[dropcap color=”red”]මේ[/dropcap] මෑතක දී මුහුණු පොතේ නිර්ණාමික නමකින් අපූර්ව අදහසක් දීප්ති ගැන පළකර තිබුණි. ලිපියේ නිමිත්ත වූයේ ගාමිණී වියන්ගොඩ මහතා විසින් නිකුත් කර තිබූ පුවත්පත් නිවේදනයකි. එමගින් සුචිගත කර තිබුනේ රටේ පවතින අයහපත් ප්‍රජාතන්ත්‍රවාදී වාතාවරණයයි. එය බොහෝ පුවත්පත් වලද පළ වී තිබුණි. මෙවැනි වර්ගයේ නිවේදන කියවන බොහෝදෙනා පුරුද්දක් ලෙස ඊට අත්සන් තබා ඇති අයගේ නාම ලේඛණය කියවන්නේ නැත. පශ්චාත්-ඊඩිපස් ෆැන්ටසි ලෝකයක දී කිසිදු අදහසකට අදාල විමර්ශක මේ කාලයේ කවුරුවත් සොයන්නේ නැත.

නමුත් එක්ස් කණ්ඩායමේ විමතික කියවන්නියක් වඩා හොදින් දැක තිබුනේ නිවේදනය නොව එහි පහතින් අත්සන් තබා ඇති අයගේ ලේඛණයයි. ඉන්පසු විමතික කියවන්නිය එතැනින් නතර නොවී අත්සන් වලට ගණිතමය පිළිවෙලක් ලබා දී ඇත.1,2,3,4,5… ආදී වශයෙන් ඉන් පසු ඇය එම ලේඛණය තුළ දීප්තිට හිමි ස්ථානය 81 වශයෙන් සටහන් කොට රංජිත් ගේ සහ සුදර්ශණ ගේ නම ඉහලින් ඇති බව පෙන්වා, දීප්තිට කෝචෝක් එකක් දමා ඇත.

නයි කයිද රෝස්පාන් කීවා සේ ඉහත කියවන්නියගේ ආශාව නිර්වචනය කරන්නේ කෙසේද? ඉතාම ඉක්මනින් අප පෙන්වා දිය යුත්තේ ඇගේ ආශාව ඇයටමත් රහසක් වන ආකාරයයි. ඇගේ ආශාව කුමක් ද?

ඊඩිපස් සංකීර්ණය පිළිබද ෆ්‍රොයිඩ් ගේ පළමු වන පාඩම අප මෙහි දී මතක් කර ගමු. පළමුව ඉංග්‍රීසියෙන් කියවා දෙවනුව සිංහලෙන් අර්ථකතනය කරමු.

I would say that hysteria is an infantile sexual desire experienced in the head of an adult and whose object is not a man or a woman but a person who is strong or weak. The hysteric experience his or her partner ( or other) not a Man or a Woman but as a person who is castrated or all-Powerful.

මම කියන්න කැමතියි හිස්ටීරියාව කියන්නේ වැඩිහිටි ඔළුවක් ඇතුලේ අත් විදින නොදරුවකුගේ ලිංගික ආශාවක් කියල. ඊ ලගට එවැන්නෙකු ගේ ආශාවේ වස්තුව වෙන්නේ පුරුෂයෙකු හෝ ස්ත්‍රියක නොවන අතර එතැනදී තම අනෙකා දුර්වල ද?, ප්‍රබල ද යන්න හැර අන්යමක් වැදගත් නැත. හිස්ටෙරිකයා තම සහකරුවාව හෝ අනෙකාව අත්විදින්නේ ඔහු හෝ ඇය බලවත් චරිතයක් ද?නැද්ද? යන්න මිස ඒ කෙනා ස්ත්‍රියක් ද, පුරුෂයෙක් ද කියා නොවේ.

ඉහත න්‍යායික අදහස අපි  සත්‍ය යැයි පිළිගන්නේ නම් එක්ස් විමතික ස්ත්‍රිය ගැන පහත සදහන් නිගමන වලට අපට ආ හැක.

01-   ඇය තමන්ගේ අවිඥාණක ආශාව තවමත් වටහාගෙන නැත. ( මෙය පුදුමයට කරුණක් නොවේ.)

02-   ඇය ප්‍රශ්ණ කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන හෝ වෙනයම් දේශපාලන ගැටළුවක් හෝ ගැන නොවේ. ඇය ප්‍රශණ කරන්නේ පුරුෂයකුගේ ෆැල්ලසයට අදාල බලය ගැනය. එමගින් ප්‍රශ්ණ කරන්නේ මාස්ටර්ගේ දැනුමේ බලය ගැනය. අවම වශයෙන් එම දැනුමේ සත්‍ය -අසත්‍යභාවයවත් ඇයට කරුණක් නොවේ.

03-   මෙවැනි අනුන්ගේ සටහන් කිසිදු වග-විභාගයක් නැතිව තම බිත්තියේ පළ කරන්නට ඉඩ දෙන්නේ ග්‍රස්ථික නියුරෝසිකයෝය. ( Hysteria a Rebellion, obsession a Displacement )

දේශපාලන පක්ෂවල අභ්‍යන්තර වාද-විවාද, ගැටුම් ( Inner Party disputes ) කියා කියන්නේ එක එක රංජිත්ලාගේ ගොබ්බකම් නම්, මේ වන විට දේශපාලන පක්ෂ යනු පෙරපාසල් විය යුතුය.

5

ඔබේ අදහස කියන්න...

4 COMMENTS

  1. ‘නොදරුවකුගේ ලිංගික ආශාවක්’ කියන එකෙන් අදහස් කරන්නෙ මොකක්ද කියල පැහැදිලි කරනවද?

    • Most people believe that the Oedipus complex is a love story : the little boy loves his mother and hates his father ,with the inverse
      being true for the little girl.But Oedipus complex has been a story of sexual desire and not of feelings. Oedipus is essentially a
      childhood experience of sexual desire. So there is a difference between child and infant. child is based on language while infant
      cannot live without others.Example- Look at Ranil and sajith.They are mothers boys, not adults.

Comments are closed.