අපේ‍්‍රල් 8 වනඳා පුස්තකාල සේවා මණ්ඩලයේදී පැවැත්වීමට නියමිත කෞශල්‍ය කුමාරසිරිගේ ‘මේ රහස් කවුළුවෙන් එබෙන්න’ කෘතියට අදාලව අප විසින් මතු කරන්නට නියමිත ප‍්‍රවාදයේ දළ සැලැස්මක් පහත පරිදිය.

1] ෆැන්ටසිය යනු අනෙකාගේ අශාව අපට ප‍්‍රහේලිකාවක් වූ විට එය කුමක්දැයි වටහා ගැනීමට අප ගොතන ප‍්‍රබන්ධයයි.

2] විපරීත ෆැන්ටසිය පොදු ෆැන්ටසියෙහි විලෝමයයි. පොදු ෆැන්ටසියේදී ආත්මය වස්තුව   කරා එළබෙන්නට උත්සාහ කරයි. නමුත් විපරීත ෆැන්ටසියේ දී වස්තුව ආත්මයත් ගවේෂණය කරයි. අනෙකා නීතිය වීමෙන් කතාව අවසන් වෙයි.

3] පශ්චාත් නූතන සාහිත්‍යකරණයේදී සිදු වන්නේ තාර්කික හේතුව ආගමිකකරණය වීම නොව තාර්කික හේතුව ලෞකිකකරණය වීමයි. එබැවින් ගැටළුව අවබෝධ කරගැනීමට ‘පාරභෞතික විචාරය’ කිරීමට අලූත් වේදයක් වූ දේවධර්මය අවශ්‍යය.  

4] ආගම යනු දෘෂ්ටිවාදයක් නොවේ. ආගම භාවිතා කොට කළ යුත්තේ ලෞකිකකරණය වූ හේතුව විචාරය කිරීමයි.

ඔබේ අදහස කියන්න...