පසුගිය දිනෙක ඩයනා ගමගේ විසින් පාර්ලිමේන්තුවේ 20 වැනි සංශෝධනයට තමන් සහාය දැක්වීම පිළිබඳව ඇගේම ආත්මීය ස්ථාවරය ප්‍රකාශ කිරීමට ඉතිහාස කතාවක් ඈඳා ගන්නා ලදි. ඇය මෙසේ කීවාය. “මම මේ තීන්දුව ගත්තේ ඇයි කියලා ඔබලාට තේරුම් කරන්න නිදර්ශනයක් දෙන්නම්. ඒ තමයි මම සීසර්ට ආදරේ නොකරනවා නෙවෙයි. නමුත් මම ‘වඩා ආදරෙයි’ රෝමයට’’. සරලව කිවහොත්, ඩයනා දේශපාලනයේ සදාචාර මූලධර්ම වලට වඩා රටට ආදරෙයි. අති සරල කළහොත් ඇය රහසින් කියන්නේ, “ජලනි මම ඔයාට ආදරේ නැතිව නොවෙයි. නමුත් මම ගෝඨාභයට ඊට වඩා ආදරේයි”.
ඩයනාට වඩා බුද්ධිමත් පිරිමින් උත්සාහ කරන ලද්දේ, ඩයනාගේ උපුටා දැක්වීමේ දෝෂ පෙන්වා ඇයව හාස්‍යයට ලක් කිරීමට ය. සීසර් ඝාතනය කරන ලද්දේ, මාක් ඇන්ටනී නොව බෲටස් බව ඔවුන් පෙන්වා දෙන ලදී. නමුත්, ඓතිහාසික කරුණු සහ ෂේක්ස්පියර්ගේ නාට්‍යමය ප්‍රබන්ධය අතර බහුතර දෙනා වැනෙන බවක් පෙනෙයි. ඓතිහාසික කරුණු වලට අනුව සීසර්ව ඝාතනය කළේ බෲටස් නොව ඩෙසිමස් ය. කෙසේ වෙතත්, මගේ අදහස වන්නේ ඩයනා විසින් මතු කරන ‘සාධකය’ වරද නිවැරදි කිරීමට එහා යන ගැඹුරක් සහිත කතාවක් බවයි. ගැටලුවේ ගැඹුර ඇත්තේ, ඇගේ ආශාව තුළ ය. මේ ආශාව ඇය උපුටන්නේ, පිරිමියෙකු මැදිහත් කරගෙන ය.
Desire is the desire of the Other’s desire, meaning that desire is the object of another’s desire and that desire is also desire for recognition.






