සමාජයේ මුරපල්ලන් ලෙස ජනමාධ්‍ය සමූහය හැදින්වෙන්නේ ඔවුන් සත්‍යය සාපේක්ෂ අර්ථයකින් පාඨකයා වෙත ඉදිරිපත් කරන නිසාය. එහිදී බොහෝ විට සිදුවන්නේ පාඨකයා සහ රචකයා අතර බුද්ධිමය සුසංවාදයක් සහිත සම්බන්ධතාවක් ගොඩනැගීමය. ලංකාව තුළ මෙම මාධ්‍ය භූමිකාව රග දැක්වූයේ ‘ඇත්ත’ පුවත්පතයි. ‘ඇත්ත’ පුවත්පත යනු යථාර්ථවාදී මාධ්‍ය කලාවක නිරත වූ පුවත්පතකි. වාර්ථාකරණයේ දී ඔවුන් පාඨකයා වෙත දැනුම් දෙන්නේ පුවතක් යනු සිදුවූ දෙයක සැබෑම අර්ථය නොව එහි පැතිකඩයන් කිහිපයක් නියෝජනය කරන (මූලාශ්‍ර කිහිපයක් උපුටා දැක්වීම) දෙයක් බවයි. එකල සමාජය තුළ පැවති යථාර්ථය ඔවුන් ජනතාව සමග බෙදාගත්තේ ඒ ආකාරයෙනි. මෙම ලක්ෂණ හරහා මෙවැනි වාර්ථාකරණයන් යථාර්ථවාදී මාධ්‍යකරණය ලෙස හැදින්විය හැකිය. යථාර්ථවාදී මාධ්‍යකරණය තුළ සිදුවන්නේ පුවතක් වාර්තා කිරීමේ දී එය සදාචාරවාදී ක්‍රියාවක් ( Moral Act) වශයෙන් මාධ්‍යවේදියා විසින් හදුනාගනු ලැබ තිබීමයි. මෙහිදී සදාචාර ක්‍රියාවක් යනුවෙන් හදුන්වන්නේ තමා ලියන දේ තුළින් සමාජයේ අනෙකුත් කොටස් වලට සිදුවන බලපෑම පිළිබදව අවබෝධයකින් යුතුව ඊට වගවීමට බැදී සිටීමයි. (A moral is a message conveyed or a lesson to be learned from a story or event. The moral may be left to the hearer, reader or viewer to determine for themselves, or may be explicitly encapsulated in a maxim.).
‘ඇත්ත’ පුවත්පත වසා දැමුණු පසුව එකල සමාජයේ පැවති අඩුව පිරවීමට සමත් වූයේ වික්ටර් අයිවන් විසින් සර්වෝදය හරහා ‘බලය’ සගරාව ලෙස ආරම්භ කර පසුව ‘රාවය’ ලෙස නම වෙනස් කොට ප්‍රකාශයට පත් වූ සතිඅන්ත පුවත්පතයි. ‘රාවය’ පුවත්පතේ විශේෂත්වය වන්නේ ‘ඇත්ත’ පුවත්පත අනුගමනය කළ සදාචාරවාදී මැදිහත්වීම වෙනුවට ආචාරධර්මීය (Ethical) මැදිහත්වීමක් අනුගමනය කිරීමයි. ‘රාවය’ කර්තෘ මණ්ඩලය විසින් වාර්තාකරණයේ දී පිළිපැදිය යුතු ආචාරධර්ම පද්ධතියක් සකසා ගෙන එය කාර්යාල බිත්තියේ එල්ලන්නේ ඒ නිසාය. ‘රාවය’ පුවත්පතේ මාධ්‍යවේදීන් පාඨකයා සමග සම්බන්ධ වන්නේ ඔවුන් අනුගමනය කළ ආචාරධර්ම ඔස්සේය. ‘රාවය’ මාධ්‍යවේදියාගේ වාර්තාකරණය තුළ ඔහු පුවතක් වාර්තා කිරීමේ දී ඊට සමාජයේ මැදිහත්වීමක් ඉල්ලන අතර මැදිහත්වීම් නොකරන පාර්ශවය අදාළ කර නොගනියි. යම්කිසි සිද්ධියකට අදාළව පළ කරන පුවත හෝ විශේෂාංගය හා ඊට අදාළ සැබෑ සිදුවීම අතර පවතින පරතරය පිළිබදව ඔවුන් පාඨකයාව දැනුම්වත් කරමින් තමා ලියන දෙයින් තමා නිදහස් වෙයි. රාවයේ ආචාරධර්මවල ( Ethics is the branch of philosophy that involves systematizing, defending, and recommending concepts of right and wrong conduct.[1] The term ethics derives from the Ancient Greek word ἠθικός ethikos, which is derived from the word ἦθος ethos(habit, “custom”). The branch of philosophy axiology comprises the sub-branches of Ethics and aesthetics, each concerned with concepts of value ) සැබෑ ස්වභාවය වන්නේ යථාර්ථය පරාවර්ථනය කිරීමට හැකිදැයි ප්‍රශ්න කරමින් ලිවීම හරහා ඊට විසදුම් ලෙස විවිධ යථාර්ථයන් ඉදිරිපත් කිරීමයි. මේ හරහා ‘රාවය’ නූතනවාදී ( Modern) මාධ්‍ය කලාවක නිරතවන බව සූත්රගත කළ හැකිය.
අප මෙතෙක් කථා කළ ‘ඇත්ත’ ( යථාර්ථවාදී මාධ්‍ය කලාව ) හා ‘රාවය’ ( නූතනවාදී මාධ්‍ය කලාව) භාවිතාවන් වල සමානකම වන්නේ පුවතක් යනු යථාර්ථයේ එක් පැතිකඩක් බව සමාජයට ඥාණනය කිරීමයි. එමෙන්ම මෙම පුවත්පත්වලට ප්රාග්ධනය (Capital) අදාළ නැත. මෙහිදී ප්රාග්ධනය ලෙස අදහස් කළේ – ගෝලීය ප්‍රාග්ධනයයි. එමෙන්ම සදාචාරවාදී වාර්ථාකරණය සහ ආචාරධාර්මික මාධ්‍ය කලාව තුළ පවතින වෙනස පිළිබදව අප අවධාරණය කරගත යුතුය. ඒ මන්ද බොහෝ මාධ්‍යවේදීන් Moral & Ethics යන වචන දෙකෙහි අර්ථය පිළිබදව පවා දැනුවත් නැත.
දැන් අපි වර්ථමානය දෙසට යොමු වෙමු. අප ගතකරමින් සිටින කාලය අපට පශ්චාත් නූතනවාදී ( Post-Modern) යුගය ලෙස නම් කළ හැකිය. මේ යුගයේ දී අපට සදාචාරය හා ආචාරධර්ම පිළිබදව කථා කිරීම වඩාත් අසීරුයි. ඊට ප්‍රධානතම හේතුව වෙන්නේ මාධ්‍ය යනු ප්රාග්ධනය ප්‍රසාරණය කිරීමට යොදාගන්නා මෙවළමක් බවට පත්ව තිබීමයි. මේ තත්ත්වය තේරුම් ගැනීමට අපි උදාහරණයක් වෙත පිවිසෙමු. මහරාජාගේ මාධ්‍ය ආයතනවල මාධ්‍ය භාවිතාව යෙදවෙන්නේ ප්රාග්ධනය ප්‍රසාරණය කිරීම සදහායි. අපි ඉහතදි සදහන් කළා වගේ මේ අය හොදින් දන්නවා යම් ප්‍රවෘත්තියකින් යථාර්ථය සම්පූර්ණයෙන් ආවරණය කරන්න බැහැ කියලා. ඒත් ඔවුන් එතනදි ප්රාග්ධනයේ පැවැත්ම උදෙසා මාධ්‍ය කිසිවිටෙක නොකළ යුතු කැත වැඩක් කරනවා. මහරාජාගේ බිස්නස් වල පැවැත්ම උදෙසා සිරසේ ප්රවෘත්ති වාර්තා කිරීමේ ක්‍රමවේදය තමයි සැබෑව (Real) ප්‍රතිව්‍යුහගත කිරීම. අපි හැමෝම දන්නවා පෝර්ට් සිටි එක හදන්න උත්සහ කෙරෙන්නේ පරිසර වාර්ථා තක්සේරු නොකරයි. ‘සිරස’ පෝර්ට් සිටි එකට අදාළ ප්රවෘත්ති වලදි මේ කාරනය සදහන් කරන්නේ නැහැ. එහෙම කළොත් ඒක ප්රාග්ධනයට භාධා එල්ල කරනවා. ඒ නිසා ඔවුන් මේ කරුණු වහලා (සැබෑව වෙනුවට) ප්‍රවෘත්තිය ප්රතිප්රබන්ධගත (Fiction) කරනවා. ඔවුන් එහිදී සන්දර්ශනාත්මකව ගඩොල් කැට ප්‍රදර්ශනය කරමින් ජාතීන් අතර සංහිදියාවක් ගැන කථා කරනවා. ප්රාග්ධනයේ පැවැත්ම තහවුරු කිරීම සදහා ඔවුන් විසින් ප්රවෘත්ති තමන්ගේ ප්රතිප්රබන්ධගත කිරීම් හරහා simulate කර fiction ජනතාවට සන්නිවේදනය කරනවා. මෙය එක්තරා ආකාරයකට මාධ්‍යයේ කඩාවැටීම ප්රකාශමාන කරනවා. පශ්චාත් නූතනවාදී මාධ්‍ය භාවිතාව තුළ සදාචාරය කිසිදු ආකාරයකින් අදාළ වන්නේ නැත.
මෙම ලිපිය ඔස්සේ ලංකාවේ මාධ්‍ය භාවිතාව කොටස් තුනකට බෙදා වෙන් කර පෙන්වා දී තිබෙනවා.
01. යථාර්ථවාදී මාධ්‍ය භාවිතාව.
02. නූතනවාදී මාධ්‍ය භාවිතාව.
03. පශ්චාත් නූතනවාදී මාධ්‍ය භාවිතාව.
අද වනවිට පවතින ඕනෑම මාධ්‍ය ආයතනයක් ක්‍රියාත්මක වන්නේ මේ භාවිතාවන් තුනට අනුවයි. ඒ නිසා විශේෂයෙන්ම ‘තරුණ ජනමාධ්‍යවේදීන්’ ලෙස අපි මේ වෙන්කිරීම සිදු කරනු ලැබුවා. ජනමාධ්‍ය නැවත ප්‍රතිව්‍යුහගත කරන්නේ නම් අපි මේ කරුණු මත පදනම්ව අනාගත සැළසුම් සකස් කළ යුතුය. එමෙන්ම යහපත් මාධ්‍ය භාවිතාවක යෙදීමට මේ කරුණු පිළිබදව අවබෝධය අනිවාර්යයෙන්ම තමා සතුව පැවතිය යුතුයි. ඒ නිසා අපි මේ යුගය තුළ කළ යුත්තේ යථාර්ථවාදී හා නූතනවාදී මාධ්‍ය භාවිතාවන් තුළ පවතින සාධනීය ලක්ෂණ නැවත ස්ථාපිත කෙරෙන වටපිටාවක් සකස් කිරීමයි.
මේ ලියවූයේ ලිපි පෙළක පළමු කොටසයි. ඉතිරි කොටස් ඉදිරියේ දී බලාපොරොත්තු වන්න.
Dasun Rajapakse
ආශ්රිත ග්රන්ථ –
1.පෘතිවිකරණය සහ හෙජමොනිය – දීප්ති කුමාර ගුණරත්න ඇතුලු X කණ්ඩායම
2.ප්රාග්ධනය – කාල් මාක්ස් (පර්වර්ථනය – ජයතිලක ද සිල්වා)
3.පශ්චාත් නූතනවාදය – ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය.