01 ඩේවිඩ් කැමරන් විසින් අධ්‍යක්ෂණය කරන ලද Titanic (1997) චිත්‍රපටිය ආරම්භ වන්නේ රෝස් ඉහල- පන්තියේ තම සමාජ තත්ත්වය ආරක්ෂා කිරීමට ධනවත්, වංශවත්, පවුලකින් කසාදයක් බැද ගැනීමට තීරණය කිරීමෙනි. නමුත් අහම්බයකින් නැවක දී හමුවන කම්කරුවකු වූ ජැක් හරහා රොස් අලුත් ලෝකයක් හදුනා ගනියි. එතෙක් කල් ඇගේ පන්ති තත්ත්වය නිසා අහිමි වී තිබුන ‘විනෝදය’ ඇයට යළි හමු වුනේ ජැක් නිසාය. රෝස් ජැක්ට ආකර්ශණය වූයේ  ‘ආදරය’ නිසා නොව ඔහු විසින් ඇයට විවෘත කළ විනෝදයේ අධිවේග මාවත නිසාය. එය ඇගේ ආශ්චර්යයේ දොරටුවයි. නැව අත්ලාන්තික් සාගරයේ දී අයිස් පරයක ගැටී ජැක් නීල ජලයේ ගැඹුරට කිදා බසින විට චකිතයකින් තොරව ඇය ඔහේ සිටියේ ඔහු ඇගේ ආදරවන්තයා නොවන නිසාය.

02- චන්ද්‍රිකා බන්ඩාරණායක විජය කුමාරරනතුංග ට ආලය කළේ නැත. ච්ත්‍රපට ලෝකයේ තමන් අත්විදි විනෝදය ඔහු විසින් ඇයට ද උරුම කළේය. සමාජ-තත්ත්වය සහ වංශාධිපතිභාවය නිසා ( දේශපාලන උරුමය ද ඇතුළුව ) තමන් ගේ විනෝදය අහිමි කරගෙන සිටි චන්ද්‍රිකා විජය හරහා විනෝදය අත්වින්දාය. විජේගේ හදිසි වියෝවෙන් පසු ඇයට ජීවිතය උපරිම අයුරින් විනෝද වන්නට අවස්ථාවක් හමු විය. එනම් ඒ ඇය ජනාධිපති වීමෙන්ය. විනෝදය කෙතරම් දෝරේ ගැලුවා ද යත් ඉන්පසු චන්ද්‍රිකාට විජයව මතක් වූයේවත් නැත. මන්ද යත් ඔහු ඇගේ ආදරවන්තයා නොවන නිසාය.

03 …………………………………………………………….. හිස් තැනට ඔබේ නමත් ඇතුළු කර ගන්න!

ඔබේ අදහස කියන්න...