x කණ්ඩායම, එහි සංයුතිය අනුව ගත් විට වර්ග තුනකින් සමන්විත විය.
1. ආශාව නිසා ඊට එක් වූ අය.
2. පැරණි වමෙන් සහ ජවිපෙන් එක් වූ අය.
3. ස්ත‍්‍රීන්.
x කණ්ඩායම විසිර යාමේදී වඩාත් භීතියට පත් වූයේ ඉහත අංක 1 කොටසයි. 2 වැනි කොටස යනු x කණ්ඩායමේ අදහස් හා තමන්ගේ අභ්‍යන්තරය අතර නරුමවාදී පරතරයක් තබා ගත් අයයි. x කණ්ඩායමෙන් ඉවත් වූ පසු වඩාත් දියුණු වූ මිනිසුන් වූයේ මෙම දෙවැනි ස්තරයයි. උදාහරණයක් ලෙස නිර්මාල් වැන්නෙක් අයත් වන්නේ මෙම දෙවැනි කොටසටය. ඔහු පැරණි වමෙන් x කණ්ඩායමට ඇතුල් වූ අයෙකි. ඔහුට තම දේශපාලන අදහසක් ප‍්‍රකාශ කිරීමේ දී න්‍යාය යනු ආභරණයක් මිස විද්‍යාවක් නොවේ. ඔහුගේ බොහෝ අදහස් (OPINION) වන අතර න්‍යායික නැත.
ඉහත පළමු කණ්ඩායමට අයත් අය ස්වභාවික පරිසරයට නොගැළපෙන සතුන් ලෙස සත්ව සංහතියෙන් චුත විය. x හි ස්ත‍්‍රීන් ගැන කවුරුත් කථා කරන්නේ නැත.
x හි දේශපාලනය අවසන් වූ පසු වඩාත් සතුටට පත් වූයේ කවුද ?
මිනිසුන් ආශා කරන්නේ තමන් වැනිම මිනිසුන්ටය. අප කැමති වන්නේ පාරිභෝගික භාණ්ඩවලට, නිදහසට හා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට කැමති මිනිසුන්ටය. ඇමරිකානුවන් ආශා කරන්නේ යුක්රේන් ජනතාවගේ අනාගතය ඇමරිකාවේ අතීතය වනවාටය.  සරළව කිවහොත් අප කැමති අනෙකා වන්නේ කණ්නාඩියෙන් නැරඹූ විට අප වගේ පෙනෙන මිනිසුන්ටය. එසේත් නැතිනම් ගොදුරු බවට පත් වූ මිනිසුන්ටය. වයස 50 මිනිසුන් තමන් වයස 27 දී මේ ලෝකයේ ගොදුරක්ව සිටියා යැයි පරිකල්පනය කිරීම රැුඩිකල් දේශපාලනයක් ද?
අප ආශා කරන්නේ අප වැනිම හිතන පතන ජීවත් වන මිනිසුන්ටය. අප ආශා නොකරන විදිහට හිතන පතන මිනිසුන් ගැන අපට ඇත්තේ පිළිකුල් සහගත හැගීමකි. 
ආශාව නිසා X එකට 90 දශකයේ එක් වූ මිනිසුන්ට අසාර්ථක ප‍්‍රයත්නයකට දායක වීමට සිදුවිය. ඉන් අදහස් වන්නේ ගොබ්බ ටෙලිනාට්‍යය නලුවකු කියන මෝඩ කථා සත්‍ය බව ද? X හි අනාගතය ඇමරිකාවේ අතීතය ද?  ධනවාදය තිබෙන තුරු ලෙනින් නැවත නැවතත් උත්පාද වෙයි.

ඔබේ අදහස කියන්න...