පසුගිය 22 වනදා කොලඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී අමිල සංජීව යහවෙල ගේ “කියවීමක මහන්සිය” විචාර ග්‍රන්ථය එලිදැක්වීමේ අවස්ථාවේදී දීප්ති කුමාර ගුණරත්න සහෝදරයා විසින් පවත්වන ලද දේශනයට ඔබට පහතින් සවන්දිය හැක.

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. Dear Admin, Thank you So Much for uploading this lecture. It is Deepthi at his Best! In less than half an hour, using just three films, I think Deepthi very well manages to lay down his entire political theory and a very lucid analysis of our ‘present times’. Most of his examples and observations are spot on! I think Deepthi is always at his best when he uses brief notes to structure his lecture.
    මම විශේෂයෙන් කැමතියි දීප්තිගේ “Matrix” උදාහරණයට. FB activistලා ජීවත්වෙන මනෝරාජික ලෝකය බලනකොට කාර්ල් මාක්ස් ගේ යුගයේ ආගම ගංජා වුවාට වඩා ධරුනු ලෙස මේ යුගයේ FB එක කොකේන් නැත්නම් හෙරොඉන් හෝ එක්ස්ටසි බවට පත්වෙලා තියනබව සිහියෙන් බලන කෙනෙකුට ඉතා පැහැදිලිව පෙනෙන දෙයක්.
    මට ඒක දෙයක් ටිකක් පහැදිලි කරගන්න ඕනේ. මහින්ද රාජපක්ෂ අපේ හිටපු ජනාධිපති තුමා ඇතුළු කණ්ඩායම ධනවාදය උපරිමයට ගෙනියපු බව සහ එම System එකතුල නවාඩ් කබ්රාල්ට මෙන් රංගන ලාගේ පන්තියේ අයත් ආතල් ගත බව දීප්ති කියන එක හරි. එතකොට මේ වෙනසක් ඕනවුනේ රාජපක්ෂලාගේ ‘විනෝදය’ පැහැරගැනීමට අවශ්‍යවූ (සරත් විජයසුරිය වගේ) කොටසකට විතරක්ද? ‘වෙනසක්’ ඕනේ කියලා හිතපු අයගෙන් කිසිවෙකුට යම්තාක් දුරට හෝ System එක වෙනස්විය යුතුය, මෙහෙම ගියොත් රාජපක්ෂලා සහ අපි දෙගොල්ලන්ම කාබාසිනියා වෙලා ඉවරයක් වෙයි කියලා අවංකව හිතපු කොටසක් හිටියේ නැද්ද? System එකට අමුතු ගේම් දෙන අයට අපි කැමති – ඒ අපේ හිතේ කකියන විප්ලවයද?- නමුත් මට දීප්ති එක්ක එකඟ වෙන්න බැහැ රංගන වගේ චරිතයකට අපි අශා කරන්නේ ඔහු අර 3 වීල් මනුස්සයට කරපු වැඩේ හින්ද කියලා. මොකද ඒක තමන්ගේම පන්තියේ තවකෙකුට කරන ජඩකමක් මිස “System එකට දෙන ගේමක්” නෙවෙයි. රංගන ට්‍රැෆික් මහත්තෙයෙකුට දඩකොලේට ගානක් දෙන්න වගේ ගිහින් පැනල ගියානම් ඒක “System එකට දෙන ගේමක්”.
    දීප්තිගේ “madness එකක් software එකෙක් නැත්නම් ‘app’ එකක් හැටියට ‘down load’ කරගන්නේ නැතිව අපිට මේකාලේ පවතින්න අමාරු” කතාව සහ සමහර චිත්‍රපටි (සහ tele drama?) මෙවැනි apps කියන අදහස හරියටම හරි!
    මේ දේශනයේදී දීප්ති highlight කරන, මේ යුගයේ ජිවත්වන අපි හැමදෙනාගේ ජිවිතයේ ස්වරූප, එනම් contingent, ethical, radical, ගැන awareness එකක් ඇතිකරගැනීම වැදගත් කියලා මට හිතෙනවා. විශේෂයෙන්ම ethical කියන එක ඉතා සංකීර්ණ අවස්ථාවක් කියලා මට හිතෙන්නේ. උදාහරණයක් නම් රංගන තම අනේකාව පාවිච්චි කීරීම. මට හිතෙන විදිහට ඔහු හුදෙක් ස්වකිය ලාභ අපේක්ෂාවන් මුදුන්පත්කරගැනීම සඳහා පමණක් මෙය කරවානම් මේක ethical වන්නේනැහැ. Dogville චිත්‍රපටියේ Grace මුළු Dogville ගමම සමුලඝාතනය කීරීම ethical. ඒ ඇය ඒක කරන්නේ ඔවුන් ඇයට කරපු දේවල් වලට පලිගන්න නෙවෙයි. නමුත් එවන් මිනිසුන් තවදුරටත් මේ පොළොවේ විසිය යුතු නැතියයි ඇය සිතන නිසා. ඉතින් මට හිතෙන්නේ රංගන ලුම්පන් ම ලුම්පන් මිසක් radical හෝ ethical නැහැ කියලා. දැන් මේක පරාරෝපිත බව ද? මට වැටහෙන හැටියට කෙටියෙන් කිව්වොත් මෙහෙම දෙයක්: ලුම්පන් බව රංගනගේ පරරෝපිතබවේ symptom එක. ඒ ලුම්පන් බව පාවිච්චි කරලා පවතින system එකෙන් ආතල් ගන්න ඒක රංගන ගේ sinthome එක, එහෙම නැත්නම් jouissance එක.
    අවසාන වශයෙන් දීප්තිගේ “හන්සවිලක්” දෙස ආපසු බැලීම සහ නැවත කියවීම එකම චිත්‍රපටියේ යුග දෙකකට දෙන ‘පණිවිඩ’ දෙක ඉතා නිවැරදිව (spot on) ග්‍රහණය කරලා තියනවා.

Comments are closed.