ලංකාවේ ආර්ථික විද්‍යාඥයන්ගේ සහ විවිද කළමනාකරණ අධ්‍යක්ෂයන්ට අදාළ විශේෂඥයන්ගේ අතිමූලික දෝෂය වන්නේ ඔවුන් රටේ සාර්ව ආර්ථික ප‍්‍රතිපත්ති ”යහපත් මනුෂ්‍යයා” (Good Person) යන නිර්ණායකය මත රඳා පැවතීමට ඉඩ දීමයි. බාහිර සමාජ සාධක ගැන වඩා සංවේදී, ආර්ථික සහ කළමනාකරණ විෂයෙහි තීරණාත්මක අදහස් එඩිතරව ප‍්‍රකාශ කරමින් සිටින බුද්ධිමතෙක් ලෙස මහාචාර්ය මිල්ටන් රාජරත්න මහතා මාධ්‍ය අතර ප‍්‍රසිද්ධය. මේ පහත පළ වන්නේ ලංකාවේ මේ වන විට පවතින ආර්ථික තත්ත්වය ගැන ඔහුගේ නිඟමනයන්ය.
”රටක ආර්ථිකය ගැන තක්සේරුවකට එන්න වැදගත් දර්ශක රාශියක් තියෙනවා. ආර්ථික වර්ධනවේගය ඒ අතර එකක්. පසුගිය ආණ්ඩු කාලයේ 5 – 6% මට්ටමට පහළ වැටිලා තියෙනවා කියලා මේ අය චෝදනා කළ ආර්ථික වර්ධන වේගය මහ බැංකු වාර්තාව පෙන්වා දෙන විදිහට දැන් 4%ට විතර පහළ වැටිලා තියෙනවා. ඒ අනුව ආර්ථික වර්ධන වේගය අඩුවෙලා තියෙනවා… අද වන විට මිනිසුන්ට වියදම් කරන්න තියෙන මුදල් ප‍්‍රමාණය අඩුවෙලා තියෙනවා.එක පැත්තකින් වියදම් කරන්න තියෙන මුදල් අඩුවෙලා තියෙද්දී අනික් පැත්තෙන් උද්ධමනය මේ විදිහට වැඩි වෙද්දී රටේ මිනිස්සු පෑගිලා තෙරපිලා ජීවත් වෙන බව තමයි පෙනෙන්නේ. මේ අවුරුදු දෙකහමාරට වුණේ මහජන ආතතියක් ඇති වුණ එක විතරයි – අද මහජන ආතතියක් ඇති වෙලා, ආවය, පිටුව 11 –
තාර්කික ආර්ථික මිනිසකු පිළිබඳ අදහස් දක්වන මහාචාර්යතුමා නැවත ඉහත සම්මුඛ සාකච්ඡුාව තුළම මෙසේ ප‍්‍රකාශ කරයි.
”අපි දැක්ක සරත් ෆොන්සේකා මහත්තයා කියනවා තමන්ට අඩුගාණේ ලක්ෂ හාරසිය පනහකවත් වාහනයක් ඕනෑ. නැති නම් මහජන සේවය කරන්න අමාරුයි කියලා. ඒ වගේම ඔහු කිව්වා, අනික් අය භාවිත කරන වාහන ඊටත් වඩා කෝටි ගණනක් වටිනවා කියලා. ”
ඉහත ලිපිය –
මහාචාර්යතුමාගේ ඉහත අදහස් දැක්වීම ආර්ථික විද්‍යාවේ මූලධර්මවලට අනුව ගත් විට සත්‍යයක් වුවත් නූතන ධනවාදී ආර්ථික මූලධර්ම අනුව පරස්පරය. එමඟින් අපට අත්පත් කරන්නේ විරුද්ධාභාසයක් පමණි. මහාචාර්යවරයාට අනුව එක් පැත්තකින් සබුද්ධික ආර්ථික මිනිසෙක් [පුරවැසියෙක්] සිටියි. අනෙක් පැත්තෙන් සිටින්නේ සරත් ෆොන්සේකා වැනි මිනිසුන්ට ආදරය කරන සිංහල ඡුන්දදායකයෙකි. මෙම පරස්පරය මඟින් සම්මත ආර්ථික විද්‍යාව සතු නිර්ණාකයත් අසාර්ථික කරයි. මන්ද මහාචාර්යතුමාගේ ආර්ථික විද්‍යා පදනම යහපත් ආර්ථික ජීවිතයක් ගත කරන මිනිසකු මත සාංකල්පිතව රඳා පවතින බැවිනි. එහි හරය තුළ එහිම පරස්පරය ආත්ම කොට ගනියි.
සම්ප‍්‍රදායක ආර්ථික විද්‍යාවේ මූලධර්ම පවා නිවැරැුදිව කි‍්‍රයාත්මක කිරීමට නම් ‘ආර්ථිකය’ මත පදනම් වන මනුෂ්‍යයා පිළිබඳ දෘෂ්ටිය අප වෙනස් කළ යුතුය. අප ජීවත් වන සමාජ ජීවිතයට අදාළ ආර්ථිකය බූර්ෂුවා එකක් පමණක් නොව එය ධනවාදී එකකි. එබැවින් මෙවැනි සමාජයක පවතින මූලික ඒකකය වන පවුලේ ආර්ථිකය ජාතික ආර්ථිකයට එරෙහිව පවතියි. මේ දෙක අතර යහපත් සමෝධානයක් නැත. මේ ආර්ථික ව්‍යුහ දෙක අතර ඇත්තේ සංහිඳියාවක් හෝ සුසංවාදයක් නොව ගැටුමකි. උදාහරණයක් ලෙස ලංකාවේ බදු අය කර ගැනීමේ ප‍්‍රතිපත්තිය සලකා බලමු. රාජ්‍යයේ ආදායම් පියවා ගැනීමේදී වඩාත්ම තාර්තික පදනම ඇත්තේ බදු අය කර ගැනීමේ කි‍්‍රයාවලිය තුළය.
ලංකාවේ බදු අය කර ගැනීමේ කි‍්‍රයාවලිය සංවිධානය කරන දේශපාලකයන් සහ රාජ්‍ය නිලධාරීන් අවිඥානිකව යොමු වී ඇති කාරණය වන්නේ මිනිසුන් නිරායාසයෙන්ම රාජ්‍යයට පක්ෂපාතී යන්නය. යුද්ධයක් (සිවිල්) ජයග‍්‍රහණය කළා යැයි සිතන ජනකායක් සිටින රටක එවැනි ආකල්පයක් තිබීම නරක නැත. නමුත් රටක බදු ප‍්‍රතිපත්තිය කාර්යක්ෂම කර ගැනීමට අවශ්‍ය නම් මනුෂ්‍යයා පිළිබඳ සදාචාරවාදී අදහස (අඩුම වශයෙන් දේශපාලකයා) වෙනස් කර ගත යුතුය. මිල්ටන් රාජරත්න මහතා ආර්ථිකය තුළ නොසලකා හරින්නේ මනුෂ්‍යයා පිළිබඳව නිරායාසයෙන් තුළ ගිලී ඇති සදාචාර මතයයි. රජය විසින් සහ සිවිල් සමාජය විසින් ප‍්‍රකට කරන ප‍්‍රචාරවලින් අපට හැෙඟන්නේ ‘රජය ජනතාවට අයිති’ය යන අදහසයි. මෙම අදහස ලිබරල්වාදීන් විශ්වාස නොකරන බව සැබෑය. නමුත් බොහෝ දේශපාලකයන් සහ රාජ්‍ය නිලධාරීන් විශාල ප‍්‍රමාණයක් මෙම මතයේ එල්බගෙන සිටිති. රජයට වංචා කිරීම, රජයේ දේපළ කොල්ලකෑම හෝ තම යුතුකම් පැහැර හැරීම ලැජ්ජා විය යුතු කරුණක් ලෙස නොව, ප‍්‍රශංසා කළ යුතු දෙයක් වශයෙන් සලකන තත්ත්වයකට අද සිටින බහුතරජනයා පත්ව සිටින බව අප පිළිගත යුතුය. මෙවැනි හැසිරීම්වලින් වැළකී සිටින්නෝ මෝඩයන් සේ සැලකෙති. (සමහර වාමාංශික සංවිධාන ද ඇතුළත්ව) රාජ්‍ය සතු දුම්රියක ගාස්තු නොගෙවා ගමන් කිරීම ත‍්‍රාසයක් ලෙස සමහර තරුණයන් සලකති. පසුගිය දශක 4ක පමණ කාලය තුළ වංචාව, දූෂණය, රැවටීම, හොරකම බහුතරය දකින්නේ දක්ෂකමක් ලෙසිනි. මෙම නව ආකල්පමය පෙරළිය තවම ලංකාවේ ආර්ථික විද්‍යාඥයන් විෂය බද්ධව නොදනිති.
සැබෑ තත්ත්වය ඉහත ආකාරයට පෙළගැසී ඇත්නම් බදු අය කර ගැනීමේ රාජ්‍ය ප‍්‍රතිපත්ති සකසන්නන් තමන්ගේ අදහස් රැුඩිකල් විපර්යාසයකට ලක් කළ යුතුය. වෙනදා බදු අය කර ගැනීම පදනම් කරනු ලැබූයේ යහපත් මනුෂ්‍යයකු අරමුණු කරගෙනය. ඒ වෙනුවට අප මෙසේ සිතිය යුතුය. පුරවැසියන්ගෙන් සෑහෙන පිරිසක් බදුවලින් බේරීමට දැඩි වෙහෙසක් ගනු ඇත යන අදහස පෙරදැරි කරගෙන බදු අය කර ගැනීම ප‍්‍රතිශෝධනය කළ යුතුය. මේ තත්ත්වය යටතේ, ස්වේච්ඡා වෙන් ඉදිරිපත් කරන ආදායම් ප‍්‍රකාශනයන් මත බදු අය කර ගත හැකි වෙතැයි යන විශ්වාසය මත බදු ක‍්‍රමය ගොඩනැංවීම යන්නෙන් අදහස් වන්නේ කුමක්ද?
මෙතැන දී නම් ලංකාවේ ආණ්ඩුව සිටින්නේ අහස් මාළිගා තනමින්ය. ආණ්ඩුව තමන්ට එකතු කර ගත හැකි ආදායම් ගැන බලාපොරොත්තු රඳවා ගැනීමෙන් කරන්නේ තමන්ම රවටා ගැනීමකි. අපේක්ෂා කරන බදුවලින් වැඩි කොටසක් ආණ්ඩුවට කවදාවත් ම අය කර ගැනීමට නොහැකි වනු ඇත. නමුත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානියා ඇතුළුව බදු නිලධාරීන් ආණ්ඩුව තරම් මෝඩ නැත. බදු ගෙවීම නොකරන තක්කඩියන් අතිවිශාල බව ඔවුන් දනිති. එබැවින් ඔවුන් පුද්ගලිකව බදු අය කරන ක‍්‍රමවේදයක් සකස් කරගෙන ඇත. බදු ගෙවීම් පැහැර හරින අය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට වාසනාව පාදා තිබේ. එහි ප‍්‍රධානියාගේ සිට සාමාන්‍ය බදු තක්සේරුකරුවා දක්වා සියලූදෙනා අන්ත දූෂිතයන්ය. නමුත් දේශපාලකයන් තවමත් සිතන්නේ ගතානුගතික ආකාරයකටය. ඔවුන්ට අනුව ජනතාව රාජ්‍යයට ආදරය කරයි.
ඉහත තත්ත්වයට යෝජනා කළ හැකි විකල්පය කුමක්ද? එනම් බදු ගෙවීම පැහැර හරින තක්කඩියන්ගෙන් ආර්ථිකය පිරී ඇත යන නිගමනය පිළිගනිමින් තත්වානුරූප බදු පද්ධතියක් ගොඩනැඟීමයි. මෙවැනි දර්ශනයක් මහජනයාට ඒත්තු ගැන්වීම පහසු නැත. මන්ද මිනිස් සන්තානය ගිලී ඇති වංචාකාරී ස්වභාවය ‘සම්මතය’ලෙස ගැනීමට එවිට අපට සිදු වන බැවිනි. බදු නීති සම්මත කරන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් ද, ඒවා කි‍්‍රයාත්මක කරවන විවිධාකාර බදු නිලධාරීන්ද, බදු ගෙවන කටයුත්ත අතිශය දැනුවත්ව පැහැර හරින පුද්ගලයන් ද එකිනෙකා දෙස බලමින් පහත ආකාරයේ ප‍්‍රකාශනයකට එකඟ වීමට බල කෙරෙති: බදු ගෙවන ශිෂ්ට සම්පන්න මෝඩයන් ඔවුන් ගෙවිය යුතු බදු කොහොමටත් ගෙවන බව අපි හොඳින් දන්නෙමු. නමුත් බදුවලින් මිදීමට අදිටන් කොට ඇති වංචාකාරීන්ගෙන් අප පනවන බදු අය කිරීමට කිසිදු අපේක්ෂාවක්වත් අපට නැත.
කළ හැක්කේ කුමක්ද?
ආදායම් බදු ගෙවන මෝඩයන් ප‍්‍රමාණය කුඩාය. අනෙක් පැත්තෙන් ආදායම් බදු නොගෙවන තක්කඩියන් ප‍්‍රමාණය අතිවිශාලය. ඒ නිසා බදු අය කර ගැනීම පිළිබඳ රාජ්‍ය ආකල්ප සදාචාරයෙන් විද්‍යාවට සමතික‍්‍රණය කළ යුතුය. එහෙත් බදු සදාචාරය පහළ මට්ටමක රටක රජයට කුමක් කළ හැකිද? කළ හැකි එකම දෙය වන්නේ බදු ගෙවන්නන්ගේ වත ගොත, එනම් ආදායම් මූලාශ‍්‍ර හා වියදම් කරන ආකාරය ගැන ඔත්තු සොයා බැලීමයි. සුඛෝපභෝගී ජීවිත ගත කරන අය ගැන බදු අධිකාරියට ඔත්තු සපයන මිනිසුන්ට දිරි දීමනා ලබා දිය යුතුය. ‘ආර්ථිකය’ පිළිබඳ සදාචාරවාදී අදහසෙන් අපට ඉවත් වීමට හැකි නම් මහා බැංකුව ඇතුළත්ව ආර්ථිකවිද්‍යා දර්ශක සහ දත්ත කෙතරම් බොරු ද සහ දෘෂ්ටිවාදීදැයි දැන් අපට පසක් වනු ඇත. එවිට මිනිසුන්ට ‘ආර්ථිකය’තුළ ආතතියකින් තොරව ජීවත් වන විවිධ මාදිලීන් ගවේෂණය කළ හැකිය. ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව මිල්ටන් රාජරත්න මහතාගේ අදහස් කෙතරම් මනස්ගාත දැයි අපට ඉහත ආකාරයේ ඔක්තු සේවයක් විසින් මැනැවින් විදාරණය කරනු ඇත.
//සුඛෝපභෝගී ජීවිත ගත කරන අය ගැන බදු අධිකාරියට ඔත්තු සපයන මිනිසුන්ට දිරි දීමනා ලබා දිය යුතුය.// ජර්මනියේ ආණ්ඩුවේ සහනාධාර ලබමින් ජිවත් වන අය කාරයක් එහෙම තියාගෙන සුඛෝපභෝගී විධිහට ඉන්නවද කියල ඔත්තු බලනවා.
Comments are closed.