[dropcap color=”black”]දී[/dropcap]ප්ති කුමාර ගුණරත්න මහතා සමග ප්‍රසිද්ධ විවාදයකට එන මෙන් ඒ මහතා නිර්මාල් හට අභියෝග කර තිබේ. මේ 2004 වසරේ අවසාන භාගයේ සිට අප බලාපොරොත්තු වූ දෙයකි. දශකයකට ආසන්න කාලයක් ගෙවී ගොස් හෝ ඔහු මෙයට ඉදිරිපත්වීම අප අගය කරමු.
මේ සටහන තබන්නේ නිර්මාල් එම අභියෝගය ඉමහත් සතුටින් බාරගත් බව පැවසීමටයි.
අප දෙපාර්ශවය අතර එකිනෙකා පිලිබඳ තිබෙන විවේචන වලින් එකක් අවසන් වන තුරු කෙරෙන පාණදුරාවාදයක් බවට මෙය පත්විය යුතු අතර අවසාන මොහෙතේදී කුමක් හෝ හේතුවක් දක්වා ගුණරත්න මහතා විසින් මෙය මග නොහරිනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු.
මෙහි සංවිධාන කටයුතු සඳහා නිර්මාල් ගේ පාර්ශවයෙන් වංගීස ඉදිරිපත් වී තිබේ. මේ සඳහා ගුණරත්න මහතාගේ නියෝජිතයෙකු පත්කර හැකි ඉක්මනින් ………………………. අංකය යටතේ වංගීස හට ඇමතුමක් දෙන මෙන් ඉල්ලමු. මෙය තිබෙන ස්ථානය, දිනය, වෙලාව අපිට එලෙස තීරණය කර ගත හැකි ය.

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. නිර්මාල් ඇතුලු කංඩායම කියන්නේ ඩයිනෝර්සර්ස් වගේ හෙට දවසේ දේශපාලනිකව වද වෙන්න නියමිත මිනිස් සත්තු රැලක්.වංගීෂ වගේ ජෙජික්ව ලගින්ම ඇසුරු කරන දාර්ශනිකයක් වන නිසා එයාට සංවාදයේ සන්බන්ධීය වැඩකටයුතු බාරදීමත් ලොකු දෙයක්.අනේ ඉතින්,සමාජව්‍යාපාරයක් ඉදිරියෙ මුන් හෙලුවෙන් නටන හැටි බලාගන්න පුලුවන්.මම දීප්තිගෙන් එක ඉල්ලීමක් කරනව කරුණා කර නටවන එක හොදට නටවන්න. ජයම්පතියටත් පේන්න,ජයම්පතියව මට ඹ්නනම් නේපාලයෙත් නටවන්න පුලුවන්.අවශ්‍යය වුනොත් බලමු.

  2. පංතිමය සතුරන් තෝරාගැනීමේ කාරණයේදී අපගේ මිතුරන් බොහෝ දෙනා මියගියේ පාවාදෙන්නගේ දුෂ්ට බව නිසා ය යන්න සත්‍යයකි. ඔවුහු සිය ස්ත්‍රීන් සමග නිදහසේ සංසර්ගයෙහි යෙදීමට ඇති කැමැත්ත නිසා හෝ ඒ සදහා ස්ත්‍රීන් සොයාගැනීමේ කැමැත්ත ඇතිව පංතිමය රීතීන් පාවා දී ති‍බේ. සංවිධාන තුළ තිබිය යුතු සභ්‍යයත්වය පාවා දීම නිසා සහ ඒවාහි තිබිය යුතු ඒකීය කැමැත්ත පළුදු කිරීම නිසා, තේ බීමට යන හෝ සංවිධානයේ තනි තනි පුද්ගලයන් මුණගැසෙන අවස්ථාවල කේලාම් කීම නිසා, ඇවිලවීම නිසා බලවත් වැරදි සිදුව තිබේ. විශේෂයෙන් ධනපති ක්‍රමය යටතේ පඩි ලබන කම්කරුවන් සහ සුළු ධනේශ්වර බුද්ධිමතුන් සැක කළ යුතුය. ඔවුන් නිර්ධනීන් මෙන් නොව අපේක්ෂිත ඉලක්ක වෙනස් කරගන්නේ ඔවුන්ගේ ස්ත්‍රීන් කැමති සැප අනුව ය. යම් සංවිධානයක අපේක්ෂිත ඉලක්කය නිර්ධනීන් ශිෂ්ට කිරීම නම් ඊට අභියෝග කරන සුළු ධනේශ්වර අවස්ථාවාදීන්ගේ වාචාල පඩංගු කතා නොසලකා හැරිය යුතුය. යම් සමාජයක් වෙනස් කිරීමට නම් ඊට නායකත්වය දෙන අය සාපේක්ෂ ශිෂ්ට පිරිසක් නොවන්නේ නම්, දීමට කිසිත් පරමාදර්ශයක් නායකයන්ට නැතිවනු ඇත. මේ මොහොතේ අප ඉදිරියේ ඇත්තේ අපට සමාන, යම් විදිහකට අපේ මිතුරන් සේ පෙනෙන නමුත් රහසේ අන්ත බඩගෝස්තරවාදය දෙසට හැරී යාඥා කරන සුළු ධනේශ්වර හිගන්නන් පිරිසකි. ඔවුන් පැළැද සිටින වෙස් මුහුණු ගලවා දමන්නේ නැතිව, ඔවුන් නායකත්වය ගෙන සිටින අම්බලම් පෙරලා නොදමා අපට අඩියක්වත් පෙරට තැබිය නොහැකිය. කිසිදා සතුටු කල නොහැකි, නමුත් අවස්ථාවාදීන් විසින් එම මඩවලටම පනින ස්ත්‍රීන් අරඹයා වන කැමැත්ත ඔවුන් කිසිදා වටහා නොගන්නා අන්ධභූත ජාතකයකි. නමුත් ඔවුන් සිතන්නේ ඔවුන්ගේ ඔළුවලට ටොකු අනින්නේ ඔවුන්ගේ ස්ත්‍රීන්ගේ කැමැත්ත මත ඔවුන් විසින්ම නොවන බවයි. ස්ත්‍රීන් හේතුකොට ගෙන සංවිධාන හැර ගිය අය අද සිටින තැන් සදහා වෙනම තිසිසයක් ලිවිය යුතුය. බොහෝ සුළු ධනේශ්වර බුද්ධිමතුන් තම ස්ත්‍රීන් ලිංගිකව සතුටු කිරීමට නොහැකිව ඔවුන්ගේ හිත් සතුටු කිරීම උදෙසා බොහෝ දේ නැතිකරගනී. මෙම නපුංසක ස්වභාවය සහිත ඊනියා බුද්ධිමතුන් නිතරම පිරිමින්ට බිය වීම අරුමයක් නොවේ. ඔවුන් නිතරම කැපී පෙනෙන පිරිමියකු පැමිණ තමන්ගේ ස්ත්‍රීය සමග රමණය කරනු ඇතැයි රහසේ බිය වී එම ගැටළුවෙන් මිදීම සදහා දාර්ශනිකයන් බවට පත්වේ.

Comments are closed.