දේශපාලන සිරකරුවන් නිදහස් කරනු මැයෙන් ප්‍රජාතන්ත්‍රවාදය සදහා උද්ඝෝශකයෝ” සංවිධානය විසින් සැප්තැම්බර් 22 දින පැවත්වු මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්චාවේදී අප සංවිධානයෙන් ඉදිරිපත් කල  සංක්ෂිප්ත අදහස.
ලංකාව වැනි රටවල ඉතිහාසයේ ඉඳලා ස්ථාපිත වෙලා තියෙන එකක් තමයි දේශපාලනික අරගල අපරාධ ලෙස අර්ථකතනය කිරීම.
උදාහරන ලෙස සොරකම්,ම්ංකොල්ලකෑම් වගේ, දේශපාලන අරගල කරන එකත් අපරාධ ගණයට ඇතුලත් කරලා සැලකීම.
යටත් විජිත සමයේ යටත් විජිත හිමියාගේ පිඩනයට එරෙහිව යටත් වැසියා කැරලි ගහද්දි කැරලි කරුවන්ගේ ක්‍රියා අපරාධ ගණයට දමමින් දඩුවම් ලබා දුන්නා වගේ  පශ්චාත් යටත් විජිත කාලය සමය තුලදීද පොලීසිය,හමුදාව,අධිකරණය සහ දේශපාලන බල අධිකාරිය දරා සිටින ආයතන සහ රටේ ජනපති අගමැති දක්වා විතරක් නෙවෙයි සාමාන්‍ය ජනතාවගේ මතයත් දේශපාලන අරගල කිරීම යනු අපරාධයක් බවයි.
මෙය මේ මොහොත වනවිට මුලුමහත් සමාජයම මෙහෙයවන දෘශ්ඨිවාදයක් බවට පත් වෙලා තියෙනවා.
මේ හින්දා තමයි පෝස්ටර් ගැසීමේ සිට ආර්ථික,දේශපාලන,ජාතික පීඩනයන්ට එරෙහිව අරගල  කරන දේශපාලනික ක්‍රියාකාරීන්ව අපරාධ කරුවන් ලෙස සලකන්න පුරුදු වෙලා තියෙන්නේ.
අප මේ කතා කරන්නේ රාජ්‍ය මර්ධන උපකරණ ක්‍රියාකරන ආකාරය ගැන නෙවෙයි ඒවා සාධාරණීය කරණය වෙන දෘෂ්ටිවාදය ගැන.
71 89 අරගලවලදීත් උතුරේ ජාතික පීඩනයට එරෙහි අරගලයේදීත් ඒ සටන් වැදුනු සහෝදර සහෝදරියන්ව ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගහන්නේ එවැහි ආස්ථානයක ඉඳගෙන.
මෙහි හාස්‍යජනක සහ ඛේදජනක තත්වය තමයි ජනතා විමුක්ති පෙරමුණ දෙවරක්ම පීඩනයට එරෙහිව අරගල කරලා උතුරේ ජාතික විමුක්ති අරගලයේ නිරත වුණු සටන්කාමීන්ව ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගැසීමට වැඩියෙන්ම දායක වීම.
මෙතනදී විමල් වීරවංශ කියන්නෙ හොඳ තක්කඩියෙක්.වීරවංශ 89 අරගලයට ක්‍රියාකාරීව සහ්භාගී වුනු කෙනෙක්.දැන් දේශපාලන සිරකරුවන් ලෙස රඳවා සිටින සහෝදර සහෝදරියන් නිදහස් කරනවාට වැඩියෙන්ම විරුද්ධව කෑගහන්නේ වීරවංශ.
අප වාහාම මෙම දුෂ්ඨ මතය පරාජය කිරීම වෙනුවෙන් මැදිහත් විය යුතුයි.මෙහෙම නම් ලෝකයේ සියළු නිදහස් අරගලවලට දායක වුණු අරගලකරුවනුත් අපරාධ කරුවන් ත්‍රස්තවාදීන් වෙන්නට ඔනේ.
දැන් ෆාක් ගරිල්ලන් කොලොම්බියානු ආන්ඩුව සමග එකඟතාවයකට ආවා.ඊට පස්සේ කලින් කරපු ක්‍රියා වලට ඔවුන්ව අත් අඩංගුවට ගන්නවාද? නැහැ එය දේශපාලන සංවිධානයක් එය දේශපාලන අරගලයක් ලෙස පිලිගන්නවා ඔවුන්.
දැන් 71 89 අරගලවලින් පසුවත් මේ වගේ දේශපාලන සිරකරුවන් ලෙස රඳවා ගෙන සිටි සහෝදර සහෝදරියන් නිදහස් කරගන්න මැදිහත් වීම් සිදු කරා.ඒ වගේම ඔවුන්ට නිදහස හිමිවුණා.අපි අහන්න කැමතියි ඇයි මේ රැඳවියන්ව නිදහස් කරන්නේ නැත්තේ මොකද එයාල දෙමල වීම නිසාද?
උදාවන ප්‍රතිගාමීත්වයන්ට,පීඩනයන්ට එරෙහි විප්ලවාදීන්,පීඩිතයින් ගේ අරගල තුළ ප්‍රචන්ඩත්වය කැටිවීම අනිවාර්‍යයක්.එය අපරාධයක් හෝ ත්‍රස්තවාදයක් නෙවෙයි එය විප්ලවවාදී භාවිතාවක්.ඉතිහාසය නිර්මාණය වෙලා තියෙන්නේ එහෙම.ප්‍රතිගාමිත්වයෙන් ප්‍රගිතිශීලිත්වය කරා ඇවිත් තියෙන්නේ එහෙම.
 අපි පෙනී සිටිනවා මේ දේශපාලන සිරකරුවන් ලෙස රඳවා සිටින සහෝදර සහෝදරියන්ගේ නිදහස් කිර්‍රිම වෙනුවන් මෙන්ම අප ඉල්ලා සිටිනවා වහා ඔවුන් නිදහස් කරන ලෙස. 

ඔබේ අදහස කියන්න...