[dropcap color=”orange”]මේ [/dropcap]දින වල ලංකාවේ හරි අපුරු සිදුවීම් වගයක් සිදු වෙනව. වීරයන් දෝහීන් බවට පත් වන්නට ඉතාම කෙටි කලායක් ගත වන ලංකාවේ රතු පස්වල සිද්ධියට සම්බන්ධ හාමුදුරුවෝ හිටි ගමන් වෙස් මාරුකර ගෙන ඇති බව වාර්ථා වෙනව. පළමුව ජනතාවගේ පානීය ජල ගැටලුව සම්බන්ධයෙන් උපවාසයක් කරන්නට පවා ඉදිරිපත් වුණ මේ හාමුදුරුවෝ හිටි හැටියේම මාස තුනක් ඉවසන්න කියල ජනතාවට කියනව. ජනතාව කියන්නේ හාමුදුරුවෝ ලක්ෂ දහයක් අරගෙන තමන්ගේ අරගලය පවා දුන්න බවයි.

අනිත් වැදගත්ම සිදුවීම වන්නේ ලංකාවේ කැසිනෝ ව්‍යපාරයට එරෙහිව පැවති විරෝධතාවයයි. ලබන සතියේ පාර්ලාමේතුවේ දී කැසිනෝ බදු සහන ලබා දෙන පනතට එරෙහිව සර්ව ආගමික නායකයන් විසින් විරෝධතා රැස්වීමක් සංවිධානය කළ අතර ඉන් අනතුරුව කැසිනෝ රජාගේ දානයකට සහභාගී වී මිලියන ගණනින් තෑගි බෝග ලබා ( මෙහි ගණන් හිලව් පිළිබද සත්‍ය අසත්‍ය භාවය අප හරියටම දන්නේ නැත. අපට මෙය වැදගත් වන්නේ සිදුවීම පැහැදිලි කර ගැනීමට පමණි.) කැසිනෝ විරෝධය අවසන් කළ බව අන්තර්ජාල වාර්ථා සදහන් කරයි.

ඉහත සිදුවීම් දෙක අනුව ලංකාවේ යතිවරුන් සහ දේශපාලකයන් මුදල් හමුවේ තම ප්‍රතිපත්ති පවා දෙන නීචයන්ය. බටහිර යුරෝපා සමාජයේ ඇති යහ පාලනය,නීතියේ ආධිපත්‍ය, දූෂණයට හා අල්ලසට එරෙහි වීම වගේ ප්‍රජාතන්ත්‍රවාදී සංකල්ප ලංකාවෙන් තුරන්ව ගොස් ඇත. ඒ අනුව බටහිර යුරෝපයේ සුන්දර මානුෂික ප්‍රතාතන්ත්‍රවාදී රටවලට සාපෙක්ෂව ලංකාව කියන්නේ ඒකාධිපති මිනී කන්නන්ගේ දේශයකි.

ඒ අනුව මේ සිදුවීම් මාලාව අපට කොටස් දෙකකට බෙදන්න පුළුවන්

01-                     දේශපාලන පක්ෂ වලින් තොරව තනි තනි පුද්ගලයන් මැදපාන්තික වීරයන් ලෙස කාලයෙන් කාලයට කරළියට ඒම සහ මෙසේ එන මැදපාන්තික වීරයන් හිටි හැටියේම කප්පන් ගත් දෝහීන් බවට පත්වීම

02-                      මේ ආකාරයේ මධ්‍යම පාන්තිකයන් හැම විටම තම සතුරා විදිහට කල්පනා කරන්නේ පවතින ධනවාදී සමාජ ප්‍රපංචය නෙවි. හුදකලා පුද්ගල චරිතයක්ය. උදාහරණයකට මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ, ටිල්වින් සිල්වා, කුමාර ගුණරත්න, දීප්ති කුමාර, බින් ලාඩන්, ප්‍රභාකරන්, බැරැක් ඔබාමා

මේ මධ්‍යම පාන්තිකයන් තමයි වැඩියෙන්ම බය තමන්ගේ සැප පහසු ස්ථාවර ජීවිතය කඩා වැටෙනවට. ඒ නිසා මේ අය හැම විටම තනි පුද්ගල ඒක කේන්ද්‍රීය පොදු සතුරෙකු හදුනා ගන්නවා. මේ චූල සතුරා (මහින්ද රාජපක්ෂ) අභිමුව මහා සතුරා (ධනවාදී සමාජ ක්‍රමය) දැකීමට නොහැකිව ගිණි කණා වැටෙනව.

මීලගට මේ ලෝක පරිසර අර්බුදය, කර්මාන්ත ශාලා වලින් පිටවන විෂ වායුන් නිසා පරිසරයට වන හානිය, මිහිතලය උනුසුම්වීම වගේ ගැටළු කියන්නේ ගෝලීය පරමාණයේ ගැටළු. මේවා තනි රටක ජාතික දේශපාලනයට පමණක් අදාල කරුණු නෙවි. මේවා ගෝලීය ධනවාදී සමාජ ක්‍රමය නිසා ඇතිව තිබෙන අර්බුදයන්. මේවා විසදනවා කියන්නේ සමාජ ක්‍රමය වෙනස් කරනවා කියන එකයි.

ලංකාවේ වාමාංශිකයන් ඇතුලු සිවිල් ක්‍රියාධරයන්, නීතිඥයන් ඇතුලු ගොඩක් අය හිතන් ඉන්නේ අපේ රට අප්සට් වුණාට ඇමරිකාව,එංගලන්ය, ජර්මනිය, ප්‍රංශය වගේ රටවල් දියුණු රටවල් කියලයි. මේ දියුණු රටවල සිද්ධ වෙන්නෙත් අපේ රටේ වගේම දේවල් කියන එක ගොඩක් අය දන්නෙ නැහැ. මොකද මේ කොයි රටෙත් සමාජ ක්‍රමය එකයි. අපි මේක උදාහරණයකින් තේරුම් ගමු.

මේ වන විටත් ලෝකයේ වාහන වලින් කාබන් මොනොක්සයිඩ් විමෝචනය වන වැඩිම ප්‍රමාණයක් නිකුත් කරන්නේ BMW රථවලින්. සාමාන්‍යෙයන් ලෝකයේ පිළිගත් කාබන් විමෝචන ප්‍රතිපත්තිය අනුව පරිසරයට මුක්ත කළ හැකි උපරිම කාබන් ප්‍රමාණය වසර 2020 දී  කාබන් ග්‍රෑම් 95 දක්වා අඩු කරන්නට සැලසුමක් තියෙනව.ඒත් BMW සමාගමේ රථ වලින් පිටවන කාබන් ප්‍රමාණය ග්‍රෑම් 137 යි. එම ප්‍රමාණය අඩු කරන්නට සිදුවන එක ඔවුනට අවාසිදායකයි. මේ නිසා ඔවුන් කලේ කුමක් ද?

පසුගිය ජර්මානු මහමැතිවරණයේ දී එම සමාගම විසින් ඇන්ජෙලා මර්කල් හට ලබා දී තිබෙන මුදල යුරෝ ලක්ෂ 06 ක් වෙනව. මෙම මුදල ලබා දී තිබෙන්නේ BMW සමාගමේ වැඩිම කොටස් හිමි පවුල විසින්. ඒ අනුව මේ වන විට ඇන්ජෙලා මර්කල් මේ කාබන් වායු විමෝචන ප්‍රතිපත්ති පනත සම්මත කිරීම දිනෙන් දින කල් දමමින් තමන්ට උපකාර කළ BMW සමාගමට වන්දි ගෙවන්නට සූදානම් වෙනව. ඒ අනුව මේ ප්‍රතිපත්තිය සම්පාදනය කිරීමට අනුමැතිය දීම ප්‍රමාද කර තිබෙනව.

අප ජීවත් වන්නේ ධනවාදී සමාජ ක්‍රමයක බවත් එම සමාජ ක්‍රමය විසින් මිනිසාව ඇතුලතින් කා දමමින් සිටින බව බොහෝ අයට වැටහීමක් නැහැ. ඒ නිසා මාදුරුවාවේ සෝභිත වගේම ඇන්ජෙලා මර්කල්වත් පාලනය කරන්නේ ව්‍යාපාරිකයන් විසින් කියන එක තේරුම් ගන්න පුලුවන් ද?

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. “ඉහත සිදුවීම් දෙක අනුව ලංකාවේ යතිවරුන් සහ දේශපාලකයන් මුදල් හමුවේ තම ප්‍රතිපත්ති පවා දෙන නීචයන්ය. බටහිර යුරෝපා සමාජයේ ඇති යහ පාලනය,නීතියේ ආධිපත්‍ය, දූෂණයට හා අල්ලසට එරෙහි වීම වගේ ප්‍රජාතන්ත්‍රවාදී සංකල්ප ලංකාවෙන් තුරන්ව ගොස් ඇත. ඒ අනුව බටහිර යුරෝපයේ සුන්දර මානුෂික ප්‍රතාතන්ත්‍රවාදී රටවලට සාපෙක්ෂව ලංකාව කියන්නේ ඒකාධිපති මිනී කන්නන්ගේ දේශයකි”.

    “ලංකාවේ වාමාංශිකයන් ඇතුලු සිවිල් ක්‍රියාධරයන්, නීතිඥයන් ඇතුලු ගොඩක් අය හිතන් ඉන්නේ අපේ රට අප්සට් වුණාට ඇමරිකාව,එංගලන්ය, ජර්මනිය, ප්‍රංශය වගේ රටවල් දියුණු රටවල් කියලයි. මේ දියුණු රටවල සිද්ධ වෙන්නෙත් අපේ රටේ වගේම දේවල් කියන එක ගොඩක් අය දන්නෙ නැහැ. මොකද මේ කොයි රටෙත් සමාජ ක්‍රමය එකයි. අපි මේක උදාහරණයකින් තේරුම් ගමු”.

    munge mole size eka me prakasa deke paraspara thawayenma penawa…….

    • කියන කතාව තේරුම් ගන්නට බැරි මෝඩයන් මේ සම්පුර්ණ විස්තරය කියවන්න
      අපි කියන්නේ බටහිර රටවල බටහිර යුරෝපා සමාජයේ ඇති යහ පාලනය,නීතියේ ආධිපත්‍ය, දූෂණයට හා අල්ලසට එරෙහි වීම වගේ ප්‍රජාතන්ත්‍රවාදී සංකල්ප ලංකාවෙන් තුරන්ව ගොස් ඇත. කියලා අපි දන්නවා කියන එක

      ඉහත සිදුවීම් දෙක අනුව ලංකාවේ යතිවරුන් සහ දේශපාලකයන් මුදල් හමුවේ තම ප්‍රතිපත්ති පවා දෙන නීචයන්ය. බටහිර යුරෝපා සමාජයේ ඇති යහ පාලනය,නීතියේ ආධිපත්‍ය, දූෂණයට හා අල්ලසට එරෙහි වීම වගේ ප්‍රජාතන්ත්‍රවාදී සංකල්ප ලංකාවෙන් තුරන්ව ගොස් ඇත. ඒ අනුව බටහිර යුරෝපයේ සුන්දර මානුෂික ප්‍රතාතන්ත්‍රවාදී රටවලට සාපෙක්ෂව ලංකාව කියන්නේ ඒකාධිපති මිනී කන්නන්ගේ දේශයකි.

      ඒ අනුව මේ සිදුවීම් මාලාව අපට කොටස් දෙකකට බෙදන්න පුළුවන්

      01- දේශපාලන පක්ෂ වලින් තොරව තනි තනි පුද්ගලයන් මැදපාන්තික වීරයන් ලෙස කාලයෙන් කාලයට කරළියට ඒම සහ මෙසේ එන මැදපාන්තික වීරයන් හිටි හැටියේම කප්පන් ගත් දෝහීන් බවට පත්වීම

      02- මේ ආකාරයේ මධ්‍යම පාන්තිකයන් හැම විටම තම සතුරා විදිහට කල්පනා කරන්නේ පවතින ධනවාදී සමාජ ප්‍රපංචය නෙවි. හුදකලා පුද්ගල චරිතයක්ය. උදාහරණයකට මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ, ටිල්වින් සිල්වා, කුමාර ගුණරත්න, දීප්ති කුමාර, බින් ලාඩන්, ප්‍රභාකරන්, බැරැක් ඔබාමා

      මේ මධ්‍යම පාන්තිකයන් තමයි වැඩියෙන්ම බය තමන්ගේ සැප පහසු ස්ථාවර ජීවිතය කඩා වැටෙනවට. ඒ නිසා මේ අය හැම විටම තනි පුද්ගල ඒක කේන්ද්‍රීය පොදු සතුරෙකු හදුනා ගන්නවා. මේ චූල සතුරා (මහින්ද රාජපක්ෂ) අභිමුව මහා සතුරා (ධනවාදී සමාජ ක්‍රමය) දැකීමට නොහැකිව ගිණි කණා වැටෙනව.

Comments are closed.