ඩේවිඩ් ෆින්චර් විසින් අධ්‍යයක්ෂණය කළ Fight Club ච්ත්‍රපටියේ උමතු තේමාවට අනුව බාහිර යථාර්ථය වෙනස් කිරීම වෙනුවට ‘තේමාව’ වෙනස් කර ගැනිම ගැන සාකච්ඡා කරයි. එහි ප්‍රධාන චරිතය අතිශය පීඩාකාරී ලෙස කාර්යාලයක රාජකාරි කරයි. ඔහුට රාජකාරිය ද රාජකාරියකි. ඔහුගේ රාජකාරිය එක්තරා මොහොතකට පසු වදයක් වන තරමට ඔහුටම එපා වෙයි. මෙම ඒකාකාරී, පීඩාකාරී යථාර්ථයෙන් විමුක්තිය ලබා ගැනීමට ඔහු ඉදිරියේ විකල්ප දෙකක් ඇත.
01- තමන්ගේ ව්‍යාපාරය හිමි අයිතිකරුට පහරදීම
02- තමන්ටම පහර දීම.
ච්ත්‍රපටියේ ප්‍රධාන චරිතය තෝරා ගන්නේ ඉහත දෙවන වරණයයි. ඔහු කරන්නේ කණ්නාඩියක් ඉදිරිපිටට ගොස් තමන්ගේ මුහුණට තමන්ම පහර දීමයි.
ඔබට යම් කෙනෙකු සතු සමාජ ආධිපත්‍යය, සහ බලය විනාශ කිරීමට අවශ්‍ය නම් කළ යුත්තේ ඒ තැනැත්තාව බාහිර සතුරෙකු ලෙස සැළකීම නොවේ. ඒ වෙනුවට ඔබ කළ යුත්තේ “ඔබේ සතුරා” ඔබගේම පරිකල්පනයේ නිර්මාණයක් බව වටහා ගෙන එම පරිකල්පනය ඩයිනමයිට් දමා පිපිරවීමයි. එසේ නොකර එබ උත්සහ කරන්නේ ඔබේ බාහිර සතුරාව බ්ම් බෝම්බයකට අසු කිරීමට නම් එහි ප්‍රතිඵලය වනු ඇත්තේ යථාර්ථය තුළ ඔබේ සතුරාව තව තවත් ජනප්‍රිය වීමයි. අප නොසිතන්නේ කුමක් ද? අප මේ පිඩාකාරී යැයි ගන්නා යථාර්ථය යනු අපගේම නිර්මාණයක් මිස පිටසක්වල ජීවීන් ගේ නිර්මානයක් නොවන බවයි. එය පවත්වාගෙන යන්නට සහය දෙන්නේ පාලකයන් නොව අපමය. මේ අදහස ප්‍රතිමාක්ස්වාදී ද? මාක්ස්වාදී ද?
චන්දය දී තමන්ටම පහර දී ගන්නවට අප කුමක් කරන්නද? ශ්‍යාමන් කිව්වා වගේ මාක්ස්වාදය පරණ ඇති. නැත්නම් ඒක පාවිච්චි කරනවයි කියල හිතන උන් පරණ ඇති.
Comments are closed.