය සමිති වල සාමාජිකයන්ය. තවද ලංකාවේ සාර්ථක ව්‍යාපාරිකයන් බොහෝ දෙනෙකු රජයට අය විය යුතු බදු විශාල වශයෙන් නොගෙවා සිටී. බදු වලට හසු නොවන ආකාරයට ගිණුම් සකස් කිරීම රටේ සාමාන්‍ය දෙයකි. රටක් අසාර්ථක වන විට තනි තනි පුද්ගලයන් පමණක් සාර්ථක වන්නේ කෙසේද යන්න සොයා බැලු විට තිරය පිටුපස ඇති – සාර්ථක බුද්ධිමතුන්ද ඇතුලත්ව – අලිඛිත, අවිනීතික කොටස අපට හෙළිදරවු කරගත හැක. දීර්ඝ ඉතිහාසයක් ඇති විප්ලව දෙකක් කල පක්ෂයක් වන ජ.වී.පෙ ට රටේ ආර්ථිකය පිළිබද පැහැදිලි විචාරයක් , විවේචනයක් නොමැත. පවතින අතිශය අර්බුදකාරී තත්වය සදහා විසදුම මාලිමාව නොවේ. පවතින තත්වයේ යථ න් පලායාම සදහා රටේ ජනතාව ගොඩනගා ගන්නා ෆැන්ටසිය ”මාළිමාවයි”.

ගැටලුවේ උච්චතම ස්ථානයට පැමිණ ඇති මොහොතක ඊට පිළියම් සෙවිය හැක්කේ දීප්තිගේ කතිකාව පිළිගන්නා ව්‍යාපෘතියකට පමණි. අප එසේ ප්‍රකාශ කරන්නේ අතිශෝක්තියකින් නොවේ. කිසිවෙක් මෙය  බුද්ධියෙන් නොවිමසා  පිළිගත යුතු  නැත. දැන් අපට ඇති එකම විකල්පය දීප්ති පමණි. ලංකාව වෙනස් කිරීමට නම් චින්තන විප්ලවයක් අවශ්‍ය බව අදටත් ප්‍රකාශ කරන්නේ දීප්ති පමණි. ”සමබිම පක්ෂය” සහ ඊට  පෙර පැවති අපගේ සියලු දේශපාලන ව්‍යපෘති පාදක වුයේ දේශපාලන න්‍යාය සමාජගත කිරීම වෙනුවෙනි. සාමාන්‍ය සමාජයේ අර්ථකතනයට අනුව අපි නිකම්ම නිකම් පොතේ ගුරාලාය. අපට කිසිදු ප්‍රයෝගික හැකියාවක් නැත. ඉතා දුර්වල , කිසිදු පහසුකමක් නැති , අඩුම තරමේ පක්ෂ කාර්යලයවත් පවත්වා ගැනීමට ආර්ථික හැකියාවක් නැති අප ඒ සියලු බාධක පරදා ලංකාව ගොඩනැගීමේ දේශපාලන දර්ශනය සොයාගෙන ඇත. පවතින සමාජ දේශපාලන ගැටලුවට සැබෑ විසදුම අප සතුය. මෙසේ කී විට එම විසදුම  පොතක ලියා ඉදිරිපත් කරන ලෙස ඔස්තාර්ලා අපට කියනු ඇත. අප සතු විද්‍යාව කිසිවෙකුටත් එසේ ලබා දෙන්නේ නැත. මේ මොහොතේ අපගේ විවේචකයන්ට අප ඉදිරිපත් කරන්නේ අභියෝගයක් පමණි.එය නම්  අපි දිහා බල බල  ඉන්නේ නැතිව  කරලා පෙන්නන ලෙසයි.

ව්‍යුහවාදය දේශපාලන න්‍යායක් ලෙස මුලින්ම සමාජගත කරන ලද්දේ අප විසිනි. භාෂාව ව්‍යුහයක් ලෙස සියලු දේ පාලනය කරයි. හැගවුම්කාරකයේ තර්කනය නොදැන කළහැකි දේශපාලනයක් නොමැත. තුවක්කුවක් දී වෙඩි තැබීමට පුහුණු කල විට වෙඩි තබන පුද්ගලයා විප්ලවාදියෙකු වුයේ මීට දශක ගණනාවකට පෙරය. ඔහුට කැප කිරීමට තිබුනේ තමන්ගේ භෞතික ජීවිතය පමණි. නමුත් සංකේත ලෝකය වෙනස් කිරීමට උත්සහ කරන විප්ලවවාදියාට ඊට වඩා බැරෑරුම් කාර්යක් හිමි වේ. සෑම මොහොතකම සතුරා පරාජය කල හැක්කේ සතුරාට වඩා තමන් චින්තනයෙන්  ඉදිරියෙන් සිටී නම්  පමණි. ශරීර වශයෙන් ගත් කල ලංකාවේ සිටින්නේත් යුරෝපයේ සිටින්නේත් එකම ජීවියෙකි. මෙම ජීවීන් දෙදෙනාගේ වෙනස ඇත්තේ චින්තනය තුලය. ලංකාවේ ජීවියා බස් එකේ වර්ග සෙන්ටිමීටයක ප්‍රමාණයක ඉඩක පැක් වී ගොස් කිසිවක් නොදන්නා තොත්ත බබෙකු මෙන් තමන්ගේ පවුලට ,දරුවන්ට පමණක් අනාගතයක් හදන්න මහන්සි වෙයි. තවත් ජීවියෙකු තමන්ගේ ගමන සැප පහසුවෙන් ඉක්මනින් ගොස් ප්‍රාග්ධනය උපයා තම ජීවිතය අත්විදියි. ලංකාවේ ජීවියාද තමන්ගේ මෝඩ උත්සාහය අතහැර සැප පහසුවෙන් ඉක්මනින් ගමන් කිරීමට අවශ්‍ය බව තීරණය කරන්නේ නම් ඔහු පරණ අගතීන් වලින් මිදෙන්නේ නම් අපට සියලු දේ වෙනස් කිරීමට යන්නේ ඉතා සුළු කාලයකි. එය මුදල් හෝ භෞතික සම්පත් නොතිබීමේ  ගැටළුවක් නොවේ.

තමන්ගේ ජාතිකත්වය ගැන තම රටේම පුරසාරම් දොඩන ජාතියක් වෙතොත් ඒ ශ්‍රී ලාංකිකයාය. ලොව දියුණු ජාතීන් මේ මොහොතේ විවිධත්වයට මුල්තැන දෙති. අද සමාජය හොරුන්ගෙන්, වංචාකාරයන්ගෙන්, මිනීමරුවන්ගෙන් පිරී ගොස් ඇත. සැබෑ සිංහල බෞද්ධ ජාතිකත්වය පිලිබිබු වන්නේ ඔවුන්ගෙනි. සිංහලයා යනු අනෙකා මරා දමා හෝ තම බට කට පුරවා ගන්නා තිරිසේනෙකුට ඉතා අසන්න සත්වයෙකි. අපට අලුත් රටක් ගොඩනගා ගැනීමට අවශ්‍ය නම් මෙම සිංහලකමෙන් අප සම්පුර්ණයෙන්ම ඉවත්විය යුතුය. අප ජාත්‍යන්තරය ජාතියක් විය යුතුය. ඒ සදහා දරුණු චින්තන විප්ලවයක් අවශ්‍ය වේ. දැනටමත් රටේ බොහෝ දෙනෙක් මේ තත්වය තේරුම් ගෙන ඇත. නමුත් ඔවුන්ට හයියක් වන්නට දේශපාලන පක්ෂයක් නොමැත. සිංහල බෞද්ධ චින්තනයේ අවසාන ගැලවුම්කරුවා වුයේ ගෝඨාභය රාජපක්ෂයි. සිංහල බෞද්ධ ජාතියේ තිරිසන් කම ඉදිරියේ ඔහුට පස්ස දොරෙන් පලා යාමට සිදු විය.

සමබිම පක්ෂය රට වෙනස්කිරීමේ ඉදිරි දර්ශනය ගොඩනගා අවසන්ය. මේ මොහොතේ අපට අවශ්‍ය වන්නේ ඒ සදහා පුළුල් ප්‍රචාරයක් සහ එම දර්ශනය බුද්ධිමත්ව තේරුම් ගත හැකි පිරිසකි. අප කුමන දර්ශනය ගොඩනැගුවද ඒ සදහා ජනතා සහයෝගය නොලැබෙන්නේ නම් ඉන් ඵලක් නොවේ. ජනතාව අතරට අපගේ ව්‍යාපෘතිය රැගෙන යාම අපගේ මීලග අභියෝගයයි. ඒ සදහා විවිධ ප්‍රචාරණයන් අප සිදු කරන අතර අධ්‍යයාපන අංශය ඉදිරි කාල සීමාව තුල පක්ෂයේ න්‍යාය සහ දර්ශනය හැදෑරීමට කැමැත්තක් දක්වන අය සදහා පාඨමාලාවන් පවත්වනු ඇත. අපට කැමති අකමැති ඕනෑම කෙනෙකුට මෙම පාඨමාලාවක් සදහා සහභාගී වී අපි කරන්නට හදන්නේ කුමක්ද යන්න දැනගත හැක. කෙසේ වෙතත් දැන ගැනීමට නම් පන්තියේදී ඔබ නිහඩ විය යුතුය. එසේ ඉගෙන ගැනීමට කැමති අය ෆෝරමය පුරවා සම්බන්ධ වන ලෙස  සහෝදරත්වයෙන් යුතුව ආරාධනා කරන්නෙමු. පක්ෂ පාට මතවාද වලින් අපි වෙනස් වුවත්, එකෙකු වුවත් අනාගත චින්තන  විප්ලවයකින් තොරව ලෝකය තුල අපට පැවැත්මක් නොමැත. අප අද උත්සහ නොකළ හොත් භුමිය වෙනත් සුදුස්සෙකුට හිමි වනු ඇත. අනාගතයේදී අපගේ ආත්මයන් සිහිපත් කිරීමටවත් කිසිවෙකු ඉතුරු නොවෙනු ඇත.

අයදුම් කිරීම සදහා පහත link එකට ගොස් Google Form අයදුම්පත සම්පුර්ණ කර Send කරන්න.

අයදුම් කිරීමට මෙතන CLICK කරන්න.

 

ඔබේ අදහස කියන්න...

4 COMMENTS

  1. මේක මේ ලිපියට අදාළව දාන comment එකක් නම් නෙමෙයි.මම අවුරුදු 23 ක තරුණයෙක්.මම ඔබලාගෙ ලිපි,විඩියෝ උසස් පෙළ කාලෙ ඉඳන්ම වගේ බලනව.ඒ හින්ද මට මනෝවිශ්ලේෂණය ගැන යම් අවබෝධයක් තියෙනව.මේක මට ඇතිවෙලා තියෙන ලිංගික ගැටලුවක් සම්බන්ධයෙන් පළ කරන්නෙ.මම විෂමලිංගික තරුණයෙක්.මට අවුරුදු 19 වගේ කාලයේ ඉඳන් Lacanian Psychoanalysis වල කියන Other Jouissance කියන තත්වය experience කරනව.සාමාන්‍යයෙන් ඒක ගැහැනු විතරනෙ experience කරන්නෙ.පිරිමි experience කරන්නෙ phallic jouissance එකනෙ.මට මේක හින්ද depression වගේ ඇතිවෙලා තියෙන්නෙ .ගැහැනුන්ව දැක්කහම බය හිතෙනව.මේකෙන් මිදිල ආයෙ පිරිමියෙක් ලෝකය experience කරනව වගේ කරගන්න ක්‍රමයක් නැද්ද සහෝදරවරුනි?

  2. මොකක්ද බං දීප්ති ගෙ එකම විකල්පය? චතුරිකාගෙ ආශාවද !

Comments are closed.