දකුණු ආසියාවේ ඉන්දියාව හැරුණු විට දී ශේෂ වූ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය විනාශ කර ඇත. මේ වනාහි, මහජන ඡන්දයෙන් තෝරා ගත් පාලකයා බලහත්කාරයෙන් සහ නීති විරෝධීව බලයෙන් පහ කරන ලද අශිෂ්ටයන්ගේ මහජන උද්ඝෝෂණයකි. පාර්ලිමේන්තුවේ සිටින කිසිදු නිවටයෙකුට හෝ කාදිනල් විසින් මෙහෙයවන නීතිඥයෙකුට සිදු වෙමින් යන නීති විරෝධී බල හුවමාරුව ගැන ඇත්ත කියන්නට නොහැකි ය. රටේ පීතෘ හැඟවුම්කාරකය රඳවා තිබූ ජනාධිපති මැදුර නම් ‘ශුද්ධ භූමිය’ කෙළෙසා ඇති අතර, එහි නාන තටාකය උතුරා යමින් තිබෙන්නේ පිරිමි වෙස්ගත් ස්ත්‍රී විනෝදයේ උමතුවෙනි.[sexual binary- not sexual antagonism.]

        මාක්ස් හේගල්ව අනුගමනය කරමින් කියන්නේ, ඉතිහාසයේ සමහර සිද්ධි ඛේදවාචක බවයි. ඒවා දෙවන වර සිදුවන විට දී සිදු වන්නේ, විකාරයක් ලෙසිනි. 2004 වර්ෂයේ ගල්කිස්සේ සිදු වූ සිදුවීම [X Event]අද දිගහැරෙන බොහෝ සිදුවීම්වල අතීත ක්ෂුද්‍ර මානය යි. එකම වෙනස වන්නේ, පරමාණුක මට්ටමින් සිදු වූ දේවල් මහේක්ෂ මට්ටමින් අද සිදුවීමයි. 2004 වර්ෂයේ දී, අපගේ ශුද්ධ භූමිය ගමෙන් කොළඹ ආ පාදඩයන් රංචුවක් කෙළසා දමන ලදී. [පන්ති අරගලයේ අරාජකමානය? හෝ ආත්මයේ වගකීම ජනතාව නම් පාරභෞතිකයට පවරා අපරාධයෙන් තමන්ව වසන් කිරීම.]එම ශුද්ධ වූ භූමිය කෙළසන ලද මුඛ්‍ය පාදඩයා අද දවසේ ජනප්‍රිය චිත්‍රපට නළුවෙකු වී ඇත.

අප මේ රටේ මිනිසුන්ට බටහිර දර්ශනය ඉගැන්වූයේ, මහපාර දිගේ මිස විශ්වවිද්‍යාල දේශන ශාලා තුළ දී නොවේ. 2004 වසර දක්වා අප ප්‍රායෝගිකව මේ රටට නව චින්තනය රැගෙන ආවේ ගම් වල ඇවිදීමෙන් වූවත්, 2004 ට පසුව එය ‘පාරභෞතික’ කලාපයකට ගමන් කරන ලදී. සරලව කිවහොත්, ‘භෞතික වැඩ’ විග්‍රහ කිරීමට පාරභෞතික අදහස් අවශ්‍ය විය. අප හේගල් වෙතට හැරුණේ එම නිසා ය. පසුගිය වසර 17 ක කාලය පුරා, ‘අප වෙනුවට’ වෙනත් අය සමාජයට ආදේශ කිරීමට ලංකාවේ සමාජවාදීන් බරපතල ලෙස උත්සාහ කරන ලදී. ඒවා සියල්ල අසාර්ථක විය. 

        පසුගිය වසර 25 ක පමණ කාලය තුළ දී, ”ජනතා විමුක්ති පෙරමුණ” කිසිදු ඉදිරි දර්ශනයකින් තොරව විපක්ෂ මතවාදයක් වපුරන ලදී. එහිදී මූලික දෘෂ්ටිවාදය වූයේ, “බාහිර සතුරෙක් විසින් අපගේ ‘විනෝදය’ පැහැර ගෙන ඇත” යන ප්‍රවාදය යි.[Post-Modern Stalin-ism – Creating a new man without changing metaphysics] මෙම ප්‍රවාදය දැන් මහජන මතය වී ඇත. රටේ ආර්ථිකය අර්බුදයට ගොස් ඇත්තේ රාජපක්ෂලා නිසාය යන මිථ්‍යාමතය 13 වනදාට පසුව සියලු දෙනාටම හෙළිදරව් වනු ඇත. කෙටි කලකින්, තමන් වැපුරු දේවල් අනුරලාටම කපා ගැනීමට හැකිවනු ඇත.

        ව්‍යවස්ථාව ගැන ඇති අපේ දැනුමට අනුව, (සාලිය පීරිස් මොනවා කීවත්) මහජන ජන්දයෙන් පත්වු වර්තමාන පාලකයා බලහත්කාරයෙන් ඉවත් කිරීම නීති විරෝධී ය. නමුත්, දැන් එසේ වී ඇත. රජයෙන් පඩි ගන්නා පුද්ගලයන් මේ වන විට නීති විරෝධී ප්‍රකාශ, මාධ්‍ය මඟින් ප්‍රකාශ කරනු ලැබේ.

        දැන්, අපි මේ නීති විරෝධී පුද්ගලයන්ට රට බාර දිය යුතු ය. සරලව කිවහොත්, අනුරට සහ කුමාර්ට රට බාර දිය යුතු බව අපගේ අදහසයි.

        එතන දී අප සිටින්නේ, ප්‍රජාතන්ත්‍රවාදය සහ නෛතික ව්‍යවස්ථාව පැත්තේ ය. මාක්ස් සහ ලෙනින්ව අපි ද අනුගමනය කරන්නේමු. නමුත් අප සිටින්නේ, ව්‍යවස්ථා රාමුව තුළ ය. කුමාරලා දෙදෙනා ජනාධිපති තනතුර අහෝසි කළත්, අපි එය අනාගත දවසක නැවත පිහිටුවන්නෙමු.

        අද දවසේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ව්‍යවස්ථාව වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටින්නේ, අප සහ තවත් සුළුතරයක් පමණි. සියලුදෙනා අප්‍රකාශිතව රාජ්‍ය විරෝධීන් ය. අප, රාජ්‍යය ආරක්ෂා කරන්නවුන් ය. එතැන දී දැනට සිදුවන ක්‍රියාවලියට අනුව, අපට මැරෙන්නට වුව ද සිදුවිය හැකි ය. ප්‍රජාතන්ත්‍රවාදය සහ ව්‍යවස්ථාව වෙනුවෙන් එකමුතු වෙමු! රාජ්‍යය ආරක්ෂා කරමු! 

Deepthi Kumara Gunarathne

New comment;

අප ආශා කරන්නේ කුමකටද කියා අප දන්නේ නැත. අප ආශා කළේ කුමකටද කියා අපට තේරෙන්නේ අප කළ ක්‍රියාවේ ප්‍රතිඵල දකින විටය.

මනෝවිශ්ලේෂණය අපට කියා දෙන පාඩම එයයි.

2019 ජනාධිපතිවරණයේදී බහුතරයකගේ ආශාව වූයේ සිංගප්පූරුව හා සමාන ලංකාවක් උදා වනු දැකීමය. නමුත් අද වන විට සත්‍ය වශයෙන් උදා වී ඇත්තේ සිංගප්පූරුවක්ද? එදා ඡන්දය ප්‍රකාශ කළ බහුතරයක් නරුමයන් කියා අපි නොකියමු. ඔවුන් සවිඥානකව යහපත් ලංකාවක් ප්‍රාර්ථනා කරන්නට ඇත. නමුත් තමන්ගේ අවිඥානක ආශාව ඔවුන්ට තේරුම් යනු ඇත්තේ දැන් ය. නරුමයන් යනු සෑම විටම පරතරයක් පවත්වා ගෙන කටයුතු කරන්නන්ය. “මම හොඳින් දන්නවා දේවල් සිදු වන විධිය, නමුත් මම ඒ දේ නොදන්නවා මෙන් කටයුතු කරමි.“ නරුමයකු කටයුතු කරන්නේ ඒ ආකාරයටය.

අද මේ දුෂ්කර අවස්ථාවේදී ද ලාංකිකයන් ප්‍රාර්ථනය කරනු දකින්නට ලැබෙන්නේ සුන්දර හෙට දවසකි. ඒ සඳහා ඡන්දය වෙනුවට නරුම හා සයිකෝසික මෙහෙයවීම් සහිත උද්ඝෝෂණ ආකෘතියක් තෝරා ගෙන ඇත. 2019දී සුන්දර හෙටක් ප්‍රාර්ථනා කළ අයගේ සිහින අද මේ සඳහා ගොනු වී ඇත. එය කොතරම් සුන්දර හෙටක් උදා කරනු ඇතිද යන කරුණ ඔවුන්ට තේරුම් යනු ඇත්තේ අනාගතයේදීය. පරිකල්පනයේ සිට සංකේතනයට යා හැකි වන්නේ නරුම හා සයිකෝසික මඟ පෙන්වීමකින් නොව පීතෘ හැඟවුම්කාරකයක් මඟිනි.

සමබිම පක්ෂය.

ඔබේ අදහස කියන්න...