‘ඇසිඞ් වැස්ස’ පොත පිළිබඳ සම්මන්-ත‍රණය කොළඹ නව නගර ශාලාවේදී සැප්තැම්බර් මස දෙවන සතිය මැද දිනයකදී පැවැත්වීමට අදහස් කරනු ලැබේ.

2004 දෙසැම්බර් මාසයට පසු සිට මේ දක්වා අපගේ දේශපාලන සංවිධානය විසින් වර්ධනය කරන ලද න්‍යායික වර්ධනය සහ ප‍්‍රායෝගික ගැටළු ගැන දීර්ඝ දේශනයක් එදිනට පවත්වනු ලැබේ. දේශනයට අදාළ මුඛ්‍ය තේමා දෙක පහත දැක්වේ.

1. ෆැන්ටසිය තරණය කළ පසුව (Traversing Fantasy) මිනිස් ආත්මයට සිදුවන්නේ කුමක්ද?
උදා- 2004 දී ෆැන්ටසිය තරණය කර මේ සමාජයෙන් චුත වූවා යැයි කී අය (Act එක හරහා) දැන් දරුවන් වඩාගෙන ඉන්න අම්මලා තාත්තලා වී ඇත. නොදන්නා ඇණවලට තලන්නට ගිය විට තැලෙන්නේ ඇගිල්ල මිස ඇණය නොවේ. මෙම දේශනයේදී ‘ෆැන්ටසිය’ තරණය කිරීමෙන් පසු ‘පක්ෂය’[or School] තරණය කරන ආකාරය පහදනු ලැබේ.

2. විප්ලවවාදී පක්ෂයක් බිහි කිරීමට නම් ‘සමාජ සංකේත ලෝකයෙන්’ කෙනෙකු හුදකලාව නෛෂ්ක‍්‍රමණය කළාට වැඩක් නැත. ඒ සඳහා තමන්ට රහසක් නැති බව පමණක් පිළිගෙන වැඩක් නැත. තව පියවරක් තබා අනෙකාට ද රහසක් නැති බව වටහා ගත යුතුය.

එබැවින් සම්මන්ත‍්‍රණයේ සැබෑ නම මෙසේ විය යුතුය. After Traversing Fantasy; Day after. එය සිංහලට ගෙනාවොත් මෙසේය. ‘ලෝකයෙන් චුතවී අඩු බඩු කඩාගෙන; තුවාලවලට බෙහෙත් දමා ඊට පසුදා’. එනම් තමා පිළිබඳ සමාජයට දෙන දිවුරුම් ප‍්‍රකාශය සහ තමා ‘හිස්’ බව තමා පමණක් පුද්ගලිකව නොව සමාජයටම දැනගන්නට සැලැස්වීම.

අප සමග මෙතෙක් සිටි සහෝදර සහෝදරියනි; එදිනට එකතු වන්න!

ඔබේ අදහස කියන්න...