[dropcap color=”green”]බො[/dropcap]ස්ටන් නගරයේ පැවති මැරතන් තරඟයක් අවසානයේ බොම්බයක් පුපුරා ගියේය. මැරතන් තරඟ සහ සක්මන් කිරීම ඇමෙරිකානු දෛනික ජීවිතයේ පාරිභෝගික සංකේතය. බොම්බ පිපිරීමෙන් පසු දින පහක කාලයක් ගතවුයේ විමතියෙනි. නොදියුණු රටවල අවිධිමත් ප්‍රධාන නගර වල (පේෂාවාර්, කන්දහාර්,බැග්ඩෑග්) මෙතෙක් පිපිරුණු බෝම්බ දැන් ධනවාදයේ කේන්ද්‍රයේ රටවල ප්‍රධාන නගර වල ද පිපිරීමට පටන් ගෙන ඇත. වෙනත් රටවලට ඇමෙරිකාව අපනයනය කරන ලද ප්‍රතිත්‍රස්තකරණය නම් පාරිභෝගික සේවාවේ  ( මෙය මුලින්ම ඇමෙරිකාව අත්හදා බැලුවේ ලතින් ඇමෙරිකාවෙිදීය) ප්‍රතිඑල දැන් ඔවුන් කරාම ලගා වී ඇත. 60 දශකයේ සිට වාමාංශිකයන් විනාශ කිරීම සඳහා ඇමෙරිකාව වගා කළ බීජ වල අස්වැන්න දැන් ඔවුන්ගේ අගනුවරවල් කරා සේන්දු වෙමින් පවතියි. දැන් පරිවාරය මෙන්ම කේන්ද්‍රයද අන්තරාකාරීය.

දින කිහිපයකට පසු බෝම්බ තැබීමට වගකිව යුතු යැයි සළකා චෙච්නියානු සම්භවයක් සහිත තරුණයන් දෙදෙනෙකු එෆ්.බී.අයි විසින් නම් කරන ලදි. පසුව ඉන් එක් තරුණයෙකු සිනමාරූපී swat කණ්ඩායමක් විසින් ඝාතනය කරන ලද අතර අනෙකා රෝහල් ගත කරන ලදි. දැන් සියළු ඇමෙරිකානුවන් තමන්ගෙන් අසන්නේ මෙවැනි ප්‍රශ්ණයකි. ‛අපේ රටේ ගොඩක් කල් ජීවත් වෙලා අපේ අධ්‍යපනය විධිමත්ව ලබලා, අපේ ක්‍රීඩාවන්ටත් හොදට පුරුදු වෙලා, ඇයි මේ මොහොතකින් පසු ඔවුන් අපිවම විනාශ කරන්න ගත්තේ?

මාර්ටින් හෛඩගර්ට අනුව බටහිර ධනවාදයත් එයට පිළිතුරු ලෙස ගොනු වූ කොමියුනිස්ට්වාදයත් යන දෙකම නාස්තිකවාදයන්ය. ඊට එරෙහිව ඔහු යෝජනා කළ විකල්පය වූයේ ජර්මානු ආත්මයයි. (German Subect)ඔහුට අනුව ජර්මන් ආත්මය යනු ජර්මානු වානිජ සංස්කෘතියේ ආධ්‍යාත්මික තුවාලයයි. ධනවාදී වෙළෙදපොල නිසා ‛සාරය’ඉවත් වී ගිය ජර්මානු සංස්කෘතියේ ආකෘතිය ( ආත්මය) වූයේ හිස් බවයි.

බොස්ටන් හී බෝම්බ පුපුරුවන ලද තරුණයන් ධනවාදී සංස්කෘතියේ ආත්මයන්ය. බෝම්බ තැබීමේ හේතුව චෙච්නියාවට පටවා අපනයනය කිරීම ප්‍රමාද වූ ක්‍රියාවකි. ප්‍රතිඵලය විසින් හේතුව නිපදවන යුගයකට අපි සපැමිණ තිබේ. ඔවුන්ට නැති වූ ආත්ම සාරය නැති වූයේ චේච්නියාවේ දී නොව බොස්ටන් වලදීය. මේ සන්දර්භය අපි වඩාත් විචක්ෂණ වෙමින්, ආත්මය (Subject) යනු කුමක් ද කියා නිර්වචනය කල යුතුය.

‛ආත්මය’ යනු පුද්ගලයාට හෝ අහමට(ego) සම්බන්ධ කිසිම දෙයක් නොවේ. අඩුම වශයෙන් එය විඥාණයට පවා කිසිඳු සම්බන්ධයක් නැත. ‛ආත්මය’ යනු අවිඥාණයට සම්බන්ධ ප්‍රපංචයකි. ආත්මය යනු කෙනෙක් අනෙකාව ගිලින විට උගුරේ හිරවෙන ඇටයයි. ආත්මය එබැවින් ඇත්තේ පුද්ගලයාගේ පැත්තේ නොව අනෙකාගේ පැත්තේය. ඒ නිසා ආත්මය සාමුහික (collective) ප්‍රපංචයකි.‛ආත්මය’ නිර්වචනය කිරීමට ‛අපිට’ වඩා හොඳ තැනක් ලංකාවේ නැත.‛ආත්මය’ යන්න සාවද්‍යව පරිවර්තනය කරන උමතු රෝගීන් ගේ අසූච් පිරුණ ඉස්සන් ඔලුවල තරම අපට දැන් වටහා ගතහැක. එබැව්න් බොස්ටන් හී බෝම්බ පුපුරුවන ලද තරුණයන්ගේ ක්‍රියාව මගින් සපථ වන්නේ එය සාමුහික ප්‍රතිචාරයක් බවයි. ඇමෙරිකානු ධනවාදයේ හිස්බවට එරෙහි කැරැල්ලක සළකුණු එතැන ඇත. අද ඔවුන්ට අපරාධකරුවන් ලෙස හෝ මිනිස් අනන්‍යතාවයක් ලැබී ඇත. ඊට කලින් ඔවුන් නිර්ණාමික චේච්නියන් විගාමිකයන්ය.

ඔබේ අදහස කියන්න...