නිදහස යනු බාහිර බාධාව මඟින් අභ්‍යන්තර සිතීමේ නිදහස තීරණය වීම පිළිබඳ කතාවක් නොවේ. ‘නිදහස’ පිළිබඳව ශී‍්‍ර ලංකාවේ පවතින්නේ (ඇත්තේ) සාහිත්‍යය නම් ශානරය විසින් නිපදවන ලද අදහසක් ලෙස සහ උද්ඝෝෂණවාදී වාමාංශයේ කොම්ප‍්‍රදෝරු ග‍්‍රාමීය අදහසකි. ලංකාවේ ඊනියා සමකාලීන වාමාංශිකයන්ට පවා ‘නිදහස’ ගැන ඇත්තේ අයින් ඊන්ඞ් නම් ලිබරල්වාදිනියටත් වඩා බාහිර සාධක මඟින් තීරණය වන නිදහසක් පිළිබඳ ජනප‍්‍රිය කතාවකි. මේ නිසාම ඔවුන්ට අනුව ධනවාදය යනු ‘නිෂ්පාදනය’ අඛණ්ඩ වර්ධනයේ දී ඊට බාහිරින් හමු වන බාධාවයි. මෙය ධනවාදී ෆැන්ටසියක් බව ඔවුන් තහවුරු කරගෙන නැත. නිෂ්පාදනයට බාහිරින් ඇති බාධාව ඉවත් කළ විට නිෂ්පාදනයට හමුවන්නේ අඛණ්ඩ සංවර්ධනය නොව ස්වයං – බාධාවයි. මෙය මනෝ විශ්ලේෂණ තලයක කිවහොත් විවිධ අවිඥානික විශ්වාසය. ඒවා නම් ගමෙන් නගරයට රැුගෙන එන ‘නගරය’ සංවිධානය කිරීමේ විවිධ ග‍්‍රාමීය අශ්ලීල ෆැන්ටසිය. 89 වර්ෂයේ දී ගම සාර්ථකව සංවිධානය කර කොළඹට පැමිණි කදුරුපොකුණ නම් ජවිපෙ කොළඹ සන්නද්ධ නායකයා නාගරික ලූම්පනයෙක් වූ ජී. ඇල්. ධර්මසිරි ඉදිරිපිට පරාජය වූයේ ඉහත හේතුව නිසාය. එකල ධර්මසිරි කීවේ 9mm පිස්තෝලයකින් ජවිපෙ සන්නද්ධ අරගලය පරාජය කළ හැකි බවයි.

එබැවින් නිදහස පිළිබඳව අප නිර්මාණය කරගත යුත්තේ ලිබරල් ආකල්ප හෝ ග‍්‍රාමීය අශ්ලීල ෆැන්ටසි හෝ නොවේ. ඒ සඳහා ප‍්‍රබුද්ධ ව්‍යාපෘතියක් තනාගත යුතුය.

හේගල් නම් දාර්ශනිකයාට අනුව නිදහස යනු අභ්‍යන්තරික නිදහසකි. එය බාහිරත්වයට හෝ යථාර්ථයට සම්බන්ධ නැත. සැබෑ නිදහස යනු ආත්මීය නිදහසයි. නිදහස පිළිබඳ හේගලියානු නිර්වචනයට අනුව ඔහු භූගෝලීය නොවන ශිෂ්ටාචාර නිර්ණායකයන් බිහි කර ඇත.

(A) ආසියාවේ නිදහස් එක මිනිසෙකි. ඒ රජතුමා හෝ රාජ්‍ය නායකයාය.

(B) ග‍්‍රීසියේ නිදහස් කිහිප දෙනෙක්ය. ඔවුන් පුරවැසියන්ය. එහි ජනතාව නිදහස් නැත.

(C) යුරෝපයේ සියලූ දෙනා නිදහස්ය. (ඇමරිකාවේ ජීවත් වීමේ නිදහස ඇත්තේ පුරුවැසියන්ට පමණක් නොවේ. එය ඇත්තේ මහජනතාවටය. මෑතක දී එය ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය නූතන නඩු තීන්දුවක් මඟින් යළි තහවුරු කළේය_සරණාගතයෙකුට අදාළව)

mahinda-and-sons

චීනයේ දී විප්ලවයක් සිදු විය. එම නිසා ඉහත සමීකරණයේ චීනය ස්ථානගත වන්නේ කොතැනටද? චීනයේ දී කොමියුනිස්ට් පක්ෂය නිදහස්ය. එබැවින් චීනයේ බහුතරය ජයග‍්‍රාහීය. සුළුතර ඉල්ලීම් කරන සුවිශේෂ පන්ති කණ්ඩායම්වලට විප්ලවය ඉඩ දෙන්නේ නැත. උදාහරණයක් ලෙස රනිල් වික‍්‍රමසිංහගේ ආණ්ඩුව යනු ආකෘතිමය වශයෙන් ඔහුගේ හිතවතුන්ගෙන් පිරී ගිය එකක් මිස බහුතරයේ අපේක්ෂා නියෝජනය කරන්නක් නොවේ. එබැවින් ‘ඔහු’ හැර අන් සියලූ  දෙනාම නිදහස් නැත. රාජපක්ෂ ආණ්ඩුවේ ඔහු සහ පවුලේ අය ද නිදහස්ය. එවිට එය තුළ කිහිප දෙනෙක් නිදහස්ය. උදා – බැසිල්, ගෝඨා, නාමල්, යෝෂිත, රෝහිත, ශිරන්ති, ලලිත්………

 

විප්ලවය නිසා චීනයේ ස්වාධිපත්‍යය ආරක්ෂා වූවා යැයි මා කියන්නේ මන්ද? ස්වාධිපත්‍යය යනු ස්වාධිපත්‍යයිකයා සතු වරයයි. ඔහුට ව්‍යතිරේකය ගැන නිදහස් තීන්දු ගත හැකිය. ස්වාධිපත්‍යයිකයා යනු නීතියට බාහිරින් නීතිය නොවන දේ ප‍්‍රකාශ කිරීමට බලය හිමි පුද්ගලයාය. සීතල යුද යථාර්ථය තුළ නැගෙනහිර යුරෝපයේ රටවලට රුසියාව නිසා අහිමි වී ගියේ මේ ස්වාධිපත්‍යයයි. චීන විප්ලවයට පෙර සිටත් ඊට පසුවත් මා ඕ සේ දොන් නම් දාර්ශනිකයා නිසා චීනයට රුසියාව ඉදිරිපිට නිර්මාණශීලී විචාරයක් ඉතුරු විය. මේ නිසා චීන විප්ලවයේ නියම හරය වූයේ අධිරාජ්‍යවාදයට එරෙහි අරගලය පමණක් නොවේ. එය චීනයේ ස්වාධිපත්‍යය ද ආරක්ෂා කළේය. එපමණක් නොව චීන විප්ලවය ගම්බද ගොවීන් (චීන විප්ලවයේ පාදම බවට පත් වූ සමාජ ස්තරය) සමාජ විප්ලවයේ ප‍්‍රමුඛ ඛණ්ඩාංකයක් ලෙස සැලකූ නිසා ගම්බද ඉඩම් අයිතිය පිළිබඳ ගැටලූවට දේශපාලන විසඳුමක් ලබා දීමට ඊට හැකි විය.

ගම/නගරය අතර දෙබෙදුම ආර්ථික කි‍්‍රයාකාරීත්වය මඟින් බිහි වන්නකි. ‘ප‍්‍රාග්ධනය’ ඒකරාශී වන්නේ නගරවලය. එතැන රැුකියා අවස්ථා බහුලය. ගමෙහි ප‍්‍රාග්ධනය හිඟය. එහි මේ නිසා ඉඩමට ශ‍්‍රමය ගැට ගැසී ඇත. ගම්වල ඉඩම් අයිතිය ඇත්තේ පසුගාමී ප‍්‍රභූන්ට, ආගමික සහ ස්වේච්ඡුා සංවිධානවලටය. චීන පූර්ව – විප්ලවීය අරගල සහ යුද්ධ ඇති වන්නේ මෙම පසුගාමී සමාජ සබඳතා පෙරළා දමන්නටය. ‘සමාජ සංවර්ධනය’ සිදු කිරීම හෝ ග‍්‍රාමීය ප‍්‍රදේශවල ප‍්‍රතිසංස්කරණ වැඩසටහන් ආරම්භ කළ හැක්කේ ගම්වල ඉඩම් අයිතිය සහ භුක්තිය වෙනස් කිරීමෙනි. චීන විප්ලවයේ සෘජු ඵලයක් ලෙස චීන රාජ්‍යය දේශපාලනිකව ස්වායත්ත එකක් විය. මේ නිසා කොමියුනිස්ට් පක්ෂයට පහසුවෙන් රාජ්‍ය බලය මඟින් චීන ග‍්‍රාමීය ජනයාගේ පන්ති විඥානය වර්ධනය කිරීමට හැකි වීම මෙම තත්ත්වය නිසා සීතල – යුද යථාර්ථයේ තාර්කික ව්‍යුහය තමන්ට අවශ්‍ය අයුරින් වෙනස් කිරීමට චීනයට හැකි විය. බාහිර බලවේගවලට සහ ආදර්ශවල. උපදේශනවලට අනුකූලව චීනය තම අභ්‍යන්තරික ව්‍යුහය වෙනස් කර ගත්තේ නැත. මින් අදහස් වන්නේ පක්ෂය තුළ අභ්‍යන්තර මතවාදී ගැටුම් ඇති නොවූවා යන්න නොවේ. ගඟක් තරණය කිරීමේ දී චීන මිනිසා තමන් පා තබන ගල් ගැන සවිඥානික වූයේ ඉහත පසුබිමෙනි.

201511251440232851

1922 – 37 යුගයේ චීනයේ කෘෂිකාර්මික පන්තිය ‘කෘෂි විප්ලවය’ හරහා ග‍්‍රාමීය සමාජ පරිවර්තනයකට ලක් විය. මෙවැන්නක් සෝවියට් දේශය සහ නැගෙනහිර යුරෝපයේ රටවල දුර්ලභ අත්දැකීමකි. මෙවැනි කෘෂි විප්ලවයකින් තොරව ගම්වල ඉඩම් අයිතිය පරිවර්තනයකට භාජනය කළ නොහැකිය. ග‍්‍රාමීය ජනයා සංවිධානය කිරීමේ දී ඉහත ආකාරයේ පන්ති විඥානයක් සංවර්ධනය කිරීම දේශපාලනිකව තීරණාත්මකය. චීනයේ විපරිවර්තනය ගමෙන් ආරම්භ වූයේ මේ නිසාය. ගම්බද ජනයා තීරණාත්මක වැඩ කොටසක් ඉටු කරන සමාජයක දී විප්ලවයක් සිදු කරන විට ආණ්ඩු මුලික සාධක සහ ග‍්‍රාමීය නායකයන්ගේ කැමැත්ත සලකා බැලිය යුතු අනිවාර්ය සාධකයන්ය. චීන විප්ලවයේ ග‍්‍රාමීය පදනම නිසා එය වෙනත් සමාජවාදී රටකට වෙනස්ව ‘සමානාත්මකතාවය’ පිළිබඳ විඥානය මහජනයා අතර තහවුරු වීමට පාදක විය. චීනයේ සමකාලීන ගැටලූ අතර ප‍්‍රමුඛත්වයක් ගන්නේ ද කෘෂිකර්මයට, ගම්බද ජනතාවට සහ ග‍්‍රාමීය ශ‍්‍රමයට අදාළ සමාජ ගැටලූය.

1989 ට චීනය සූදානම් වූයේ අනෙක් පැවැති සමාජවාදී රටවලට සාපේක්ෂව නොවේ. චීනයේ දී වෙනත් රටවලට වඩා ඉඩම්වල අයිතිය දේශපාලනික වූ නිසා වැටුප් ශ‍්‍රමය (Wage Labor)  කරා යෑමට පහසු විය. වෙනත් රටවල  ගැමියා විවිධ ග‍්‍රාමීය අගතීන්වල පැටලෙන විට කොමියුනිස්ට් පක්ෂය හරහා චීන ගැමියා ‘වැටුප් ශ‍්‍රමය’ පිළිබඳව සවිඥානික වූයේය.

නිදහස් වෙළෙඳපොළ ආර්ථිකය යටතේ ගම/නගරය අතර අසමානතාවය/විෂමතාවය (ශී‍්‍ර ලංකාවේ මේ ප‍්‍රශ්න තවම විසඳාගෙන නැත. ලංකාවේ කෘෂිකර්මය නාගරික ප‍්‍රාග්ධනය මත සුබසාධන ආකෘතියකින් පරායත්තය) චීනය පහසුවෙන් ජය ගන්නේ චීන විප්ලවය විසින් ගම්බද ඉඩම් අයිතියේ සංයුතිය සහ පරිමාව බහුතරයට අවශ්‍ය අයුරින් වෙනස් කළ නිසාය. චීනයේ නාගරික ප‍්‍රාග්ධන අවශ්‍යතා අනුව එහි ගම්බද කෘෂිකාර්මික ශ‍්‍රමය ප‍්‍රාග්ධනය හරහා වැටුප් ශ‍්‍රමය බවට පරිවර්තනය කිරීමට චීන කොමියුනිස්ට් පක්ෂයට අනූවේ දශකය තුළ අවශ්‍ය විය. මින් අදහස් වන්නේ ගැටුම් නොමැතිව ග‍්‍රාමීය ශ‍්‍රමය නගරය කරා විගාමික වූවා යන්න නොවේ.

උදාහරණයක් ලෙස Du Pont නම් ඇමරිකානු කෘෂි නිෂ්පාදන බහු සමාගම ශී‍්‍ර ලංකාවේ ග‍්‍රාමීය කෘෂිකර්මය තුළ ආයෝජනය නොකරන්නේ මන්ද? ව්‍යාජ ධනේශ්වර පන්තියේ (ඇත්තෙන්ම ලූම්පන් මැදපාන්තික) සෙල්ලක්කාරයෙකු වන මලික් සමරවික‍්‍රමට Du Pont සමඟ ගිවිසුමකට ඒමට නොහැක.  Du Pont යනු අප දැනට දන්නා සම්භාව්‍ය කෘෂිකර්මය පිළිබඳ සමාගමක් නොවේ. එය ඉතාම ගැටලූකාරී ගැටලූවලට අත දමා ඇති සමාගමකි. රතන හාමුදුරුවන්ගේ ශරීරය බයෙන් වෙව්ලා යන තරමට Du Pont සමාගම කෘෂි භෝගවල ජාන සංස්කරණවල  අදහස්වලට Du Pont ඉදිරිපත් කරන අභියෝගවලට සදාචාරාත්මක සාම්ප‍්‍රදායික උත්තර නැත. බැලූ බැල්මට පෙනෙන්නේ Du Pont ය  බහුජාතික බූවල්ලෙක් යනුවෙනි. නමුත් පොළොන්නරුවට  Du Pont පැමිණීමෙන් එහි කෘෂිකර්මය ඉතා ඉක්මනින් කාර්මිකකරණයට සහ තොරතුරු තාක්ෂණයට ලක් වනු ඇත. ඉඩම් අක්කර දහස් ගණනක් වගා කිරීමට, එය රැක බලා ගැනීමට, එයට පොහොර දැමීමට, රෝග හඳුනා ගැනීමට, වර්ගීකරණයට අවශ්‍ය ශ‍්‍රම බළකාය එවිට පහකට අඩු වනු ඇත. එවිට කෘෂිකාර්මික භෝග වාණිජකරණයට ලක් කිරීම ද පහසුය. කාර්මිකත්වයට බය පොළොන්නරුව කාර්මිකත්වය විසින් සකස් කරනු ඇත.

DuPont ගමට ඒමට පෙර ‘සමාජ විප්ලවය’ අවශ්‍යය. ගමට DuPont එන විට ගමෙහි තිබිය යුත්තේ රතන හාමුදුරුවන්ගේ පූර්ව – නූතන අදහස් නොවේ. සශී‍්‍රකත්වය පිළිබඳ පශ්චාත් – කාර්මික අදහස් අද අපට අවශ්‍යය. චීනයේ ෂැංහයි නුවර DuPont  පර්යේෂණාගාරයකට ඉඩ ලැබෙන්නේ මේ නිසාය. වර්ගවාදයට සහ ජාතිවාදයට දක්කා ඇති සිංහල ගැමියාට  DuPont Lab එකක් සම්මුඛ කරවිය යුතුය. චීන කෘෂිකර්මයේ දෘඪාංග ගැටලූවලට අවශ්‍ය පිළිතුරු ෂැංහයි හි ඇති DuPont   පර්යේෂණාගාරයේ දී අත්හදා බැලෙයි. ඔවුන්ගේ කෘෂි භෝග පොහොර නොයොදා ජාන සංස්කරණය මඟින් වැඩි දියුණු කරන ආකාරය එහි දී සොයා බැලෙයි. චීන සමාජවාදී විප්ලවය ගැන වොෂින්ටනයෙන් ඉගෙන ගත් අයට කිව යුත්තේ ෂැංහයි නගරයට ගොස් ග‍්‍රාමීය ජනයා වැටුප් ශ‍්‍රමයට පුරුදු කිරීමට  එහි දී විද්‍යාව යොදා ගන්නා ආකාරය නරඹන ලෙසයි. ‘හොරුන්’ සමඟ වැඩ කිරීමට පුරුදු වූ අයට අලූත් අදහස් පහළ වන්නේ නැත. චීන ධනවාදයේ එන්ජිම චීන සංස්කෘතික විප්ලවයයි

 

https://www.youtube.com/watch?v=rTsH7B1H11k

 

Deepthi Kumara Gunarathne.

Related Articles

චීන ලිංගිකත්වයේ අනෙක් පැත්ත

චීන ලිංගිකත්වය පෙරුම් පුරන ස්ති‍්‍රයට විචාරයක් ලෙස

චීන ආහාරවල දේශපාලනය

ඇඩම්ස් ස්මිත් බෙජිං නගරයට

 

 

 

ඔබේ අදහස කියන්න...