ෙමවර මෙම තීරුව මා වියදම් කරන්නේ පශ්චාත් නූතන වාදය පිළිබඳ ලිවීමකටය. එය කිසිෙස්ත් ශාස්ත්‍රීය හීනමානයෙන් පෙළෙන ඊනියා බුද්ධිමතුන් කීප දෙනෙකු පසුගිය දවසක සිළුමිණ ශාස්ත්‍රීය සංග්‍රහය තුළින් කර තිබූ නන්දෙඩවිලිවලට පිළිතුරක් නොවේය. ඔවුන්ට අනුව පශ්චාත් නූතනවාදය යනු එක්කෝ ඩෙරිඩාය. නැත්නම් X කණ්ඩායමය. එෙහමත් නැත්නම් මේ තීරුවට මා ලියන පොත් විචාරය. ශ්‍රී ලංකාවට පැමිණියේ සැබෑ පශ්චාත් නූතනවාදයද? යන ප්‍රශ්නයම නිවැරදි නොවන බව වටහාගත් එක ද විද්වතෙක් ඔවුන් අතර ෙනාවීය. නිර්මාල් සහ ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි යන මහත්වරු මෙවැනි තකතීරු ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට යාමෙන් පඹගාලක පැටලී ගත්හ.
මෙහිලා මා ලියන දේ පුනරාවර්තනීය වීම පිළිබඳ කළ හැකි කිසිවක් නැත. දසකයක පමණ කාලයක් තිස්සේ කියන දේවල් ඔවුන්ට තවමත් ඇසී නැත්නම් ඒවා නැවත නැවත කීම හැර වෙන කුමක් කරන්නද? ඉතාම හාස්‍යජනක දේ නම් බටහිර නව සාහිත්‍ය ප්‍රවණතා යනුවෙන් ඔවුන් ෆැන්ටසිකරණය කරන මනස්ගාතවලට පශ්චාත් නූතනවාදී ලේබල් ගැසීමය. පශ්චාත් නූතනවාදී සාහිත්‍ය විචාරය යනුවෙන් වූ දෙයක් තිබෙන්නේ මේ ඊනියා විද්වතුන්ගේ හිස්ගෙඩි තුළ පමණකි. පශ්චාත් නූතන වාදය යනු බටහිර කොහේ හෝ තිබෙන කේක් ගෙඩියක් බඳු කිසිවක් නොව සමාජ ප්‍රවාහයන් බව ඔවුහු නොදනිති. එපමණක් නොව තමන් ද මේ පශ්චාත් නූතන මොහොත නැතහොත් පසු ධනවාදී සංස්කෘතික තර්කනයේ ගොදුරු බවට පත්ව තිබෙන බව ද මේ වැදගත් මහත්වරුන්ට වැටහී නැත.
ප්‍රශ්නය නම් අප රට තුළ පශ්චාත් – නූතන සමාජයක් බිහිවී තිබේද? යන්නයි. එය එසේම වන බව පමණක් නොව විකල්ප මතධාරීන්ට පශ්චාත් – නූතන හංවඩුව අලවන මේ උගතුන් ද තමන් නොදැනම පශ්චාත් – නූතන සමාජය ලෙස පවතින බව කිව යුතුය. පශ්චාත් – නූතන සමාජය සහ පශ්චාත් – නූතන සංස්කෘතිය එකිනෙක මත යැපෙන ප්‍රපංචයන් බව පැහැදිලි වන විට මේ ඊනියා උගතුන් නිරුවත් දෙවිවරුන් වන බව තහවුරු වනු ඇත.
පශ්චාත් – නූතන යන්නෙහි නියම අරුත නම් ආර්ථිකයේ සිට දේශපාලනය දක්වා වූ සියල්ල සංස්කෘතිකකරණය වීමය. මේ නිසා පශ්චාත් – නූතන වාදය අප හඳුනාගන්නේ සංවර්ධනය වූ අවස්ථාවක ධනවාදයේ සංස්කෘතික මුහුණුවර (cultural face of late capitalism) වශයෙනි. ෆෙඩ්රික් ජේම්සන් නම් මාක්ස්වාදී විද්වතා අර්නස්ට් මැන්ඩෙල්ගේ පසු ධනවාදය (late – capitalism) පිළිබඳ සංකල්පය අනුව පශ්චාත් – නූතනවාදය යනු පසු ධනවාදයේ සංස්කෘතික තර්කනය ලෙස විස්තර කරයි.
බොහෝ න්‍යායධරයන්ට අනුව සමකාලීන සමාජය කැබලි වී යයි. එක් පැත්තකින් එම සමාජය බහුත්වවාදී වද්දී අනික් අතට එය අතිශය පුද්ගලවාදී ද වේ. මේ නිසා සිදුවී ඇත්තේ ජාතික රාජ්‍ය සහ ඒකාධිකාරී ජාතික සංස්කෘතීන් පිරිහීමය. දේශපාලනික, ආර්ථික සහ සංස්කෘතික ජීවිතය බරපතළ ලෙස ගෝලීය බලපෑමට නතු වී ඇත. මේ නිසා පරිවාරයේ රටවල්වල උප ජාතීන් සහ ප්‍රාදේශීය සංස්කෘතීන්ට අලුත් වැදගත්කමක් ලැබී තිබේ.
අද කාලයේ ප්‍රධාන දේශපාලන පක්ෂවල දේශපාලනික බව වියැකී ගොස් ඒවා හුදු සංස්කෘතික ව්‍යාපාර බවට ඌනනය වී නොමැත්තේ ද? අද දේශපාලන පක්ෂ යනු ජාතිය, වර්ගය, ලිංගිකත්වය, පළාත ආදිය පදනම් කරගත් සමාජ ව්‍යාපාරය. නූතනවාදී සමාජ භාවිතාවන් තුළ පන්තිමය වශයෙන් පැවති සාමූහික අනන්‍යතාවන් කඩා වැටී බහුත්වවාදී වූ සියුම් අනන්‍යතාවක් ජනප්‍රිය වී ඇත. ජාතික සංස්කෘතිය සහ ජාතික අනන්‍යතාව පිළිබඳ සංකල්ප වෙනුවට බිහි වී ඇත්තේ ජනවර්ග මත පදනම් වූ සංස්කෘතීන් පිළිබඳ වුවමනාවන්ගෙන් ආතුර වූ සමාජ කණ්ඩායම්ය.
පශ්චාත් නූතනවාදය බිහිකරන සමාජය එයයි. කලකට පෙර ප්‍රබල වාම ක්‍රියාධරයන් බවට පත්ව සිටි සාහිත්‍යකරුවන් කවීන්, ආචාර්ය මහාචාර්යවරුන් අද දරුණු දේශප්‍රේමීන් බවට පත්වී නොමැත්තේද? එකල ඔවුන් සිටි නූතනවාදී සමාජ ව්‍යාපාර ගොඩනැඟුණේ පන්තිමය ලෙස පෙළ ගැසුන සාමූහිකත්වය පදනම් කර ගත් ඒවා ලෙසය. එම ව්‍යාපාර තුළ ආගමට හෝ ජාතියට වැදගත් කමක් තිබණේ නැත. අද වන විට මෙම අතීත වාම කැරලිකරුවන්ට වාර්ගික හෝ ආගමික අනන්‍යතා පිළිබඳ කැක්කුමක් ඇතිවන්නේ කෙසේද? හේතුව අන් කිසිවක් නොව පශ්චාත් – නූතන මොහොත පසු කරමින් සිටීමය.
ඇත්ත. සාමූහිකත්වය යනු නූතනවාදයට අයත් කිසිවකි. අතිශය රැඩිකල් වාමවාදී ව්‍යාපාරවල සිට ඔවුන් ජාතිකවාදී මනස්ගාත සහ ඊනියා කාම විරෝධී ව්‍යාපාර කරා පීලිපැනීම හාස්‍යජනකය. මනුෂ්‍ය ලිංගිකත්වය කුණු හරුපයක් කර ගනිමින් උපාසක මහත්වරුන් බවට රූපාන්තරණය වී සිටින මේ ඊනියා විද්වතුන්ට කලකට පෙර අත්පොතක් වුණේ එංගල්ස් ගේ “පවුල, පෞද්ගලික දේපළ හා රජය ඇතිවූ සැටි” නමැති මහා ලියවිල්ලය. අද එය පවා ඔවුන්ට කුණුහරුපයකි.
මේ ඊනියා උගතුන් ආගම, ජාතිය, දේශප්‍රේමය භාවතිෂය ලෙස උත්කර්ෂයට නැංවීමෙන් කරන්නේ ඒවා සඳහා වටිනාකමක් නැතහොත් මිලක් නිර්මාණය කිරීමය. පශ්චාත් – නූතන සමාජය තුළ මේ සියල්ල සංස්කෘතික භාණ්ඩ (Cultural Commodities) බවට පත්වී අලෙවි වේ. ඊළඟට ඔවුහු ලිංගිකත්වය පමණක් නොව සියලු සංස්කෘතික ධාරණාවන් භාවාතිෂය විකාර බවට පත් කර ඇත. දේවල් ඊට වඩා වූ දේ ලෙස ගැතිකමෙන් සමකාලීන සමාජය කල්පනා කරන්නේ ලිංගිකත්වය තහංචි පැනවිය යුතු මනස්ගාතයක් ලෙසය. අප වැඩියෙන් තහංචි පනවන්නේ වැඩියෙන් ආසක්ත වන දේ මතය. එදා (නූතනවාදී සමාජය තුළ) නිදහසේ ප්‍රදර්ශනය කළ දේ පවා කොටු දමා වසා දමන්නේ මන්ද?
පශ්චාත් – නූතනවාදය පිළිබඳ න්‍යායධරයකු වූ බොඩ්‍රිලාර්ඩ් (Baudrilard) පැහැදිළි කළේ ඇමෙරිකාව තුළ ඩිස්නිලන්තයක් පිහිටුවීම මඟින් සැබෑ ඇමෙරිකාව වසා දමන බවය. ඩිස්නිලන්තය පරිකල්පනිය ස්ථනයක් ලෙස ඉදිරිපත් කිරීමෙන් ඉතිරි හරිය “සැබෑ” යයි විශ්වාස කරන ලෙස අපට බලකරයි. එහෙත් බොඩ්‍රිලාර්ඩ් සේම උම්බර්ටෝ එකෝ පැහැදිලි කරන පරිදි ලාස් වේගාස් හෝ ඇමෙරිකාව සැබෑවක් නොවේ.
පශ්චාත් – නූතනවාදයේම ගොදුරු බවට පත්වී නන්දොඩවන මේ ඊනියා උගත්තු ද සමාජයෙන් යමක් වසන් කිරීමට වෑයම් කරති. ඔවුන්ගේ තහංචි පැනවීම තුළ එළියට පනින්නේ ලිංගිකත්වය පිළිබඳ උත්කර්ෂණයයි. පශ්චාත් – නූතන තත්ත්වය පිළිබඳ මෙබඳු කෙටි ලිපියකින් කළ හැකි සරල පැහැදිලි කිරීම එයයි.
(මෙම ලිපිය ලිවීමේදී මෙම ලියුම්කරු මීට පෙර ලියන ලද සින්ඩෙරැල්ලාගේ සපත්තුව කෘතියේ එන ලිපි උපයෝගී කරගන්නා ලදී.)
සමන් වික්‍රමාරච්චි
Silumina
ඇමරිකාව පශ්චාත් නූතනවාදය ආදී අමාරු දේවල් එක්ක අපේ රටේ සංස්කෘතිය සංසන්දනය කරනවාට වඩා ලේසියි 1815ට පෙර ලංකාව තිබුන තත්වය එක්ක දැන් තිබෙන තත්වය සංසන්දනය කරන එක. එදා ලංකාවෙ සාහිත්‍යයට තිබුනෙ එකම එක මාතෘකාව ආගම..ස්ත්‍රී ලාලිත්‍ය පවා ලියන්නෙ ආගමික කෘති අස්සෙ…
මිනිසුන්ට තිබුනෙ පුද්ගලානුබද්ධ දේශපාලනයක්. කවුද රජා කියන එක මිසක් රජා කරන දේ කාටවත් වැදගත් වුනේ නැහැ.
මම හිතන්නෙ නැහැ මේ පවතින ලංකාව ඇමරිකාව හෝ පශ්චාත් නූතනවාදය එක්ක ගැලපීම සාර්ථකයි කියලා..
මේක වඩාත් ගැලපෙන්නෙ අපේම අතීතයට…සුද්දන් ලංකාවට එන්න කලියෙන් තිබුන තත්වයට මේ තත්වය කදිමෙට සමපාත වෙනවා. මිනිස්සු ඔහේ කාල බීල රජතුමා සහ නිලමෙවරු කරන දේවල් ඉවසා වදාරගෙන ඉන්නවා.
ඒකාලෙ පේස්බුක් හෝ මේ වගේ මාධ්‍ය තිබුන නැති නිසා හරියටම මේ කියන වියන්ගොඩ,දීප්ති,සමන් වගේ දාර්ශනිකයෝ හිටියෙ නැහැ. එදාත් මේ වගේ නිකං ඉන්න ගමන් ගිහින් බලා සැනසෙන්න අවකාශයක් තිබුනා නම් 1815 ට පෙර ලංකාවෙත් මේ වගේ දාර්ශනික කතාබහ ඇතිවෙන්න ඉඩ තිබුනා.
Comments are closed.