බි්රතාන්ය අධිරාජ්‍යය පැවති කාලයේ ඊට අයත් යටත් විජිතවල වාසය කරන ජනයා දිගින් දිගටම අධිරාජ්‍යයට නතුකර තබා ගැනීම සඳහා අධ්‍යාපනයට අමතරව ප්‍රධාන මෙවලමක් ලෙස යොදා ගත්තේ ක්‍රිකට් ක්‍රීඩාවයි. මයිකල් රොබට්ස් නම් ශාස්ත්‍රීය බුද්ධිමතා ඉදිරිපත් කරන ප්රවාදයට අනුව ක්‍රිකට් යනු අධිරාජ්‍යයට පක්ෂපාතී සුවච කීකරු මිනිසුන් නිපදවීමට යොදා ගත් මතවාදී යාන්ත්රණයකි. ඉංග්‍රීසි ජාතිකයන් විසින් ශ්‍රී ලංකා යටත් විජිතයට බෝ කරන ලද අධ්‍යාපනයට අනුව විවේක කාලය කළමනාකරණය කිරීම සඳහා ක්‍රීඩාව වැදගත් විය.
SAMABIMA MISSING 2016 May ISSUED by rightsnow