[dropcap color=”yellow”]ම[/dropcap]හාචාර්ය සදරුවන් සේනාධීර මහතාට අනුව කොළඹ මැද පංන්තිය අතර අසූව දශකය තුළ ජනප්‍රිය කතිතාකවක් වූයේ ‘ලිබරල්වාදයයි’. ලිබරල්වාදයේ මූලයන් ඇත්තේ යුරෝපයේය. මතවාදයක් ලෙස එය ආරම්භ වූයේ ආගමින් මිදී ලෞකික ජීවිතයක් ප්‍රාර්ථනා කිරීම තුළය. පසුව එම අදහස ආයතනගත විය. තවත් සමහර තැන්වල එය රාජ්‍ය බලය පවා ලබා ගත්තේය. මෙම මතවාදයේ ප්‍රධාන ගැටළුව පියදොර් දොස්ත්‍රොව්ස්කි සංයුජ කරණය කලේ මෙසේය. ‘අපට දෙවියන් නැත්තම් ඕනෑම දෙයක් කළ හැක. අවශ්‍ය නම් මිනී මැරීමට පවා නිදහස ඇත.’ මේ නිසාම ලිබරල් මිනිසාව ඇතුලෙන් නිස්සාර වෙයි. රජීව් විජේසිංහ අසූව දශකයේ ලිබරල්වාදියෙකු මහින්ද ච්න්තනය සමග ජාතිවාදායෙකු වූයේ මෙම නිස්සාරත්වයෙන් ගැලවීමටය.
ලිබරල්වාදය තුළ විනෝදයට සීමාවක් නැත. එබැව්න් හිස්ටෙරිකයෙක්ට ලිබරල්වාදය තුළ ඉඩක් නැත. හිස්ටෙරිකයෙකුට පැවැත්මක් ඇත්තේ මාස්ටර්වරයෙකු සිටින විටය. ලිබරල්වාදයට මාස්ටර්ලා නැත. සිටන්නේ විනෝදවන්නන් පමණි. ලෝකයේ පළමු වතාවට ලිබරල් පක්ෂයෙන් ඉවත් වූ සාමාජිකාවක් වාමාංශික සංවිධානයකට බැදුනේ නම් ඒ X කණ්ඩායමටය. 1998 වසරේ ලිබරල් පක්ෂයෙන් ඉවත් වී X එකට බැදුන සාමාජිකාවක් එයට හේතුව මෙසේ ඉදිරිපත් කළාය. හැමදේකටම නිදහසක් තියෙන තැනක ආශා කරන්න අවකාශයක් නැහැ. එතැන කිසිම දේකට තහනමක් නැහැ. මෙතන හැමදේකටම තහනමක් තියෙනව. මෙතැන හොදයි. අඩුම ගානේ ආශාව හරි මට ලැබිලා තියෙනව.
ඊට වසර හයකට පමණ පසු ඉහත සාමාජිකාව X කණ්ඩායමේ සාමාජිකයෙකු සමග විවාහ වී සංවිධානයෙන් ඉවත් වී මහියංගණ ප්‍රෙද්ශයේ ජීවත් වෙයි. ඉදහිට ඇය කැන්සාස් වල ජීවත් වන තම මිතුරියෙකුට ද දුරකථනයෙන් කතා කරයි. කොළඹ නගරයට වඩා මහියංගණය මනුෂ්‍යවාසයට කොතරම් සුභදායි දැයි කියා දුන් X කණ්ඩායමට තවමත් ඇය තුති පුදයි. ලිබරල් පක්ෂය ඇයට හෘර්දයාංගම ලිබරල් සැමැයෙකු මුණ ගැස්සවූයේ නැත. එය කළේ X කණ්ඩායමයි.