පුලස්ති ලිවේරා සහෝදරයා විසින් මෙහෙය වන ‘පොතක් ගැන කතාවක්’ යන වැඩසටහනේ දී, දැනට මා විසින් ලියාගෙන යන පොතක සැකිල්ල ඉදිරිපත් කරන ලදී. ඒ ගැන විවාදයක් බිහි කර, එමඟින් කෘතියේ අන්තර්ගතය තවදුරටත් වර්ධනය කිරීමට මම අදහස් කරමි. ලංකාවේ ආදරය න්‍යායගත කිරීම පිළිබඳ කෘති ඉතිහාසය පහත පරිදි ය.

 

1. ආදරයේ යථාර්ථය– රෝහාන් පෙරේරා- 1985

2. ප්‍රේමය පසසනු වස්- කෞශල්‍ය කුමාරසිංහ,

         විදුර ප්‍රභාත් මුණසිංහ- 2013 (ඇලන් 

         බදියුගේ සංවාදයක පරිවර්තනයකි)

3. රෝමාන්තික ප්‍රේමයේ ලාංකේය ගතිකයන් 

        සොයා යෑම – 2021; ප්‍රදීප් ජෙගනාදන්, 

        කෞශල්‍ය කුමාරසිංහ, විදුර ප්‍රභාත් මුණසිංහ 

 

                       කෘතියේ මූලික ව්‍යුහය වන්නේ, ආදරයේ ‘සාරාර්ථය’ සෙවීම වෙනුවට එහි ප්‍රතිවිරෝධයන් මතු කිරීමයි. එනම්, What is Love?  යන අදහසයි. මාටින් හෛඩගර් නම් ජර්මානු දාර්ශනිකයා කළ පරිදි, යමක ‘සාරය’ සෙවීම වෙනුවට වචන සහ දේවල් අතර ඇති පෑස්සිය නොහැකි පරතරය මතු කිරීම මඟින් ආදරයට අදාළ Is යන අදහස විසංයෝජනයට ලක් කිරීම, කෘතියේ මූලික ප්‍රවේශය යි. එමඟින්, ආදරය සංශයට භාජනය කිරීමත්, ආදරය නිදහස ලෙස වර්ගීකරණය කිරීමත් ප්‍රශ්න කෙරේ. ඉන් අදහස් වන්නේ, ආදරය සහ විපරිතභාවය අතර වෙනස අවධාරණය කිරීමයි. එනම්, ‘ආදරය’ යනු, කේවලත්වයක් ය යන අදහස.

                       ඊළඟට, ලැකාන්ගේ ආප්තයක් වන ‘ලිංගික සබඳතා’ යනුවෙන් දෙයක් නොමැත, ඒ නිසා ඔබ ලිංගිකත්වයේ දී ජීවත් වන්නේ හුදෙකලාවේ යන නිල් චිත්‍රපට යථාර්ථයට විකල්පයක් සෙවිය හැක්කේ කෙසේ ද යන්න සාකච්ඡා කරනු ලැබේ. එනම්, ලිංගික සබඳතා නම් ශූන්‍යතාවය වෙනුවට ආදරයේ හමුවීම විභාග කෙරෙයි. එය, සදාචාරවාදී හෝ සංශයවාදී හෝ ස්ත්‍රීවාදී හෝ එකක් නො වන්නේ කෙසේද? ආදරයේ සංස්කරණමය තත්වය ඉන් අවධාරණය වෙයි. එනම්, ආදරය යනු, යථාර්ථයේ සාක්ෂාත් නොවන ආත්මීයත්වය (Ontological) තුළ විකසිත වන්නක් බව පෙන්වීමයි. ආශාව අනෙකාගේ ශරීරය දෙසට නාභිගත වන විට දී, ආදරය ප්‍රතිදිශාණත වන්නේ ආත්මය- subject- දෙසට ය. මේ හේතුව නිසා, ආදරය මඟින් ජීවිතයේ සාමකාමී බව අවදානමකට ලක් වෙයි.

                        සාරාංශගත කර කිවහොත්, ආදරය ස්වායත්තයෙන් නැතහොත්, සාරාත්මක බවින් (Thing- in itself) ආත්මීය පැත්තට හැරවීම නොහොත් විනෝදයේ මානයට විස්ථාපනය කිරීම කෘතියේ මුඛ්‍ය සංවාද තලය යි (Ethical Dementia). ඒ සඳහා, සිග්මන් ෆ්‍රොයිඩ්ගේ ‘දරුවෙකු පහර කෑමට ලක් වෙයි’ නම් ෆැන්ටසිය ආධාර කර ගැනීමට අදහස් කරනු ලැබේ. මේ ෆැන්ටසිය මඟින් අවධාරණය වන්නේ, ‘වැඩිහිටි ලිංගිකත්වය’ සහ ‘නොදරුවාගේ ලිංගිකත්වය’ අතර දයලෙක්තික සම්බන්ධයක් ගොඩ නැගීමයි. පශ්චාත්-නූතන ධනවාදී සමාජයක ජීවත්වන බහුතර වැඩිහිටියන්ගේ ජීවිතය සුඛපරමවාදයක ගිලී ගොස් ඇති නිසා, ඔවුන්ගේ යථාර්ථය ඒකාකාරී ය, අලස ය, නීරස ය, සැක කටයුතු ය.

                        ඉහත හේතුව නිසා, පශ්චාත්-නූතන ආත්මය තමා අවට කටුක යථාර්ථය දෙකට පලා, යථාර්ථ දෙකක් [2 Realities]නිපදවනු ලැබේ. ඉන් එකක් නම්, වැඩිහිටි ලිංගිකත්වයක්-adult sexuality- වන අතර අනෙක ළමා ලිංගිකත්වයකි- infantile sexuality [infantile sexuality acknowledged the existence of sexual stimuli that involve specific body areas and phases of development (oral, anal, and genital) in which the individual seeks pleasure independently of a biological function. …]-. එම නිසා, ආදරය සහ ලිංගික කාරණා වල දී, පසුආවර්තිතව ළමා කාලයේ පරිපූර්ණත්වය හිමි වූ තොදොල් භාෂාවට යොමු වෙයි. [intimate inside experienced as an externalize]එය, මවගේ සුරක්ෂිත ගර්භාෂයට යළි යාමට දරණ උත්සාහයකි.

                     ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘තුන්වැනි යාමය’ චිත්‍රපටයේ, පර්සිගේ භූමිකාව සතු ෆැන්ටසිය අපි උඩු යටිකුරු කරමු. චිත්‍රපට ආඛ්‍යානයට අනුව, කුඩා දරුවෙකු රාත්‍රියේ නින්දෙන් අවදි වී තම දෙමාපියන්ගේ නිදන කාමරයට ඇතුළු වන විට දී, ඔවුන් රමණයේ යෙදෙමින් සිටිනවා දකියි. පියා විසින් දරුවාට කෝපයෙන් පහර දෙයි. ඔහුගේ වැඩිහිටි ලිංගිකත්වය සහ විවාහය විනාශයකින් කෙළවර වෙයි. ඒ, 80 දශකයේ යථාර්ථය යි.[reality]

Psychoanalysis. View of a woman lying on a couch during a psychoanalytic session. The psychoanalyst sits behind her writing notes. This form of therapy is directed toward the understanding, cure and prevention of mental disorders. Psychoanalysis may be used for intervention in a sudden crisis, or can be conducted over a prolonged period in relation to deep-seated emotional problems. This type of analysis was developed by Sigmund Freud at the beginning of the 20th century.

                   නමුත්, සමකාලීන පශ්චාත්-නූතන යථාර්ථය තුළ සිදු වන්නේ, සිදුවීමේ කාලානුරූපය ප්‍රතිලෝම වීමයි. එනම්, ලිබරල් සමාජයක ලිංගික නිදහස සහිතව ජීවත් වන පර්සිට තම යථාර්ථය එපා වෙයි. [Real] ඔහු ෆැන්ටසියක් නිපදවන්නේ, ඉන් ගැලවීමට ය. ඊට අනුව, ඔහු ළමා කාලයේ සිදුවීමක් මතක් කර ක්ෂතිමය අත්දැකීමකට ලක් වී, තම ජීවිතය අවුල් කර ගනියි. මේ යුගයේ දී, ආත්මයට බාහිර බාධා නැත. එබැවින්, ආත්මයට ආශාව මිය නොයා පවත්වාගෙන යාමට, ස්වයං-බාධාවක් [real] තමන්ගේ ආත්මීයත්වය තුළින් ම නිපදවා ගත යුතු වෙයි. සමකාලීන ප්‍රේම සබඳතා සහ විවාහයන්වල හිංසනය, වෛරය, සැකය අභ්‍යන්තරික එකක් වන්නේ ඒ නිසා ය.

                    ඉවාන් තුර්ගනියෙව්ගේ ‘ප්‍රථම ප්‍රේමය’ නම් කෙටි කතාවේ දී අප අවධාරණය කරන්නේ, පියා සහ පුතා අතර එකම ආදර වස්තුවක් අරබයා ඇති වන ඊර්ෂ්‍යාව නොවේ. එනම්, සංකේතීය පීතෘ ඝාතනය නොවේ. තමන්ගේ විනෝදය තම පියා හෝ ඔහුගේ ආදේශකයක් විසින් පැහැර ගනු ඇත යන ‘පූර්වජ පියාගේ’ ෆැන්ටසිය විපරිත එකකි. නමුත්, ඒ වෙනුවට මෙහි ඇත්තේ, පියාගෙන් පහර කෑමට ලක් වූ ‘සිනේඩාට’ අදාළ ආත්මයට ආදරය කිරීමයි. එනම්, පීතෘ ක්‍රියාවේ අර්ථය වෙනුවට පියා සලකුණු කළ තුවාලය දෙසට අවධානය යොමු වෙයි. එය, ස්ත්‍රී ආලය යි.

                    නූතන වැඩිහිටි ලෝකය තුළ පවතින වැඩිහිටි ලිංගිකත්වය ‘ෆ්‍රොයිඩියානු අවිඥාණය’ විසින් නො දරුවෙකුගේ ලිංගිකත්වයක් බවට පරිවර්තනය කරයි. එම, ළමා ලිංගික සබඳතා (ඩේවිඩ් ලින්ච්ගේ චරිත මෙන්) අහවර වූ තැනින් බිහි වන හිස්තැන පුරවා දමන ආදරය, කුමන ආකෘතියක් ගත යුතු ද? ආදරයේ අනාගතය වැටී ඇත්තේ, එම මාවතට ය.

Deepthi kumara Gunarathne

අප සමග එකතු වන්න! 

=======================

මේ වන විට, පක්ෂයේ ප්‍රධාන කාර්යාලය මාළඹේ පිහිටා ඇති අතර ඒ සඳහා ස්ථාවර දුරකතන අංකයක් ඇත. ව්‍යාපාරික කටයුතු හරහා අපට සම්බන්ධ වීමට කැමති අය සහ ආයෝජන අවස්ථා හොයන අය අනුෂ්ක[අධ්‍යාපනය සහ මනෝවිශ්ලේෂණයද ඇතුලත්ව]අමතන්න. විදේශ රටවල සිටින ජනයා මිහිරාන්ගේ අංකයට අමතන්න. ”විමසීම්” සඳහා බුද්ධිකගේ අංකයට කතා කරන්න. ප්‍රචාරක කටයුතු සහ ප්‍රචාරක සංකල්ප සඳහා නුවන්ගේ අංකයට කතා කරන්න. 

Anushka- 0777189471.

Nuwan – 0715324110.

Buddika – 0777189506.

Mihiran – 0777189465.

ඔබේ අදහස කියන්න...