වාමාංශික දේශපාලනය කියන්නේ සුවිශේෂී දේශපාලනයකටය. එහි සුවිශේෂත්වය වන්නේ එමගින් පන්ති අරගලය මෙහෙයවීමය. අනෙක් අතට වාමාංශික දේශපාලනය මැදිහත් වන්නේ මිනිසුන්ගේ අවිඥාණක විශ්වාසයන් විචාරය කරමින්ය. ගෝනියකට පොල්,දෙල්,ඇපල්,රට ළුණු එකතු කරන්නාක් මෙන් වාමාංශික දේශපාලනය මිනිසනු එකතු කිරීමට උත්සහ කරන්නේ ද නැත.
වාමාංශික දේශපාලනයට හමු වන්නේ සමාජයේ සැබෑවයි. එය බියකරු හමු වීමකි. මේ කාලයේ කොළඹ නගරයේ ඇවිදිමින් දේශපාලනය කරන්නේ වාමාංශිකයන් නොවේ. ඔවුන් හැදින්විය හැක්කේ නව-අරාජකවාදීන් ලෙසිනි.ගැඹුර ලෙසින් ඔවුන්ගේ දුක් ගැනවිල්ල වන්නේ පුද්ගලික විදවීමයි.ජ.වි.පෙන් සහ වෙනත් වාමාංශික සංවිධාන වලින් ඉවත් වූ මොවුහූ අන්තරාභවිකයන්ය. මොවුන් කලින් සිටි තැනට අදාලව මිය ගොස් ඇති අතර අලුත් තැනක යළි ඉපදී නැත. එබැවින් මොවුන්ව අප හැදින්විය යුත්තේ මළගිය ප්‍රාණීන් ලෙසිනි. ඉදිරියට පැවැත්වීමට නියමිත ප්‍රධාන ජාතික මැතිවරණ දෙකට පසුව මෙම මළගිය ප්‍රාණීන් නිසි කුසක පිළිසිදගනු ඇත.
එතෙක් ආමෙන්!
කේන්දර විශ්වාස කරන මිනිහෙක් හිටියා. ඌ කවදාවත් ගෙයක් හැදුවෙ නෑ. සිංහල කැරියො නියමිත තැන්වල ස්ථානගත වෙන්නෙ ඉතින් මළාම තමයි.
Comments are closed.