‘ආගම’ යනු මිනිස් ඉතිහාසයේ බිහි වූ පළමු සහ බලවත් විචාර සංස්ථාවයි. මිනිසුන්ගේ ක්‍රියාවන්වලට විනිශ්චයක් ලබා දීමට මුලින් ඉදිරිපත් වූ බුද්ධිමය ආයුධය වූයේ ආගමයි. ධනවාදී සබඳකම් සමාජය තුළ තහවුරු වන තුරු ආගම වනාහි මිනිසාගේ හෘද සාක්ෂියයි. එය බලයේ සහ ධනයේ උපකරණයක් වූයේ පසුකාලයකය. නමුත් 18 වන සියවස මැදභාගය වන විට ධනවාදය ලාභය මුල් කරගත් සමාජ සබඳතා තහවුරු කරන සන්දර්භයක් තුළ පරමාදර්ශයක මාධ්‍යයෙන් ආගම විසින් ධනවාදය විවේචනය කරන ලද්දේය. නමුත් 19 වන සියවස මැද වනවිට වාණිජ ක්‍රමය වඩ වඩා තහවුරු වෙමින් යන තතු යටතේ ආගමට පසුබිමට තල්ලු වන්නට සිදු විය. ධනවාදී සමාජ සබඳතා වඩාත් තහවුරු වූ සමාජයක එකම පරමාර්ථය වන්නේ ලාභයයි. ලාභය මුල්කර ගත් සමාජයක සමාජ නීතිය බවට පත් වන්නේ ‘ප්‍රාග්ධනයයි’. ධනවාදයේ පසුකාලීන තත්ත්වය තුළ ආගමත් ධනවාදයට අනුව අනුවර්තනය විය. එය දෘෂ්ටිවාදයේ මූලයක් වූයේ ඉන් අනතුරුවය. මාක්ස් සහ එංගල්ස් ‘ආගම’ මිනිස් චින්තනයේ ඵලයක් මිස දෙවියන්ගේ ඵලයක් නොවන බව පෙන්වූයේ මෙම තතු යටතේය. මෙම නව සන්දර්භය තුළ ආගමට හිමිව තිබූ විචාරක ආස්ථානය මාක්ස්වාදය විසින් ලබා ගත්තේය.

‘සමාජ විචාරය’ පටන් ගත යුත්තේ ආගම විචාරය කිරීමෙන් යන අදහස මාක්ස් රෝපණය කරන ලද්දේ ඉහත ඓතිහාසික පරිවර්තනය අධ්‍යයනය කිරීමෙන් අනතුරුවය. මාක්ස් ‘ප්‍රාග්ධනය’ කෘතිය තුළ යේසුස් වහන්සේගේ උද්ධෘත පාඨයක් මෙසේ උපුටන්නේ එනිසාය.

“ඔවුන් දන්නෙ නැහැ, ඔවුන් කුමක් කරනවාද කියා’’

යේසුස්වහන්සේ එතුමා ජීවත් වූ යුගයට සාපේක්ෂව ඉහත පවසන්නේ සත්‍යයකි. ඉන් අදහස් වන්නේ රෝම සොල්දාදුවන් එතුමාට ඇණ ගසන්නට යන විට ඔය ඔවුන් කරන්නේ දැනුමකින් තොරව, යම් විශ්වාසයකි. එතුමා කියන්නේ ඔවුන් එය නොදන්නා නිසා කරන බවයි.

20 වැනි සියවස මැදභාගය වන විට දෘෂ්ටිවාදයෙන් ගැලවීමට දැනුම අවශ්‍යය යන අදහස ජර්මානු දාර්ශනික පීටර් ස්ලෝටර්ඩයික් විසින් අභියෝගයට ලක් කරන ලදී. ඔහුගේ දෘෂ්ටිවාදය පිළිබඳ නවීකාරක අදහස පහත දැක්වේ.

“ඔවුන් දන්නවා ඔවුන් කුමක් කරන්නේද කියා,
නමුත් ඔවුන් එයම කරමින් සිටිනවා’’
(නරුමවාදය)

ඒ අනුව මාක්ස්වාදය පවා නරුමවාදීන් අතට පත්වීමට ඉඩක් ඇත. ධනවාදය සහ තමන් අතර යම් පරතරයක් තබාගෙන සිටින මිනිසුන්ට ප්‍රබුද්ධ ව්‍යාපෘති හරහා කිසිවක් කළ නොහැකිය යන ආස්ථානය මින් ස්ථිර වෙයි. මින් අදහස් වන්නේ ‘මනස’ යනුවෙන් වූ ස්ථිර, අචල, පාරගම්‍ය දෙයක් පවතින්නේ නැත යන්නය. තේරුම් ගන්නට මනසක් නැති තත්ත්වය තුළ (මනස යනු වෙන කෙනෙකු සතු යැයි අප හිතන ඔහුගේ/ ඇයගේ සිතිවිලි ගොනුවයි) මේ යුගයේදී මනෝ විද්‍යාඥයාට සහ මනෝ චිකිත්සකයාට කරන්න තිබෙන්නේ දෘෂ්ටිවාදී කටයුත්තකි.

උමාලි තිලකරත්නට ‘මනස’ යනුවෙන් සාරාත්මක දෙයක් නොපවතියි. එබැවින් ඇයට මනසක් නැත. එනිසා ඇගේ මනස සංශ්ලේෂණය කරනවා කියා දෙයක් නැත.

උමාලි තිලකරත්න යනු ෆැන්ටසියකි. ෆැන්ටසිය යනු අනෙකාගේ ආශාවේ ප්‍රහේලිකාවට අප ලබා දෙන පිළිතුරයි. උමාලි යනු ඇය ආදරය කළ අර කී ටෙලි නාට්‍ය නළුවාගේ ආශාවේ ප්‍රහේලිකාවට ඇය ප්‍රබන්ධ කළ පිළිතුරයි. අප අවිඥානය කියන්නේ එයටයි. එවිට අවිඥානය යනු ඇයට බාහිරින් පවතින දෙයක් මිස ‘ඇය’ තුළ සැඟ වී පවතින්නක් නොවේ. මනෝ විශ්ලේෂණය භාෂාව මත පදනම් වන විශ්ලේෂණ ක්‍රමයකි. එයට ඖෂධ හෝ Therapy සම්බන්ධ යැයි සිතීම දෘෂ්ටිවාදයට ඇතුල් වීමකි.

බටහිර දාර්ශනිකයකු වන ස්ලාවෝජ් ජිජැක් දෘෂ්ටිවාදයට තෙවන මානයක් හඳුන්වා දෙයි. එය පහත පරිදිය.

“ඔවුන්ට තමන් කරමින් සිටින දෙය ගැන දැනුමක් තිබේ. එසේ නමුත් ඔවුන් එයම කරමින් සිටිති. එසේ කරන්නේ ඉන් ලැබෙන අවබෝධය නිසා නොව ඉන් ලැබෙන විනෝදය – enjoyment; Pleasure as PAIN- නිසාය’’

ගෝලීයකරණයේ දෘෂ්ටිවාදය සහ ජිජැක්ගේ දෘෂ්ටිවාදය විශ්ලේෂණය කිරීම සම්පාත වන්නේ ඉහත නිර්වචනය තුළය. ගෝලීය ධනවාදී ක්‍රමය ස්ථාපිත වනතුරු ආගම ධනවාදය හරහා විනෝද වන ආකාරය ඉගැන්වීය. එබැවින් ආගම දෘෂ්ටිවාදයකි.

නමුත් රැඩිකල් ඉස්ලාම්වාදය, රැඩිකල් සිංහල-බෞද්ධ ජාතිවාදය, බටහිර කොන්සර්වේට්වාදය, ‘ගෝඨාභ-බ-ය වාදය’ වැනි දේශපාලන බලවේගවල මූලය වන්නේ ‘විනෝදය’ දෘෂ්ටිවාදය විචාරය කිරීමේ මාර්ගයක් ලෙස සැලකීම තුළය. මෙම තත්ත්වය මගින් සනිටුවහන් වන්නේ මාක්ස්වාදය මගින් ප්‍රකට කළ ආගම පිළිබඳ විචාරයේ කණපිට පැත්තයි. එනම් ආගම නූතන ධනවාදයේ තතු යටතේ දෘෂ්ටිවාදයක් නොව දෘෂ්ටිවාදය විචාරය කිරීමේ අවියක් බවට- වේදනාවෙන් ආතල් ගැනීම සහරාන්ගේ සමාජ විවේචනයයි– පරිවර්තනය වී ඇත යන්නය. මෙය ‘ආගම’ පිළිබඳ දයලෙක්තික අදහසකි. ආගම අතීත ධනවාදය තුළ දෘෂ්ටිවාදයක් වුවත් සමකාලීන ගෝලීය ධනවාදය තුළ විමුක්ති මාර්ගයක් ලෙස-crtique of capitalist second Fantasy-Not symbolic Fiction– or Enjoying Fantasy- සටහන් වන බවය. ඉන් අදහස් වන්නේ ආගමේ සංස්ථාපිතයන් ගැන නොවේ.

Critique of ideology- pain as Pleasure.

මහාචාර්ය චන්දිමාල්- University of Essexකුමාරි අක්කා හරහා  අවිඥානව ෆැන්ටසිකරණය කරන්නේ නිදහස හෝ විමුක්තිය නොවේ. ඔහු ඇයව ෆැන්ටසිකරණය කරන්නේ ඇය හරහා විඳ වීමටය. (Suffering  – In this context he is our Marxist Teacher) ඇයට සමාජයෙන් අනන්‍යකරණය ලැබෙන්නේ මෙම විඳවීම හරහාය. අතුල අධිකාරිගේ දෙවැනි බිරිඳට අනන්‍යතාවය එන්නේ විඳවීම හරහා මිස ගැලවීම හරහා නොවේ. ආගම හෝ ජනප්‍රිය සංස්කෘතිය යනු අද අප මේ ජීවත් වන යුගයේ විවිධ අවිඥානක විශ්වාසයන් පොරොන්දු වන විඳවීම් විචාරයට ඇති එකම මාර්ගයයි. නුතන ධනවාදය සමතික්‍රමණය කිරීමේදී ආගම යනු විප්ලවකාරී විධික්‍රමයකි. මන්ද ‘ආගම’ සහ ‘මනෝවිශ්ලේෂණය’ යන දෙකම විඳ වීමෙන් සතුටු වන බව පෙන්වා දීම නිසාය.

– දීප්ති කුමාර ගුණරත්න

ඔබේ අදහස කියන්න...