[dropcap color=”red”]සො[/dropcap]යුර !

මනුෂ්‍යත්වයේ ධවල හෝරාව එයයි. තමන් දුයිෂෙන්ලා බවට වහසි බස් දෙඩු පාපකාරී මිනිසුන් අපෙන් සමුගත් හෝරාවේ, ලැජ්ජාවෙන් හිරිවැටී ගිය මංසන්ධියේ දී, සුන්බුන් සහ හුදකලාව මැදි කොට ඔබ අපට හමුවිය.

සමහර විට ඔබ අප වෙත එවූයේ අඩුපාඩු සහිත දෙවියෙකු විසින් විය හැක. පොඩි රටක ඉපදී,පොඩි මිනිසුන් සමග වැඩ කළ, ඔබට තිබූ සිහිනය නෞකාවකට වඩා බරපතලය.

සතුරන් අතරට ගොස් ඔවුන් ගේ න්‍යෂ්ටිය තුළට වැදී රතු පාට තරු දහසක් හැද ඔවුන් ගේ හිත දිනා ගත් ඔබගේ කවට සිනහව අපට තවමත් මතකය.

සොයුර !

සරළ විප්ලවාදියෙකු වූ ඔබ වැනි මිනිසුන්ට වෙන් වූ සුසාන භූමියක් නැත.

සුළගට වැනෙන රතු රෝස මිස වෙනත් ආචාරයක් ඔබට හිමි නැත.

ඇද වැටුන ඔබේ සුරතින් ගිලිහුණ බයිනෙත්තුව අහුලා ගන්නා

ඔබව නොහදුනන තවත් සහෝදරයෙකු වේගයෙන් ගැහුණ ඔබේ හදවත හදුනා ගනු ඇත!

– ශ්‍රී ලංකා පෙරටුගාමි පක්ෂය-

RED_ROSE_STANDING_HEART_SPARY_-700x700

ඔබේ අදහස කියන්න...