මනෝවිශ්ලේෂණය දන්නවා කියලා ඒත්තු ගැනෙන විදියට කතා කර කර ඒත් නොදන්නා කම ප්‍රදර්ශනය කරන විකාරරූපී මිනිස්සු දැන් දැන් වැඩි වැඩියෙන් දකින්න ලැබෙනවා .මේ වගේ අය ඍජුව මනෝ විශ්ලේෂණය ගැන කතා කරන්නේ නෑ.ඒත් වක්‍රාකාරයෙන් audience එකට ඒත්තු ගන්නනව මම මනෝ විශ්ලේෂණය ගැන හසල දැනුමැති කෙනෙක් කියලා.මේ කතාවත් ඒ වගේ චක්‍රවර්ති කෙනෙක් ගැන . මේ චක්‍රවර්ති කියන දෙයින් නොකියනා දේ එලියට පනිනවා.
රාවය පත්තරේ ලිපියක තැනක චක්‍රවර්ති මෙන්න මෙහෙම කියනවා.

” නිතර විචාර කටයුතු , දේශපාලන  සහා බුද්ධිමත් කටයුතු වලට සමීප මාව බොහෝ දෙනාට පේන්නේ හැඟීම් වලින් තොර, ආදරය නොතේරෙන , හැම දෙයක්ම කෝදුවකින් මනින නරුමයකු විදියට .මූනට මේක නොකිව්වත් සම්බන්ධතා අර්බුදයකට ලක් වෙන සෑම මොහොතකම මගේ සමීපතයින් මට කරන චෝදනාවක් මේක”

මේ වටහා දෙන්නේ චක්‍රවර්ති කරන ප්‍රකාශයෙන් එයා නොකියන ගැලවෙන්න හදන පලා යන්න උත්සාහ කරන සැබෑව මොකක්ද කියල.

ලැකානියානු මනෝ විශ්ලේෂණ න්‍යායට අනුව තිරගත පෞරුෂය (Screen personality ) තුළ කෙනෙකුගේ බොරුව මිස ඇත්ත තිබෙන්නේ නැත . මේ පිලිබඳ වඩාත් පැහැදිලි කිරීමක් කලහොත් සැබෑ ජීවිතයේ කිසිදු මිතුරෙකු නැති පුද්ගලයන්ගේ  facebook ගිණුම් වල මිතුරන් දහස් ගනනකුත් ඉක්මවා සිටීම. සැබෑ ජීවිතයේ යාළුවන් ආශ්‍රය කරන්න බැරි තරම් සාංකාවට , එහෙමත් නැත්නම් බරපතල විදියට ආත්මය Damage වුන මිනිස්සුන්ට facebook එක කියන්නේ තමන්ගේ සැබෑවෙන් පලා ගිහින් සැනසීමක් හොයාගන්න පුලුවන් යතාර්ථයක්.

චක්‍රවර්තිගේ ප්‍රශ්නයත් ඒ වගේ. ඔහු අපිට ඔහුගේ යතාර්ථය එසේත්  නැත්නම් සැබෑව පෙන්වා දෙනවා..ඔහු සමාජයේ ඔහුගේ යතාර්ථමය පැවැත්ම නිර්මානය කරගෙන ඇත්තේ සිනමා විචාරකයෙක්,සමාජ සහ දේශපාලන සංසිද්ධීන් විශ්ලේෂණය කරන්නෙකු ලෙසිනි.එම යතාර්ථයට වැසී ඇත්තේ ඔහුගේ සැබෑව වන , ඔහුම පවසා ඇති වචන වලින් කිවහොත් හැඟීම් වලින් තොර,ආදරය නොතේරෙන ,හැම දෙයක්ම කෝදුවකින් මනින නරුමයෙකි.මේ සැබෑව ඔහුට අවිඥානිකය. ඔහු සිනමා විචාරය කරන්නේ තමන්ගේ ආත්මීය අභ්‍යන්තර මළපුඩුවෙන් ගැලවෙන්න .ඒ කියන්නේ ඔහුගේ වචන වලින්ම කියනවා නම් හැඟීම් වලින් තොර, ආදරය නොතේරෙන , හැම දෙයක්ම කෝදුවකින් මනින නරුමයගෙන් ගැලවෙන්න.

තමන්ගේ බිරිඳගෙන් ගැලවෙන්න  සැනසීම හොයන, චිත්‍රපට සංස්ථාවේ දේශන කරන, අර්ථය වෙනුවට නම් වල අකුරු මත මහා සංවාද ගොඩනගන අය මේ ඔක්කොම කරන්නේ සැබෑවෙන් පළා යන එක.

” මාව බොහෝ දෙනාට පේන්නේ හැඟීම් වලින් තොර, ආදරය නොතේරෙන , හැම දෙයක්ම කෝදුවකින් මනින නරුමයකු විදියට”

චක්‍රවර්ති  හිතනවා තමන්ට පිටතින් අනෙකෙක් ඔහු දෙස බලන් ඉන්නවා කියලා (gaze). ඒ නිසා එයා කියනවා නෑ මම එහෙම කෙනෙක් නෙමේ . මම නරුමයකු නෙමේ කියලා. ඒකෙන් ඔහුට ලැබෙන්නේ ස්වයං තෘප්තියක්. සමහරු මල් වට්ටි පුරෝගෙන පන්සලට යන්නේ මේ වගේ ස්වයං තෘප්තියක් ලබා ගන්න. චක්‍රවර්ති විචාර, දේශන කරලා ප්‍රසිද්ධියේ රෙද්ද කඩා ගන්නේ ඔහු තුල ඉන්න නරුමයාගෙන් පලා යන්න.

චක්‍රවර්ති සිනමා විචාරකයෙක් වෙන්නේ කොහොමද?  දෙන්න තියෙන උත්තරය පොඩි සුරංගනා කතාවක්.

පදික වේදිකාවේ මල් විකුනන අන්ධ තරුණියක් ඉන්නවා.ඇය ඉදිරිපිට කාර් එකක් නතර කරල තියනවා.ඉතාම දුප්පත් තරුණයෙක් පාරෙ එහා පැත්තෙ ඉදලා තරුණිය සිටින පදික වේදිකාවට එනවා. මේ තරුණයා අර නතර කරල තියන අනුන්ගෙ කාර් එකේ එක පැත්තක දොරක් ඇරලා අනිත් පැත්තෙ දොරින් පදික වේදිකාවට ගොඩ වෙනවා.අන්ධ තරුණිය ගැන අනුකම්පාවෙන්  දුප්පත් තරුණයා ඇයගෙන් මලක් මිලදී ගන්නවා. ඒත් එක්කම නතර කරල තිබුන වාහනයේ අයිතිකාරයා වාහනේට නැගල දොර සද්දෙට වහගෙන එතනින් පිටව යනවා. කාර් එකේ දොර වහන සද්දෙට තරුණියගේ මුනේ ලස්සන හිනාවක් මතු වෙනවා.ඇය හිතන්නේ පොහොසත් කෙනෙකු පැමින ඇගෙන් මලක් ගෙන ගියා කියලා.

මේක 1931 චාලි චැප්ලින් කරපු City Lights කියන චිත්‍රපටයේ එක දර්ශනයක් . චක්‍රවර්ති සිනමා විචාරකයෙක් වෙන්නේ මේ වගේ වහනයක දොරක් වහන සද්දෙකින්.ඒ චක්‍රවර්ති සමාජ යතාර්ථය තුලින්ම ඉල්ලා සිටි එකක්. මේ වගේ දොරවල් වැහෙන සද්ද වලට මිනිස්සුන්ගේ ජීවිත වෙනස් වෙනවා. ඒවාට අපි අවට ඕනෑ තරම් උදාහරණ තියෙනවා.චක්‍රවර්ති මේ යතාර්ථමය  ෆැන්ටසි එකට තදින් අනන්‍ය වෙලා තියෙන්නේ ඔහුගේ real එකේ තිබෙන පීඩාව දරා ගන්න බැරි නිසාමයි. තර්ක බුද්ධියෙන් සිතන පතන තරුණ ස්ත්‍රියක් ( එවැන්නියක් සැබෑවටම පලා ගිය නිසා) වෙනුවට මගේ ජීවිතේ උදේ ඉදන් රෑ වෙනකල් අවුල් කරන “රෝස්” කෙනෙක් හොදයැයි මේ චක්‍රවර්තිට හිතන්නේ ඒ නිසාය. .චක්‍රවර්තිට ඔහුට ඔහුව සම්මුඛ වෙන්න බැරි නිසා හදා ගෙන තියන තිරය ඔබ දකින්නෙ සිනමා විචාරකයෙක්, සමාජ සහ දේශපාලන සංසිද්ධීන් විශ්ලේෂණය කරන්නෙකු ලෙසින්.

පීඩාවෙන් ප්‍රමෝදයට පත් වීම අවිඥානික ආශාව කරගත් පුද්ගලයින් චක්‍රවර්තිට සමීප වෙනවා..නාද්‍ය්‍යා පෙරේරා ,සත්‍යජිත් මාඉටිපේ , නුවන් අමරනාත් වැනි පුද්ගලයන් චක්‍රවර්ති එක්ක බෙදා ගන්නේ ඒ පීඩාවයි .චක්‍රවර්තිගේ අවිඥානික ස්වපීඩා – පරපීඩකත්වය ඔවුන්ගේ විනොදයයි.

ගෙදර ඉන්න බැරි කමින් පලා යන මේ චක්‍රවර්ති සිනමා විචාරය කරයි.ඔහු නොදන්නා මනෝ විශ්ලේෂණයක් පටලවමින් තව තවත් දේශන කල යුතුය. දේශපාලන සංසිද්ධීන් පිලිබඳව වරද්ද වරද්දා හෝ  විග්‍රහ ඉදිරිපත් කල යුතුය.සරලවම කිවහොත් මේ වන විට ඔහු කරමින් සිටින ආකාරයටම දිගටම ගලේ පැහැරිය යුතුය. එසේ නැති වුවහොත් චක්‍රවර්ති පලා යාමට උත්සාහ කරන සැබෑවේ පරස්පරය තුලම ඔහුගේ ආත්මය මිය යනු ඇත.

අවසානයේ චක්‍රවර්තිට කියන්නට තිබෙන්නේ එක් දෙයකි. ඒ ” තිරය මත සිටින ඔබගේ සැබෑව අපට පෙනෙනවා” කියාය.

ඔබේ අදහස කියන්න...