ගයේෂා පෙරේරා මහත්මිය දීප්ති සහෝදරයා අතින් සහතිකයක් ලබා ගන්නා අවස්ථාව දැක්වෙන ඡායාරූපයේ අවස්ථාව කුමක්දැයි අප හිතවත් පාඨකයින් ගණනාවක් අපගෙන් විමසා තිබුණි.
මේ ඒ සඳහා දෙන කෙටි පිළිතුරකි
ශිරාල් ලක්තිලක මහතා විසින් පවත්වාගෙන යන දේශපාලන අධ්‍යයන පීඨයක සහතික පත්‍ර බෙදාදීමේ අවස්ථාවකට දීප්ති සහෝදරයාටද ආරාධනා කර තිබුණි.
ඔහු එම ආරාධනය පිළිගෙන එම අවස්ථාවට සහභාගී වූ අතර එහිදී එම පාඨමාලාව සාර්ථකව අවසන් කරන ලද සහතික පත්‍රලාභීන් කිහිප දෙනෙකුට සහතික පත්‍ර බෙදා දීමටද දීප්ති සහෝදරයාට ආරධනා කර තිබුණි.
ගයේෂා පෙරේරා මහත්මිය යනු එසේ දීප්ති සහෝදරයා අතින් සහතික පත්‍ර ලබාගත් කිහිප දෙනා අතරින් එක් අයෙකි. ඇය පමණක් නොව තව කාන්තා/පිරිමි සහතික පත්‍ර ලාභීන් කිහිප දෙනකුම දීප්ති සහෝදරයා අතින් සහතිකපත් ලබා ගත්හ.
දැන් ඉතිං ගයේෂා පෙරේරා මහත්මිය පමණක් සිටින ඡයාරූපය පමණක් සකර්බග් ගේ පිස්සන් කොටුව තුළ share වෙන්නේ ඇයි සහ එසේ share කරන්නන් ගැන සිතා ගැනීම පාඨක ඔබට බාරය.
දැන් සියල්ලන් සඳහා සිහි කැඳවීම
ශිරාල් ලක්තිලක යනු 2004 න් පසු අප සංවිධානයට උපකාර කරන ලද පුද්ගලයෙකි.අපට උදව් කරන්නන් සහ අපට කැත වැඩ කරන්නන් සියළු දෙනාගේම විස්තර සහිත ලිපිගොනු අප වෙන වෙනම ඉතාම සුරැකිව තබා ගෙන සිටිමු.
එහෙත් එසේ කියා ශිරාල් සමග අපගේ දේශපාලන ගණුදෙනුවක් තිබුණේ නැති අතර ශිරාල් සජිත් ප්‍රේමදාස සමග එකතුවී ජාතීවාදය පෝෂණය කරන විට අප ශිරාල්ට දුවන්නට පහර දුන්නෙමු.
අපගේ දේශපාලන පරමාදර්ශයන් යාළුකම් හිතවත්කම් බලවත්කම් ඉදිරියේ අප කිසි දිනක පාවාදී නොමැත.
ශිරාල් යූ එන් පී එම නිසා දීප්තී යු එන් පී වැඩකට ගියා යයි කියන්නන් නම් ඉතිං නොම්මර එකේ මරි මෝඩ අඳබාලයින්ය.
ශිරාල් යනු විජේවීරටත් වඩා රනිල් වික්‍රමසිංහගේ සතුරෙකි.
අප කිසි දිනක ලංකාවේ ධනේශ්වර පාලකයින් සමග උඩින් වත් යටින්වත් ඩීල් දමා නැත.
එම නිසා අපට කියන්නට තිබෙන්නේ අපි කාටවත් ණයත් බයත් නැති බවයි.
අපගේ දේශපාලනය යනු පංති අරගලයට මග පෙන්වන දේශපාලනයයි.එය ඉතිහාසයේ අපට අයිති භූමිකාවයි. එයින් මෙහා ශෝට්කට් දේශපාලනයක් අපට නැත. සියළු දුෂ්කරතා හමුවේ අප රැකගෙන ආ පරමාදර්ශය අරගලය සඳහා අපට ශක්තිය සපයන බව විශ්වාසය.
දේශපාලන පරමාදර්ශයන් ඉවසීමට නොහැකිව බොහෝ දෙනෙකුට උමතුව සෑදෙන බව අප දනිමු.
අතින් පයින් සැලකීම හැර වෙනත් කිසිදු ප්‍රතිකාරයක් නොමැති සදාකාලික උන්මත්තක භාවයට වැටුණු පුද්ගලයින් විසින් මෙවැනි ඡායාරූප සකර්බග් ගේ පිස්සු මෝල තුල හැමතැනම වීසිකරමින් සිටින විට යහපාලනයට කඩේ ගිය යක්කල ආචාරියා එය තමන්ගේ බිත්තියේ අලවන්නට ඉඩදී එය ප්‍රදර්ශනය කරමින් සිටින්නේ නිකං නොදන්නා ගාණටය.
Timeline review සහ Approve කියා දෙයක් ඇති බව අප නොදන්නවා යැයි මේ මෝඩයා සිතයි
යක්කල ආචාරියා ඇතුළු මේ බොහෝ දෙනෙකුට අපට කියන්නට තිබෙන්නේ මෙපමණකි.
අපෙන් කාටවත් කරදරයක් නැත. නමුත් අපට බාධා කිරීමට ආවොත් ලැබෙන ප්‍රතිචාරය දරුණු විය හැකිය.
මාතර සදාකාලික උන්මත්තකයාටනම් කියන්නට ඇත්තේ මාතර ප්‍රදේශයේ අප හිතවතුන් බොහෝ දෙනෙක් සිටින බැවින් ඔවුන් මේ පිස්සාට අතින් පයින් සැලකුවොහොත් අප නම් වගනොකියන බවය.
තව දෙයක් කිව යුතුය. ලස්සන ගැහැණුන් දුටු විට පැරණි වාමාංශිකයින් අළුත් රැඩිකල් වමාංශිකයින් ඇතුළු බොහෝ දෙනෙකුගේ කකුල් වෙව්ලන්නට පටන්ගනී.
එමනිසා මොවුන් පංති අරගලයේදී ලස්සන ගැහැණුන් ප්‍රතිගාමී පැත්තට තල්ලු කරදමා කටයුතු කිරීමට කැමතිය.
ඒකට අපට කරන්නට දෙයක් නැත.අපට කිසිදා එවැනි ප්‍රශ්න ඇතිවී නැත.
photo4 photo2

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. Dear Admin,Thank you so much for providing the context for the previous article(Nothing Compares to You, 3 Mana, Sept 20 article). FB යනු පිස්සන්ගේ පාරාදීසයක් බව අමුතුවෙන් කිවයුතු නැත. එබැවින්ම දීප්තිට ඉර්ශියාකම් කරන, කුහක කම් කරන පිරිස එහිම ගැවසෙන අයවලුන් බව අමුතුවෙන් කියයුතු නැත. මම අසන ප්‍රශ්නය වන්නේ “මේ පිස්සන් පිස්සු කෙලිනවිට අපි ඒගැන කතා කරන්න වචනයක් වත්, අපගේ කාලයෙන් විනාඩියක් වත් අපතේ අරින්නේ ඇයි?” ඔබ අප හොඳින්ම දන්නා දෙයක් තමයි පිරිමියෙකුට ඉර්ශියා/කුහක කම් කරන කට්ටියට කාලා ඉන්න බැරිම දේ තමයි ඒ පිරිමියා ලස්සන ගැහැණියෙක් එක්ක කතා කරවා වත් දැකිම. ඉතින් ඇයි අපි මේ අය ගැන කතා ක‍රන්නේ? පුද්ගලිකව මට නම් දීප්ති සහ දීප්තිගේ දේශපාලන ව්‍යාපාරය වැදගත් වන්නේ දීප්ති භාවිතාකරන සහ ඔබ සියලුදෙනා විසින් අපව දැනුවත් කරන න්‍යායන් සහ දර්ශනය නිසාය. ඒ නිසා දීප්ති අහවල් කාන්තාවට, අහවල් කෙනාගේ උත්සවයකදී සහතිකයක් දීම නොව, දීප්ති අහවල් හෝටලයේදී අහවල් කාමරයේ අහවල් කාන්තාව සමග හිටියා වගේ කතන්දර මට කිසිසේත් අදාළ නැත. මොකද දීප්ති කියාදෙන්නේ දේශපාලන න්‍යාය මිසක් තේරවාදී බුදුදහම නොවන නිසාය. මම ඊයේ රැබෝවී ගෙදර යනකොට බල්ලන් රොත්තක් බුරමින් මගේ පස්සෙන් ආවා මම මගේ පාඩුවේ මගේ ගමන ආවා ඒ බල්ලන්ගේ අඩවිය මා පහුකරනවාත් සමගම් ඒ බලුරැළ ආපහු හැරිලා ගියා.

  2. දීප්තිට කාලා ඉන්න බැරිම දේ/ඉර්ශියාව දැනුනේ Buddika Banadara Praba එක්ක කතා කරවා දැකිම

    ර්ශියා/කුහක කම් කරන කට්ටියට කාලා ඉන්න බැරිම දේ තමයි ඒ පිරිමියා ලස්සන ගැහැණියෙක් එක්ක කතා කරවා වත් දැකිම.

Comments are closed.