[dropcap color=”black”]දේ[/dropcap]ශපාලනය කරන බොහෝදෙනා අසන්නේ පහත ආකාරයේ ප්‍රශ්ණයකි.
01-මිනිස්සු මොනවද දන්නේ?
යථාර්ථය වෙනස් කිරීමට අවශ්‍ය අයට අප යෝජනා කරන ප්‍රශ්ණය පහත පරිදිය
02-මිනිස්සු මොනවද කරන්නේ?
මෙවර ඡන්දයේ දී ප්‍රකාශ වූ සත්‍ය වන්නේ ඉහත දෙවන ප්‍රශ්ණයයි. ඔවුන් සියළුදෙනා මේ ආණ්ඩුව දූසිතබව දනියි. ජ්‍රජාතන්ත්‍රවාදී නැති බව දනියි. ජාතිවාදී බව දනියි. මේ නිසාම මේ අයව දැනුවත් කිරීමට ආචාර්ය උපාධිකාරයන් අවශ්‍ය නැත.
ඒ නිසා ඇසිය යුත්තේ දැන දැනම ඇයි මිනිස්සු මෙහෙම කරන්නේ?
උත්තරය-මේ පවතින ක්‍රමය හොදයැයි ඔවුන් අවිඥාණිකව විශ්වාස කරන නිසාය.
කුමක් ද අවිඥාණය?
උත්තරය-දෙමළුන්ට කෙළවලා අපට කෙළවුනහම තව මොනව වෙන්නද?
ඉහත සටහන අප විසින් තැබුවේ උතුරේ මැතිවරණය වෙනුවෙනි. උතුරේ ජනතාව භෞතික දේට වඩා ආධ්‍යාත්මය විශ්වාස කරන බැවින් මෙවර මැතිවරණයේ දී දෙමළ ජාතික සංධානයට නොසිතූ විරූ ජයග්‍රහනයක් හිමි විය. ඇත්තටම වසර 2009 ට පසු බොහෝ අය පැවසුවේ උතුරට වසන්තය උදාවූ බවයි. නමුත් උතුරේ ජනතාව භෞතික වසන්තය පසෙකළා සිය ආධ්‍යාත්මය වෙනුවෙන් ඡන්දය භාවිතා කලෝය.
වසර 2009 පමණ වන විට ලංකාවේ පැවතුනේ දකුණේ ප්‍රජාතාන්තවාදී ආණ්ඩුවක් සහ උතුරේ මිලිටරි බලය සහිත එල්.ටී.ටී.ඊ සංවිධානයයි. වසර 2009 පසු උතුරේ මිලිටරි බලය මුලමනින්ම දකුනේ හමුදාව විසින් පරාජය කරණු ලැබීය. ඒ අනුව ලංකාව සම්බන්ධයෙන් එතෙක් තිබූ බටහිර මැදැහත් වීම වෙනුවට චීනය ආදේශ විය. වසර 2009 න් පසු බටහිර ප්‍රජාතන්ත්‍රවාදය,යහ පාලනය, නීතියේ ආධිපත්‍ය, සාධාරණ මැතිවරණ යන සියළු දේ අහෝසි වී ගොසින් දකුණේ මිලිටරි බලය සහිත ආණ්ඩුවක් සහ උතුරේ කිසදු බලය නැති ජනතාවක් ඉතිරි විය.
ඒ අනුව දකුණේ ආණ්ඩුව උතුරට භෞතික සම්පත් ලබා දෙන්නට විය. සමාන්‍යෙයන් දකුණේ මැතිවරණයක් කරන්නට අවශ්‍ය වන්නේ කිසිප්පු මස් සහ මුදල්ය. තමන් ශ්‍රේෂ්ඨ ජාතියක් බව පවසන දකුණේ ජනතාවට මැතිවරණයකදී අවශ්‍ය ඉහත භෞතික සම්පත් පමණයි. නමුත් උතුරේ ජනතාව භෞතික සම්පත් වලට වඩා සිය ආධ්‍යත්මය පිළිබදව කල්පනා කරන නිසා යුද්ධයෙන් කරන්නට බැරි වූ රට බෙදීමේ වැඩය ප්‍රජාතන්ත්‍රවාදීව කර ගන්නට අවසානයේ හැකි විය.
දකුණේ ජාතිවාදී ආණ්ඩුව සහ උතුරේ ජාතික විමුක්ති අරගල කරුවන් අතර අනවරතව තිබූ ද්ත්ව ගැටුම නිමාවීමෙන් පසුව දැනට දකුණට මිලිටර් ආණ්ඩුවක් සහ උතුරට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක් මේ මැතිවරණය මගින් ලැබුනි.
මේ ආණ්ඩුවේ උතුරේ පරාජය සහ දකුණේ ජයග්‍රහණය අපට ජාතක දේශපාලනයේ මානයන් වශයෙන් සලකුණු කළ නොහැක. යම් සංඝටකයක් එහි තුලම වූ ප්‍රතිවිරෝධතාවයන්ට මුහුණ දෙනවා යැයි යන හෙගල් ගේ දයලෙක්තික නියමය අනුව මේ ආණ්ඩුව ජාතික දේශපාලනයේ දී පාරාජය වන්නට නියමිත වන්නේ පිටතින් සිදු වන වෙනසක් නිසා නොව එහි තුලම මුහුණ දෙන ප්‍රතිවිරෝධතාවයන් නිසාය.
මෙය උදාහරණයකින් කියනවා නම් ඉදුණු පැපොල් ගෙඩියක් පරිසයට නිරාවරණය කර තිබීම නිසා අවසානයේ නරක් වන්නේ ඒ තුලට පිටතින් ක්ෂද්‍ර ජීවින් පැමිණෙන නිසා නොව ඒ තුලින්ම මතුවන ක්ෂද්‍ර ජීවින් නිසාවෙනි. මේ වන විටත් ප්‍රාෙද්ශිය දේශපාලනය ඇත්තේ ග්‍රෝත්‍රවාදී ස්ථානයකය. නමුත් රටේ ජාතික දේශපාලනය තීරණ කරන්නේ මේ ප්‍රාදේශීය ග්‍රෝත්‍රවාදීන් අතින් නොව මධ්‍යම පංන්තිය අතිනි. ඒ අනුව ඉදිරියේ දී පැවැත්වෙන ජාතික දේශපාලනයේ නව මානයන් කිසිවිටෙක මේ ප්‍රාදේශිය ග්‍රෝත්‍රවාදී දේශපාලනය මත තීරණය වන්නේ නැති බව පැහැදිලය.