මිළ 350.00- සරසවි නුගේගොඩ

අපගේ දේශපාලන සංවිධානය විසින් මාතෘකාගත කොට, අනතුරුව මහේෂ් හපුගොඩ සහෝදරයා විසින් බුද්ධිමය ශ්‍රමය වගුරා වියමන් ගත කරන ලද අදහස් සමූහයක් ‘මෙලන්කෝලියාව’ නමින් ග්‍රන්ථයක් ලෙස දැන් නිකුත් වී ඇත. පසුගිය දශක 2 කට වැඩි කාලයක් ශ්‍රමය වගුරා නිර්මාණය කරන ලද ‘සමාජ චින්තනය’ සඳහා පුද්ගලික අයිතිකරුවන් රැසක් පසුගිය දශකය තුළ අසාමාන්‍ය ලෙස මාධ්‍ය තුළ නිෂ්පාදනය විය. මින්, සමහරක් තක්කඩි මාධ්‍ය භාවිතාවේ ප්‍රතිඵලයකි. තවත් සමහරක්, 90 දශකය අග දී ව්‍යාපාරයට සම්බන්ධ වී පසුව ව්‍යාපාරයෙන් ඉවත් වී පසුව ‘සිවිල් පොරවල්’ බවට පත්වීමට උත්සාහ දරන සුළුතරයකගේ උපායික ප්‍රතිඵලයකි. අප ව්‍යාපාරයේ මුඛ්‍ය අරමුණ වූයේ ම ‘සිවිල් පොරවල් වීම’ නොව මිනිස් සමාජයේ දිය වී යාමයි.

                        උදාහරණයක් වශයෙන්, 2011 වර්ෂයට පසු ‘ජවිපෙ’ සිටි පිරිසක් ඉන් කැඩී වෙන් වී වෙනත් සංවිධානයක් බවට පත් විය. එහි නායකත්වයට ‘කුමාර් ගුණරත්නම්’ පත්විය. ඔහුගේ සංවිධානයට ව්‍යාජ ලෙස අලුත් න්‍යායික මෝස්තරයක් අවශ්‍ය විය.[Post-Marxism] ඒ සඳහා, අපගේ සංවිධානය තුළ සිටි පුද්ගලයකුගේ සේවය කුලී පදනමින් ලබා ගන්නා ලදී. මේ සඳහා, අදාළ පුද්ගලයා ‘පශ්චාත්-මාක්ස්වාදය’ ලෙස ඔහු සිතා සිටි මැලේ අච්චාරුවක් කුමාර් මහත්තයාට විකුණන ලදී. ඔස්ට්‍රේලියාව සහ ලංකාව අතර වැනි වැනී සිටි ඔහු ද වැඩේ නැඟලා යාවි යැයි අනුමාන කරන ලදී. මින් සිදු වූයේ, සාමාන්‍ය මහජනයා සහ Facebook මානසික රෝගීන් ‘පශ්චාත්-මාක්ස්වාදය’ ලෙස අලුතින් ප්‍රබන්ධ ලෝකයක් නිර්මාණය කිරීමයි. වැල යන පැත්තට මැස්ස ගැසීමට පුරුදු වී සිටි ව්‍යාජ බුද්ධිමතුන් සමූහයක් ද ‘අපගේ අදහස්වල’ මූලය අපගෙන් මකා ඊට බාහිරව ස්වාධීනත්වයක් ලබා දෙන ලදී. මින් සිදු වූයේ, නව සහශ්‍රකයේ උපන් පරම්පරාව යථාර්ථයේ නොමැති තත්‍යසමාන ලෝකයක[Virtual] උත්පාද වූ දෘෂ්ටිවාදයක ගොදුරු වීමයි. දැන්, අප භෞතික වශයෙන් ‘සමාජ-දේශපාලනය’ තුළ සිටින නිසා කුමාර්ගේ නඩය සහ ඊට සහයෝගය දුන් ‘ටොම් සහ ජෙරී’ මාක්ස්වාදීන් නව අභියෝගයකට මුහුණ දී ඇත. කුමාර් මහත්තයාට ග්‍රාම්ස්චිගෙන් හෝ ලැක්ලෝගෙන් වැඩක් නැත. කොටින්ම, ඔහුට න්‍යායෙන්ම ඇති වැඩක් නැත. ලෝකය වෙනස් කිරීමට න්‍යාය අවශ්‍ය යැයි සිතන එකදු ජවිපෙ නායකයෙකුවත් අපට නම් හමුවී නැත. ඔවුහු ප්‍රායෝගිකවාදීන් ය. ඉන් බහුතරය, තවමත් විජේවීරවාදීන් ය. විජේවීර වාදයට අනුව ධනවාදය සමතික්‍රමණය කිරීමට ඇත්තේ සරල පිවිසුම් දොරටුවකි. ඊට අනුව, පක්ෂයට පිටතින් ශිෂ්‍යයන් කේන්ද්‍රකොටගත් බහුජන සංවිධානයක් ගොඩ නැගිය යුතු ය. ඉන්පසු, සමාජය අභ්‍යන්තර වශයෙන් දෙකට බෙදිය යුතු ය. එය කරන්නේ, සමාජයේ මිතුරා සහ සතුරා වශයෙන් දෙකට බෙදා ය. එහිදී, සමාජයේ මිතුරා සංවිධානය කරන්නේ, සිංහල-බෞද්ධ ගැමිකම කේන්ද්‍ර කොටගෙන ය. සතුරා සඳහා එක්කෝ බාහිර රටක් (ඉන්දියාව හෝ බටහිර හෝ ඇමරිකාව) හෝ බටහිර සංකල්පයක් (අධිජ්‍යවාදය, අපේ සම්පත් සූරාකෑම, සුළු ජාතීන්ගේ රහසිගත සැලැස්ම…..) යොදාගනු ලැබේ. මෙමගින්, සමාජ පසමිතුරුභාවය සංවිධානය කරනු ලැබේ. මෙම සූත්‍රය පසුගිය වසර 40 ක් පුරා අත්හදා බලා ඇති අතර සිදුවී ඇති එකම ඵලය වී ඇත්තේ, ‘ඇති-නැති’ පරතරය වැඩි වීම පමණි. ඊට අමතරව, සමාජයේ අවම ප්‍රතිසංස්කරණයක් හෝ සිදු නොවී විශාල මිනිසුන් සංඛ්‍යාවක් මිය යන ලදී. උතුරේ සිවිල් යුද්ධය අවසන් වූයේ, විශාල ජන විනාශයකින් වූවත් ‘දෙමළ ජනයා’ සඳහා කිසිදු දේශපාලන නිදහසක් උදා වූයේ නැත. ගැටලුව පැවති තැනම පල් වෙයි.

                        ‘ජනතා විමුක්ති පෙරමුණට’ මිනිසුන් සංවිධානය කිරීමේ සූත්‍රයක් මිස ‘ධනවාදය වටහා ගැනීමේ විද්‍යාවක්’ තිබුණේ නැත. කුමාර්ලාට ධනවාදය වටහා ගැනීමට විද්‍යාවක් පමණක් නොව තමන්ගේ මනෝභාවය වටහා ගැනීමටවත් විද්‍යාවක් නැත.

බර්ලින් තාප්පේ බිඳ වැටුණට පස්සේ සිද්ද වෙච්ච විසි වෙනි සියවසේ වමේ මෙලන්කොලියාව (Left-Wing Melancholia) ගැන දැන ගන්න එහෙනම් ‘මෙලන්කොලියාව’ කියවන්න. මේ කියන්නේ පරණ කතාවක් නිසා ඒක එතරම් ප්‍රයෝජනයක් නැහැ කියල හිතන අය වෙනත් ප්‍රයෝජනවත් දෙයක් කරන්න- Mahesh.

                         වෝල්ටර් බෙන්ජමින්ගේ අදහසක් වූයේ, වාමාංශිකයන්ගෙන් බහුතරය මෙලන්කෝලික බවයි. මෙලන්කෝලියා (Melancholia) යනු, පශ්චාත්තාප වන සංරක්ෂණ මානසික ප්‍රයෝගයකි. 1917 දී, සිග්මන් ෆ්‍රොයිඩ් විසින් වැළපීම හෝ ශෝක වීම (Mourning) සහ මෙලන්කෝලියා (පසුතැවීම) අතර න්‍යායික වෙනසක් ලකුණු කරන ලදී. ෆ්‍රොයිඩ්ට අනුව, අපට සමීප කෙනෙකු මියගිය විට හෝ හදිස්සියේ වෙන් වී ගියහොත් අප ඒ ගැන ශෝක වෙයි. නැතහොත්, වැළපෙයි. ටික කලකින්, මේ ශෝක වීම නැවතී අප අලුත් කෙනෙකුට, වස්තුවකට සමීප වීමෙන් වැළපීම අතුරුදහන් වෙයි. එය, මානසික සෞඛ්‍යයට අනුව යහපත් ය. එමගින්, ව්‍යාධිවේදී ලක්ෂණ පහළ නොවේ. යථාර්ථය සම්මුඛ වන්නේ ද නැත.

                     නමුත්, මෙලන්කෝලියා තත්වයක දී සිදු වන්නේ ද අප ආදරය කරන වස්තුවක් හෝ සංකල්පයක් (සමාජවාදය, සෝවියට් දේශය, කියුබාව, ලෙනින්, ට්‍රොට්ස්කි, සිමොන් දි බුවාර්, දයා පතිරණ, විජය කුමාරණතුංග, රෝහණ විජේවීර, වාසුදේව, වික්‍රමබාහු……) සැබෑ ලෝකයේ දී අපට අහිමි වී ගියාට පසුව ඒ අහිමි වීම නො පිළිගෙන එය තාම පවතිනවා යැයි සිතා පසුතැවීමයි. මෙහිදී, මෙලන්කෝලිකයා තැවෙන්නේ, වස්තුව හෝ අර්චනය අහිමි වීම ගැන නොවේ. ඔහු තැවෙන්නේ, අහිමි වූ වස්තුවට හිමිව තිබූ ආශාව නැතිව යාම ගැන ය.[so the true lost object in melancholia is this desire] ඒ නිසාම, මෙලන්කෝලිකයන් නිසර්ගයෙන්ම නරුමවාදීන් වෙයි. ඔවුන් යථාර්ථය සහ තමන් අතර පරතරයක් නඩත්තු කරන්නේ ඉහත මනෝභාවය මගිනි. එබැවින්, අප මෙලන්කෝලික ව්‍යුහය (Structure of Melancholy) ගැන විධිමත්ව හැදෑරිය යුතු ය. මන්ද, මෙය ශෝකී වීමකින් වෙන් කරගත යුතු නිසා ය.

                      ලැකාන්ට අනුව, ‘ආශා කරන වස්තුව’ (Object of desire) සහ ඒ වස්තුව තුළ අප ඇතැයි සිතන ‘ආශාවේ වස්තු හේතුව’ (Object cause of desire) අතර පැහැදිලි වෙනසක් ඇත. අපි දැන්, මේ වෙනස අතිසරල කර ගනිමු. අපගේ ආශා කරන වස්තුව මහින්ද රාජපක්ෂ යැයි සිතමු. යම් දිනෙක, ඔහු තමන්ගේ උඩු රැවුල කපා අප ඉදිරියට එයි. එවිට, අපට යම් අවුලක් දැනේ නම් අප ඔහුට ආශා කළ ‘වස්තු හේතුව’ ඒ දක්වා ‘උඩු රැවුල’ බව අවිඥාණක ය. මේ ‘උඩු රැවුල’ නැති වූ විට, අප ඉදිරියේ අප ආශා කරන වස්තුව විද්‍යාමාන වන නමුත් උඩු රැවුල නැති නිසා අපගේ ආශාව කුළුගන්වන ‘වස්තු හේතුව’ අවිද්‍යාමාන වෙයි.[A melancholic treats the object of libidinal investment as lost while the object is still here.] මින්, අදහස් වන්නේ වස්තුව අප ඉදිරියේ පැවැතියත් ‘වස්තු හේතුව’ ඒ තුළ අඩංගු නැත්නම්, අපගේ ආශාව මිය යන බවයි.

                          උඩු රැවුල නැතිව ඔබ ඉදිරියේ මහින්ද රාජපක්ෂ සිටින මුත් ඔබ ඔහුට ආදරය කළ ආශාව එහි දී අතුරුදහන් වී ඇත. ඒ අනුව,  මෙලන්කෝලියාවේ දී සැබැවින්ම ආත්මයට අහිමි වන්නේ, ආශාවයි. ඒ අනුව, මෙලන්කෝලියාව යනු නූතන යුගයේ ආශාව පිළිබඳ විරුද්ධාභාසයකි.

                           අපි දැන්, තවත් උදාහරණයකට යමු. බොහෝ ගැමියන් අධ්‍යාපනය හෝ රැකියාවක් හරහා හම්බ කිරීමට හෝ කොළඹ හෝ බටහිර රටක විගාමික වෙයි. එතනදි, ඔවුන්ට ආශා කරන වස්තුවක් ලෙස ‘තම ගම’ අහිමි වෙයි. නමුත්, කොළඹ හෝ බටහිර රටක දශක දෙකක පමණ කාලයක් ජීවත් වන විට ක්‍රම ක්‍රමයෙන් තමන්ගේ මුල් ගම අමතක වී යයි. එවිට, ‘ගම’ වස්තුවක් ලෙස ශේෂව තිබුණත් ඒ කෙරෙහි වූ ආශාව මිය යයි. මේ තත්වය නිසා, විගාමිකයන් බහුතරය මෙලන්කෝලික තත්වයකට පත් වෙති. සමහරුන් ඉන් මිදීමට, කොළඹ දී සහ බටහිර රටවල දී ‘තම ගම’ ප්‍රතිනිර්මාණය කිරීමට උත්සාහ දරයි. ‘මාතර බත් කඩේ’ කොළඹ පිහිටන්නේ ඒ නිසා ය.[මේ අය ආත්මීය වශයෙන් ගම සංවර්ධනය වනවාට විරැද්ධ මේ නිසාය.- බැද්දට ආපසු ඒම.]

                         සාරාංශගත කළහොත්, මෙලන්කෝලික වනවා යනු, ආශා කරන වස්තුව එසේම පවතිද්දී ඒ ගැන ආශාව නැති වී යන තත්වය යි. මෙය, වාමාංශිකයන්ගේ මනෝභාවය වටහා ගැනීමට උපයෝගී කරගත හැකි ආත්මමූලික ව්‍යුහයකි. නමුත්, X දේශපාලනය යනු මේ අතීත වේදනාත්මක මෙලන්කෝලියාවෙන් සහමුලින්ම මිදුණු දේශපාලනයකි. අපගේ දේශපාලනය සමඟ සිට පසුව ජවිපෙ, පෙරටුගාමී, පැරණි වම යන කුමන දේශපාලන ආකෘතියක් සමඟ යළි සිට ගත්තත් එතැන ඇත්තේ මෙලන්කෝලික තත්වයක් මිස නවීකාරක අනාගතවාදී දේශපාලනයක් නොවේ.

                     බොහෝ දෙනෙකු මෙම ‘මෙලන්කෝලික තත්වය’ අදේශපාලනික යැයි සිතනු ඇත. අවාසනාවකට මෙන්, අප අදේශපාලනික යැයි සිතන තැන් වඩාත්ම දේශපාලනික ය. ජවිපෙ, සමානාත්මක පක්ෂය, නව සම සමාජය වැනි දේශපාලන පක්ෂ මේ මෙලන්කෝලික තත්වය තුළ අඩස්සිගත වී දශක 4ක් පමණ ගත වී ඇත.

                      මහේෂ්ගේ කෘතිය ගැන ඇති දේශපාලනික ගැටලුව කුමක්ද?

ආලෙන්කා සුපැන්ජිත් නම් දේශපාලන විශ්ලේෂිකාව ‘නිනෝච්කා’ [Ninotchka is a 1939 American romantic comedy film made for Metro-Goldwyn-Mayer by producer and director Ernst Lubitsch and starring Greta Garbo and Melvyn Douglas.] නම් චිත්‍රපටයේ විහිලුවක් ඇසුරු කොටගෙන සමකාලීන දෘෂ්ටිවාදය ක්‍රියාත්මක වන අයුරු කදිමට විග්‍රහ කරයි. විහිළුවට අනුව පුද්ගලයෙකු කිසියම් අවන්හලකට පැමිණ වේටර්වරයා මෙසේ අමතයි. ‘වේටර්, මට අයිස්ක්‍රීම් දාපු නැති කෝපි කෝප්පයක් දෙන්න!’ විනාඩි 5 කට පමණ පසු වේටර්වරයා යළි පැමිණ පාරිභෝගිකයාට මෙසේ පවසයි. ‘මට සමාවෙන්න සර්, අපි ළඟ අයිස්ක්‍රීම් නැහැ. ඒ හින්දා කිරි නැති කෝපි කෝප්පයක් ගේන්නද?’

                       අපි දැන්, මහේෂ් හපුගොඩගේ පොත පිළිබඳ දැනට යන ප්‍රචාරක වැඩසටහන තුළට ඉහත විහිලුව ඇතුල් කරමු.

         “දීප්ති නැතිව මහේෂ් සමඟ මෙලන්කෝලියා පොතක් දෙන්න ද?”

 

                       දැනට සිටින බොහෝ නරුමවාදීන් එවන් පොතක් ලබා ගැනීමට කැමති වනු ඇත. පසුගිය දශකයක කාලයක් බහුතර නරුමයන් කැමැති වූයේ, ‘දීප්ති නැතිව ඕනේ දෙයක්’ යන ආප්තය යි. නමුත්, මහේෂ් හිතනවාට වඩා දෘෂ්ටිවාදය දැන් තව පිම්මක් පැන ඇත.

                        දැන්, මිනිසුන් පොත ඉල්ලන්නේ මෙලෙසය.

       ‘මහේෂ් නැතිව ජයසිරි අලවත්තයන් සමග අපිට මෙලන්කෝලියා පොතක් දෙන්න’.

 

                          එවිට, පොත සඳහා වූ ඓතිහාසික සාරය සහමුලින්ම ඉවත් වී එහි බුද්ධිමය අඩංගුව සහ ”සිවිල් බලය” ජයසිරි අලවත්තයන් සතු වෙයි.[Formal Logic] මේ නරුමවාදී සෙල්ලම නැවැත්විය යුතු කාලය දැන් එළඹ ඇත. ඉහත ආකාරයේ පොත් මිලට ගැනීමේ වඩාත්ම ”ප්‍රමිතිගත පුද්ගලයා” [nominal]බවට පත් විය හැක්කේක් මම නම් කරමි. ඔහු මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සිතුමිණි රතනමලල ය. සංකේත ලෝකය විසින් ඉල්ලා සිටින නිශේධනය වෙනුවට ඔහු පුද්ගලික නිශේධනයක් සහිත භාණ්ඩ ඇණවුම් කරන්නෙකි. ඔහු මෙලන්කෝලියා පොත ඉල්ලන්නේ මෙසේය:

                     ‘මට මෙලන්කෝලියා පොතක් දෙන්න! හැබැයි, දීප්තිව නම් මතක් කරන්න එපා. මහේෂ්වත් මට වදයක්. ජයසිරි හරිම cool මිනිහෙක්. තැනට ගැළපෙන විදියට හිතන්න දන්න කෙනෙක්. මට දෙන්න මහේෂ්ගේ නම කවරයේ නැති ජයසිරි අලවත්තගේ නම තියෙන මෙලන්කෝලියා පොතක්. එතකොට තමයි, මට රෑට නින්ද යන්නේ’.

 

                        බුද්ධිමතෙක් තමන් ”කටින්” කී දෙය වෙන කෙනෙකුට ලියන්නට දුන් විට, පොතෙහි බුද්ධිමය සාරය සිවිල් ආකාරයකට අන් සතු වෙයි. ලංකාවේ සිංහල-බෞද්ධ ග්‍රාම්ස්චිලා මින්නේරියෙන් පහළ වූයේ එසේ ය. මේවා, ඇස් රතු කරන විහිළු බව මතක තබා ගන්න! ව්‍යාපාරයක් සතු පොදු දේපළ මහ දවාලේ මංකොල්ල කන්න එපා යැයි අලවත්තයන්ට අපි කියන්නෙමු. 

Deepthi kumara Gunarathne

අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

https://forms.gle/tC36JnAV3s6wBAND6

                            

 

                               

 

     

ඔබේ අදහස කියන්න...

4 COMMENTS

  1. අය්ස් ක්‍රීම දාලා කෝපී, කිසි කෙනෙක් යුරොපයෙදි බොන්නෙ නෑ ,විපින්ග් ක්‍රීම නම් දානවා!

  2. අය්ස් ක්‍රීම දාලා කෝපී, කිසි කෙනෙක් යුරොපයෙදි බොන්නෙ නෑ ,විපින්ග් ක්‍රීම නම් දානවා!
    චු ටුබ් එකෙ ජිජැක් ගෙ විඩියො එකක් තියෙනව ඔය ගැන කියන.

  3. ලන්කාවෙන් බටහිරට විගාමික වු මින්නෙරියෙ කොල්ලෙක්!

    අපි දෙයක් කිව්වාම මහලොකු දාර්ශනිකයො අනුභුතියට පල්ලම් බහිනවා ඔයාල හද දන්නෙත් නෑ ඇගිල්ල දනෙත් නෑ!!

Comments are closed.