අප්‍රියල් 21 වන දින එල්ල වූ ඉස්ලාම් අන්ත්වාදීන්ගේ ම්ලේච්ඡ ප්‍රහාරය පිළිබඳ ඔත්තුව රජය්‍යයේ වගකීම් දරන බොහෝ දෙනෙකුට ඔත්තු සේවාවන් විසින් ලබා දී ඇති බවට කියැ වේ. එහි ඇති සත්‍ය අසත්‍යයතාවය ඉතිහාසය විසින් ඔප්පු කරනු ඇත. නමුත් ප්‍රහාරය සිදුවිය, ජිවිත සිය ගනනක් විනාශ කරමින් මිලියන 22කට ආසන්න ජනතාවක් අනතුරේ ගැට්ටටම පැමිණ තිබේ. විසඳුමක් කරා සේන්දු වීමේ මාවතක ඡායාවක්වත් නැත.

ඔත්තුසේවාවන් විසින් කලින් ලබා දුන් ඔත්තූන් අනුව වගකිව යුත්තන් ක්‍රියාත්මක වී වලක්වා ගැනීමට අපොහොසත් වූ ව්‍යසනය විසින් වාමාංශික ව්‍යාපාරයට හා ප්‍රගතිශීලීන්ට පණිවිඩයක් එවා ඇත. එනම් “නුබලාගේ වගකීම ඉෂ්ඨ කරනු” කියා ය. රාජ්‍යය හා එහි සෘජු හා වක්‍ර හවුල් කරුවන් මිනිස් ජීවිතතත් සමඟ හැංගි හොරා කළ මිණිමරු බල සූදුව අවසානයටම පැමිණ ඇත. එහි තව හැංගි හොරා කිරීමට කිසිවක් ඉතිරි වී නැත.

නමුත් අපගේ ප්‍රශ්නය වනුයේ වාමංශිකයින් හා ප්‍රගතිශීලින් තම වගකීම ඉශ්ඨ කරන්නේ ද කියාය. මේ මොහොතේ එක්සත්ව පෙරෙට පැමිණීම පසක ලා තම තමන්ගේ එක්ටැම් ගෙවල්වල සිට අදහස් දැක්වීමෙන් එහා ගිය වගකීමක් තමනට නැතැයි කියා ඔවුන් සිතන්නේ ද? අපගේ විශ්වාසය නම් එවැන්නක් නොවේ යන්න ය. ඉතිහාසය විසින් අපගේ පරම්පාරවට අත්හැර දැමිය නො හැකි අවසන් අවස්ථාවක් පිරිනමා ඇත. එනම් ” තම අයිතිහාසික වගකීම ඉෂ්ඨ කරනු, නැතිනම් එක්ටැම් ගෙය තුලම වඳ වී යනු” යන්න ය. එසේ වඳ වී යෑම ඉරනම්වාදයක් ලෙස පිළිගැනීමට එකඟ නැති අප, අපගේ ඓතිහාසික වගකීම ඉෂ්ඨ කිරීමට මුළ පිරීමක් ලෙස විවිධ වාමංශික කණ්යම් හා පුද්ගලයන් එක මේසයකට ගෙන ඒමේ අදිටනෙන් ඔවුනට මේ මොහොතට ආදාල ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කරමු. ඔහුන් ඒ සඳහා ලබා දෙන පිළිතුරු මත දීර්ඝ සාකාච්ඡාවක් හා ක්ෂණික ක්‍රියාමාරගයන්ට එළඹීමට රට තුළ හා ඉන් පිටත සංවිදායකයන්ගේ අවම කාර්‍යය කිරීමට බලා පොරොත්තු වෙමු.

න්‍යායික, ප්‍රායෝගික මෙන්ම හැකියාව උනන්දුව හා කැපවීම ඇතැයි යන්න නීරීක්ෂණය වන්නා වූ වාම ප්‍රගතිශීලී ජන නියෝජිතයින්ගෙන් තෝරා ගත පිරිසක් අපගේ පළමු වටය සඳහා කැඳවීමට බලාපොරොත්තු වන අතර මේ සඳහා අදහස් දැක්වීම හෝ වැළකී සිටීම සඳහා යම් අයෙකුට අයිතිය ඇතැත්, එම අයිතිය යුක්තිසහගත කිරීම ද ඔබ සතු ය. ඔබගේ පිළිතුරු  15 බදාදා ට පෙර අප වෙත ලැබෙන්නට සලස්වන්නේ නම්, ඉන් අනතුරුව එම අදහස් සමාජ ගත කිරීමට බලාපොරොත්තු වන්නෙමු.


ප්‍රශ්න පහ


  1. ඉස්ලාම් දර්ශනය හා ඉස්ලාම් අන්ත්වාදය අතර ඇති මූල ධාර්මික සම්බන්දය පිළිබඳව ඔබේ අදහස කුමක් ද?
  2. සුළුජාතික කණ්ඩායමක් තුළින් මතු වී ඇති මේ අන්තවාදය ඔවුන්ව තව තවත් ආන්තීකරණයට ලක් නොකර ඉන් මුදා ගැනීමට ඔබට ඇති යොජනාව කුමක් ද?
  3. සෘජුව හා වක්‍රව රාජ්‍යය පාලනයේ කොටස්කාර දේශපාලන පක්ෂ හා කණ්ඩායම් මුහුණ දී ඇති අර්බුදයේ තරමටම වාමාංශිකයන් හා ප්‍රගතිශීලිනුත් එහි ගිලි ඇතැයි කීවොත් ඔබේ පිළිතුර?
  4. මෙවන් අර්බුදයක් තුළ දී වත් අවම එකඟතාවයකට පැමිණීමට නො හැක්කේ වමාංශිකයන් හා ප්‍රගතිශීලීන් තුළ ඇති කට්ටිවාදය යැයි කීවෝත් ඔබ එකඟ ද?
  5. මේ මොහොතේ අවම එකඟතාවයක් යටතේ හෝ මේ අර්බුදයට සුභවාදී විසදුම් සෙවීමට වාමන්ශිකයන් හා ප්‍රගතීශීලින් එක්ව කටයුතු කළ යුතු නම් එය කෙසේ විය යුතු ද?

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. 1.ඉස්ලාම් දර්ශනය පිළීබඳව මා කෙරෙහි විශාල අනුදැනුමක් නොමැති උවත් ඉස්ලාම් දර්ශනයෙ සහ අන්තවාදය යන ප්‍රපන්චයන් දෙක අතර
    සම්බන්ධිකාරක පුද්ගලයන් හරහා ඉස්ලාමයේ යම් යම් ඉගැන්වීම් සඳහා විති වූ අර්තකතනයන් ලබා දීම තුළීන් අන්තවාදී අදහස් නිර්මාණය
    කරන බව මගේ මතයයි.(උදාහරණයක් ලෙස සිංහල බෞද්ධයන් සිල් නොගන්නා අවස්තාවන් නලින්ද සිල්වා විසින් අර්තකතනය කිරීම.)
    2. විශේෂයෙන් සුලු ජාතීන් මෙම ගැටලුවේදී(අන්තවාදී නොවන)ඉන් මුදවා ගැනීම සඳහා අප විසින් විශේෂයෙන් වාමවාදීන් වශයෙන් වගකීම්
    සහගතව කටයුතු කළ යුතුය.මෙම අවස්තාවේදී අප විසින් නිරීක්ෂණය කළ යුත්තේ පීඩක ශ පීඩිත යන විභේදනය ඔස්සේය.විශේෂයෙන්
    මෙම පිරිස් ද්විත්වයම පිළීබඳ අවධානය යොමු කළ යුතුය. තවමත් ජාතියක් වශයෙන් ගොඩනැගී නොමැති අප රටේ මිනිසුන් හට මෙවැනි
    අන්තවාදී ත්‍රස්ත ක්‍රියාවකට අනතුරුව යම් යම් දේ අවබෝධ කර දීම අපහසු වුවත් මෙවැනි අවස්තාවකදී කළ යුත්තේ හැකිතාක් දැනුවත්
    වීමයි.
    3.පැහැදිලිව මෙහි ආණ්ඩුවේ සෘජු වක්‍ හ්වුල්කරුවන් මෙන්ම විපක්ෂයේ පිරිස්ද කොටස්කරුවන් ය.විශේෂයෙන් වාමාංශිකයින් ,ප්‍රගතිශීලීන්
    පමණක් නොව කොළඹ පෙඅසිද්ධ ගණිත ගුරුවරයෙක් පවා අද යම් යම් අන්තවාදී අදහස් ප්‍රකාශ කිරීම තූළීන් පැහැදිලි වන්නේ රටේ
    උගතුන් පවා විවිධ අන්තවාදී අදහස් දැරීමට පෙළැඹී ඇති බවයි.
    4.පැහැදිලිව මෙවන් අවස්තාවක එකඟත්වයකට පැමිණීයය නොහැකි වම්මු යනු හුදෙක් කට්ට්වාදී පමණැක් නොව නරුමවාදී කුහකවාදීන්‍ ය.
    5.වත්මන් තත්වය යටතේ ප්‍රගතිශීලීන් මෙන්ම වාමාංශිකයන්ද අවම එකඟතාවයන් යටතේ වුවද සම්මුතියකට පැමිණ මෙම අර්බුධයට විසඳුම් සෙවීම සඳහා කටයුතු කළ යුතුය,මන්ද මෙතෙක් රටේ ජාතිවාදය අවුලුවාලීම මගින් ධනපති හා සුළූ ධනපති පක්ෂ සෑම විටම උත්සහ කළේ බලය ලබා ගැනීමටයි.එම නිසා විශේෂයෙන් රටේ වාමාංශිකයන් මෙයට එරෙහිව නැගී සිටිය යුතුය.වාමාංශිකයන් වන අප හට පවා මේ අවස්තාවක පැවරී ඇත්තේ හුදෙක් මුහුණූ පොත් වීරයන් වීම නොව දැනුමෙන් සන්නද්ද වීම හා සන්නද්ද කරවීමය.අපහසුය නමුත් කළ යුතුය.

Comments are closed.