මෙවර හේගල් සම්මන්ත්‍රණයේ මාතෘකාව වන්නේ ‛හේගල් සමඟ මාක්ස්’ (හේගල් සහ මාක්ස් නොවේ) යන්නය. ලංකාවේ හේගල් පිළිබඳ බහුල අදහස වන්නේ ඔහුව කාල් මාක්ස් කකුල් දෙකෙන් හිටෙව්වා කියාය. ‛නිධානය’ කෙටි කතාව තුළ සිටින ප්‍රධාන චරිතය මිනී මැරුමක් සිදුකර එය කළේ මා නොව ඒ වෙලාවේ මා තුළ සිටින යක්ෂයෙකු යැයි කියන විට එම චරිතය සිටින්නේ ද ඔලුවෙන් සිටගෙනය. මන්දයත් ඔහුට අනුව යථාර්ථය යනු ඔහු නොව යක්ෂයා නිසාය. හේගල් ගැන අප සම්මන්ත්‍රණයක් පැවැත්වුයේ කිසිවෙකුට අධ්‍යපනයක් දීමට නොවේ. හේගල්ව ලංකාවේ අප උගන්වන විට ඊට ප්‍රතිචාර දක්වන්නෝ කොට්ඨාශ දෙකකි. එක් කොටසක් එමගින් තම රෝග ලක්ෂණයක් ප්‍රකට කරයි.මේ අයට හේගල් විසින් මාක්සට වඩා පුලුල් බවක් ඇති කරයි යන විශ්වාසයේ ගිලී සිටියි. ඔවුහු මෙසේ කියති අපරාදේ මාක්ස් නිසා හොද ඉතිහාස දැනුමක් අපට අහිමි වුනා. අනෙක් කොටස පවතින පීඩාකාරී යථාර්ථයෙන් ගැලවීමට හේගල්ව යොදා ගනියි. අපේ ඉලක්කය මේ කොට්ඨාශ දෙකම නොවේ.

අපගේ ඉලක්කය යොමු වන්නේ හේගල්ට අවිඥාණිකව විරුද්ධ වන්නන් කෙරෙහිය. ලංකාවේ අවිඥාණය ඔබට හේගල්ව ඉගෙන ගැනීමට ඉඩ නොදෙයි. මන්ද යත් හේගල් ගැන ඉගෙන ගන්නා විට ඔබ තුළ ඇති මාක්ස් දියවී යා යැයි ඔබ තුළ අවිඥාණික විශ්වාසයක් ඇති නිසාය. එබැවින් ඔබට හේගල් ඉගෙන ගැනීම තහනම් කරන්නේ ඔබේ අවිඥාණික මාක්ස්ය. එවිට ඔබ තුළ මාක්ස් නිසා තිබෙන විනෝදය හේගල් නිසා තර්ජනයට ලක්වෙයි. එබැවින් ඔබට හේගල් මාස්ටර් කෙනෙකි.

අප විසින් සංවිධානය කරණු ලබන හේගල් සම්මන්ත්‍රණ මාලාවේ 10 වන සම්මන්ත්‍රණය අපෙල්  මස 07 වන ඉරිදා උදෑසන 10.00 ට මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ දී පවත්වනු ලැබේ.

මයිකල් රොඩ්රිගෝ ශලාව දෙවන මහළ

මෙම සම්මන්ත්‍රණය සදහා මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට සහභාගී විය හැකිය.

ඔබේ අදහස කියන්න...