[dropcap color=”red”]ජ[/dropcap]ර්මනියේ හිටපු චාන්සල්වර්ය වන ඇන්ජලා මර්කල් මහත්මිය තෙවන වරටත් ජයග්‍රාහිකාව වී ඇත. ඇය යුරෝපයේ ධනවාදය පිළිබද කේන්ද්‍රයයි. යුරෝපා සංගමය තුළ පැතිරෙමින් යන මුල්‍ය ස්ථාවරය සහ විරැකියාව මැද ඇන්ජලා මර්කල් යනු ස්ථාවරභාවය රැගෙන එන දේශපාලන චරිතයයි. යුරෝපයේ ජනතාවට අද මුහුණ දීමට ඇති ප්‍රධාන දේශපාලන අභියෝගය වන්නේ බියයි. () ඇන්ජලා මර්කල් ගේ කොන්සර්වේටිවි සන්ධානයට ඡන්දය පාවිච්චි කළ ඡන්දදාකයන් බහුතරයක් වන්නේ ජර්මන් තරුණ පරපුරයි. ඔවුන් වඩාත් කැමති සාම්ප්‍රදායික සමාජයකටය.
ධනවාදය වඩ වඩා යුරෝපය තුළ ප්‍රසාරණය වන විට යුරෝපා සංගමය ක්‍රමයෙන් සමාජයක් ලෙස ආපස්සට ගමන් කරමින් පවතියි. එනම් ජාතික රාජ්‍ය සහ ජාතික අනන්‍යතාවයයි. මෙවර ජර්මානු මැතිවරණයේ දී ඡන්දය පාවිච්චි කරන්නට පැමැණි ජර්මානුවන් හැද පැලද ආවේ මීට සියවස් ගණනකට පෙර හැදි ජාතික ඇදුම්ය. ධනවාදයට විකල්පයක් නැත යන්න මෙමගින් ජර්මානු සමාජය තුළ තහවුරු වී ඇත. පශ්චාත්-ඉතිහාස සමයක ජීවත් වන ජර්මානුවන්ට දැන් අතීතය වැළද ගැනීමක් මිස අනාගතයක් නැත. මෙය ජර්මනියට පමණක් නොව වෙනත් රටවලටද පැතිරෙන ව්‍යාධියකි.