ඉමේෂා සපුතන්ත්‍රිට පිළිතුරක්‌
සුදේශ් කවීශ්වර  – කැලණිය සරසවිය [?]

ප්‍රවේශය

මේ ලිපිය ලියවෙන්නේ 2017 මැයි මස 19 වැනි සිකුරාදා දින දිවයින ‘වටමඬල’ සාහිත්‍ය අතිරේකයේ පළ වුණ ‘අන්තර්ග්‍රාන්ථිsකත්වය’ යන මැයෙන් ඉමේෂා මධුෂානි සපුතන්ත්‍රි රචනා කරන ලද ලිපියට ප්‍රතිචාරයක්‌ වශයෙනි. තත් ලිපිය පූර්ණව අධ්‍යයනය කර බැලීමේ දී එහි පැවැත්ම අන්තර්ගත කරුණු පරිසිද්ධින් තුළින්ම නිශේධනය වන බව නිගමනය කළ හැකි වීම හාස්‍යයට කරුණක්‌ වගේම ශාස්‌ත්‍රීය ෙ€දවාචකයකි. න්‍යායාත්මකව පයරිස්‌ථිතිය විමර්ශනය කිරීමකින් තොරව සපුතන්ත්‍රි මතු කරන අදහස්‌ සාවද්‍ය වේ. මෙතැන් සිට ඒ පිළිබඳව විමසා බලමු.

අන්තර්ග්‍රාන්ථිකත්වය [?]

  Intertextuality යන්න හෙවත් පඨිතයක්‌ පඨිතයක්‌ අතර හෝ පඨිත කිහිපයක්‌ අතර පවතින සම්බන්ධතාව අන්තර්ග්‍රාන්ථිකත්වය නමින් හැඳින්වේ. ව්‍යqහවාදී විචාරයේ බලපෑම හේතුකොටගෙන සාහිත්‍ය නිර්මාණයක්‌ හැඳින්වීමට භාවිත කළ කෘතිය (අදරන) යන අභිධානය රෝලන්ඩ් බාත්  විසින් පඨිතය (text) බවට පත් කරන ලදී. ඔහු කෘතිය හා පඨිතය අතර පවතින වෙනස පූර්ණාකාරයෙන් මතු කළේය. තවදුරටත් කෘතිය අර්ථයන් ගල් ගැස්‌සූ දෙයක්‌ (Fixed) වශයෙන් නොතිබෙන අතර එය කර්තෘගෙන් ගලවා පාඨකයා අතට පත් වූයේ ද මෙහිම දිගුවක්‌ වශයෙනි. පාඨකයා උපත ලබන්නේ කර්තෘගේ අභාවය තුළින් බව බාත් ප්‍රකාශ කළේ එනිසාය. එනම් කෘතිය සම්බන්ධයෙන් කර්තෘට තිබූ හිමිකම ක්‌ෂය වීමයි. බාත්ගේ විචාර ක්‍රමයේ මූලික ලක්‌ෂණය වන්නේ භාෂාත්මක ව්‍යqහය මුල් කරගෙන පාඨකයා පඨිතයේ අර්ථ ජනනය කිරීමයි. එය පඨිතයක්‌ වන්නේ නැවත නැවත එහි අර්ථ මතු වෙමින් සිදු කරන සෙල්ලක්‌කාර, ප්‍රාණවත් පඨනයක්‌ වන නිසාය. ව්‍යqහවාදී හා පශ්චාත් ව්‍යqහවාදී න්‍යායන්ගේ සන්දර්භය තුළ හැඟවුම්කාරකය හා හැඟවුමට හිsමි වන්නේ සුවිශේෂ ස්‌ථානයකි. ව්‍යqහවාදයේ දී එක්‌ හැඟවුම්කාරකයකින් හැඟවුමක්‌ මතුවන අතර පශ්චාත් ව්‍යqහවාදයේ දී මතු වූයේ හැඟවුම්කාරකයකින් තවත් හැඟවුම්කාරකයක්‌ පමණි. [who told this ?] එනිසා භාෂාව නිශ්චිතාර්ථයක්‌ ප්‍රකාශ නොකරන හිතුවක්‌කාරී භාවිතයක්‌ බව තදීය නියාමයන් විශද කරයි. මහාචාර්ය විමල් දිසානායකයන් Text [= Book]යන්න හඳුන්වනු ලබන්නේ ග්‍රන්ථය යන නමිනි. නමුත් එය ග්‍රන්ථය යන්නට වඩා පඨිතය යනුවෙන් භාවිත කිරීම යෝග්‍ය යෑයි ඇතැම් අයගේ අදහසක්‌ වේ. ආචාර්ය ප්‍රභා මනුරත්නයන් සම`ග කළ සාකච්ඡාවක දී ඇය අදහස්‌ කළේ ද පඨිතය යනුවෙන් භාවිත කිරීම වඩාත් යෝග්‍ය බවය. නමුත් එවිට අන්තර්ග්‍රාන්ථික යන ස්‌ථානයට ‘අන්තර්පඨිත’ හෝ ‘පඨිතාන්තරත්වය’ යන්න යෙදිය යුතු අතර එසේ යොදා ගන්නා පාරිභාෂික වචනයන්හි යම් ගැටලුකාරී තත්ත්වයක්‌ උද්භව වේ. එබඳු තත්ත්වයක්‌ තුළ භාවිත වචනය වන අන්තර්ග්‍රාන්ථීකත්වය යන්නම මේ ලිපිය මුළුල්ලෙහිම යොදා ගැනීමට තීරණය කළෙමු. එය මෙම සංකල්පය අවබෝධ කර ගැනීමට හේතු වනු ඇතැයි හැෙ`ග්. නැතහොත් සපුතන්ත්‍රිට දෙවැනි නොවන පටලැවීමකට පාඨකයා පත්වෙනු ඇත. මෙය සිංහල පාඨකයන් අතර සම්මුතියට පත්ව ඇති නිසාය. කෙසේ වෙතත් මෙයින් ප්‍රකාශ වන්නේ කෘතිය ස්‌පර්ශනීය දෙයක්‌ වුව ද අර්ථ භාෂාවේ පවතින බවත් කතිකාවක චලනය තුළ පමණක්‌ පඨිතය පවතින බවත්ය.

…………………………………………………………………………………………………………………

ප්‍රභා මනුරත්න නැවතත් නොදන්නා දෙයකට උත්තර දී ඇත.

Text යන ඉංග‍්‍රීසි වචනයට අදාළ සිංහල තේරුම ඇයට අනුව පඨිතය යන්නයි. මෙය සද්භාවාත්මක ලෙස වැරදිය.

[In Philosophycally – Not in the sense of Logo centrism] කැලණිය පිරිවෙනේ ළමයකු තම ඉංග්‍රීසි මිස්ගෙන් වැරැදි පාඩමක් ඉගෙන ගෙන ඇත. [ඇයගේ මහත්තයා ද ඇයට කියන්නෙ මිස් කියාය.]  ඇගේ මෙම වැරැද්ද ගැන විශ්ලේෂණයක් ඉදිරියට බලාපොරොත්තු වන්න!

ඔබේ අදහස කියන්න...