පසුගිය කාලයේ අප ලංකාවේ වාමාංශික සංවිධාන ඇමීබාකරණය වීමේ ආකෘතිය පිළිබඳව අධ්‍යනයක නිරත විය. එහිදී, මෙම ඇමීබාකරණය එනම්, එක දෙකට බෙදීම සහ යළි එකතු වීමට බැරිකම දශක 8ක් (අවුරුදු 80ක් පමණ) පමණ අඛණ්ඩව සිදු වී ඇති බව පැහැදිලි විය. එහිදී, අධ්‍යනය කළ පොත් ප්‍රමාණය පහත දැක්වෙයි. මේ බොහොමයක් ඇකඩමික නොවන අරගලයට සහභාගී වූ අයගේ දෘෂ්ටිකෝණයෙන් ලියන ලද ඒවා ය.

    

  1. සමාජවාදය සිහිනයක් නොවීමට – ආරියතිලක පීරිස්.

  2. 80 වැඩ වර්ජනය – සිරිතුංග ජයසූරිය.

  3. වම – යථාර්ථය සහ සිහිනය අතර සංවාදයක් – සිරිතුංග ජයසූරිය – 2010

  4. දියැස – ජීවිතය ද, ඝාතනය ද?- වසන්ත දිසානායක.

  5. කල්ලිවාදය පිළිබඳ දේශපාලන කියවීමක් – ටිල්වින් සිල්වා – 2011

  6.  අප ඉන්නේ කොතනද? – 1992

  7.  ජන අරගල ව්‍යාපාරයට අභියෝගයක් වන ජවිපෙ උරුමය – රත්නායක, වසන්ත දිසානායක, ඩබ්ලිව් එම් ශාන්ත.

  8. සමසමාජ පක්ෂයේ මඟ පාවා දීම-

 

                    ඉහත කෘති වලට අමතරව තවත් පොත් විශාල ගණනක් උක්ත විෂය අරභයා ලියැවී ඇතත් ‘ගැටලුව’ හඳුනාගෙන ඇත්තේ, එකම ආකාරයකට ය. ඉහත පොත්වල මූලික ලක්ෂණය වන්නේ, න්‍යාය සහ ප්‍රායෝගික වැඩසටහන අතර පවතින අනවරත ගැටුම සහ ඒ අතර පවතින යා කළ නොහැකි පරතරය යි. එම සංවාදවල මූලික ලක්ෂණය වන්නේ, පක්ෂයේ මෙහෙයුම් ලක්ෂය තනි පන්තියක් වටා කේන්ද්‍ර වීමයි. උදාහරණයක් වශයෙන්, සිරිතුංග ජයසූරියගේ කෘතිවල මූලික ගැටලුව ලෙස හඳුනා ගන්නේ ‘කම්කරු පන්තිය’ අරගලයේ දී ප්‍රමුඛ පන්තිය ලෙස මාක්ස්වාදය අපට කියන නිසා ඉන් අප අපගමනය වන විට ‘අරගලය’ මානසික ලෝකයකට ගොස් සංවිධානය අරාජික වන බවයි. ගැටලුව වන්නේ, මේ ගැටලූවට විසඳුමක් නැතිව අප වසර 80ක් පමණ කාලය නාස්ති කර ඇති බවයි. ‘විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ’ සිට බොහෝ පැරණි දේශපාලන සංවිධානවලට දේශපාලන න්‍යායක් තිබෙන මුත් ‘සමාජය ගැන න්‍යායක්’- No social Theory – නොමැත. ඒ නිසා, ඔවුන් සහ සමාජ සබඳතා අතර ඇත්තේ පෑස්සිය නොහැකි පරතරයකි.

                       ‘වාස්තවිකත්වය'[Objectivity] මත පදනම් වූ පක්ෂවල මතවාදී බලය 80 දශකය තුළ ඔවුන්ට අහිමි වෙයි. මෙය සිදු වන්නේ, ‘ජාතිය’ මත පදනම් වී ආරම්භ වූ ‘ජාතික අරගලය’ නම් තේමාව නිසාය. එසේ වීම ගැන වාස්තවික න්‍යායධරයන්ට ඇත්තේ එක අදහසකි. ඔවුන්ට අනුව, පන්ති සාරාත්මකවාදය – Class Essentialism [Essentialism is the view that certain categories (e.g., women, racial groups, dinosaurs, original Picasso artwork) have an underlying reality or true nature that one cannot observe directly] – මූලධර්මයකි. එනම්, ‘කම්කරු පන්තිය’ මත පදනම් නොවී කරන ඕනෑම අරගලයක් අවසානයේ දී පරාජය වන බවයි. 2009 දී, LTTE ව්‍යාපාරය පරාජය වූ නිසා වසර 40 කට පසුවත් ‘විජය ඩයස්’ ප්‍රමුඛ ‘සමානතා පක්ෂය’ නිවැරදි යැයි කෙනෙකුට සිතිය හැකිය.

                       ‘ලංකා සම සමාජ පක්ෂයේ මහා පාවා දීම – 1964 ’ නම් පොත් පිංච තුළ පන්ති සාරාත්මකභාවය පිළිබඳ අභ්‍යාස පොත් විග්‍රහයක් කෙනෙකුට ලබාගත හැකි ය. ලංකාවේ වම ඇමීබාකරණය වීමේ දී ඒ පිළිබඳව අරගලකරුවන්ගේ විග්‍රහය පදනම් වන්නේ, ‘කම්කරු පන්ති දේශපාලනයෙනි’. බොහෝ විට, මෙම විග්‍රහයන්වල සතුරා වන්නේ, ”පක්ෂ නායකයන්” ය. ඔවුන් කරන වරද වන්නේ, ‘කම්කරු පන්තිය’ හාම්පුතුන්ට හෝ මධ්‍යම පන්තියට පාවා දීමයි. මෙම විවාද තරමක් දිගට යන විට, අරගලකරුවන් මවු පක්ෂයෙන් බිඳෙන අතර (උදා:- සම සමාජයෙන් පසුව ‘නව සම සමාජය’ බිහි වීම) අලුත් සංවිධානයක් පටන් ගනී. තව කාලයක් යන විට, අර පරණ විවාදයම යළි ඇවිලෙයි. එවිට ද, විවාදය නායකයන් සහ අරගලකරුවන් වශයෙන් දෙකට බෙදෙන අතර යළි යළිත් පැරණි විවාදයම කරළියට එයි. මරා ගන්නේ, යළිත් කම්කරු පන්ති සාරාත්මකතාවය මැදිකොට ගෙන ය. මෙම බෙදීම් තවමත් සිදුවන අතර, ‘නායකයා’ තමන් තුළම බෙදෙන තරම් තත්වය සංකීර්ණ ය. මේ වන විට, විවාදය විකට ස්වරූපයක් ගෙන ඇති අතර ‘නායකයා’ යන සංකල්පය පවා විහිළුවක් වී ඇත. එපමණක් නොව, ‘නිදහස් පුද්ගලයන්’ ලෙස විවාදයට සම්බන්ධ වන තනි අලින් ‘මාව’ පවා ඉහත ආකෘතියෙන් හාස්‍යයට ලක් කරයි. මේවා අසා සිටින ‘නිශ්ශබ්ද බහුතරය’, මෙම තනි අලින්ගේ දෛනික ජීවිතයේ රූකඩ නැටවීමේ කලාව නොදැන ඊට විකාර සහගතව අනන්‍ය වෙති.

                         60 දශකයේ අග වන විට, රෝහණ විජේවීර ”කම්කරු සාරාත්මකතාවයෙන්” මිදී ස්වායත්තතාවය සංවිධානය වන මාඕවාදී ගැමි ව්‍යාපෘතියකට අත ගසයි. එයට, කීර්ති බාලසූරියගේ ප්‍රතිචාරය මෙසේ ය.

              “ජනතා විමුක්ති පෙරමුණ බිහිව ඇත්තේ, ඔවුන් ‘ජනතාව’ යැයි හඳුන්වන ලංකාවේ සිංහල කුඩා දේපළ හිමියන්ගේ දුක් වේදනා තුළින්ය. මන්දපෝෂණයෙන් සහ ජීවන බරින් පෙළෙන ‘ලක් මවගේ දරුවන්’, වියළි කලාපයේ ගොවීන්, උඩරට ගැමියන් සහ රැකියා විරහිත තරුණයන් ආදී සිංහල කුඩා දේපළ හිමියන්ගේ සත්තකින්ම ‘ජනතා විමුක්ති පෙරමුණ’ තුළ වෙයි

                ඉහත ආකාරයේ සංවිධාන යනු, සිංහල කුඩා දේපළ හිමි තට්ටුවේ ‘විමුක්තිය’ සඳහා සටන් කළ සංවිධාන පමණි. ඔවුන් විවිධ ප්‍රකාශනවල, අදහස්වල, උද්ඝෝෂණවල ‘නිර්ධන පන්තිය’ යනුවෙන් එක දිගට හඳුන්වා ඇත්තේ, ඉහත කී සමාජ තට්ටුව වන අතර එය මාක්ස්වාදීන් නිර්ධන පන්තිය ලෙස හඳුන්වන්නේ නැත.”

  • කීර්ති බාලසූරිය; ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය සහ පන්ති ස්වභාවය– පිටුව 38, 39

                     දැන්, අප ඉදිරියේ තියුණු විරුද්ධාභාසයක්[paradox] ඇත. එක පැත්තකින් ඇත්තේ, ‘පන්ති සාරාත්මකවාදයකි’. එනම්, කම්කරු පන්තිය කේන්ද්‍රීය දේශපාලන අරගලය යි. (එහි දී, මේ ප්‍රකාශයන් ලංකාවේ දේශපාලන-ආර්ථිකය යන අදහස නිෂේධ කරයි. උදාහරණයක් වශයෙන්, නිදහස ලද යුගයේ පැවති කර්මාන්තශාලා මේ වන විට අතුරුදන් වී ලංකාව ක්‍රියාත්මක වන්නේ සේවා-ආර්ථිකයක් මත යන්න බොහෝ දෙනා  අමතක කරති.) අනෙක් පැත්තෙන් නිර්මාණය වී ඇත්තේ, ‘ආත්ම-මූලිකත්වයෙන්’ – Subjective idea’s – පටන්ගෙන 21 වැනි සියවසේ දෙවන දශකය වන විට අධිනිශ්චය වූ ”අනන්‍යතාවය”- Identity politics- මත පදනම් වූ දේශපාලනය යි. කලින් කී දේශපාලනය ‘කම්කරු පන්ති දේශපාලනය’ නම්, දෙවැන්න ‘ආත්මමූලික නිදහස මතින් ජ්වලනය වන බල දේශපාලනය’ යි.[power politics] මෙහි දී, පද දෙකක් වෙනස් වී ඇත. එනම්, ‘කම්කරු දේශපාලනය’ සහ ‘අනන්‍යතා බල ක්‍රීඩාවයි’.

                     කම්කරුවන් පිළිබඳ අරගලයේ දී යෙදෙන්නේ, දේශපාලනය එනම්, Politics යන පදය යි. ඊළඟට, අනන්‍යතා අරගලවල දී යෙදෙන්නේ, ‘බලය’ එනම්, Power යන පදය යි. කාලානුරූපයක් ලෙස ගත්විට, මෙම පද පෙරළිය අප සිතනවාට වඩා ආකෘතිමය වෙනසක් යෝජනා කරයි.

                     ‘දේශපාලනය’ යන අදහස හොඳ/නරක හෝ හරි/වැරදි ලෙස සදාචාරාත්මක විනිශ්චයක් ලබා දීමට හැකි ය. උදාහරණයක් ලෙස, සදාචාරාත්මකව උසස් පුද්ගලයෙකු නරක දේශපාලනයක් කළ හැකි ය. ඒ නිසාම, දේශපාලනය විසින් සමාජ විවාදයක්, මතවාදී ගැටුමක්, ප්‍රති-සංවාදයක්, විමතිකයන්, නව-සංවිධාන රටාවක් යෝජනා කරයි. 

                      නමුත් ‘බලය’ යන මතයට එන විට, ඉහත සියල්ල අහිමි වෙයි. මිචෙල් ෆූකෝ කී පරිදිම ‘බලය’ යන්න අනුභූතික තලයක නො පවතියි. ‘බලයට’ නරක පැවැත්මක් නැති අතර එයට පැවතිය හැක්කේ, අවභාවිතාවක් (Abused) පමණි. අවශ්‍ය නම්, කෙනෙකුට ‘බලය’ නරක යැයි සදාචාරාත්මකව කිවහැකි මුත් ඊට වැඩි ආයුෂ නැත. උදාහරණයක් ලෙස, යම් පුරුෂයෙක් විසින් ස්ත්‍රියක් ලිංගික අපහරණයට ලක් කළා යැයි සිතමු. අප මේ දිහා බලන්නේ, ‘බලයේ’ දෘෂ්ටිකෝණයෙන් නම් අදාළ වැරදි දෙයට වැඩි ආයුෂ නැත. මන්ද, ‘ලිංගික සබඳතා’ යන්නම අප විභාග කරන්නේ බලයේ මානයෙන් වන නිසා ය. සරලව කිවහොත්, බලවත් පුද්ගලයෙකුට කියා අපහරණයක් කරගන්නේ ම සමාජ බලය වෙනුවෙන් යැයි කියා අත පිහිදා ගැනීමට හැකි නිසා ය. ගැටලුව ‘ලිංගික දේශපාලනයේ’ සන්දර්භයට එනතුරු ගැටලුව අපට සූත්‍රගත කිරීමට නොහැකි ය. මන්දයත්, ලුබ්ධිය යනු හවුල්කාර ආර්ථිකයක් වන නිසා ය. ‘ලුබ්ධි-ආර්ථිකයට’ විවේචනයක් රැගෙන ආ හැක්කේ, දේශපාලනයකට පමණි. ඒ අනුව, ‘බලය’ යනු අවභාවිතාවේ නො යෙදෙවනතාක් යහපත් දෙයකි.

Professionalization of power.

                        ‘රාවය’ කර්තෘ වික්ටර් අයිවන් මහතා යනු, ලංකාවේ ‘දේශපාලනයට’ (Politics) ‘බලය’ (Power) සංකල්පය විධිමත්ව හදුන්වා දුන් පුද්ගලයා ය. ඔහුට අනුව, ‘බලය’ වෘත්තිකභාවයක රැදෙන තුරු හොඳ ය.[Professionalization of power- through elimination of jouissance] එය අපහරණයට ලක් වූ වහාම කුණු බිත්තරයකි. (Professionalism/ Abuse/ Corruption)

ලංකාවේ චන්ද්‍රිකා යුගයට පසු ආරම්භ වූ දූෂණය/ භීෂණය යනු, ‘බලය’ පිළිබඳ න්‍යායගත කිරීමකි. කම්කරු දේශපාලනයට පසු ධනේශ්වර ‘දේශපාලන-ආර්ථිකය'[political-economy] විචාරය කිරීම වෙනුවට ආදේශ වූයේ, ‘බලය’ මූලික කරගත් හොරකම්/ දූෂණ වංචා යන්න ය. මින්, දේශපාලනය සහ දේශපාලකයා හොඳටම බාල්දු විය. ජනතා විමුක්ති පෙරමුණ සිට NGO දක්වා විශාල පරාසයක අය මේ ‘බලය’ අදහසේ ගොදුරු ය. ‘බලය’ හරහා ගොස් නායකයන් අතු ගා දැමිය හැකි මුත් සමාජ-ක්‍රමයේ ව්‍යුහාත්මක වෙනසක් සිදු කිරීමට නො හැකි ය. නැවතත්, අපට හමුවන අලුත් ‘නායකයා’ බලය නිසා දූෂ්‍ය වෙයි. මෙය, විෂම චක්‍රයකි. අයිවන්ගේ ‘බලය පිළිබඳ ප්‍රවාදය’ නිසා පසුගිය දශක දෙක තුළ ඔහු [Mahinda]‘දේශපාලනය’ නො කළ අතර ‘බල ක්‍රීඩාවක’ නිරත වුණි.

                       ‘මහින්ද රාජපක්ෂ’ බලයට එනතුරු අයිවන්ගේ ‘දේශපාලනය වෙනුවට බලය’ සූත්‍රය වැඩ කළ මුත් ඉන්පසු එම සූත්‍රය යල් පැන ගියේය. 2015 දී, ‘සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය’ යනු, අන්ත අදේශපාලනික හුදු බල ක්‍රීඩාවක් බව ‘රනිල්-මෛත්‍රී’ යුගය තුළ අපට පසක් විය. අද අප ගිලී සිටින දරුණු දේශපාලන අර්බුදය වනාහි දේශපාලනය වෙනුවට ‘බලය’ අභ්‍යාස කිරීමට පුරුදු වීමයි. අයිවන්ගේ සූත්‍රයට හාස්‍යයකට මෙන් ඔහුගේ පසමිතුරු වූ ජවිපෙ හොඳින්ම අනන්‍ය වී ඇත.

අපගේ සංවිධානය පැත්තෙන් සිදු වූ හාස්‍යජනක නාට්‍යයක් ද ඉහත ඓතිහාසික ක්‍රියාවලියට ඇතුළත් කළ යුතු ය.

                        අප කලින් ද සාකච්ඡා කළ පරිදි, ‘පැරණි වාමාංශය’ පන්ති සාරාත්මකවාදයක පැටලී සිටිය මුත් රෝහණ විජේවීර නිර්මාණය කළ ජවිපෙ යනු, දේශපාලනයේ ‘ආත්මීය ලක්ෂණ’ වලට මුල්තැන දී සමාජය සංවිධානය කළ සංවිධානයකි. ඒ අනුව, ලංකාවේ සංවිධිතම ‘අනන්‍යතා දේශපාලනය’ පටන් ගත්තේ ‘ජනතා විමුක්ති පෙරමුණයි’. එනම්, ජාතිය, ආගම, ගම වැනි මාස්ටර් හැඟවුම්කාරක කේන්ද්‍ර කොටගෙන සමාජය සංවිධානය කිරීමයි. එහි විජේවීර දක්වා යුගය ‘දේශපාලනය’ මගින් ක්‍රියාත්මක වූ අතර 90 දශකයේ දී ඊට ‘ටිල්වින් සිල්වා’ ආදේශ වූ පසු එය ‘බල ක්‍රීඩාවක්’ බවට පත් විය. ඉන්පසු, 90 දශකය මුල ‘යුක්තිය’, ‘රාවය’ මුල්කරගත් රාජ්‍ය නොවන සංවිධානවල කතිකාව හරහා ඉහත ජවිපෙ ‘අනන්‍යතා දේශපාලනයට’ ප්‍රජාතන්ත්‍රවාදය, බලය බෙදීම, මානව හිමිකම්, ස්ත්‍රීන්ගේ අයිතිවාසිකම්, දෙමළ අරගලයේ සුජාතභාවය, යහපාලනය, දූෂණය සහ වංචාව යන අන්තර්ගතයන් එකතු විය. එමඟින්, ‘බලය’ නම් ප්‍රභේදය සහමුලින්ම ‘දේශපාලනය’ විසින් අවුරන ලදී.

Capital.[subject]

                     ‘බලය’ යනු, සංකල්පයක් නොවේ. එය මතයකි. නමුත් එය හැම පැත්තකින්ම නිෂ්පාදනීය වේ.[productive] ”Rights Now” වැනි රාජ්‍ය නොවන සංවිධානයක උපදේශකයෙක් ලෙස මම වසර 8ක් පමණ වැඩ කළෙමි. 71 කැරැල්ල සමයේ දේශපාලන සිරකරුවන්ගේ අයිතිවාසිකම් සඳහා සූරිය ගුණසේකර සහ චාල්ස් අබේසේකර වැඩ කරන ලදී. එහි දී, එම ‘මානව හිමිකම් ආයතනය’ තුළ රජ කළේ දේශපාලනය යි. නමුත්, Rights Now ආයතනය තුළ 2010 ට පසුව ‘බලය’ නම් මතය නිසා සෑම අතකින්ම අකර්මණ්‍ය විය. එකල, ‘බලය’ පිළිබඳ සංවේදී න්‍යායක් මට ද තිබුණේ නැත. මා ඉන් අදහස් කරන්නේ, ‘රාජ්‍ය නොවන සංවිධාන’ යනු අරගලය තනුක කරන ආයතන බවට වූ පැරණි වාමාංශයේ හෝ ජවිපෙ අදහස නොවේ. NGO නරක් වූයේ, ‘දේශපාලනය’ අතහැර දැමූ ‘වම්මුන්’ ඊට ආදේශ වී ‘බලය’ නම් මතය ඒවා තුළ අභ්‍යාස කිරීම නිසා ය. මේ අපගමනය නිසා බොහෝ දෙනා පැමිණි නිගමනය වැරදි විය. ඔවුන්ට අනුව, බලය නරක් වන්නේ අපහරණය වූ විටදී ය. අපහරණයට ලක් නොවූ බලය හොඳ ය. ඉන් අදහස් වන්නේ, වෘත්තීය මට්ටමට සාන්ද්‍ර වූ ‘බලය’ යහපත් යන්නය. දේශපාලනයට වෘත්තිකයන් හොඳ ය යන (නීතීඥ, දොස්තර, මහාචාර්ය) අගතිගාමි අදහස එන්නේ, මේ මංසන්ධියේ දී ය. පිලිප් [Right to Life- Director] හිතන්නේ, ”Rights Now” හි දෝෂය සුදර්ශන විසින් ‘බලය’ ලිංගිකව අපහරණය කිරීම බවයි. ඒ අනුව, ‘බලය’ ලිංගික අපහරණයක් නොවන තාක් දුරට එය යහපත්ය. (අයිවන්ගේ න්‍යාය) 

                        අප වටහාගත යුතු තීරණාත්මක සාධකය වන්නේ, ‘බලය’, ‘බල ක්‍රීඩා’ යනු ආත්මීය (Subjective) සාධක මිස ”සමාජීය ප්‍රභේද” (Social Categories) නොවන බවයි. මිනිසුන්ට දුෂ්ට පාලකයන්ට විරුද්ධව සංවිධානය විය හැකි වුවත් සමාජ ක්‍රමය වෙනස් කිරීමට නොහැකි වන්නේ ඒ නිසාය.

                         වසර 17 ක UNP දුර්දාන්ත පාලනය අවසන් කිරීමේ දී අදාළ වූයේ දූෂණ-වංචා සහ මරණ බිය යි. නැතහොත්, අතුරුදහන්වූවන්ට සාධාරණයක් ඉෂ්ට කිරීමයි. නමුත් වික්ටර් අයිවන්, සුනන්ද දේශප්‍රිය සහ එවකට පැවති සිවිල් සමාජයට චන්ද්‍රිකාගේ ‘බල ක්‍රීඩාව’ හමුවේ පසුබැසීම හැර අන් විකල්පයක් ඉතිරි වූයේ නැත. 2015 දී, ‘සාධාරණ සමාජ’ හදන්නට ගිය පිස්සු බල්ලන්ට ‘රනිල්-මෛත්‍රී’ බල ක්‍රීඩාව නිසා විකාර සහගතව මුහුණ පොත දක්වා පසු බසින්නට සිදු විය. ඔවුන් දේශපාලනයට හිමි ‘විමුක්ති අවකාශය’ සහමුලින්ම විනාශ කළ අතර දේශපාලනයට බල ක්‍රීඩාවේ දෘෂ්ටියෙන් සරදම් කරති.

Feminist Subject.

                          පන්ති සාරාත්මකභාවයට ඇති විකල්පය ලෙස අනන්‍යතා දේශපාලනය ආදේශ විය. කොටින්ම, සමාජවාදයට 21 වැනි සියවසේ ආදේශ වී ඇත්තේ ගැමියන්ගේ විමුක්තිය සහ ලිංගික විමුක්තිය යි. ඩිල්ෂාන් පැහැදිලි කළ පරිදි, අනන්‍යතා දේශපාලනය තුළ සැබෑ නිර්ධනයා අනුර කුමාර දිසානායක නොව ‘යොහානි ද සිල්වා’ හෝ ‘ශම්මි කුමාර’ ය. ඔවුන්ව ගෝලීයකරණය මදයටම හිස් කර ඇත. සමකාලීන යුගයේ දී ස්ත්‍රීන් යනු, කෝගීටෝව මට්ටමට සියල්ල සැක කරන නිර්ධන ආත්මයන් ය. කම්කරුවන් නැති භූමියක කම්කරු දේශපාලනය අතාර්කික වීම පුදුමයක් නොවේ. එපරිදිම, ‘වස්ති අනුරාධ’ මේ ක්‍රමයට ආශා කරද්දී ක්‍රමයේ කලිසම ශම්මි කුමාර ගලවා දමයි. ඔවුහු නිර්ධනයන් ය. කොමියුනිස්ට් දේශපාලනයේ ආරම්භය ඇත්තේ, මේ ස්ත්‍රී කෝගීටෝව තුළයි. මා හට චතුරිකා සිරිසේනගේ ජංගි හෝදනවා යැයි චෝදනා කළ ජවිපෙ ඌරු කොටු බලාගත් කලු කුමාර දිස්ටිය සහ ජවිපෙ හිටපු සාමාජික සුභාෂ් ජයවර්ධන දැන් සිටින්නේ කොහෙද? අපට කරන්නට කිසි දෙයක් නැති තැන අපි පසුබසින්නේ චතුරිකාගේ ජංගියට නොවේද? (මුට්ට කාසි සහ කප්පම් සල්ලි නැතිනම්)

                        අපි ටිල්වින්ට සහ කුමාරට අභියෝග කරන්නේ, ඔබලා බැස ඇති ජංගි ගණන අපගේ ඒවාට වඩා ගණනින් වැඩි බවයි. ‘ජංගි නාට්‍යයේ’ වැඩි විස්තර හෙළි වනු ඇත්තේ, ඉහත මහත්වරුන්ගේ ජංගි ප්‍රමාණය වැඩි වන මට්ටමට ය. එය NGO අයිතිකරුවන්ට ද අදාළ ය. ඒ අයගේ ජංගි කෙතරම් අහසට විසි වී ඇත්ද යත් මේ වන විට ”ජංගි-සංගීත-පුටු” සංවිධානය කළ ප්‍රබෝධ චින්තකගේ ලන්කට් එක ද අහසට විසි වී ඇත.

                        දේශපාලනයේ දී අපට පසමිතුරු පාර්ශව සමඟ සන්ධානගත වීම අපගේ න්‍යායික භාවිතාවයි. අන් අයට වඩා අප සමාජීය වූයේ, අපගේ මෙම ‘වේස භාවිතාව’ නිසා ය. ජවිපෙ මෙන් අප ගිය තැන බින්න බැස්සේ නැත. මංගල ළඟට ගිය අපි අපට අදාළ ‘සමාජ වැඩය’ කර ආපසු පක්ෂ කාර්යාලයට ආවෙමු. අපගේ අදහස් වේසකමේ යොදවන ලිංගික ශ්‍රමිකයන් තවමත් මංගල සිටි තැනම භාවනා කරයි. ඒ නිසා, චතුරිකා හෝ වෙන ඕනෑම ස්ත්‍රියකගේ ජංගිය හෝදන එක අපගේ වංශයේ හැටි ය. මෙම කොමියුනිස්ට් භාවිතාව ලංකාවේ පිරිමින්ට හුරු නැත. ඔවුහු බඩුකාරයන් ය. ඔවුන්ගේ ස්ත්‍රී විරෝධී පෞරුෂයට ජංගි හේදීම කැප නැත. බුදුන් කී සේ අපි මෙසේ කියමු. “පදිරි වූ වාමාංශිකයිනි, ඒ තොපගේ වංශය යි. අපගේ වංශය මහජනයාගෙන් පිඩුසිඟා කන්නෙමු.” අපට මාසය අවසානයේ රජයෙන් මාසික වැටුපක් ලැබෙන්නේ නැත. ඒ නිසා, මැද පෙරදිග දුක් විඳින ගැහැණුන්ගේ ඩොලර් වලට විදින්නේ ද නැත. පන්ති සාරාත්මකවාදයට සහ අනන්‍යතා දේශපාලනයට එරෙහි අපගේ කොමියුනිස්ට් විකල්පය ඊළඟට අපි සාකච්ඡා කරමු. 

Deepthi kumara Gunarathne

අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

https://forms.gle/tC36JnAV3s6wBAND6

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. Bless you samabima pary📢📢📣📣
    චතුරිකාගෙ ජංගි හේදුවනම්,,,සිරිසේනට කඩේ ගියානම් සමබිම පක්ශෙ පෙරටුගාමී සමසමාජවාදී පක්ශෙට වැඩිය විශාල කරගන්න තුබුන…සිරිසේන ආන්ඩුව කාලෙ දීප්ති සහෝදරයා සිරිසේන වෙනුවෙන් පෙනී සිටියට කිසිම දෙයක් අරගෙන නෑ….ඕනම කෙනෙකුට කරුනු විමසලා බැලුවොත් පේනව..ඒ නිසා ඒව හුදු ජවිපෙ කැලෑ පත්තර

Comments are closed.