ෆ්‍රොයිඩ්යානු මනෝවිශ්ලේෂණය තවදුරත් වර්ධනය කරමින් ලැකාන්ගේ මානසික රෝග විනිශ්චය බිහි වේ. ඒ අනුව සියලු මානසික රෝග  කාණ්ඩ 3 කට වර්ග කිරීමට ලැකාන් උත්සහ කරයි. මෙම කාණ්ඩ තුන වන්නේ නියුරෝසියාව (Neurotic), සයිකෝසියාව (psychosis)සහ විපරීතභාවයයි (perversion).   මෙම වර්ගීකරණය ඉතා සරළ ක්‍රමවේදයක් බව මතුපිටින් පෙන්නුම් කලද රෝගියෙකු නිශ්චිත ලෙස එක් කාණ්ඩයකට අයත් වන බව නිගමනය කිරීම ඉතා සංකීර්ණ ක්‍රියාවලියකින් පසු විශ්ලේෂකයෙකු විසින් සිදුකල යුතුය. බොහෝ විට ඒ සදහා වසර ගණනාවක් ගතවේ. ලැකානියානු මනෝවිශ්ලේෂණයේ හොදම විශ්ලේෂකයකු වන ලැකාන් ඔහුගේ  සයිකොසිස් (psychosis) සම්මන්ත්‍රණයේදී සදහන් කරන්නේ රෝගියෙකු සයිකෝසිකයෙකු ලෙස වර්ග කිරීම සොයා ගැනීම සදහා තමාට  වසර විසි පහකට ආසන්න කාලයක් සයිකොසිකයන් යැයි සැක කරන රෝගීන් විශ්ලේෂණය කිරීමට සිදුවූ බවය.

ඒ අනුව ෆොයිඩ්යානු මනෝවිශ්ලේෂණය බිහි වන්නේ  නියුරෝසිකයන් විශ්ලේෂණය කිරීම මගින් වන අතර පිලිවෙලින් ලැකානියානු මනෝවිශ්ලේෂණය සයිකෝසිකයන් විශ්ලේෂණය කිරීමෙන්ද , සැලවෝජ් ජිජැක් ගේ මනෝවිශ්ලේෂණය විපරීතයන් විශ්ලේෂණය මගින් ද බිහි වේ. නමුත් ලංකාව තුල  මනෝවිශ්ලේෂණය  වර්ධනය කිරීමේදී ඉහත කාණ්ඩ තුනට නිශ්චිතව වර්ගීකරණය කල නොහැකි (නමුත් එම කාණ්ඩ 3 ට අදාළ රෝගලක්ෂණ පෙන්නුම් කරන ) එක්තරා පොදු කාණ්ඩයක් හදුනා ගැනීමට හැකිවේ. එම කාණ්ඩය වන්නේ නරුමවාදීන්ය (Cynic). ඒ අනුව ලංකාව තුල මනෝවිශ්ලේෂණය බිහි වන්නේ නරුමවාදීන්ගේ සායනික අවකාශයක් තුලය. මෙම සොයා ගැනීම සදහා දශක ගණනාවක දිගු  අධ්‍යනයක් සිදුකරනු ලබන්නේ දීප්ති සහෝදරයා විසිනි. මින් ඉදිරියට  මෙම අධ්‍යයනය දීප්තියානු මනෝවිශ්ලේෂණය ලෙස නම් කරනු ඇත.

දීප්තියානු මනොවිශ්ලේෂණයේ නරුමයා යනු අපට සාමන්‍ය ජීවිතයේදී හමුවන නරුමයන් නොවේ. මෙම නරුමයා ප්‍රබුද්ධ නරුමයකි. ඔහු / ඇය මෝඩයෙකු නොවේ. ඔවුන් සිදුවන්නේ කුමක්ද යන්න හොදින් දනී. උදාහරණයකට රාජපක්ෂලා හොරු බව නරුමයා හොදින්ම දනී. නමුත් රනිල්ගෙන් පලිගන්න රාජපක්ෂ නැවතත් බලයට ගෙන ඒමට උත්සහ කරයි. නරුමයා අවිඥානිකව විශ්වාස කරන්නේ රනිල් ඔවුන්ව අමතක කර විනෝද වූ බවයි. දීප්තියානු රෝගී අධ්‍යනයේදී (Case Studies) ඔහුට හමු වූ බොහෝ නරුමයන් මුල්කාලීනව ඔහුගේ සමීප මිතුරන් , දේශපාලන සගයන් විය. ඔවුන් බොහෝ දෙනා මුලින්ම දීප්තිගේ දේශපාලන කතිකාව සමග සම්පුර්ණ වශයෙන් අනන්‍ය වේ. මෙම සම්බන්ධය දෙස  පිටතින් බලන්නෙකුට පෙනෙන්නේ  එය ජිජැක් සහ දොලාර් (Mladen Dolar) අතර මිතුදම මෙන් ප්‍රභල සම්බන්ධයක් බවයි. නමුත් එක්තරා මොහොතකට පසු නරුම ඛණ්ඩනය බිහිවේ. ඉන්පසු සමීප මිතුරා නරුමයාගේ භූමිකාවට පණ පොවයි. ඇත්තටම ඒ ඔහුගේ / ඇයගේ සැබෑ ආත්මයයි. දීප්තිගේ කතිකාව සංකේතීය බව දන්නා නමුත් නරුමයා සෑම විටම එය ප්‍රතික්ෂේප කිරීම සදහා දෘෂ්ටිවාදයන් නිපදවයි. ඔවුන් කිසිදු තාර්කික සංවාදයක් සදහා ඉදිරිපත් නොවේ. මෙවැනි ආත්ම  අපට නොකියා කියන්නේ එක දෙයක් පමණි. ‘දීප්ති අපි අත්විදින්නේ නැති විනෝදයක් විදිනවා’. X කණ්ඩායමේ නරුම ඛණ්ඩනයෙන් පසු පලවූ London සගරාව නැවත කියවන්න. එම සගරාව තුල කියවෙන අවිඥානය මෙයයි. ‘දීප්ති නමැති වෙනත් වර්ගයක මිනිහෙක් අපේ විනෝදය පැහර ගන්නවා’.

”දේශපාලනය” අත්දැකීමෙන් (experience)  චින්තනය (thought) වෙත විතැන් විය යුතු බව මුලින්ම පෙන්වා දෙනු ලබන්නේ අප පක්ෂය විසිනි. එය තවමත් බොහෝ වාමාංශිකයන් අවබෝධ කරගෙන නැත. සමස්තයක් ලෙස රාජපක්ෂ කතිකාව සයිකෝසික වන අතර, යු. එන්. පී කතිකාව නියුරෝසික වේ. ජනතා විමුක්ති පෙරමුණේ කතිකාව විපරීතභාවයට අයත්ය.  ජනතා විමුක්ති පෙරමුණ උත්සහ කරන්නේ අනෙකාගේ ආශාව රග දැක්වීමටය. ඔවුන්ට අවශ්‍ය මහජනයාගේ අවශ්‍යතාවය වෙනුවෙන් පෙනී සිටීමටය. ඔවුන් පරිකල්පනය කරන්නේ මහජනතාවකගේ අභිලාෂයන් ඉටු කිරීමටය. පක්ෂයක් ලෙස ඔවුන්ට ඉදිරි දැක්මක් නොමැත. ඕනෑම ජන්දයකට පෙර අරගලකාරීන් ලෙස නැගී සිටින ජ .වී.පෙ ජන්දයෙන් පසු නිහඩ වෙයි.  ඔවුන් විසින් ජන්ද ප්‍රතිඵලය යොදාගනු ලබන්නේ තම පක්ෂයට ජනතාව කලින්ට වඩා ජන්දය දී ඇත්තදැයි දැන ගැනීමට පමණි. මෙවැනි දේශපාලනික  අර්බුදකාරී තත්වයකදී පවා ලංකාවේ ජනප්‍රියම  වාමාංශික පක්ෂය ලෙස ජනතා විමුක්ති පෙරමුණ අනුගමනය කරන්නේ් නිහඩ  පිළිවෙතකි. මේ නිසා  වමට බලය ලබා ගැනීමේ මාවතක් විවෘත කරගැනීමට තිබු  හොදම අවස්ථාවක් අහිමි වී යයි. ජ .වී.පෙට තවම නොතේරෙන්නේ දේශපාලනය ඇත්තේ කතාව [Form] තුල මිස ද්‍රව්‍යයෙහි[Matter] නොවන බවයි.ජනතා කතාව” තුල දක්ෂිනාංශය සමස්ථයක් ලෙස අසමත් වන විට ඒ හිස්තැන පිරවිය යුත්තේ වාමාංශිකයන් නොවේද?.

නුතන ධනවාදය තේරුම් ගැනීම සදහා න්‍යායක් ඇත්තේ ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයට පමණි. රාජපක්ෂගේ න්‍යායචාර්යවරුන්  වන චරිත හේරත් , ධම්ම දිසානායක පවා අපගේ කතිකාව භාවිතා කරයි. නිර්මාල්ට සංකේතීය බලයක් හිමි වන්නේ ඔහු අප කතිකාව අනුකරණය කරන නිසාවෙනි.  නමුත් මෙතැන ඇති ගැටලුව වන්නේ මෙම සංකේතීය බලය හිමිවන්නේ මානසික රෝගියෙකුට වීමයි. මනෝවිශ්ලේෂනයට අනුව නිර්මාල් රෝගියෙකු වන්නේ කෙසේදැයි දැන් අප සොයා බලමු.

ලාංකික සමාජ කතිකාවට අනුව නිර්මාල් නරුමයෙකු වුවද ඔහු තුල තවත් සුවිශේෂී රෝග ලක්ෂණයක් දැකිය හැක. එය ස්වපීඩාකාමිත්වය [Masochism as a social bond ] ලෙස හැදින්වේ. නිර්මාල්ගේ කතාවට කල්පනාකාරීව සවන්දෙන කෙනෙකුට තේරුම් යන දෙයක් තමයි ඔහුගේ කතාව තුල කිසිදු  හරයක් නොමැති වීම. එනම් එය නිශ්චිත සංකේතීය අරමුණක් වෙනුවෙන් දිශානත නොවේ. මේ නිසා සවන්දෙන්නා දැඩි අපහසුතාවයකට ලක්වේ. මෙය ඔහුගේ ලිවීම් වලටද අදාලය. සංවාදයක් තුල අනෙකාව බලවත් ලෙස අපහසුතාවයට පත්කළ විට සිදුවන්නේ පෙරලා පහර දීමයි. මෙම පහර දීම නිසා තමන්ට  අත්විදීමට සිදුවන පීඩාව යනු නිර්මාලගේ විනෝද සාධකයයි. නිර්මාල් මුහුණු පොතේ අරගල කරුවෙකි. මෑතකදී ඔහු මෙවැනි අදහසක් ප්‍රසිද්ධ කරයි. ‘විකල්ප දේශපාලනයක් ගැන අලුතින් සිතිය යුතුය. ඒ සදහා පවත්නා වාමාංශික කතිකාව අළු දුවිලි කර දැමිය යුතුය’. මෙම පොස්ටුවෙන් පසුව නිර්මාල්ගේ අවශ්‍යතාවය ඉටු කිරීමට බොහෝ දෙනා ඉදිරිපත් වෙයි. තාත්තාගේ  කසිප්පු පෙරීම , ප්‍රා කල්ලියේ සමජියෙකු බව හෙළි කිරීම ආදී  දරුණු ප්‍රති ප්‍රහාරයන් නිර්මාල්ට එල්ල වෙයි. නිර්මාල්ට එලෙස කොමෙන්ට් කරන සියලු දෙනා නොදන්නේ නිර්මාල් නමැති රෝගී ආත්මය විනෝද වන්නේ ඔවුන්ගේම  කොමෙන්ට් කියවීමෙන් බවයි . මෙම තත්වය පැහැදිලි කරගැනීම සදහා අපට තවත් පොදු උදාහරණයක් සලකා බැලිය හැක. ධනවත් පිරිමින් තමන්ට බනින්න කවුරුත් නැති වූ විට  ලිංගික ශ්‍රමිකයන් (Sex Workers) ලගට ගොස් ඔවුන් ලවා කසයකින් පහර ගසා ගනී. නිර්මාල්ටද ඇකඩමියාව තුල කරන්නට දෙයක් නැත. ශිෂ්‍යන් පැමිණෙන්නේ ඉගෙන ගැනීමට නොවේ. ගුරුවරයාට සැබෑ ලෙස ඉගැන්වීමට අනෙකෙකු නැත. මේ නිසා ගුරුවරයා විශාල වැටුපක් සහ සමාජ බලයක් සමග එලියට පැමිණේ. ඉන්පසු මුහුණු පොතට රිංගන ගුරුවරයා එහි සිටින විපරීත අනෙකාට කසයක් දී  ‘මට  ගහපියවූ’  කියයි.

වේදනාවෙන් සතුටු වීම පිළිබද  මීලග උදාහරණය වන්නේ සුමනසිරි ලියනගේය. වාසනාවකට මෙන් 2000 සිට  2006 දක්වා ඔහු කල දේවල් පුබුදු ජයගොඩ නොදනී. නජිත් ඉන්දික, අක්ෂය දුමිදු ආදීන්ගේ බැරෑරුම් ලේඛන වලට එහා පැත්තේ තියෙන්නේ මොනවද ? ඒ පිටුපස ඇත්තේ මත්ද්‍රව්‍යයි.මීලගට එන ලහිරුට සිදුවන්නේත් දේශපාලනය ලෙස මත්ද්‍රව්‍යය තෝරාගැනීමටයි. ලංකාවේ අධික ලෙසම මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ පිරිසක් සිටින දේශපාලන පක්ෂය වන්නේ පශ්චාත් – පෙරටුගාමී සමාජවාදී පක්ෂයයි. ඔවුන් තවමත් 87 මෙන් අර්බුදයක් එන තුරු ගංජා උරමින් බලා සිටී. සමකාලීන  ධනවාදය තුල සන්නද්ධ අරගල ත්‍රස්තවාදයට යාම හැර වෙන විකල්පයක් නැත (උදා ISIS).  ක්‍රමයට ප්‍රතිව්‍යුහගත වීමට ත්‍රස්තවාදය වැනි කම්පනයන් අවශ්‍ය වේ. සන්නද්ධ ව්‍යාපාර වල ඇති සුවිශේෂත්වය වන්නේ ඔවුන්ට ඔරලෝසුවක් නොමැති වීමයි. කුමාර් දේශපාලනයට නැවත පැමිණියේ 2011 දීය. ඔහු තවමත් සිටින්නේ ‘තව ටිකක් බලමු’ යන ස්ථාවරයේය.

Read Following- 2004 වර්ෂයේ කතිකාව

Read Last London 2005 PDF

 

 

 

 

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. “ජනතා කතාව” තුල දක්ෂිනාංශය සමස්ථයක් ලෙස අසමත් වන විට ඒ හිස්තැන පිරවිය යුත්තේ වාමාංශිකයන් නොවේද?.
    එතකොට මේකෙන් කියවෙන්නේ “පොහොට්ටුව” ජයග්‍රහණය කීරීම තුල දක්ෂිණාංශික නොවන, වාමාන්ශිකද නොවන බලවේගයක් ජයග්‍රහණය කළ බවද?
    එය “එය අති ජාතිවාදී” බලවේගයක්ද (Ultra Nationalist) ? “ජාතිවාදී වාමාංශික” (Nationalist-Leftist)බලවේගයක්ද?
    2015 දී මේ බලවේගය පරාජය කළ ජනතාව නැවත එම බලවේගය තොරගැනීමට හේතුව ඉතුරුවී ඇති එකම විකල්පය වූ ජවිපෙ දේශපාලනික ලිංගික බෙලහිනතාවයකින් (political impotence)පෙලෙන බව හෝ දේශපාලනික නපුන්සකයින් බව (political eunuchs) ජනතාවට අවබෝධ වීම නොවේද? (මෙහිදී ඔබ ජවිපෙ පිලිබඳ දක්වා ඇති සියලු අදහස් වලට මම 200% එකඟ වෙමි).
    නුතන ධනවාදය තේරුම් ගැනීම සදහා න්‍යායක් ඇත්තේ ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයට පමණක් බවත්, නොයෙක් දෙනා සංකේතීය බලයක් ලබා ගන්නේ ඔබලාගේ කතිකාව අනුකරණය කරන නිසා බවත් සාමාන්‍යපෙළ සමත් කෙනෙකුට අවබෝධ විය යුතුය. (එපමණක් නෙවෙයි මට මේ ලඟදි හිතුනා කුම්බියෝ ටෙලි නාට්‍ය ජනප්‍රිය වෙන්නත් එකේ තැනින් තැන ඇති “දීප්ති talk” එක කොතරම් දුරකට බලපානවද කියලා).
    මේ රටේ “ප්‍රබුද්ධ”, “විද්වත්” , “සුචරිත”, ආදී නොයෙක් චක්‍රවර්ති ලේබල [කසි කබල් ජනමාධ්‍ය වලින්]ගසා ඇති බොහෝ දෙනෙකුගේ කලිසම් “දීප්තියානු මනෝවිශ්ලේෂණය” නිසා මේ වෙනකොට ගැලවී ගොස් ඇත.

    මේ නිසා නිර්මාල් ගැන තවදුරටත් කතා කීරීම (උදා හරණයක් වශයෙන් හැර) පලක් ඇත්දැයි මට වැටහෙන්නේ නැත. මන්ද ඔබලා කරන්නේද ඔහුගේ [ස්වපිඩික] ආශාව ඉටුකිරීමය.

    මට මේ ලිපියේ ඉතාම ගැටළු සහගත තැන වන්නේ “ධනවාදය තුල සන්නද්ධ අරගල ත්‍රස්තවාදයට යාම හැර වෙන විකල්පයක් නැත (උදා ISIS). ක්‍රමයට ප්‍රතිව්‍යුහගත වීමට ත්‍රස්තවාදය වැනි කම්පනයන් අවශ්‍ය වේ.” කියන තැනයි. ඔබලා රජයකට එරෙහි ත්‍රස්තවාදය “අරගලයක්” ලෙස දැකීම න්‍යායාත්මකව යම්තාක් දුරකට හෝ පිළිගත හැකි නමුත් ISIS ත්‍රස්තවාදය “සන්නද්ධ අරගලයක්” ලෙස දකින්නේනම් එය ගැටළු සහගත වනවා පමණක් නොව ප්‍රායෝගික ඛේදවාචකයකි. මන්ද යත් ලාකික සන්ධර්භය තුළ (in the Sri Lankan context)එයින් සනිටුහන් වන එක කරුණක් වන්නේ කොළඹ 7, පොළවේ දුවිලි නොපෑගුනු, ලිබෙරල් අන්තවාදී, ඊනියා වාමාංශික NGO තක්කඩින් මෙන් ඔබලාද අපේ අවුරුදු 30ක යුද්ධයෙන් කිසිවක් ඉගනගෙන නොමැති බව නිසාවෙනි. මේ NGO තක්කඩින්ට සහ ඔවුන් සමග එකතුවී ඩොලර් කියක් හරි හොයාගන්නා විශ්ව විද්‍යාල අධ්‍යාපනයට පින්සිදුවන්නට මධ්‍යම පන්තියට පයගැසූ “බුද්ධිමතුන්” ට නම් LTTE ත්‍රස්තවාදය “අරගලයක්” ලෙස අර්ථ දැක්වීම නිසා නොයක් වරදාන, වරප්‍රසාද හිමිවිය. ඒ කිසිත් නොමැතිව හුදෙක් න්‍යායක එල්බිගෙන පොළවේ යතාර්ථය (ground reality) නොසලකා හැරීම ඔබ පක්ෂයේ කකුලට ඔබලා විසින් වෙඩිතබා ගැනීමකි (you yourselves are shooting your own movement in the leg). මේ මා සදහන් කළ “පොළවේ යතාර්ථය” අමතක කර වැජබෙන්නට ගොස් තීරණාත්මකව මුහුණ වැලිදුවිලි වල උලාගත් UNP යේ මැතිවරණ පරාජය ඔබලාටද පරමාදර්ශයක් වනු ඇතැයි මා ප්‍රර්ථනා කරමි.

  2. සැහෙන කලක සිට ඔබලා විසින් ජවිපෙට සහ පෙරටුගාමීන්ට අර්ථ විරහිත ලෙස අරියාදු කරමින් සිටි.නමුත් ඔව්න් කිසි කෙනෙක් මෙ වෙන තුරු කිසිම පැහැදිලි කිරිමක් කර නැ.සමහර විට ඔබලා තරම් බුද්දිමත් කමින් අඩු ඇති.ඒක නිසා ඔව්න්ට ඔබලා ගැන හුම්බස් බයක් ඇති.
    the man who does what he wants, we are not supplied with any structure of our thought a priori, to philosophizing. if we want to go further( absolute knowledge- knowledge in and for itself) one must go beyond the transcendental structures of knowledge a priori.(GWF.hegel alla frefazione di La citica della ragion pura di Immanuel kant)
    ඒ නිසා ඔව්න් කරන්නේ ඔව්න් දන්න දේ ,ඔබලාට අවංක උවමනාවක් ඇතිනම් ඔවුන්ට අනුකම්පා කලයුතුයි . නමුත් ඔබලා හොදින්ම දන්නවා ඔව්න් මරි මෝඩ ළමයි කියල. ඒත් කෝචොක් කරල විනොද් වෙනෙව…
    මට හිතෙන්නෙ ඔබලාට අවශ්‍යය දිප්ති සහෝදරයා? උත්කර්ශය නගන්න විතරයි.මට අනුව සැබැ නිදහස යනු දිප්තිගෙනුත් නිදහස් වීමයි ,මේ ලියන්නෙත් ඒ නිසාමයි.එකෙන් කියෙවෙන්නෙ නැ දිප්ති පොරක් නෙමෙයි කියලා , මම දැන් දන්නව දිප්ති සහ මම අතර තියෙන සම්බන්දය .”bond of the bond not of the bond”

Comments are closed.