මිනිස් ඉතිහාසය පුරා මිනිසා තනි තනිවත්, සාමූහිකවත් නපුර දෙසට ගමන් කර ඇති බවට අනේකවත් සාක්ෂි පැවතුණා වුව ද ඒ සමානවම එම නපුර වෙතට ගමන් කළ මිනිසාම නැවත විශ්වීය යහපත දෙසට ද ගමන් කරනවා අප අනන්තවත් දැක ඇත. බහුතරයක් වූ හොලිවුඞ් චිත‍්‍රපටවල තේමාවන් ද මෙම තත්ත්වයට සමගාමී වේ. මෙයට හේතුව මිනිස් ශිෂ්ටාචාරය විසින්ම විශ්වීය යහපත දෙසට මිනිස් හෘද සාක්ෂිය සුසරගත කර ඇති මාලිමාවක් අප තුළ පැලපදියම් කර ඇති නිසාය. එම මාලිමාව විසින් අප සදාචාරය වෙතටත්, යහපත වෙතටත්, සත්‍යය වෙතටත් නිරන්තරයෙන් යොමු කරවයි. දැවැන්ත පරාජයන්වලින් පසුවත් මිනිස් විෂය නැවතත් තමා ගමන් කළ යුත්තේ කුමන දිශාවටදැයි තීීරණය කරනු ලබන්නේ ඉහත මාලිමාකරණය කරන ලද සත්භාවය විසිනි. 2004 දී ඇදවැටී නැවත අප නැගී සිටින්නේ ඉහත යහපත පිළිබඳ මූලධර්මය කෙරේ අප විශ්වාසය තබා සිටින නිසා නොව අප එයට භක්තිවන්ත වන නිසාය.

කෙතරම් අයිලයේ වෘකයන් අතර සිටියත් අල්තිනායි හට දුයිෂෙන්ගේ පැමිණීම ඉවෙන් මෙන් වටහාගත හැකි වූයේ හරියටම රෝගියෙකුට මින් පෙර කවදාවත් වෛද්‍යවරයකුගේ සම්මුඛ වීම අත්දැක නැති වුවත් තමා ඉදිරියට එන වෛද්‍යවරයා තේරුම් ගැනීමට නෛසර්ගික කුසලතාවක් ඇතුවා සෙයිනි. සායනික තත්ත්වයන්ගෙන් විනිර්මුක්තව වුව ද එකී වෛද්‍යවරයා අන් කිසිවක් නොසලකමින් රෝගියාට ප‍්‍රතිකාර කිරීමට ඉදිරිපත් වේ නම්, තමා දන්නා සියලූ ශිල්ප ක‍්‍රම ඒ සඳහා යොදා ගනී නම්, ඇත්ත වශයෙන් ඔහු සත්‍යම වෛද්‍යවරයෙකු නොවුණ ද, ඉහත තත්ත්වය තුළ ඔහු හෝ ඇය වෛද්‍යවරයකුගේ කාර්යය ඉටු කළා සේ සලකනු ලබයි. මහා ලොකුවට අකුරු නොදත්තා වුව ද දුයිෂෙන් ගුරුවරයකු ලෙස සැලකිය හැක්කේ ඇලන් බදියු සඳහන් කරන ඉහත නිපුණතාවය සහ සත්භාවය ඔස්සේය. අල්තිනායි රුසියානු අරගලය නම් ‘සිදුවීමට’ භක්තිවන්ත වන්නේ ඉහත සිදුවීමේ රූපකය දරාගෙන පැමිණි දුයිෂෙන්ගේ ශරීරය හරහාය. එසේ නැතිව අල්තිනායි හට ‘හිටිහැටියේම’ පහළ වූ අදහස නම් වියළි ගොම ඉස්කෝලයට බාරදීම නම් සිතිවිල්ල අපට තේරුම් ගැනීමේ දාර්ශනික – මනෝ විශ්ලේෂී මානය අහිමි වී යයි.

අන් සියල්ලෝම වියළි ගොම ගම්මානයට ගෙන යන විට අල්තිනායි හට පමණක් ඉහත සිතිවිල්ල පැමිණීමට හේතු වූ කැන්ටියානු විශ්වීය හේතුව කවරක්ද? අන් අයට අතීරණාත්මක දෙයක් (Uncertain)

ඇයට පමණක් තීරණාත්මක දෙයක් (Decisive) වූයේ කෙසේද? ”එවැනි තීරණයක් ගැනීමට හේතු වූයේ කුමක් නිසාද යන්න අද වනතුරුත් මට තේරුම් ගැනීමට නොහැකි විය” (පිටුව 34). නමුත් ග‍්‍රාම්‍ය මිනිසුන්ගේ පහරවලට ගොදුරු වූ ඇය දුයිෂෙන්ගේ කාරුණික සිනහවට දැක්වූ ප‍්‍රතිචාරයක් පමණක්ද එය? ඇය නිර්භීතව, සිතට එකඟව කළේ ‘ශ්‍රේෂ්ඨතම වීර ක‍්‍රියාවක්’ (පිටුව 35) බව ඇය දන්නේ කෙසේද? නාසිවාදය වෙතට භක්තිමත් නොවී (වෘකයන්) කොමියුනිස්ට්වාදය වෙතට ඇය භක්තිමත් වන්නේ ඇලන් බදියුට අනුව අප සෑම කෙනෙක් තුළම පවතින යම් ‘නොපැහැදිලි ආත්මීය’ කරුණක් ඔස්සේය. හදිසි අනතුරක දී තම පෙම්වතා හෝ පෙම්වතිය විරූප වී ගියද මිනිස් ආත්මය ඔහු හෝ ඇය අත්නොහරින්නේ ඉහත සත්‍යයේ ගමන්මඟ (Trajectory of truth) වැටී ඇත්තේ තම ආත්මයේ ගමන් මගේම ඇති නොපැහැදිලි බව ඔස්සේ බැවිනි.

ඔබේ අදහස කියන්න...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here