1996 වර්ෂයේ දී ශ‍්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානය දිනා ගැනීම හරහා කි‍්‍රකට්වලට ජාතික ආකෘතියක් (National Form) හිමි විය. මේ සිදුවීම නිසා ක්‍රිකට් ක‍්‍රීඩාවට එතෙක් හිමිව තිබූ අධිරාජ්‍යවාදී හරය පූර්ණ වශයෙන් ඉවත් විය. ක්‍රිකට් යනු ඉන්පසු පශ්චාත් – යටත්විජිත ආත්මයක් සහිතවූත් කරන ක‍්‍රීඩාවක් නොවේ. මයිකල් තිසේරා, අනුර තෙන්නකෝන්, ඬේවිස් හයින්, බන්දුල වර්ණපුර, රෝයි ඩයස් වැනි දුඹුරු සහීබ්වරු වෙනුවට සිංහල – බෞද්ධ නූතනවාදීන් වූ අර්ජුන රණතුංග, සනත් ජයසූරිය ආදේශ විය. තරග ජයග‍්‍රහණයට පෙර මහජනයාගේ සිතුම්-පැතුම් හොඳින් හඳුනා ගත් ජයග‍්‍රාහී ලෝක කණ්ඩායමට ඉන්පසු සිදු වූයේ කුමක්ද?
පළමුවෙන්ම සිදු වූයේ එතෙක් ක්‍රිකට් ක‍්‍රීඩාවට නොපැමිණි විශාල ප‍්‍රාග්ධනයක් ඊට ඇතුල් විය. විවිධ වෙළෙඳ සමාගම්වල පාරිභෝගික භාණ්ඩ සහ සේවා මහජනතාව අතරට රැුගෙන යා හැකි අතුරු මුහුණක් ලෙස ක‍්‍රිකට් ක‍්‍රීඩාව පත් විය. ක්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ අතට යහමින් මුදල් ලැබෙන්නට පටන් ගත්තේය. මෙහි ප‍්‍රකට සංකේතය වූයේ දක්ෂ පිතිකරුවෙක් වූ අරවින්ද ද සිල්වාය. ඔහුගේ ෆෙරාරි මෝටර් රථය බොහෝ දෙනෙකුගේ සිත් බැඳගන්නා මාතෘකාවක් බවට පත් විය. සනත් ජයසූරියගේ ජනප‍්‍රියත්වය අශ්ලීලත්වයක් සහ ස්ත‍්‍රී ප‍්‍රශ්නයක් බවට ලඝු විය. කොටින්ම වට්මෝටර්ට ඇතුළුව සිදු වූයේ කුමක්ද යන්න අපැහැදිලි විය.
වට්මෝර් ඇතුළු අලූත් පරිපාලකයන් පිරිසත්, ගෝලීය ප‍්‍රාග්ධනයේ නිහඬ සංසරණයත් නිසා ක්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ සාරය සතුව තිබූ සියලූ අතීත ශේෂයන් නටබුන් බවට පත් විය. වාම දේශපාලනයට ශ‍්‍රී ලංකාව තුළ සිදු කිරීමට නොහැකි වූ දෙය වූයේ අතීත නෂ්ටාවශේෂ ඉතුරු නොවන පරිදි ශ‍්‍රී ලාංකිකයාව හිස් කිරීමයි. එවිට අලූත් දෙය පටන් ගැනීමට අවකාශයක් බිහි වෙයි. වට්මෝර් සහ බොබ් වුල්මර් නිසා පකිස්තානයට, දකුණු අප‍්‍රිකාවට, ශ‍්‍රී ලංකාවට තමන්ගේ අතීත අක්මුල් සිඳගෙන නිදහස් ආත්මයක් (නිදහස් ලෙස සිතන) බවට පත් වීමට ඉඩ විවර සකස් විය. වාමාංශික තලයේ වර්ධනයක් නොතිබුණු මොහොතක සිදු වූ මෙම අරුණළු ඉක්මනින් වියැකී ගිය අතර එතැනට ආදේශ වූයේ ජාතික දේශපාලනය සහ වෙළෙඳපොළයි. එහි අග‍්‍රඵලය වූයේ 96 ලෝක කණ්ඩායම දින වූ නායකයා වූ අර්ජුන රණතුංගයි.
අර්ජුන රණතුංග හැර ඉතිරි කි‍්‍රකට් ක‍්‍රීඩකයන් බහුතරය යොමු වූයේ ආයෝජනය දෙසටය. මේ වන විට ආයෝජනය සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු වන්නේ මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාරය. නමුත් අර්ජුන හැරුණේ ප‍්‍රාග්ධනය දෙසට නොව දේශපාලනය දෙසටය. වට්මෝර් සහ වුල්මර් විසින් කරන ලද විප්ලවීය ක‍්‍රියාව නිසා බිහි වූ නියම ආත්මය හිමි වූයේ අර්ජුන රණතුංගටය. රොෂාන් මහානාම හෝ රන්ජන් මඬුගල්ල යනු තවදුරටත් හිස් නොවූ ශේෂයන් සහිත ආත්මයන් වේ. ඔවුන් තවමත් ක‍්‍රියා කරන්නේ මයිකල් රොබට්ස්ගේ ප‍්‍රවාදයට අනුවයි. නමුත් අර්ජුන රණතුංග ක‍්‍රියා කරන ආකාරය සැමට අවුල්ය.
අර්ජුනගේ ගැටලූව දාර්ශනික අන්තයකට රැුගෙන යන්නේ නම් එය මෙසේය. අහිමි වීමේ ලක්ෂයට පෙර පැවති අමුතු සාරය කුමක්ද? බටහිර අධිරාජ්‍යවාදීන් ශ‍්‍රී ලංකාවට පැමිණීමට පෙර ඉතා සංකීර්ණ සම්ප‍්‍රදායක් පැවති බවට විවාදයක් නැත. නමුත් එය විෂමජාතිය අච්චාරුවකි. රජ කෙනෙක් මධ්‍යයේ තබා ගත් නිලබල රටාවක් රහිත එම පුරාණ සමාජය ප‍්‍රජාතන්ත‍්‍රවාදය දන්නේ නැත. ඒ තුළ පැවතියේ රාජකාරි මිස අයිතිවාසිකම් නොවේ. පන්තිය වෙනුවට එකල පැවතියේ කුලවාදයයි. ජාතික පුනර්ජීවනයක් ලැබූ අලූත් ආත්මයක් සහිත (96 ලෝක ශූරතාවය දිනූ කණ්ඩායමේ නායකයා ලෙස ලබන බහුමාන ගෞරවය සහ අනන්‍යතාවය සහිතව) මිනිසෙකුට නූතනත්වයට පෙර පැවති ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී, කුල සමාජයට යළි ගමන් කළ හැකිද? කිසිසේත් නොහැකිය. එසේ නම් අප අලූතින් අතීත ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් සහිත කල්පිත අතීත රටක් යළි සොයාගත යුතුය. සාරයක් විරහිත ආත්මයක් සාරයක් සහිත ජාතික සංස්කෘතියක් ෆැන්ටසිකරණය කිරීම නිසා උපදින්නේ ධවලපතාකයෙකි. (Monster) අර්ජුන රණතුංගට අද දවසේ හිමිව ඇත්තේ මෙම උමතු රංගනයයි. එය සංස්කෘතික එකක් හෝ ස්වාභාවික එකක් නොවේ. එය එම අන්ත දෙක යා කරන අවිඥානක උමතුවකි. මෙම උමතුව තමයි ක‍්‍රිකට් ක‍්‍රීඩා වෙනුවට එතැනට ආදේශ වූ විනෝදය. අද දවසේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් ක‍්‍රීඩා කරන්නේ අනෙකාගේ පිළිගැනීම උදෙසා නොව විනෝද වීම සඳහාය.
ක‍්‍රිකට් ක‍්‍රීඩාවට පෙර පැවති සාරය කුමක්ද?
සිග්මන් ෆ්‍රොයිඞ් අප සමඟ සමීපව සිටින සහෝදර මනුෂ්‍යාගේ සංකීර්ණ පැවැත්ම පිළිබඳව කතා කරයි. මෙම මාතෘකාවට ඇති තවත් නමක් තමයි අසල්වැසියාගේ ගුප්ත බව. මෙම සංකීර්ණ අදහස අපට තල දෙකක වර්ධනය කර ගැනීමට හැකිය. අප සමීපව ඇසුරු කරන සහෝදර මනුෂ්‍යයකු දෙස බලා ඔහු/ ඇය හොඳින් අවබෝධ කරගත හැකි කරුණු සිහිපත් කළ හැකිය. අපට ඒ මිනිසාගේ ඉරියව්, අදහස්, අනාගත බලාපොරොත්තු සහේතුකව පැහැදිලි කළ හැකිය. නමුත් සමහර හදිසියේ ඇතිවන සිදුවීම් නිසා මේ අප හොඳින් දන්නා මිනිසා ගැනම අපට වික්ෂිප්ත වීමට සිදු වෙයි. මෙය අපගේ හිතවතා ‘දෙයක්’ (Thing) බවට පත්වීමේ ප‍්‍රථම පියවරයි. අනෙකා සතු මෙම දෙයක් වීමේ විභවය මට්ටමත් ආගන්තුකය. නමුත් මෙම ආගන්තුක බව ඇත්තේ අප තුළමය. අනෙකාගේ මෙම අනේකත්වය යනු මා තුළ පවතින මගේම අභ්‍යන්තරයක් පිටතට විසරණය වීමකි. එය බියකරුය.
අර්ජුන රණතුංග යනු අප හොඳින් ක‍්‍රීඩාපිටිය තුළ දී දන්නා හඳුනන මනුෂ්‍යයෙකි. නමුත් දැන් ඔහු වරාය ඇමැතිය. ඔහු දැන් කරන කියන දේවල් අපට ආගන්තුකය. නුහුරුය. ක‍්‍රිකට්වලට පෙර පැවති සාරය සොයන්නට ගිය ඔහුට මොනවාදෝ ලැබී ඇත. නමුත් ක‍්‍රිකට්වලට පෙර ලංකාවේ පැවති ක‍්‍රීඩා මොනවාද? ඔළිඳ කෙළිය, ලිස්සන ගහේ නැඟීම, කොට්ටපොර, චක්ගුඩු ක‍්‍රීඩාව, කැට ගැසීම…. සමහර විට අරවින්ද දැන් වරායේ දී කරන්නේ මෙම පූර්ව-ක‍්‍රිකට් ජාතික ක‍්‍රීඩා විය හැකිය. නූතනවාදය වැරදී ගිය විට අපට හමුවන්නේ ජාතික උමතුවයි.