කෑදර, නියාමනය නොකරන ලද ධනවාදය විසින් ඇති කරන ලද අර්බුදය පාදක කරගනිමින් ගෝලීය ආර්ථිකයේ මුලික ස්වභාවය සම්බන්ධයෙන් සිතන්නා වූ මිනිසුන් කිහිපදෙනෙකුගේ වත් මනස වෙනස් කරනු ඇතැයි යමෙක් සිතන්නට ඇත. නමුත් එසේ සිතන්නෙකු නිවැරදි නොවනු ඇත. ධනේශ්වර විරෝධි හැඟීම්වල අඩුවක් නොමැති බව සත්‍යයකි. එමෙන්ම ක්‍රමයේ නරකම අතිරික්තය විසින් ගෝලීය ආර්ථීකය කොල්ලකෑම විසින් ඇති කරන ලද අර්බුදයක් වශයෙන් ක්ෂමා විරහිතව පරිසරය සුරාකන සමාගම්ල බදු ගෙවන්නන්ගේ මුදල් ණයට ගන්නා අතරතුරේ දිගටම බෝනස් ලබා ගන්නා දුෂිත බැංකු කරුවන්, වැඩ කාලයටත් වඩා වැඩියෙන් ළමා ශ්‍රමය ලබා ගන්නා වෙළෙන්දන් පිළිබඳව වාර්තා කරන අනේක රූපවාහිනී වැඩසටහන්, පුවත්පත් ගවේශණ, ග්‍රන්ථ හරහා සුවිශේෂයෙන් අද දවසේ ධනවාදයේ භයංකාරත්වය ගැන විවේචනාත්මකව බලන්නවුන්ගෙන් පිරී ඉතිරී යන බවක් අපට දක්නට හැකිය.

 

අයථා භාවිතය කොතරම් දුක්ඛදායක වුවදල ක්‍රමයක් ලෙස කඩා වැටීම කොතරම් දැවැන්ත ලෙස හඟවන සුළු වුවද මෙම විවේචකයින්ට යා හැකි දුරෙහි සීමාවක් පවතී. නිසැකවම මේවායේ පරමාර්ථය නම් දුරාචාරය හා සටන් වදිමින් ධනවාදය ප්‍රජාතන්ත්‍රීය කිරීමත්, අවංක පොලිස් පරීක්ෂණ මාධ්‍ය නිරීක්ෂණයන් හි පීඩනය හරහා ආර්ථීකය තුළ ප්‍රජාතන්ත්‍රීය පාලනයක් ඇතිකිරීමත් ය. එසේ වුවද නූතන ධනවාදය පදනම් වී ඇති “බුර්ෂුවා නීතිය” ප්‍රශ්න නොකිරීමට පමණක් අප වගබලා ගනිමු. වෝල් ස්ට්‍රිට් හි මෙන්ම ලෝක සමාජ මණ්ඩපයේ වඩාත්ම රැඩිකල් විවේචකයින් පවා අතගැසීමට මැලිවන පූජනීය ගවයා ලෙස එය තව දුරටත් තිබෙනු ඇත.

 

ඇතිවෙමින් පවතින අර්බුදය වනාහී කලබල නොවිය යුතු මොහොතක්ය. අවදි වූ සිහිනය භයානක ලෙස අවිදුර දෘෂ්ටික බවට වන සර්ව සුභවාදී වාමාංශික බලාපොරොත්තු, එසේනම්, විශ්මය දනවන්නක් නොවනු ඇත. 2011 වසරේ ලොව වටාම පැවතුන රැඩිකල් විමුක්ති දේශපාලනයේ නව නැඹුරුව නම් වූ භයානක සිහිනය දුටු වසරක් විය. ඉන් වසරකට පසු ගතවන සෑම දිනයක්ම ඔප්පු කරනුයේ අවදි වූ සිහිනය කොතරම් අසංස්ථිතික හා බිඳවැටෙනසුළු ද යන්නය. අරාබි උදානයේ උද්යෝගය සම්මුතිවාදය තුළ හා ආගමික මූලධර්මවාදයේ මඩ ගෙහොරුවේ ගිල්වා දැමුණී. අල්ලා ගැනීම (Occupy) තුළ වූ ගම්‍යතාවය අහිමිවීම පොලීසිය විසින් “සුකෝටි උද්‍යානය” සුද්ධ කිරීම වෙස් වලාගෙන ආ ආශිර්වාදයක් වීම දක්වා දුර ගියේය. ලෝකය පුරාම මෙය එක සමාන කතන්දරයකි. ප්‍රතිචාරාත්මක රාජපාක්ෂික බලඇණි විසින් නේපාල මාවෝවාදී ගරිල්ලන් උපායිකව පරාජය කරන ලදී. වෙනිසියුලාවේ ිබොලීවියානුී අත්හදා බැලීම කෝඩියෝව විසින් මෙහෙයවන ලද ජනප්‍රියවාදය තුළ ගිලී ගියේය.

 

මෙම ආර්ථික අර්බුදයේ ප්‍රාථමික ප්‍රතිඵලය නම් රැඩිකල් වාමාංශයක් වර්ධනය වනවා වෙනුවට ජනප්‍රිය ජාතිවාදයත්, වඩ වඩා යුද්ධත්, මධ්‍යම පන්තික නව-අරාජකවාදයත්, දරිද්‍රතාවයේ ගිලී ගිය තුන්වන ලෝකය තුළ වඩ වඩාත් දුප්පත් කම මෙන්ම “දුප්පත්- පෙහොසත් පරතරය” ද වඩ වඩාත් පුළුල් වීමයි. මිනිසුන්ගේ ස්වකීය තෘප්තියෙන් එලියට ඇද දමා ජීවිතයේ මූලිකාංග පිළිබඳ ප්‍රශ්න කරවන තැනකට මෙම අරගලය විසින් මිනිසුන් පොඩි පට්ටම් කර දමා ඇත. ඔවුන්ගේ ක්ෂණික ප්‍රතිචාරය විප්ලවය නොව ආහාර හා හිසට වහලක් යන මූලිකාංග වෙත ආපසු හැරවුන කුලප්පුවයි. ඔවුන් පවතින දෘෂ්ටිවාදයේ ප්ර්‍‍රස්තුතයන් පිළිබද සැක සංකා උපදවා ගන්නවා වෙනුවට ඒවා ඉතා තදින් වැළඳගනිමින් සිටියි.

 

ධනවාදය තව දුරටත් රැඩිකල්කරණය සඳහා උචිත තත්වයක් අපහට දැකගත හැකිවේද?

ජර්මානු දාර්ශනික පීටර් ස්ලෝටර්ජික් (Peter Sloterdijk) වරක් මට මෙසේ පැවසීය. අද පටන් වසර සියයක ඉතිහාසය තුළ තවමත් ජීවමාන පුද්ගලයෙකු වෙනුවෙන් ස්මාරකයක් තැනීමට සිදුවේනම් ඒ අන් කිසිවෙක් වෙනුවෙන් නොව ධනවාදය හා සර්වාදිකාරිත්වය (authoritarianism) අතර සරණ බන්ධනය අන් කවරෙකුටත් වඩා හොඳින් සිදුකළ හා එය උසස් තත්වයෙන් පවත්වාගෙන ගිය සිංගප්පූරු නායක ලී ක්වාන් යූ වෙනුවෙන් යනුවෙනි. එම බන්ධනය සඳහා ඔහු පාවිචිචි කළ වචනය ආසියාතික වටිනාකම් යන සුශාබිදික  වචනයයි. මේ සර්වාධිකාරි ධනවාදයේ වෛරසය අන් සෑම තැනකටමත් වඩා චිීනයේත් සෙමෙන් නමුත් ලොව පුරා අන් සෑම තැනකමත් ව්‍යාප්ත වෙමින් පවති.

 

චිීනය තුළ අද දවසේ ධනවාදයේ පුපුරා යාම අභිමුව දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය ස්වභාවිකව ධනවාදය තම දේශපාලන සහායනකයෙකු (accompaniment) ලෙස කවදා ස්ථාපිත කරනු ඇත්දැයි විචාරකයින් නිරන්තරයෙන් අසා සිටි. සපථ වූ ප්‍රජාතන්ත්‍රවාදය කිසිදා ළඟා නොවේනම්? චිනයේ සර්වාධිකාරය වඩා ප්‍රජාත්ත්‍රීයකරණය සඳහා වූ මාවතේ එක් නැවතුම්පලක් නොවී ලෝකයේ අනෙකුත් ජාතීන් ද දිශානත වන්නා වූ අවසන් තත්වයක් වී නම්? වරක් සාර් රුසියාව ලියොන් ට්‍රොටිස්කි විසින් හදුන්වා දී තිබුනේ ආසියාසික කසය හා යුරෝපීය කොටස් වෙළඳපල අතර දුෂ්ඨ සන්ධානය ලෙසයි. නමුත් ඉහත විස්තර විභාගය වඩාත් ගැලපෙන්නේ අද දවසේ චිීනයටයි. අප ස්වභාවික යැයි ඒත්තු ගෙන ඇති ප්‍රජාතන්ත්‍රවාදී ධනවාදී මොඩලයට වඩා ස්ථාවර වූ එකක් ඉහත සමාගමය තුළ චිනය ගොඩ නගා ඇත.

 

වඩ වඩාත් විපරීත හා වසඟකාරී ආකෘතියක් වශයෙන් පරිණාමය වෙමින් පවතින ධනවාදය මේ දිගහැරෙන අර්බුදයේ ප්‍රධාන ගොදුර නොවේ. නැවතත් වඩාත් සැමටම සුපැහැදිලි ලෙස ප්‍රායෝගික ගෝලීය විකල්පයක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ බව එසේ තිබියදීම මෙහි සත්‍ය ගොදුර වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයයි. කලිසම් ගැලවී මේ උගුලේ සාර්ථක ලෙස හසුව ඇත්තේ වාමාංශිකයින් වන්නේය. හරියටම මේ අර්බුධය වේදිකා ගතවී ඇත්තේ ධනේශ්වරයේ නොහැකියාව සඳහා එකම විසඳුම වඩ වඩාත් ධනවාදයම යැයි කියා පෑමට මෙනි.

 

ස්ලෙවොයි ජිජැක් ගේ Capitalism ලිපියේ පරිවර්තනයයි

 

මහේෂ් හපුගොඩ

ඔබේ අදහස කියන්න...