[dropcap color=”pink-orange”]එ[/dropcap]ක්තරා මිනිසෙකු කොවුලකු මරා සියළුම පිහාටු ඉවත් කළ පසු කන්නට ඉතුරුව ඇත්තේ ඉතා කුඩා දෙයක් බව වැටහී මෙසේ කියයි. ”උඹ නිකංම නිකං කටහඬක් විතරයි, වෙන මොකුත් නැහැ.” මෙය දේශපාලකයන් සම්බන්ධයෙන් ද වලංගු නැත්ද? කටහඬක් හැර වෙන යමක් ඔවුන් සතුද?

මෙතෙක් කල් ලංකාවේ සංගීතය ලෙස වටහා ගත්තේ, න්‍යායගත කළේ අක්ෂරයට යටත් කරන ලද ධවනියයි. නමුත් සංගීතය යනු අක්ෂරය ඉක්මවා යන ධවනියයි. අලුත් ච්ත්‍රය යනු කලාගාරය තුළ ( ඉතිහාසය ) නැති චිත්‍රයක් ඇදීමයි. අලුත් සංගීතය යනු මෙතෙක් අසා නැති අක්ෂරය ඉක්මවිය හැකි ධවනියක් නිපදවීමයි. මෙවැනි වැඩකදී පළමුව න්‍යායිකව සංගීතය උගත යුතුය. ඉන් පසුව අක්ෂරය ඉක්මවා යෑමට උත්සහ කළ යුතුය. එතැනදී අභියෝග 2 ක් ඇත.

01-   සංගීතය න්‍යායිකව දන්නා කසුන්,චාපා වැනි කලාකරුවන් දේශපාලනයට එකතු වීමට ප්‍රතිවිරෝධයක් දක්වයි.

02-   සංගීතය න්‍යායිකව හදාරන්නේ නැතිව දේශපාලනය ගැන සංවේදී අය

බේකරියේ කට්ටිය විසින් මෙවර සිව්වන වරට පවත්වනු ලබන Down Town Pulse සංගීත රාත්‍රිය 2014 දෙසැම්බර් මස 13 වන දින ගෑස්පා හන්දියේ පරණ නගර ශාලාවේදී රාත්‍රි 8.00 ට ආරම්භ වේ. මෙම අවස්ථාවේ දී ඔවුන් විසින් කෘතියක් එළි දක්වන අතර එම කෘතියට එරික් ඉලයප්පාරච්චි සහ දීප්ති කුමාර ගුණරත්න විසින් ලිපි සම්පාදනය කර තිබේ.

මෙවර ප්‍රසංගය සදහා ප්‍රවේශ පත්‍රයක මිළ රුපියල් 500/=කි.

 

 

ඔබේ අදහස කියන්න...