ලංකාවේ වාමාංශිකයන්ට අද දවසේ මැයි දිනය සැමරීමට කිසිදු අයිතියක් නැත. මන්දයත් ‘වම’ යනු යම් න්‍යායික අදහසක් මත ක‍්‍රියාමාර්ග හසුරුවන්නන් පිරිසක් වන නිසාය. ඉතාම සම්භාව්‍ය මාක්ස්වාදී න්‍යායට අනුව ගත්තත් මේ වන විට මැයි දිනය යනු ශ‍්‍රමය හා ප‍්‍රාග්ධනය අතර ප‍්‍රතිවිරෝධය විදහා දක්වන දිනයක් නොවේ.

birj 2

මීට දශක හතරකට පමණ එනම් 78 ව්‍යවස්ථාවට පෙර ලංකාවේ පැවති ආර්ථික ව්‍යුහය අද දවසේ නැත. කොළඹ පැවති වාණිජ සමාගම් වල එවකට සිටි සංවිධානය වූ කම්කරු පන්තිය දැන් වන විට විසිර ගොස් හෝ ප‍්‍රාග්ධනය සමග පැවති ප‍්‍රතිවිරෝධතා ව්‍යුහය වෙනස් කරගෙන ඇත. අද දවසේ වෙළද සේවක සංගමය, බැංකු සේවක සංගමය යනු ප‍්‍රාග්ධනය සමග විවිධ ගිවිසුම් වලට එළඹි වෘත්තීය සමිතිය. අනෙකුත් වෘත්තීය සමිති යනු රාජ්‍ය ධනවාදය සමග සම්මුති වලට එළඹි සංවිධානය. ගෝලීයකරණය සමග වෙනස් වී ඇති විගාමික ශ‍්‍රම සංවිධාන රටාවක් පැරණි වෘත්තීය සමිති දේශපාලනය අනුගමනය කරන්නේ නැත.
BurjAlArab 3
එබැවින් අද දවසේ ‘මැයි දිනය’ උත්සවාකාරයෙන් සමරන්නේ තක්කඩීන් සහ නරුමවාදීන්ය. ඔවුන් දන්නවා ‘මැයි දිනය’ පැරණි අරුතින් කිසිදු අර්ථයක් නැති දවසක් කියල. නමුත් ඔවුන් එයම පුරුද්දකට සමරනවා. එම පුරුද්ද විසින් ඔවුන්ට විනෝදයක් ලබා දෙනවා. අද දවසේ අවශ්‍ය වන්නේ ‘මැයි දිනය’ මහින්ද රාජපක්ෂලාට සමරන්නට ඉඩ දී වාමාංශය අලුතින් ගෝලීය ධනවාදය තුළ ශ‍්‍රමය – ප‍්‍රාග්ධනය අතර ප‍්‍රතිවිරෝධය ගැන අලුතින් සිතීමය.
burj-al-arab 4

ඔබේ අදහස කියන්න...