ප‍්‍රවේශම් විය යුතු කාරණයක් නම් අප අවට බොහෝ ඔල්මාදකාරයන් ගැවසීමය. සායනික අර්ථයකින් ගතහොත් මේ ඔල්මාදකාරයන් වැඩි දෙනෙකු අකාලයේ පරිණත වූවන්ය. යන්තම් කට ගා ගත් දැනුම වාචාල ලෙස වපුරන්නවුන් මේ අතර බොහෝය. එහෙත් කිසිවකුට ඔවුන් පිස්සන් පිරිසකැයි නොසිතෙන්නේ මන්ද? වාචාලකමත් ඔල්මාදයත් (Dementia) සන්සුන් සයිකෝසියාවේ ලක්ෂණ ලෙස හඳුනා ගැනීමට අත්වැලක් ලීඩර් අපට සපයයි.
ඓතිහාසිකව ගත් කල පිටතට නොපෙනෙන උමතු බව හඳුනා ගැනීම රෝග නිශ්චය පිළිබඳ මූලධර්ම විවරණය කිරීම හරහා සිදු වන්නකි. එමිල් කේ‍්‍රපලින් (Emil Kraepelin) වැනි දහනව වන සියවස අග්ගිස්සේ සහ විසිවන සියවස මුලත් සිටි මනෝ චිකිත්සකයන් සයිකෝසියාවේ පරිණාමය කෙරේ මහත් අවධානයක් යොමු කර තිබිණි. ඒ අනුව රෝගයේ ස්වභාවය නීර්ණය වන්නේ එය පිළිවෙළක් අනුව ගැනීමෙනි. අකාල පරිණත ඩිමෙන්ෂියාව නැතහොත් ඔල්මාදය (Dementia praecox) නිදසුන් කොට දැක්විය හැකිය. ඔවුන් මනෝභාවිත සහ ඥානකාරක ලෙස (Cognitive and affective) දිළිඳුය. ඔල්මාදය (Dementia) යන යෙදුමෙන් කුණු වීමක් අඟවයි. එනම් ඓන්ද්‍රීය සිදුවීම් සන්තතියක් නිසා ඇති වන ¥ෂිත සිතිවිලි මනස තුළට කඩා වැදීමය. එයටම ආවේණික නියමයන්ට අනුව එය සිදු වේ. එසේ නොවිණි නම් එය අකාල පරිණත ඔල්මාදය නොවේ.
ඩිමෙන්ෂියාව නිර්වචනීය ලාක්ෂණිකයක් (Defining characteristic) ලෙස ගැනීම මෙහි ප‍්‍රගතිශීලී අවස්ථාවකි. එය විෂාදි සයිකෝසියාවෙන් වෙනස් කොට තිබිණි. එය අසාධ්‍ය අවස්ථාවක් සේ ගැනීම උමතු බව පිළිබඳ ජනප‍්‍රිය සංකල්පයන් ගොඩනැඟීමට උපකාරී විය. කලින් පැවති විශ්වාසය වූයේ රෝගියා හොඳින් සිටී නම් එය සයිකෝසියාව විය නොහැකි බවය. එක්තරා මනෝ චිකිත්සකයකු තමා ප‍්‍රතිකාර කළ භින්නෝන්මාදයෙන් (Schizophrenia) පෙළෙන්නේ යයි විනිශ්චය කර තිබූ රෝගියකු පිළිබඳ ඇමරිකානු මානව විද්‍යාඥවරියක වූ ටන්‍යා ලූමාන් සමඟ කියා තිබිණි.
ඇයට සහකරුවෙක් සිටිනවා. ඇයට ඇත්තටම  ඕනෑ වුණේ මේ හාදයාව කසාද බැඳ ගැනීමට. බැලූ බැල්මට ඔහු ගැළපෙන කෙනෙක්. ඇය තනිවම සියල්ල කර ගන්නවා. ඇයට ලේබල් ඇලවීම අර්ථයක් ඇති දේකැයි මා හිතන්නේ නැහැ”
ඇය සයිකෝටිකයකු නොවන්නේ අපේක්ෂා කළ පරිදි ඇගේ ජීවිතය කඩා නොහිරුණු බැවිනි. මේ විදියේ රෝග විනිශ්චයක පූර්වානුමිතීන් (එනම් භින්නෝන්මාදයෙන් පෙළෙන්නියකට බැලූ බැල්මට ව්‍යාකූල පෙනුමක් තිබිය යුතුය. ඇයට පිරිමියකුගේ බැල්ම දිනාගත නොහැකිය) අගතිගාමීය.”
සයිකෝසියාව පිළිබඳ ඒ විදියේ දරදඬු ආකල්ප මනෝ විශ්ලේෂණ ලෝකය (Psychoanalysis) තුළ පවා පවතී. (මනෝ විශ්ලේෂණය මෙහි දී මනෝ චිකිත්සාවේ වෙන් කොට හඳුනා ගන්න) සර්ජි පැන්කජිෆ් නම් රුසියානු කුලීනයෙක් 1910 දී ෆ්‍රොයිඞ් හමු විය. අවුරුදු හතරක් තිස්සේ මේ රෝගියාට ප‍්‍රතිකාර කළ ෆ්‍රොයිඞ් ඒ පිළිබඳ ලිව්වේය. ඔහු ප‍්‍රකට වූයේ වෘක මිනිසා (Wolf man) යනුවෙනි. එයට හේතුව වූයේ වෘකයන් රැුලක් බියකරු ලෙස තමා දෙස බලා සිටින බව ඔහු නිතර සිහිනෙන් දැකීමය. තවත් කෙටි කලකට ඔහු ෆ්‍රොයිඞ් වෙත පැමිණ පසුව රූත් මැක් බ‍්‍රන්ස්වික්ගෙන් ප‍්‍රතිකාර ගන්නට විය. ඔහු මේ රෝගියා පීඩනෝන්මාදයෙන් (Paranoia) පෙළෙන්නකු ලෙස රෝග විනිශ්චය කළේය.  ඕනෑතරම් සායනික සාක්කි තිබියදීත් මෙම රෝග විනිශ්චය අනාගත පරපුරට දිරවා ගත නොහැකි විණි. පැන්කජෙෆ් හොඳින් දැන සිටි ඇමරිකානු විශ්ලේෂිකාවක වූ මියුරියල් ගාඩිනර් එම නිගමනය අභියෝගයට ලක් කළේ මෙවැනි පදනමකිනි.
”ඔහු ඉතාම ප‍්‍රියමනාප කෙනෙක්. නිතරම පිළිවෙළට පිරිසිදුව ඇඳුම් අඳිනවා. ඔහු හරිම ආචාරසම්පන්නයි. අනෙක් අය ගැන කරුණාවන්තයි”
මේ ආකල්පය අර ලූමාන් සමඟ සාකච්ඡුා කළ තැනැත්තාගේ වගේම අගතිගාමියි. එනම් සයිකෝටිකයකු නම් ඔහු කලබල සහිත සයිකෝටික පෙනුමකින් හැසිරිය යුතුය. ඔහුට සාරවත් ජීවිතයක් ගෙවීමට තබා පිරිසිදුව ඇඳීමටවත් නුපුළුවන් විය යුතුය.
ඔල්මාදය නැතහොත් ඩිමෙන්ෂියාව යන යෙදුම  සමඟ ජරපත් ප‍්‍රතිරූපයක් අපේක්ෂා කිරීමට වෙනස්ව විසිවන සියවස මුල හරියේ සිටි මනෝ චිකිත්සකයන් තම නිරීක්ෂණ උමතු බව නොපෙන්වන විදියේ සයිකෝසියාවක් වෙත යොමුකර තිබිණි. ඒ අනුව සිතිවිලිවල අපිළිවෙළ එළියට පෙනෙන්නේ සංවේදී ප‍්‍රදේශ ස්පර්ශ කර තිබුණේ නම්ය.
ජර්මන් විනිසුරුවරයකු වූ ඩැනියෙල් පෝල් (Daniel Paul Schreber) තමාගේ ස්නායු රෝගාබාධය පිළිබඳ 1903 දී මුල්වරට පළ කළ මතක සටහන් වැදගත් වන්නේ මෙතනදීය. තමා නව ජාතියක් උපදවන්නකු බවට පත්වෙමින් සිටින බව ඔහු විශ්වාස කළේය. එසේම තමා දිව්‍යමය කිරණ සහ කෙඳි දිවෙන අරුම පුදුම විශ්වයක වසන්නේ යැයි ඔහුට දැනිණි. එසේ තිබියදීත් ඔහු උසාවියේ දී තියුණු නීති තර්ක ගෙනහැර පෑමේ නිපුණ බවක් පළ කළේය. නීති තර්ක සේම තම කතාව මඟින් ද ඔහු තමා රඳවා සිටි උන්මත්තකාගාරයෙන් මුදවා ස්වකීය කටයුතු කරගෙන යාම සඳහා මුදාහැරීමට තරම් යෝග්‍ය යැයි උසාවියට ඒත්තු ගැන්වීය.
ෂ්රූබර්ගේ කාරණය සාකච්ඡුාවට ගනිමින් ෆ්‍රොයිඞ් නිරීක්ෂණය කළේ අප උමතුවේ නිර්වචනීය ලක්ෂණ ලෙස ගන්නා දේවල් (මායාවන්, මතිභ‍්‍රමයන් ආදිය) සැබැවින්ම ප‍්‍රාථමික නොවන ද්විතීයික රෝග ලක්ෂණ බවය. ඒවා උමතුව සංස්ථාපනය කරන දේවල්වලට වඩා, ස්වයං ප‍්‍රතිකාරයක් ලෙස උමතුවට ප‍්‍රතිචාර දැක්වීමකි. බ්ලූලර්, යුන්ග්, ලැකාන් සහ විනිකොට් ආදීන් ද එලෙස තර්ක කළහ. නිදසුනක් ලෙස ඔබ වටා සිටින අය කිසිදු හේතුවක් නොමැතිව ඔබේ ලිංගික හැසිරීම සහ සදාචාරාත්මක බව ගැන කොඳුරන්නට පටන් ගතහොත් කුමක් සිදු වේද? එයට හේතුවක් සොයා ගැනීමට ඔබට සිදු වෙයි. එක්තරා ගැහැනියක් විස්තර කළ පරිදි ඇය ගැන  ඕපා¥පවලට හේතුව අනෙකක් නොව ඇය හා සමාන වෙන එකියක් ඇගේ ඇඳුම් ඇඳ ඇය මෙන් පෙනී සිටීමය. මෙහි ඇත්තේ උමතු බව පිබිදී ඒමක් නොව පැහැදිලි කිරීමේ බලය සහිත උපකල්පනයකි. උමතුවට හේතු දැක්වීමකට වඩා නොවූ අවම උමතුවකි. බාග විට එය හොඳ සිතීමකි. එරාස්මස් සහ පාස්කල් ප‍්‍රකටව තර්ක කළ පරිදි උමතුව සහ තර්ක බුද්ධිය එකිනෙකට සමාන වනවා මිස එනිනෙකට එරෙහිව නොයයි.
එසේ නම් කෙඳිරීම් සහ  ඕපා¥ප කුමක් නිසාද? මෙලෙස තර්කානුකූලව හේතු දැක්වීම් සිදු වද්දීම මායාමය පද්ධතියක් ගොඩනැංවෙයි. සමානයා යොදා ගැනෙන්නේ කෙනෙකුගේ කීර්තියට හානි කිරීමටය. එමඟින් ඔහුට ලැබිය යුතු හිමිකම ඉවත් කෙරේ. රූපවාහිනිය හෝ රේඩියෝව කතා කරන්නට පටන් ගන්නේ යමක් කෙරේ අනතරු ඇඟවීමටය, එහෙම නැත්නම් එදිරිව යාමටය. එයට වගකිවයුත්තේ ඉංජිනේරුවන්ය. බාගවිට ඔවුන් වෙනත් බලවේගයක ඒජන්තයන් විය හැක. මෙම සිතිවිලිවල තිබෙන්නේ අපිළිවෙළක් නොවේ. එය එදිනෙදා කල්පනාවන් තරම්ම පිළිවෙළය. කෙනෙකුට යම් හඬක් (Voice) ඇසුණහොත් එය තමාගේ තෙහෙට්ටුව නිසා ඇසුණකැයි නොසලකා හැර එදිනෙදා කටයුතු පවත්වාගෙන යයි. එහෙත් සයිකෝටිකයකු දේවල් බරපතළ ලෙස ගනී. චාල්ස් ලැසිග් සහ ඩි ක්ලේරාම්බෝල්ට් යන මනෝ චිකිත්සකයන්ට අනුව සයිකෝටිකයන් තර්කානුකූල අනුමිතීන්ට එළඹීමේ ලා කෙල පැමිණියවුන්ය. මුලින්ම ඔහුට හඬවල් ඇසෙයි. අනතුරුව කිසිවකු අත නොගැසූ හේතු දැක්වීමේ බලයක් භාවිත කරමින් ඒවායෙහි අර්ථ දකී.
ඒ අනුව මායා මතිභ‍්‍රමයක් (Delusion) යනු කෙනෙකු තමාගේ අත්දැකීම වටහා ගැනීමට උත්සාහ කරන ක‍්‍රමයකි. ඔහු අනුමිතීන්ට සහ නිගමනයන්ට එළඹීමේ සියලූ හැකියාවන් උත්තරයක් සොයා ගැනීම පිණිස කැඳවයි. ජී.කේ. චෙස්ටර්ටන්ට අනුව පිස්සකු තමාගේ තර්ක බුද්ධිය හැර අන් සියලූ දේම අහිමි කර ගනී. එබඳු චින්තන ක‍්‍රියාවලින් තමාටම සීමා වන අතර එළියට දැමෙන්නේ කලාතුරකිනි. මුල්කාලීන මනෝ චිකිත්සකයන් සාකච්ඡුාවට ගත් අවස්ථාවන් (Cases) මඟින් පෙන්වා දුන්නේ සමහරුන් ඉතා රහසිගත ලෙස ගුප්ත, ලිංගිකමය, ආගමික හෝ පරපීඩාකාරී විශ්වාස පද්ධතියක එල්බ සිටින අතරතුර කෙබඳු බුද්ධිමය උදීරණයක් (Articulation) විදහා පා තිබේද යන්නය. මෙබඳු අවස්ථාවන් නිසා උමතු බව යනු ඓන්ද්‍රීය වූ මනෝ විද්‍යාත්මක ¥ෂ්‍ය වීමක් ලෙස ගෙන තිබූ මතය අභියෝගයට ලක් විණි. විසි වන සියවස තුළ එයට ලැබුණේ අඩු අවධානයකි. ඔවුන්ගේ හැදෑරීම් ප‍්‍රධාන ධාරාවේ මනෝ චිකිත්සනයේ සිට සාංදෘෂ්ටික ප‍්‍රපංචවේදී (Phenomenology) සහ ලැකානියානු මනෝ විශ්ලේෂණය සහ මනෝ චිකිත්සනය වෙත මාරු විණි. මුල්කාලීනව සයිකෝසියාව පිළිබඳ දැරූ මත අනුව බලන විට අලූත් උනන්දුව පැහැදිලි කරන්නේ කෙලෙසද?      
-සමන් වික‍්‍රමාරච්චි
ලංකාවේ සයිකෝසිකයකු හාෂාව යොදා ගන්නා ආකාරය පිළිබඳ උදාහරනයක්-
උඹලගෙ සංවිදානෙ සාමාජිකයො නිකං ලාහට ගෙම්බො එකතුකරනව වගේ නේ. එකා එකා පැන පැන යනව. උඹලට උඹලගෙ අවුල ලිහාගන්ඩ බෑ! මොනව වුණත් ඔය යන එවුන්ට ගට තියෙනව නේ. ගෑනියෙක් අරගෙන හම්බකරගෙන කාල ඉන්ඩ. උඹල ඉතිං හස්තමෝචනේ කර කර අනුන්ට බැන බැන හිටපියව්. හිහ්… තොපිට හොද වැඩේ.. අර දීප්තියට කියපං ගල්කල්ලෙ කිරිබර්ටිගෙ පුතාගේ ඒ කිව්වෙ අර දුමින්ද දිසානායකගෙ ගූවලින් පෑන් කේක හදල කන්ඩ කියල. තුහ්…!

ඔබේ අදහස කියන්න...