a] විමල් වීරවංශ හතර අතට බැට දෙමින් තම වේගවත් කතාව කරද්දී විපක්‍ෂයේද කිසිවෙක්‌ ඊට බාධා නොකර මුළු කතාවම අසා සිටීම විශේෂත්වයකි. විමල් සජිත්ව “මුරුංගා අතු” උඩ තැබීමේ වර්ණනාවක්‌ ද කළේය. අවසානයේදී කතාව අලුත්ගම, බේරුවල, මුස්‌ලිම් සිංහල අරගල පැත්තටද ඇදී ගියේය. එහිදී ඔහු ඉතා වැදගත් අදහසක්‌ හෙළිදරව් කළේය.

“ඔව්… මේක බටහිර රටවල මහා බලවතුන්ගේ කුමන්ත්‍රණකාරී මෙහෙයුමක්‌ තමයි. එක පැත්තකින් නෝර්වේ සිංහල බෞද්ධ අන්තවාදයකට උඩ ගෙඩි දෙනවා. අනිත් පැත්තෙන් සෞදි අරාබිය මුස්‌ලිම් අන්තවාදයකට උඩගෙඩි දෙනවා. දෙගොල්ලො ගහ ගන්නවා. අන්තිමේ බලනකොට ඔය කියන රටවල් දෙක පිටුපසින් ඉඳගෙන මේ අරගලය මෙහෙයවන්නේ කවුද? මෙහෙයවන්නේ ඇමරිකාව විමල් එක එල්ලේම කියා සිටියේය.

b]ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති නකෙහිකෝ නකාඕ මහතා උදේම ජනාධිපතිවරයා හමුවන්නට පැමිණ සිටි නිසා ඔහුගේ හමුවෙන් අනතුරුව ජනාධිපතිවරයා කෙළින්ම බේරුවල බලා පිටත්ව ගියේය. එම ගමනට මර්වින් සිල්වා, රෝහිත අබේගුණවර්ධන හා පොලිස්‌පතිවරයා ද සහභාගි වීම විශේෂත්වයකි.

ප්‍රදේශයේ ස්‌ථාන කිහිපයකටම ගිය ඔහු අදාළ නිලධාරීන්ට හා ආගමික නායකයන්ට තත්ත්වය පාලනය කරන්නට උපදෙස්‌ දී ආපසු ආවේ විනාශ වූ දේපළවලට හා ආයතනවලට අදාළ නිසි වන්දි ලබාදෙන බවට පොරොන්දුවක්‌ ද ලබා දෙමිනි. එමෙන්ම අදාළ වැරදිකරුවන්ට නිසි දඬුවම් ලබාදීමට ද ජනාධිපතිවරයා උපදෙස්‌ ලබාදුන්නේය.

c]ඉන් අනතුරුව කැබිනට්‌ මණ්‌ඩලයම කතා කළේ බේරුවල අලුත්ගම ප්‍රදේශ මුල්කරගෙන ඇතිව තිබූ ගැටුම්කාරී තත්ත්වය ගැනයි. ඊට පෙර ජනාධිපතිතුමන්ට බහරේන් රටෙන් හිමි වූ සම්මානය ගැන අමාත්‍ය ජී. එල්. අදහස්‌ පැහැදිලි කිරීමක්‌ කළේය.

මේ හකීම් ඇමැතිතුමාලා එක එක ඒවා කියල එයාල මගෙන් සම්මානය ආපහු ඉල්ල ගනීවිද දන්නෙත් නැහැ. ජනාධිපතිවරයා කීවේය.

මට මේ සිද්ධිය ආරංචි වුණේ බොලිවියාවේ ඉන්නකොට. මම රෝහිතට කතා කරල විස්‌තර දැනගත්තා. යම් යම් සුළු පිරිස්‌ කීපයකට විතරයි මේ වගේ දේවල් රටේ ඇති කරන්න අවශ්‍ය, ඒත්

අපිට ඒවා වෙන්න දෙන්න බෑ. අපි හැමෝම සමගියෙන් මේ රටේ ඉන්න ඕන.

මේක පිටිපස්‌සේ ඉන්නේ බොදුබල සේනාව…. හකීම් චෝදනා කළේය.

ඒක එහෙමම නොවෙයි තව පාර්ශ්ව ගණනාවක්‌ ඊට සම්බන්ධයි. හැම පාර්ශ්වයක්‌ම වගකීමෙන් කටයුතු කරන්න ඕන.. ජනාධිපති කීවේය.

මේ බොදු බල සේනාවේ හාමුදුරුවරු වැඩ කරන්නේ බුද්ධාගමට ගැලපෙන ලෙස නොවෙයි. මහා සංඝරත්නයට අපහාසයක්‌. රිෂාඩ් බදියුදීන් ආවේගයෙන් කෑගසමින් කීවේය.

බදියුදීන් දෙස මඳක්‌ බලා සිටි ජනාධිපති, මම දන්නවා කාගේත් හැටි. සමහර මුස්‌ලිම් ආගමික නායකයෝ බුදුහාමුදුරුවන්ට අපහාස වන පරිදි බොරු ප්‍රචාර කළා මට මතකයි. ඔය වගේ දේවල් නොවෙන්නයි තිබුණේ…. ජනාධිපති ඉවසීමෙන් යුතුව කීවේය.

ඒ ආගමික නායකයාට නීතියෙන් දඬුවම් දුන්න නේ. ඔහු අයත් නිකායත් එයාට අවවාද කළා. රිෂාඩ් කීවේය.

විවිධ අදහස්‌ තියෙන අය ඉන්නවා. නමුත් අපි හැමෝම එකමුතුවෙලා නීතියට අනුකූලව ජීවත්වෙන එකයි හොඳ. මේක ආණ්‌ඩුව කරපු දෙයක්‌ නොවෙයි සමහරු රජයට චෝදනා කරනවා… ජනපති කීවේය.

අපි චෝදනා කරන්නේ පොලිසියට හකීම් කීවේය.

චෝදනා කරල විතරක්‌ මදි. මේ ප්‍රශ්නයට මුල්වුණු අන්තවාදීන් දෙපිරිසක්‌ ඉන්නවා. කට්‌ටියක්‌ සිංහල කට්‌ටියක්‌ මුස්‌ලිම්. ඒක පිළිගන්න ඕන. මේ දෙගොල්ලොම කරුණු අවබෝධ කරගෙන වගකීමෙන් වැඩ කළොත් විතරයි, මේ ප්‍රශ්නය විස¹ ගන්න පුළුවන් වෙන්නේ…

මේ අයුරින් කැබිනට්‌ රැස්‌වීම අවසන් විය. එහි මේ ප්‍රශ්නය වැඩිදුරට සාකච්ඡා වූයේ නැත. ඒත් ඊටත් පසුව පැමිණි ආණ්‌ඩු පක්‍ෂයේ පක්‍ෂ නායක රැස්‌වීමේදී මේ ප්‍රශ්නය තවදුරටත් ඇදී ගියේ ආවේගශීලීව බව පැහැදිලිය.

මේ සඳහා බැසිල්, නිමල්, විමල්, චම්පික, දිනේෂ්, ඩලස්‌, හකීම්, සුසිල්, වාසු, ප්‍රභා ගනේෂන්, රිෂාඩ් බදියුදීන් ආදීහු ද සිටියහ.

මෙහිදී රවුµa හකීම් මුලින්ම කතා කළේ දේපළ අලාභ හානියට පත්වී සිටින මුස්‌ලිම් ව්‍යාපාරිකයන්ට හා මුස්‌ලිම් ජාතිකයන්ට වන්දි ලබාදීමේ පිළිවෙත ගැනය. හානි සිදුවුණු හැම කෙනෙකුටම සෑම පාර්ශ්වයකටම නිසි වන්දි ලැබේවි… ජනාධිපති ස්‌ථිරව කියා සිටියේය.

There are four reasons why the Cynics are so named. First because of the indifference of their way of life, for they make a cult of indifference and, like dogs, eat and make love in public, go barefoot, and sleep in tubs and at crossroads. The second reason is that the dog is a shameless animal, and they make a cult of shamelessness, not as being beneath modesty, but as superior to it. The third reason is that the dog is a good guard, and they guard the tenets of their philosophy. The fourth reason is that the dog is a discriminating animal which can distinguish between its friends and enemies. So do they recognize as friends those who are suited to philosophy, and receive them kindly, while those unfitted they drive away, like dogs, by barking at them.

ඔබේ අදහස කියන්න...