2002 වර්ෂයේ දී, 90 දශකයේ චිත්‍ර කලා දෘෂ්ටිවාදය සහ අප (X කණ්ඩායම ලෙස) අතර චිත්‍ර කලාව අරභයා ඒකපාර්ශවීය කතිකාවක් බිහි විය. එහි ඵලය ලෙස ‘කලාව සහ විසංයෝජනය’ නමින් පොතක් බිහි විය. එමඟින්, ‘X කණ්ඩායමත්’, ‘90 ගුරුකුලයත්’ යන දෙකම විසංයෝජනය විය.
අප එම සංවාදයේ දී, චිත්‍රය අරභයා මතු කරන ලද ගැටලුව මෙලෙස සූත්‍රගත කළ හැකි ය.
“ චිත්‍රය ගොලු නිසා එයට කතා කරන්නට ඉගැන්විය යුතු ය. එවිට, චිත්‍ර කලාවට අදාළ රසිකාවිය ලංකාවේ දී ප්‍රාදුර්භූත වෙයි.”
හෙට, එනම් 12 වන දා මහරගම තරුණ සේවා සභාවේ කුඩා ශාලාවේ දී අප ඉහත ප්‍රවාදය පහත අයුරින් අලුත් කරනු ලැබේ. (විතණ්ඩවාදයෙන් සම්‍යක් දෘෂ්ටියට මාරු වීම.)
“ චිත්‍ර ශිල්පියා තමාව නරඹන අනෙකා ලෙස ගත්නේ කවුද? මෙම ගැටලුවට පිළිතුරු සෙවීමේ දී අලුත් චිත්‍ර කලාකාරියක් බිහි වෙයි. ”
ඒ අනුව, අපි පශ්චාත්-නූතනවාදය අභිබවා නොගොස් ඒ මත පදනම් වන කලා න්‍යායක් ගොඩනැංවීමට අදහස් කරන්නෙමු. අපගේ සමකාලීන කලාව යනු, එම අවබෝධය යි.
ලංකාවේ ‘යථාර්ථවාදය’ පිළිබඳ මුඛ්‍ය සංවාද දෙකක් විසිවන සියවසේ දී සිදු විය.
1. 1930 වසරේ ඩබ්ලිව්.ඒ.සිල්වා සහ මාර්ටින් වික්‍රමසිංහ අතර වූ විවාදය.
2. 80 දශකය පුරා සුචරිත ගම්ලත් සහ පියසීලි විජේගුණසිංහ විසින් මාක්ස්වාදය අරභයා පටන් ගත් දයලෙක්තික භෞතිකවාදය මත පදනම් වූ වාස්තවික යථාර්ථවාදය.[ lost factor is Russian Avant-garde]
Kazimir Malevich ‘black square’.
හෙට, අපි ලංකාවට ‘අලුත් යථාර්ථවාදයක්’ (New Realism) හඳුන්වා දෙන්නෙමු. එය, දයලෙක්තික භෞතිකවාදය මත පදනම් වූ තථ්‍යසමාන යථාර්ථවාදය (Virtual Realism) කි. එනම්, පදාර්ථය විරහිත භෞතිකවාදයකි. වෙනත් විදිහකට කිවහොත්, අන්තර්ගතය හිස් වූ ආකෘතිවාදයකි. කාසිමීර් මාලවිච්ගේ ‘කලුපාට හතරැස් පෙට්ටියේ’ සිට මාර්ෂල් ඩුෂාමිගේ ‘පිස් පෝච්චිය’ දක්වා වූ උදාහරණ මෙම නව-යථාර්ථවාදය හරහා සංවාදගත කරනු ලැබේ.
අපි නව-යථාර්ථවාදය ලෙසින් අදහස් කරන්නේ, ප්‍රේක්ෂකයන් පමණක් සිටින ශාලාවක් හෝ ප්‍රේක්ෂකයන් නැතිව වේදිකාවක් පමණක් පවතින ශාලාවක් පිළිබඳව නොවේ. ‘යථාර්ථයෙන්’ ආත්මය ඉවත් කරන ඕනෑම භෞතිකවාදයක් පාරභෞතික බව අපි විශ්වාස කරන්නෙමු. ඒ අර්ථයෙන්, අපි චිත්‍ර කලාව අරභයා නව සද්භාවවේදයක් හෙට යෝජනා කරන්නෙමු.
දේශපාලන තලයේ දී, නව-යථාර්ථවාදය යනු කුමක්ද? 80 දශකයේ මැද සිට ආරම්භ වූ කතිකා න්‍යායේ නව දායකත්වය වූයේ, ‘සමාජය’ යන්න අසම්පූර්ණ ප්‍රපංචයක් සහ එය සංස්කරණාත්මක එකක් බව වටහා ගැනීමයි. 18 වන සියවසේ සිට ‘සමාජීය’ බව යන්න මඟින් නිරූපණය වූයේ, දේශපාලනය මඟින් එය නියෝජනය වන බවයි. ඊට පෙර යුගයේ දී, දේශපාලනය යනුවෙන් හඳුනා ගත්තේ මාකියාවෙල්ලිවාදය යි. එනම්, දේශපාලනය යනු, සමාජ සත්‍යය හෝ පුද්ගල සත්‍යය නියෝජනය නො කරන කපටි බල ක්‍රීඩාවක් බවයි.
70 දශකයට පසුව ආගමනය වූ පශ්චාත්-කාර්මික සමාජවල දේශපාලන සත්‍යය ද වසඟය සහ බල ක්‍රීඩා මඟින් වැසී ගියේ ය. ග්‍රාම්ස්චි හරහා නව මාකියාවෙල්ලියානුවාදයක් ලෙසින් ලැක්ලෝගේ සහ මුෆ්ගේ කතිකා න්‍යාය ආදේශ වූයේ, ඉහත තත්වය උදෙසා ය. කතිකා විශ්ලේෂණය යනු, මාක්ස්වාදී චින්තනය එහි පටු යථාර්ථවාදයෙන් ගලවාගෙන සමාජ සත්‍යය වෙතට යළි දිශාණත වීමක් ලෙසින් දිස් විය. ‘පවතින ලෝකය’ පැරණි යථාර්ථවාදයේ අර්ථයෙන් තවදුරටත් කිසිවක් නියෝජනය නො කරන අතර යථාර්ථයට සම්පාත නොවේ. සමාජීය බව වෙනුවට ‘මහජනතාව’ යන නම ඊට ආදේශ වී ඇත.
කලා කෘති අරභයා අප න්‍යායක් උත්පාදනය කරන්නේ නම්, එය නව-යථාර්ථවාදයක් විය යුතු ය. කලාකරුවා සහ තමාට පිටතින් පවතින ආයතන පද්ධතිය සමඟ කේවල් කිරීමට දයලෙක්තික යථාර්ථවාදයක් අවශ්‍ය ය. එම, නව-යථාර්ථවාදය කිසිසේත් ලෙනින් සිය අනුභූතිවාදී විචාර පොතේ දී කතා කළාක් මෙන් යථාර්ථය සමඟ සම්පාත නො විය යුතු ය. මිනිස් මනස යනු, බාහිර යථාර්ථය පිළිබඳ කැමරා ඡායාරූපයක් නො විය යුතු ය.
අපට අනුව, ‘යථාර්ථය’ යනු, රැඩිකල් ලෙස ආත්මය විසින් දෙකට පලන ප්‍රපංචයකි. ඒ අනුව, දැනුම හරහා අප යථාර්ථයට කිට්ටු වනවා නොව ආත්මය විසින් ගොතන ප්‍රපංචයකට පැටලෙනවා ය. යථාර්ථය ප්‍රබන්ධයක් වන්නේ, එම නිසා ය. අපගේ ෆැන්ටසිය ඇත්තේ, මුලාව පැත්තේ නොව යථාර්ථය පැත්තේ ය. ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකානුවන් පරාජය කරන විට ඔවුන් සියලු දෙනා ට්‍රම්ප් බවට රූපාන්තරණය වී අවසන් ය. අද අපට රාජපක්ෂලා එපා වී ඇත්තේ, අප සියලු දෙනා හදවතින් රාජපක්ෂලා වී ඇති නිසා ය.
අපි හෙට හමු වෙමු !
+++++++++++++++++++++++++++++++++
මේ වන විට, පක්ෂයේ ප්‍රධාන කාර්යාලය මාළඹේ පිහිටා ඇති අතර ඒ සඳහා ස්ථාවර දුරකතන අංකයක් ඇත. ව්‍යාපාරික කටයුතු හරහා අපට සම්බන්ධ වීමට කැමති අය සහ ආයෝජන අවස්ථා හොයන අය අනුෂ්ක[අධ්‍යාපනය සහ මනෝවිශ්ලේෂණයද ඇතුලත්ව]අමතන්න. විදේශ රටවල සිටින ජනයා මිහිරාන්ගේ අංකයට අමතන්න. ”විමසීම්” සඳහා බුද්ධිකගේ අංකයට කතා කරන්න. ප්‍රචාරක කටයුතු සහ ප්‍රචාරක සංකල්ප සඳහා නුවන්ගේ අංකයට කතා කරන්න.
Anushka- 0777189471.
Nuwan – 0715324110.
Buddika – 0777189506.
Mihiran – 0777189465.
චිත්‍ර ප්‍රදර්ශනයේ කාලසටහන පහත පරිදි ය.
1. යථාර්ථය සහ එහි අසහනයන්-1st day.
2. දැක්මේ දේශපාලනය.
3. කලා කෘතිවලින් අපේක්ෂිත අධි ක්‍රියාකාරීත්වය සහ අපගේ අන්තර් අක්‍රියාකාරීත්වය.[inter passivity]
4. චිත්‍රය ජාතික උපමා කතාවක් ද?
සුභ පැතුම්
Comments are closed.