ලංකාවේ අති බහුතරයට සහ චිත්‍ර ශිල්පීන්ට ද අනුව, සාධාරණ ලෙස දෘෂ්‍ය ක්ෂේත්‍රයත් සුවිශේෂී ලෙස ඡායාරූපය, චලන රූපය, චිත්‍රයත් යනු, පරිපූර්ණ ප්‍රපංචයකි. සරලව කිවහොත්, අප බාහිරින් නරඹන වස්තූන් හෝ දේවල් තුළ අඩුවක් නැත.[complete] එම නිසා, ඔවුහු සෑම විටම කතා කරන්නේ, යම් දෘෂ්‍ය නිෂ්පාදනයක් කරන [visual Production]නිර්මාණකරුවා ගැන මිස ඔවුන් නිෂ්පාදනය කරන වස්තුව (චිත්‍රය, ඡායාරූපය, චිත්‍රපටය, පෙනෙන දේවල්) පිළිබඳව නොවේ.
හෙට දින, එනම් 14 වන දා,[10am] මහරගම තරුණ සේවා සභාවේ කුඩා ශාලාවක දී අප විසින් ඉහත අදහස උඩු යටිකුරු කරනු ලැබේ. මේ අලුත් න්‍යායට අනුව, ඔබ විසින් වස්තු දෙස බැලුම් හෙළනවා නොව වස්තූන් ඔබ දෙසට බැලුම් හෙළනවා ය.[Gazing object] එපමණක් නොව, එම බාහිර වස්තූන්ගේ බැල්මට ඔබ යටත් සහ කීකරු වනවා ය. ඔබගේ දෘෂ්‍ය ක්ෂේත්‍රය මේ හේතුව නිසා දෙකට පැලෙයි. මේ බාහිර වස්තු ද ඔබ මෙන් සිතයි.
”අනෙකාගේ ආශාව”[other’s desire], ඔබගේ අක්ෂි කුහර ඇතුළට අත දමා ඔබේ ඇස් එළියට රැගෙන එය දැකිය යුතු අන්තර්ගතය සහ එම අන්තර්ගතය දැකිය යුතු ආකෘතිය ආලෝකය යොදා ගෙන ලියයි.[painting as other’s writing] ඒ අනුව, ඔබ බාහිර කෙනෙකුගේ හෝ බාහිර ලෝකයක් ඡායාරූපගත කරනවා නොව ඔබේ අනෙකා හෝ බාහිර ලෝකය විසින් ඔබව ඡායාරූපගත කරනවා ය. (I am Photographed).
එබැවින්, ‘චිත්‍රය’ පිළිබඳ අපගේ කියවීම රැඩිකල් ලෙස වෙනස් ය. චිත්‍රය පිටත [outside] ලෙසත්, චිත්‍ර ශිල්පියා ඇතුළත [inside]ලෙසත් ගත් යුගය හෙටින් අවසන් වෙයි. ඒ වෙනුවට, චිත්‍රය සහ ශිල්පියා/ බාස් යන දෙදෙනාම සිටින්නේ, යථාර්ථයේ ය. නැතහොත්, පිටත ය. දෘෂ්‍යත්වය යනු, ඒ අනුව ධීවරයෙකු තම උරහිස මත ඇති විසි දැල අප වෙතට විසිකර ඔහු වෙතට ඇද ගැනීමකි. මෙතැන දී, ‘චිත්‍ර බාස්’ යනු, අනෙකාගේ ආශාව විසින් සරම කඩා දමන්නෙක් පමණි. ඇස සහ දෘෂ්‍යත්වය නැතහොත්, පෙනෙන දෙය නැතහොත්, දැක්ම යනු, දෙකට බෙදුණු විෂය ක්ෂේත්‍රයකි. ඒ අනුව, ආශාවට ඇස යටත්ය.
අප විසින් හෙට දිනයේ දී, චිත්‍රයක් කියවන්නේ කෙසේ ද යන්න කියා දෙනු ලැබේ. ලංකාවේ චිත්‍ර බාස්ලා චිත්‍ර බලන අතර ඔවුන්ට පෙනෙන්නේ, බාස්ලාගේ ජුන්ඩාව පමණි. ඒ වෙනුවට, අප 21 වැනි සියවසේ අලුත් පරපුරට චිත්‍ර කියවීම [reading] උගන්වනු ලැබේ. එහි දී කියවීමට අදහස් කරන ලද චිත්‍ර පහත පරිදි ය.