ලෙනින්වාදය යනු සමාජ ප‍්‍රතිවිරෝධයන් අවසාන වශයෙන් ආත්මමූලික සාරාත්මකවාදයකට හෝ වාස්තවික සාරාත්මකවාදයකට උෘනනය කළ නොහැකි බව සාධනය කරන මාක්ස්වාදී චින්තන – ප‍්‍රායෝගික භාවිතාවකි. ඔහු අපට අවධාරණය කරන්නේ ඉහත අන්ත දෙක අතර පවතින පරතරයයි. ඔහුට විප්ලවය මෙහෙයවීමට හැකිවූයේ එම හැකියාව නිසයි. දේශපාලන විප්ලවය යනු සමාජයට පිටතින් විප්ලවවාදී ආත්මයක් කරන මැදිහත්වීමයි.

ස්ටාලින්වාදය යනු ලෙනින්වාදයේ ශ්‍රේෂ්ඨත්වය සාධනය කිරීමට බිහි වූ දහමකි. ස්ටාලින්වාදය යනු ලෙනින්වාදයට වඩා ලෙනින්වාදයක් වන්නේ එය ප‍්‍රායෝගිකව විරෝධතා නැති ලෙනින්වාදී සමාජයක් හදන්නට ගිය නිසාය. කෙටියෙන් කිව්වොත් ලෙනින්වාදය යනු හේතුවට සීමාවක් ඇති බව දැනගෙන ක‍්‍රියාත්මක වන දර්ශනයකි. ස්ටාලින්වාදය යනු හේතුව නිසා බිහිවන අතිරික්තය අහෝසි කිරීමට වෙර දරන දහමකි.

ඉහත සංකල්ප යුගල ආදරයට යෙදූ විට මෙය හො`දින් වටහා ගත හැක. ලෙනින්වාදී ආදරවන්තයෙකු තමන්ගේ පෙම්වතිය තුළ දකින අඩුව නැති කරන්නට උත්සාහ නොකරයි. නමුත් ස්ටාලින්වාදී පෙම්වතෙකු තම පෙම්වතිය තමන්ට අවශ්‍ය පරිදි සකස් කිරීමට යාම නිසා ඇයට විනාශ කරයි.

Amal and g

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. //නමුත් ස්ටාලින්වාදී පෙම්වතෙකු තම පෙම්වතිය තමන්ට අවශ්‍ය පරිදි සකස් කිරීමට යාම නිසා ඇයට විනාශ කරයි.// මෙතැනින්ම කියල තියෙනවා ඕන කරන ටික.

  2. ලෙනින්වාද ඇතුලේම ස්ටලින්වාදය වැඩුනු එකත් අර ආදර කතාවෙ කොටසක් කියල ලිව්වනම් කතාව සම්පූර්ණයි !!

Comments are closed.