ලාංකීය රාජ්‍ය රටේ මුළු ජනගහනය සඳහා ඉදිරිපත් කර ඇති මුඛ්‍ය කැරට් අලය වන්නේ නිදහස් අධ්‍යාපනයයි. මෙහි මතුපිට අර්එය වන්නේ පන්ති, වර්ග, කුල, ස්ත්‍රී, පුරුෂ, පළාත් භේද නොමැතිව සියලු දෙනාට සහභාගී විය හැකි විභාගයක් වන අපොස උසස් පෙළ විභාගය යි. ලංකාවේ සියලු දෙනාගේ දෛවය තීන්දු වන්නේ, මෙම විභාගයෙනි.

                     මෙම විභාගයේ සුවිශේෂ කපටි තර්කනය පහත සූත්‍රය හරහා ඔබට අවබෝධ කරගත හැකිය.රාජ්‍ය විසින් වසරක් පාසා පවත්වන මෙම විභාග මංගල්‍යය හරහා පාර්ලිමේන්තු ඡන්දයෙන් වරින්වර පත්වන ආණ්ඩුවලට ඔබට මෙසේ කිව හැකිය.

             “ඔබ මින් අසාර්ථක නම්, ඊට දොස් තිබිය යුත්තේ ඔබටමයි. අවශ්‍ය මට්ටමට ඔබ හරියට වැඩ කරලා නැත්නම් විභාගයෙන් ඔබ අසමත්. අපිට ඒකට කරන්න දෙයක් නැහැ.”

                  මිනිසුන් පාලනය කිරීම සඳහා ඉහත ප්‍රවාදය ඉතාම බලගතු දෘෂ්ටිවාදයකි. ලංකාවේ රාජ්‍යය විසින් මිනිසුන්ව අධ්‍යාපනය හරහා පාලනය කිරීමේදී, අපොස උසස් පෙළ යනු දේශපාලන කඩඉමකි.

                    ඉහත අධ්‍යාපන ක්‍රමවේදය නිසා ලංකාවේ පාලන තන්ත්‍රය මෙලෙසින් බෙදී ඇත.

1.ඉගෙන ගත්ත අය (උසස් පෙළ සමත්) යනවා රාජ්‍ය සේවයට.

2.ඉගෙන නොගත් අවිධිමත් ක්ෂේත්‍රයේ අය යනවා නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයට.

                 ලංකාවේ වසරකට වරක් පවත්වන අපොස උසස් පෙළ විභාගයේ එකම තාර්කික ප්‍රතිඵලය වන්නේ, කින්සි පාරේ කොළඹ වෛද්‍ය විද්‍යාලයට ශිෂ්‍ය-ශිෂ්‍යාවන් 225ක් ඇතුළත් කර ගැනීමයි. ඉතාම උන්නතිකාමී පහළ මැද පාන්තික පවුල් 225කගේ ෆැන්ටසිය වෙනුවෙන් රටේ මුළු මහත් අධ්‍යාපනයම පාවා දී ඇත. මේ පවුල් 225හේ දෙමාපියන්ගේ ආඩම්බරකම මත මැද විභාගයට වාඩි වන 325,000ගේ අනාගත ඉරණම තීන්දු වෙයි. මෙම ව්‍යුහාත්මක ගැටලුව අවසන් කිරීමට ඇති එකම විසඳුම කුමක්ද? 

       1. පුද්ගලික වෛද්‍ය විද්‍යාලවලට ඉඩ දී ලංකාවේ මධ්‍යම පන්තියට අධ්‍යාපනය තරගකාරී හුවමාරු වටිනාකමක්  කිරීම. (ගෝඨාභයට ඉතිරි වී ඇත්තේ මෙම විකල්පය යි.)

       2. අපොස උසස් පෙළ විභාගය අහෝසි කර මුළු අධ්‍යාපන ක්‍රමයම ප්‍රතිශෝධනය කිරීම.[Our Task]

                   ලංකාවේ දැනට පවතින අධ්‍යාපන ක්‍රමයට අනුව රටේ ආදායම් විෂමතාවය සහ කොළඹ/ පරිවාරය අතර ප්‍රාග්ධන හීනතාව සලකුණු වන්නේ, විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ දී ය. අද වන විට, ලංකාවේ ඉහළ සහ මැද පන්තිය තම දරුවන්ව රාජ්‍ය විශ්ව විද්‍යාලවලට යවන්නේ නැත. ඒ දරුවන් යන්නේ විදේශ රටවල විශ්ව විද්‍යාලවලට ය. තව වසර 10ක් ගතවන විට, ලංකාවේ විශ්ව විද්‍යාලවල ශාස්ත්‍ර පීඨ වසා දැමීමට නියමිතය. අද ශාස්ත්‍ර පීඨවලට ඇතුල් වන්නේ, ඉතාම දුප්පත් පවුල්වල දරුවන්ය. ඔවුන්ට අවශ්‍ය ඉගෙන ගැනීම නොවේ. ඒ අයව විශ්ව විද්‍යාල තුළ මෙහෙය වන්නේ, පුබුදු ජාගොඩලාය. අපොස අසමත් වන අයව මෙහෙය වන්නේ, සජිත් ප්‍රේමදාස සහ නාමල් රාජපක්ෂ ය. මේ රටේ අධ්‍යාපනයේ දෛවය යි.

;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;

කාපට් පාර සහ රැකියා පොලිම් දෙක.

 පසුගිය දිනවල දිගු රැකියා පොලිම් දෙකක් රටපුරා ඇති විය. ඉන් පළමු පෝලිම නියොජනය කළේ අවම අධ්‍යාපන සුදුසු කම් සහිත, පහළ ආර්ථික මට්ටමේ ග්‍රාමිය තරුණ ජනයායි. ඔවුන් වෙනුවෙන් රැකියා ලක්ෂයක් රජය පරිත්‍යාග කර ඇත. දෙවන පෝලිම නියොජනය කලේ අධ්‍යාපන තරගයෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශයෙන් ලබාගත් රැකියා විරහිත උපාධිදාරිනය්. පහළ ආර්ථික මට්ටමේ එම ග්‍රාමිය තරුන ජනතාව වෙනුවෙන්ද රජය රැකියා 48,000 ක් පරිත්‍යාග කර ඇත.

ඉහත පළමු පෝලිමේ අඩංගු බහුතරය වනුයේ පසුගිය දිනවල රට පුරා තාප්පවල රාවනාගේ සිට කඩොල් ඇතා දක්වා චිත්‍ර ඇන්දවීමට දිලිත් ජයවීරලා විසින් යොදවාගත් ග්‍රාමීය තරුන පරපුරයි.

 දෙවන පෝලිමේ අඩංගු බහුතරය වනුයේ පසුගිය වසර කිහිපය තුළ පොලිස් බාධක පෙරලමින් මාරාන්තික වීදි සටන් සඳහා පුබුදු ජාගොඩලා විසින් යොදාගත් ග්‍රාමීය විශ්වවිද්‍යාල සිසුන්ය. ( මොවුන්ට පසුගිය දසක දෙක තුළ ආරක්ෂාකරගත හැකිවුයේ ලක්ෂ දේකහාමරක් වැටුප් ගන්නා විශ්වවිද්‍යාල ගුරුවරුන්ට ක්ෂම භූමියක් පමනයි.)

  සාරාංශය; ඉහත පෝලිම් දෙක්ම නියෝජනය කලේ ග්‍රාමීය ගොවීනගේ දු දරුවන්ය. මින් පැහැදිවන්නේ ජනප්‍රිය මාධ්ය සහ ඊනීයා වම්මුන් ක්‍රීඩා කරමින් සිටින්නේ ග්‍රාමීය ගොවියා සමගයි. මාධ්ය සහ වම්මුන්ගේ මෙම ක්‍රිඩා අතර කපටි ඩලස්ලාට බිජු දැමිමට අවකාශය බිහිවෙයි. පුබුදුලා ශික්ෂණය කරවපු සටන්කරුවන් සහ දිලිත්ලා රාවනා ආරෝපනය කරපු ඉහත තරුණ පරපුර ඩලස්ට එක ලිපියෙන්, එක මාධ්ය සාකච්චාවෙන් තම මැතිවරන වේදීකාව ලඟ දනගැස්සවිය හැක.

 89ට පසු ඉතිහාසය පුරා ‘ජනතා විමුක්ති පෙරමුනේ‘ කාර්ය භාර්ය වී ඇත්තේ චන්ද්‍රිකාගේ සිට ගොඨාභය දක්වා බලයට පැමිනීමට අවශ්‍ය මතවාද රට පුරා ව්‍යාප්ත කිරීම පමණයි. ඒ සඳහා උදාහරන දේශප්‍රේමයේ සිට විද්වතුන් පාර්ලිමේන්තු යැවීම දක්වා ඔනෑ තරම් ඇත.

 මේ සියල්ල අතර අධිවේගී මාර්ග හරහා කොළඹ සහ කිලෝමීටර් දෙතුන් සීයයක් ඈත. ගොවී ජනපද කාපට් පාරවල් වලින්  යාවී ඇත. මෙම කාපට් මාර්ග අවසාන වන්නේ ජන ශුන්‍ය වනාන්තර වල මායිම් වලින්ය. ගොවීන් අපේක්ෂා නොකළ , කිසීදා ඉල්ලා නොසිටි කාපට් පාර ලැබී ඇත. ඔවුන් ඉල්ලා කැගහන අලි වැට නොලැබි ඇත, කෘෂිකර්මය කාර්මීකරනය නොකර, ඈත ප්‍රදේශ තුළ කර්මාන්ත ශාලා ඇති නොකර ඇතිකරන කාපට් පාරවල් වලින් ගොවීනට උරුම වන්නේ පහත ඉරනමය.

   ධනවාදී වෙළඳ පොල සහ වනජීවී එක විසින් ඇතිකරන ලද අභියෝග සමග ගැටී ගොවීයා යම් අතිරික්තයක් උපයාගන්නේද, එම්  මුදල්ද කාපට් පාරවල් වල ආශ්වාදය ලැබීම සඳහා ගොවීන්ගේ පුතුන්  ඉක්මනිම්ම පල්සර්-pulsar– බයික් හරහා ඉන්දියාවට හරවා යවයි. කාපට් පාරවල් හරහා මාරුවෙන් මී හරක් හා ගැටී ඔවුන් වෙනමම ගමනක් යායි. පල්සර් බයික් වල නැගී කොළඹ එන ගොවීන්ගේ දූවරු SPA වළ ශ්‍රමිකයන් බවට පත්වෙයි.

 ඉදිරියේදි  කාපට් පාරවල් හරහා V8 වලින් තවදුරටත් අලුත් පරපුරේ සන්නස්ගලලා – ටිවුසන් ගුරුවරූ – ගම්වදීවී. එහි ප්‍රතිපල නිසා වැඩි වැඩියෙන් ගොවී දූ පුතුන් කැලනිය වැනි විශ්වවිද්යාල වලට පැමිනේවී. ඔවුන් ලාවා පුබුදුලා තවතවත් CCTV කඩවයි. ඔවුන් වෙනුවෙන් දිලිත් ලා University Star පටන්ගනීවී.

 ඉදිරියේදී ඇතිවීමට නියමිත අළුත් තත්වය වෙනස් කීරීමට නොව ….. නිවරදිව දකින්න, ප්‍රශ්න කරන්න අපත් සමග එකතු වන්න!

 ඉදිරියට එන ඡන්දයේදී, එක එකාගේ ගෝනිබිල්ලන් නොවී අප සමඟ එකතු වී පොදු ජන අරගලයක් ආරම්භ කරමු!

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

click..

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය

ඔබේ අදහස කියන්න...