මේ සන්දර්භය තුල ආදරයේ දේශපාලනය ලංකික පොළොවට හදුන්වා දීම X දේශපාලනය වෙතින් සිදුවූ එක් පුරෝගාමී කාර්යයකි. එය මිය යමින් පැවති පන්ති දේශපාලනය එක්තරා අයුරකින් නැවත වෙනස් ම හැඟවුමක් ඔස්සේ ප්‍රතිව්‍යූහගත කිරීමකි. මියගිය වමට නැවත නව පණක් දීමකි. අනෙකත්වයේ දාර්ශනික වැදගත්කම මිට දශක දෙකකටත් කලින් අවබෝධ කර ගැනීමකි.  ලිංගිකත්වය වෙනුවට ආදරය ඔස්සේ ධනවාදයට සත්‍ය ප්‍රතිරෝධයක් ස්ථාපිත කිරීමකි. ආශාවට එරෙහිව, නව යටත් විජිතකරණිය ධනවාදයට එරෙහිව දැනුවත්ව හෝ නොදැනුවත්ව ඉතාම දියුණු දේශපාලනයක් හදුන්වා දීමකි. මෙය පසු කාලින සාමාජිකයින් තේරුම් ගත්තේ නැති වුවද නැවත ප්‍රතිජීවනය කල යුතු තත්වයක් සේ හඟිමි.” 

14 වෙනිදා වැලන්ටයින් දේශනයේ පිටපතින් කොටසක්…. 

valantine lecture mahesh.pdf

ඔබේ අදහස කියන්න...