නිර්මාල් රන්ජිත් දේවසිරිගේ ‘දෙමළාගේ ප්‍රශ්නය‘ නම් කෘතිය ගැන කුඩා පොත් පිංචක් ලිවීමට ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය  අදහස් කරගෙන සිටින්නෙමු. පොතේ අන්තර්ගතය සකස් වන්නේ ජර්මානු ගේයපද රචකයකු වන හෝල්ඩරින්ගේ කවි අදහසක් පදනම් කරගනිමින් මාක්ස්වාදයේ ට්‍රොට්ස්කිවාදී (සිංහල) වාස්තවික සංවිධාන රටාව විචාරය කරමිනි.
 
සිංහල – බෞද්ධ – ග්‍රාමීය – පුරුෂ – හිස්ටෙරික මාක්ස්වාදී චින්තනයට අනුව අවධානම හෝ අනතුර යනු නපුරකි. සංවිධාන විද්‍යාවන් යොදාගනිමින් ඒවා එක අතකින් විවේචනය විය යුතු අතර අනෙක් අතින් ‘සංවිධාන ව්‍යුහය‘ තුළ ඒවා විචාරය විය යුතුය. නමුත් අවදානමට මුහුණ දී කිච වුවත් එහි කෙළවර ආලෝකය ඇතැයි ප්‍රායෝගිකව පෙන්නුම් කළ ලංකාවේ මාක්ස්වාදියා දීප්තිය. සිංහල- මරණ- විනිශ්චය මාක්ස්වාදීන් විසින් ඔහුගේ සියලුම ක්‍රියා හාස්‍යට ලක් කරයි. 20 වැනි සියවසේ දී අරගලය තුළ මාක්ස්වාදය මුහුණ දුන් නපුරෙන් ඔහු ඉගෙන ගෙන ඇත. මහා අනෙකෙකුගේ සහතිකය නොමැති සමාජයක , ඉතිහාසයේ ප්‍රගතිශීලී අතකොලුව අප පමණක් නොවන යථාර්ථයක, ‘ මාක්ස්වාදී විප්ලවයක්‘ සංවිධානය කරන්නේ කෙසේද ? එවැනි විප්ලවයක කාඩර්වරයා කම්කරුවකු වනවාට වඩා ආත්මීයව විපරිතයෙක්, සයිකොසිකයෙක්, හිස්ටෙරිකයෙක් වන ආකාරය ඔහු දනියි. 
නිර්මාල් යනු දීප්තිගේ අධ්‍යාපනික පන්තිවල උගැන්වූ සියල්ල මහා සමාජය ඉදිරිපිට විහිලුවට ලක් කළ ‘කුප්‍රකට‘ පුද්ගලයාය. ‘නිර්මාල්ගේ ෆාමසිය‘ නමින් රචනා වන මෙම කුඩා පොත් පිංච තුළ දී දීප්තිගේ පන්ති වල A-Z දක්වා උගැන් වූ අධ්‍යාපන අණු යළිත් පුනර්ජනනය කරනු ලැබේ. එහි පළමු පරිඡේදය මෙවැනි ආකාරයකට සකස් වනු ඇත. 
Petraeus 2-
(A). සෝෂියර්ගේ ව්‍යුහවාදය මගින් කෘතියක කර්තෘගේ කටහඩ හා වියමන අතර සම්බන්ධය යළි නාභිගත කිරීම.
1. අර්ජුුන පරාක්‍රම මුල් කෘතිය කියවා ලියන දෙය සහ ඔහු දේශනයක් වශයෙන් ඉදිරිපත් කරන කථාව අතරමැදියකු නොමැතිව ‘රාවය‘ පුවත්පතෙහි පළවන අතර, අර්ජුන කළ කථාව පටිගත කොට සංස්කරණය කර ජයසිරි අලවත්ත ‘සත්හඩ‘ පුවත්පතට ලිපියක් සම්පාදනය කරයි. අර්ජුනගේ කථාවේ මුල් පිටපතට වඩා සමීප රාවය පුවත්පතේ පළ වූ  ලිපිය බවත්, සත්හඩ පුවත්පතේ පළ වී ඇති ලිපිය අර්ජුනගේ කථාවට දුරස්ථ බවක් දක්වන බවත් , එම ලිපි කියවන අයෙකුට හැගී යන්නේ නිසර්ගයෙනි. ඒ අනුව අර්ජුනගේ කථාවෙන් පිටපත් වර්ග දෙකක් බිහිවන අතර මුල් කෘතිය ( දෙමළාගේ ප්‍රශ්නය) අතිරේකයක් බවට පත් වෙයි.
2. ‘නිර්මාල්ගේ ෆාමසිය‘– කටහඩ, ලිවීමට වඩා භෞතික වන සමාජයක මුල් කෘතිය විෂක් වී අතුරු කාරණා ඖෂධයක් වීම. මෙහිදී විසංයෝජන රීතිය කෘතියට අදාළ කරනු ලැබේ. 
‘දෙමළාගේ ප්‍රශ්නය‘ කෘතිය පිළිබද සංවාදයේ දී අධිනිශ්චය වූයේ අර්ජුනගේ කතිකාවයි. ‘කතිකාව‘ යනු ලිවීම සහ කථාව පමණක් නොවේ. එය මුලු හැගවුම්කරණ ජාලයටම අදාළය. අර්ජුනගේ ස්ථාවරය වාග්-විද්‍යාව වන විට ජයදේව උයන්ගොඩගේ ස්ථාවරය මූලධර්මවාදී ප්‍රජාතන්ත්‍රවාදයයි. අපගේ ප්‍රවේශය වන්නේ ලෙනින්වාදී පාර්ශවීය – පාක්ෂික ස්ථාවරයයි. එමගින් කෘතිය ගැන සර්වාත්‍රික අදහසක් ගොඩනැගෙනු ඇත.
3. ‘‘ප්‍රජාතන්ත්‍රවාදය‘‘ වහරන අය එම වචනය යොදා ගන්නේ වාගීශ්වර (Logocentric) ආකෘතියකිනි. එහි සරළ අදහස මෙලෙස සාරාංශගත කළ හැකිය. ප්‍රජාතන්ත්‍රවාදී නොවන ඕනෑම විකල්පයක දී මෙන්ම (ෆැසිස්ට්වාදය,ස්ටැලින්වාදය,ජාතිවාදය,සමලිංගිකවාදය) ප්‍රජාතන්ත්‍රවාදය නම් සංකල්පයට ද පැල්මක් තිබේ. එනම් ‘‘ප්‍රජාතන්ත්‍රවාදය‘‘ යනු ද දෙයක් (The Thing) නොවේ. එය තුළ ද විනෝදය සාධකයක් (Object a) ලෙසින් අඩංගුය. උදා – එල්.ටී.ටී.ඊ සංවිධානය මර්දනය කර 2009 වර්ෂයේ දී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කෙරිණි. නමුත් එහි අයිතිකරුවන්ට ඒ සදහා ගෙවන්නට වූ වන්දිය කුමක්ද ? සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයයි. මිනීමැරීම විනෝදයට අදාළ සාධකයකි. මිනිස් ඝාතන හරහා ඝාතකයන් ලද ‘විනෝදය‘ යනු ප්‍රජාතන්ත්‍රවාදයේ අශ්ලීල අඩංගුවයි. මෙම අර්ථයෙන් නිර්මාල් ඉදිරිපත් කරන ප්‍රජාතන්ත්‍රවාදී විසදුමේ සර්වාත්‍රිකත්වය දේශපාලනිකව ප්‍රශ්න කළ හැකිය (මිනීමරු අඩංගුව).[මේ නිර්මාල් විසින් 2005 වසරේ සිට මනෝ විශ්ලේෂණය හෑල්ලු කිරීමට සවිඥාණිකව සහ අවිඥාණිකව සිදු කරන ලද දේවල් වලට ප්‍රතිචාර ලෙස අපි යෝජනා කරන විචාර බුද්ධියයි.]
අපගේ කෘතියේ මෙම කොටස මගින් විශ්ලේෂණය වන්නේ මනෝවිශ්ලේෂණ න්‍යාය දේශපාලන විග්‍රහයන්ට අදාළ වන ආකාරයයි. අවශ්‍ය නම් මෙතනදී සුමිත් චාමින්දගේ ඔහුටම ආවේණික ප්‍රාදේශික පශ්චාත්-මාක්ස්වාදයේ රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදී අඩංගුව විචාරය කිරීමට ද යොදාගත හැකිය. ප්‍රජාතන්ත්‍රවාදය යනු දෙයක් නොව විනෝදවීමකි.
(වාගීශ්වර- වචනයකින් අර්ථය හෝ සන්දර්භය අවසන් වේ යැයි සිතන විධික්‍රමය)
උයන්ගොඩ නම් දේශපාලන විද්‍යාඥයා තම කථාව තුළ විටින් විට වෝර්ඩ්ස් පෙදෙසේ කලක් පදිංචිව සිටි අර්ජුන පරාක්‍රමව විමර්ශකයක් ලෙස යොදා ගැනීම ගම/නගරය අතර දේශපාලන – ආර්ථිකයේ [post-colonial subject] මානය යළිත් අපේ මතකයට එක් කරයි. සිදු විය යුතුව තිබුණේ වාග්වේදියා විසින් දේශපාලවේදියාව විමර්ශනය කිරීමයි. නිර්මාල්ගේ පොතට කිසිදු සේවයක් න්‍යායිකව සිදු නොවුණත් ඔහු අර්ජුනට දේශනය සදහා ආරාධනය කිරීම (කරුණුමය අර්ථයෙන් නොවේ) අවිඥාණිකය.
  
පහතින් ඔබට නිර්මාල්ගේ කෘතිය එළිදැක්වූ දින ජයදේව උයන්ගොඩ කළ කථාවට සවන් දිය හැකිය.
   

ඔබේ අදහස කියන්න...

4 COMMENTS

  1. //එය තුළ ද විනෝදය සාධකයක් (Object a) ලෙසින් අඩංගුය.// ඔබ මේ කියන්නේ Lacan’s objet petit a, the object cause of desire, ගැන නම් පොඩ්ඩක් ඒ වගේ දේ ගැන වඩා පුළුල් ලෙස කීම හොඳ නැත්ද? එවිට ලිපිය වඩා හොඳට තේරෙන බව මට හැඟේ.

  2. මෙම කරුණ මෙතැනට අදාළ නැතිවුනත්, මෙතැන ලියන්නේ, මෙය ලිවීමට මට වෙන තැනක් නැති නිසාවෙනි.

    නිර්මාල් මෙසේ කියයි. https://www.facebook.com/nirmal.dewasiri.3/posts/1075664029119757

    නිර්මාල් සිතන්නේ ජනවාරි 8 වන දින මහින්ද පරාජය වීම ගැන පෙසප සතුටු වූ බවයි. “පෙරටුගාමී සමාජවාදී පක්ෂය සම්බන්ධ තත්වයද එසේය” යැයි නිර්මාල් කියා ඇති අතර එහි “තත්වය” යන්නෙන් අදහස් වන්නේ 2015 ජනවාරි 9 වන දින පැවති තත්වයක් බව නිර්මාල් කියා ඇති දෙයින් පෙනේ. නිර්මාල් ට දේශපාලනය ගැන ඇති අවබෝධයේ තරම පෙසප ගැන ඔහු සිතා සිටින දෙයින් පෙනේ.

    2015 ජනාධිපතිවරණයට ජවිපෙ තරඟ කළ නැත. (අනුර කුමාර ජවිපෙ නායකයා වීමෙන් පසු එළැඹි පළමු ජනපතිවරණය මගහැරීමට ජවිපෙ ට සිදු වූ අතර එය සිදු වූයේ මූලිකවම මහින්ද පැරදවීම වෙනුවෙන් ක්‍රියාත්මක වූ කොටස් අතර ඇති වූ එකඟතාවල ප්‍රතිඵලයක් වශයෙනි.) එය, 2010 ජනාධිපතිවරණයේ දී ජවිපෙ අනුගමනය කළ උපාය මාර්ගයේම දිගුවක් පමණක් වූ අතර 2010 දී ජවිපෙ තනිවම තරඟ කළ යුතුය යන මතය දැරූ කාඩර්වරුන් ගෙන් කොටසක් (එම මතය දැරූ කාඩර්වරු බහුතරය ඒ වනවිට පෙසප සමග සම්බන්ධව සිටියහ.) 2015 දී ත් ජවිපෙ තුල සිටි අතර ඔවුන් ගෙන් සැලකිය යුතු ප්‍රමණයක් ධනපති සන්ධානවලින් තොරව ජවිපෙ තනිවම තරඟ කළ යුතුය යන මතය දැරුවෝය. 2015 දී ජවිපෙ ට විපක්ෂයේ පොදු අපේක්ෂකයාගේ වේදිකාවට ගොඩ වීමට බැරි වූ යේ ම, ඉහත කී කාඩර්වරුන් නො තකා හැරීමට නො හැකි වූ නිසාය.

    2015 ජනාධිපතිවරණය ට පෙසප ඉදිරිපත් වූ යේ මේ තත්වය තුලය. එම ඡන්දය ට පෙසප ඉදිරිපත් වීමට හේතු වූ ප්‍රධානම කරුණ, එය ජවිපෙ තරඟ නො කරන ඡන්දයක් වීම වුවත්, (ජවිපෙ සමග සන්සන්දනය නොවී තම ඡන්ද පදනම බලාගත හැකි එම දුර්ලභ අවස්ථාව අහිමි කරගැනීමට පෙසප සූදානම් නොවූ අතර තම ඡන්ද පදනම අඩුය යන්න එම අවස්ථාවේදී නිව්ස් එකක් වීමෙන් පසු එය නැවත නිව්ස් එකක් වන්නේ ද නැත.) පෙසප මේ ජනපතිවරණයට ඉදිරිපත් වූ යේ “මහින්ද පරදින එකක් නැහැ” යන විශ්වාසය ද ඔවුන් තුල තිබූ හෙයිනි.

    යම් හෙයකින්, මහින්ද ජයගත්තේ නම්, විපක්ෂයේ පොදු අපේක්ෂකයා පැරදුනේ නම්, ජනාධිපතිවරණයේ දී තම (එනම් පෙසප) ස්ථාවරය (එනම් තමන් තේරූ උපක්‍රමය), ජවිපෙ ස්ථාවරය (එනම් ජවිපෙ තේරූ උපක්‍රමය) ට වඩා නිවැරදියි කීම ත්, ඊටත් වඩා, ජවිපෙ ධනපති හවුල් වලට නො ගොස් තනිව තරඟ කළ යුතුය යන මතය දරන කාඩර්වරු මාර්ගයෙන් ජවිපෙ තුල කැරලිකාර තත්වයක් මතු කර ගැනීම ත්, පෙසප උපාය විය.

    යම් හෙයකින්, මහින්ද ජය ලැබුවේ නම්, ජවිපෙ සහාය ලැබූ විපක්ෂයේ පොදු අපේක්ෂකයා පැරදුනේ නම්, මහින්ද විසින් ජනාධිපතිවරණයෙන් පසු වහාම කැඳවන මහා මැතිවරණයේ දී පෙසප ට ජවිපෙ හමුවන්නේ, ජවිපෙ හෑල්ලු වූ, පෙසප බැබළුනු, තත්වයක දී ය.

    මේ තත්වය යටතේ දී මහින්ද පැරදුනු එක ගැන පෙසප (ජනාධිපතිවරණ ප්‍රථිපල නිකුත්වීම අවසන් වෙමින් පවතිද්දී) සතුටු වුනාය යනුවෙන් නිර්මාල් හිතන්නේ, ප්‍රධාන වශයෙන් ම, නිර්මාල් ගේ දේශපාලන අඳබාලකම නිසා ය.

    කලින් වතාවක නිර්මාල් ගැන 3mana එකේ දාල තිබුනු දෙයක් දැකපු ගමන් නිර්මාල් ඒකට දක්වපු ප්‍රතිචාරය තමයි විජහට තමන් ගේ ෆේස්බුක් වෙබ් අඩවි පිටුවෙන් මහින්ද හොරකම් කළා නේ ද කියන ප්‍රශ්නය මතු කරපු එක. මේ පාර පුළුවනි, තමන්ට වඩා ඉහළ බුද්ධි මට්ටමකින් හෙබි පුද්ගලයකු වන සුමනසිරි ලියනගේ ව බයිට් කරන එක දිගටම කර ගෙන යන්න. සුමනේ යනු නොමිලේ ඉගැන්වීම / නිදහස් අධ්‍යාපනය ගැන රොමෑන්ටික් ආකල්පයක් දරන්නකු බවත්, එසේ වුවත්, ඔහුට අද සිසුන් ගෙ න් මුදල් අය කරන තැනක රස්සාවක් කිරීමට සිදු වී ඇත්තේ ඔහුට දැන් වෙනත් ආදායම් මාර්ගයක් නැති නිසා බවත් නොදන්නා කෙනෙක් නොමැති වෙයි. (නිර්මාල් පෙසප/අවිවිශිබම ගැන මතු කෙරී ඇති ප්‍රශ්න එනම් පෙසප/අවිවිශිබම සුමනසිරි ලියනගේ සමග සම්බන්ධකම් පවත්වන්නේ ඇයි ද, ආදි දේ ට පිළිතුරු දීම / නො දීම, පෙසපයේ/අවිවිශිබමයේ වැඩකි. එය මට අදාළ කරුණක් නොවේ.)

Comments are closed.