[dropcap color=”yellow”]උ[/dropcap]තුරු මැද පළාතේ වකුගඩු රෝගයෙන් පසුගිය කාලය තුළ මිය ගිය සංඛ්‍යව 20,000 ක් පමණ වන බවට වාර්ථා වෙනව. මේ සම්බන්ධයෙන් කතා කරන බොහෝ අයගේ අදහස වන්නේ ඇත්තටම මේ ගැන කිසිම අදහසක් නැතිකමයි. සාමාන්‍යෙයන් වකුගඩු රෝගය ඇතිවන ප්‍රධාන හේතු කාරකයන් වන්නේ පිරිසිදු පානය ජලය නොමැතිකමයි. සාමාන්‍යෙයන් දැනට බොහෝ කාලයකට පමණ පෙර සිටි උතුරු මැද පළාතේ ජනතාවගේ ප්‍රධාන ගැටලුවක් වූයේ පානීය ජල ගැටළුවයි. බොහෝ අය නොදන්නවා වූවාට මේ වන විටත් ලංකාවේ බොහෝ ප්‍රදේශ වල මේ පානීය ජල ගැටළුවට ජනතාව උග්‍ර ලෙස මුහුණ දී සිටිනව.

මේ ගැටළුව ලෝක පරිමාණයේ ගැටළුවක්. අප ජීවත් වන පෘථිවි ගෝලය තුළ දෛනිකව මිනිසුන් බිලියන 07ක් ජීවත් වීම සදහා අනවරත අරගලයක නිරතව සිටිනව. මේ බිලියන හතෙන් බිලියන 04 කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විටත් පිරිසිදු පානීය ජල අර්බුදය නිසා පීඩාවට පත්ව තිබෙනව. එයිනුත් අප්‍රිකානු කළාපයේ වැසියන් පානීය ජලය නොමැතිකමින් අපා දුක් විදිනව. අප කිසි විටෙක ඈත අප්‍රිකානු රටක මිනිසුන් අද පානීය ජලය නොමැතිව මුහුණ දෙන අර්බුදයට අනාගකයේ දී අපට මුහුණ දෙන්නට සිදු වෙතැයි කල්පනා කරනවද? අපට ඒ මිනිසුන් ජලය නොමැතිව විදින වේදනාව දුක කියන්නේ හරිම ආගන්තුක දෙයක්. අපි ඒ ගැන නිකමටවත් කල්පනා කරන්නට කැමති නැහැ. ඒ තබා අඩුම තරමේ කොළඹ ජීවත් වෙන මිනිහෙක්ට අනුරාධපුරේ තමන්ගේම රටේ මිනිහෙක් විදින දුක වේදනාව හදුනා ගන්නට පුලුවන්ද? ඊටත් වඩා හස්‍යයට කරුණ වන්නේ තමන්ගේ අසල්වැසියාට මුහුණ දෙන්නට වෙන දුක් කරදරයකදී පවා මිනිසුන් හරිම නිද්‍රාශීලිව කටයුතු කිරීමයි. මෙයට හේතුව මිනිසුන් පවුල තුළට හුදකලා වන්නට සිහින දැකීමයි. ඒ නිසා අපට අද දක්නට ලැබෙන්නේ පෞද්ගලික සත්‍යයන් මිස සමාජ සත්‍යයන් නෙවි. ඒ නිසා තමයි තමන්ගේ පවුලේ සාමාජිකයෙකුට හැර රටේ ඕනෑම පුරවැසියෙකුට ඕනෑදෙයක් වුනත් අපට මොකෝ වගේ මිනිස්සුන්ට ජීවත් වෙන්න පුලුවන් වෙලා තියෙන්නේ.

ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් ඉන්න ගොඩක් අය හිතාගෙන ඉන්නේ තමන්ගේ රැකියාව වදයක් විදිහටයි. විශේෂයෙන් වෛද්‍යවරුන් තමන් වෛද්‍යවරයෙක් වීම ගැන හිතන්නේ තමන් අනිත් අයට වඩා දක්ෂ,බුද්ධිමත් අයෙක් සහ තමන් ගිය ආත්මයේ ගොඩක් පිං කරපු නිසා තමයි තමන්ට වෛද්‍යවරයෙක් වෙන්නට පුලුවන් වුනේ කියලයි. ඒ අනුව එයාලා හමුවට එන රෝගීන් කියන්නේ පව්කාරයන්. ඒ නිසා පව්කාරයන් පුලුවන් නම් බේර ගන්නව බැරිනම් මැරුණට අපට මොකද වගේ නෙමෙයිද මේ අය හැසිරෙන්නේ. තමන්ගේ තනතුරේ ඇති ගැටලු ගැන, තමන් ගේ වැටුප වැඩි කර ගැනීම ගැන සංවේදී වෛද්‍යවරුන් ඇයි රජරට වකුගඩු ප්‍රශ්ණය ගැන මේ තරම් නිද්‍රාශීලිව කටයුතු කරන්නේ. ඒ ලංකවේ වෛද්‍යවරුන්ට පෞද්ගලික සත්‍ය හැර සමාජ සත්‍ය කියල දෙයක් තියනව කියන එක අමතක වෙන නිසයි.

අද වෙනකම් ලංකාවේ වෛද්‍ය සභාව සහ රජයේ වෛද්‍ය නිළධාරින් ගේ සංගමය විසින් මේ ප්‍රශ්ණය ගැන කිසිම විධිමත් වැඩ පිළිවෙළක් හදුන්වලා දීලා තියෙනවද? මේ අය දන්න එකම සත්‍ය තමයි ඉක්මනට රෝහලෙන් තමන්ගේ පෞද්ගලික ඩිස්පෙන්සරියට හෝ පෞද්ගලික රෝහලට ඇවිත් අමතර ප්‍රාග්ධනයක් ඒකරාශී කරගන්නේ කොහොමද කියන එක. ඊට පස්සේ තමන්ගේ රෙන්ජ් රෝවර් ඉවෝක් රථයෙන් පවුලේ අය එක්ක ගෝඨාභයගේ ඇවිදින්න පාර්ක් එකක ඇවිදලා රෑට කේ.එෆ්.සී එකෙන් චිකන් කලා ගෙදර ගිහින් ටී.වී බලලා නිදා ගන්න එක ඇරුනම ලංකාවේ මොන වෛද්‍යවරයද තමන් ගේ වෘත්තිය තුළ තමන්ට ස්වභාවයෙන්ම පැවරිලා තියෙන වගකීමක් විදිහට කල්පනා කරලා ජනතාවගේ ගැටලු ගැන කල්පනා කරන්නේ.

ලංකාව වගේ රටක තියෙන අංග විකල ධනවාදය ඇතුලේ පවා මිනිස්සු පෞද්ගලික දේපල ක්‍රමය තුළ සමාජ ගැටළු මගහරිමින් තම තමන්ගේ ලෝක වල ගිලිලා ඉන්නවා මිසක් සමාජය කියලා එකක් තියනවද කියන එක ගැන සවිඥාණික නැහැ. අද දවසේ අපේ ජීවිත වල අර්ථය තිරණය කරන දෘෂ්ටිවාදය වෙන්නේ විනෝදය කියන එක මේ අයගේ හැසිරීමෙන් තහවුරු වෙනවද?

රජරට වකුගඩු ප්‍රශ්ණය විතරක් නෙවි අද වෙනකොට ලංකාවේ සෞඛ්‍ය සේවය බරපතල ලෙස අර්බුදයන් රාශියකට මුහුණ දීලා තියෙනව. ඒ අර්බුද කියන්නේ මිනිස්සුන්ගේ ජීවිතය සහ මරණ පිළිබද වඩාත් සංකීර්ණ ගැටළු මිසක් සරල ඒවා නෙවි. අනාගතයේ දී අපට මුහුණ දෙන්නට සිදුවන පානීය ජල අර්බුදය සහ ඒ මගින් පැන නගින සෞඛ්‍ය ප්‍රශ්ණ කියන්නේ ඉතා බරපතල ගැටළු රැසක්. ඒත් ටිල්වන්ට අනුව තවමත් ගැටළුව ඇත්තේ අධිරාජ්‍යවාදී ඇමරිකාව විසින් ලංකාව ආක්‍රමණය කරන්නට සැරසීමයි. ( මාවෝ ගේ රතු චීනය මේ අයට තවමත් සමාජවාදී රාජ්‍යයකි. එම රාජ්‍යයේ දෛනිකව පිරිසිදු ජලය නොමැතිව මිය යන සංඛ්‍යව ලක්ෂ ගණනක්) පුබුදු ජයගොඩට අනුව නව ලිබරල් ධනවාදයේ දෙවැනි ඉණිමේ ගැටළු වලට මේවා අදාල නැත.විමල් වීරවංශට අනුව අපේ රට ඇමරිකාව විසින් ආක්‍රමණය කරන්නට අත ලගය. චමිපික රණවකට අනුව ගැටලුව ඇත්තේ සාම්පුර් බලාගාරයේය. සජිත් ප්‍රේමදාසට අනුව ගැටලුව ඇත්තේ රනිල් වික්‍රමසිංහ තුලය. කැමති නම් මේ ලැයිස්තුව තව තවත් දික් කරන්නට පුලුවන. අවසානයේ ජන මාධ්‍යයට අනුව රජරට වකුගඩු රෝගයෙන් මිය ගිය සංඛ්‍යාව විසි දහසකි. මිය යන්නට සිටින සංඛ්‍යව කිසිවකුත් නොදනියි. පොදු රාජ්‍ය මණ්ඩ නායක සමුළුවෙන් පසු රටට සෞභාග්‍ය උදාවන තුරු අපි අහසට දත නියවමින් තව දුරටත් බලා සිටිමු ද?

 

ඔබේ අදහස කියන්න...