ගෝලීයකරණයේ නව පීඩනයන් සමඟ චීනයේ ස්වාධිපත්‍යය ව්‍යුහාත්මක වශයෙන් වෙනස් වීම ආරම්භ වී ඇත. 20 වන සියවසේ චීනය සලකා බැලූවේ අධිරාජ්‍ය විරෝධී රටක් වශයෙන් නම් එය අද සලකා බැලෙන්නේ අධිරාජ්‍යවාදීන්ගේ උපාය මාර්ගික සගයෙක් ලෙසය. ගෝලීයකරණය මඟින් සිදු වන මූලික ප‍්‍රවාහය වන්නේ ප‍්‍රාග්ධනය සහ මිනිසුන් සෑම දිශාවකටම අපනයනය වීම ඇරඹීමය. මේ හේතුව නිසා ප‍්‍රපංච දෙකක් දේශපාලනයේ ආධිපත්‍යයට නතු වෙයි. එකක් ප‍්‍රාග්ධනයයි. එහි පාලනය සඳහා අරාජක ලෙස WTO සහ තවත් බහුජාතික වෙළෙඳ ගිවිසුම් ආරම්භ වී ඇත. අනෙක ශ‍්‍රමයයි. ශ‍්‍රමය සඳහා පාලන ආකෘතියක් නූතන ගෝලීයකරණය තුළ ගොඩනැගීම දුෂ්කරය. මේ සඳහා දායක වී ඇති ප‍්‍රබලම දෘෂ්ටිවාදය මානව හිමිකම්ය. EU යනු ශ‍්‍රමයේ සංචලතා සමඟ ඇති වන අලූත් සමාජ ගැටලූ පිළිබඳ සංවේදී වන නිලධාරිවාදී යුරෝපීය සංස්ථාපිතයයි. ප‍්‍රාග්ධනය එක තැනකින් තව තැනකට අපනයනය වන වේගය වැඩි වී ඇති තතු යටතේ කිසිදු රැකියාවක් සුරක්ෂිත වී නැත. මේ නිසාම චීනයේ ඉතා ඝනකමට ඇති ස්වාධිපත්‍යය බටහිර වෙළෙඳාම නිසා තුනී වෙන්නට පටන් ගෙන ඇත.
දැන් චීනය නිෂ්පාදනය මත පදනම් වන ආර්ථිකයකි. එහි ප‍්‍රධාන වෙළෙඳපොළ අමෙරිකාවයි. චීනයේ ශ‍්‍රමය භාණ්ඩ නිෂ්පාදනය කරන අතර අමෙරිකාව චීනයෙන් ණයට බඩු ගෙන ඒවා පරිභෝජනය කරයි. රාජ්‍යයක ව්‍යුහය වෙනස් කිරීමට වඩා අධිරාජ්‍යයක ව්‍යුහයක් වෙනස් කිරීම දුෂ්කරය. 80 දශකය වන විට ජපානයේ ආර්ථිකය අමෙරිකාව අභිභවන මට්ටමට වර්ධනය වී තිබුණේය. සෝනි සමාගම අමෙරිකාවේ ඉතා ජනප‍්‍රිය විනෝදාස්වාද කර්මාන්තයේ ලාංඡුන කොටස් වෙළෙඳපොළ හරහා මිලට ගනිමින් සිටියේය. නමුත් රටක් සංවර්ධනය කිරීම සහ එම රටේ පොදු සමාජ ඉල්ලීම් වර්ධනය කිරීම අහසට පොළොව මෙන් දුරස්ථ විෂයන් දෙකකි. ජපානයට අමෙරිකාව සංස්කෘතිකව පරාජය කිරීමට නොහැකි වූයේ ඔවුන්ගේ ජනයා සංස්කෘතික පාරිභෝගික භාණ්ඩ පරිභෝජනයෙහි ලා දැක්වූ අකුටිල භාවය නිසාය. ධනවාදය සමතික‍්‍රමණය කිරීමේ දී සංස්කෘතිය හිස් තැනක් වන තුරු ගමන් කිරීම දුෂ්කරය. 80 දශකය වන විට ජපානය ‘සංස්කෘතික’ ක්ෂේත‍්‍රයේ දී අතීත අගතීන් කරා ගමන් කිරීම ඇරඹියේ ජපාන ව්‍යාපාරිකයන්ට අමෙරිකානුවන්ගේ පරිභෝජන ශක්තිය අභිභවා යෑමට නොහැකි වීම නිසාය.
චීනයේ විදේශ සංචිත ප‍්‍රමාණය අතිවිශාලය. එය මේ වන විට අමෙරිකාවටත් වඩා බලගතුය. මේ මූල්‍ය ගෝලීයකරණය තුළ චීනය තම ස්වාධිපත්‍යය ශක්තිමත් කර ගන්නවාට අමතරව එය පරායත්ත කරගෙන ඇත. මූල්‍ය ප‍්‍රාග්ධනය සහ හෙජ් කළමනාකරුවන්ගේ ප‍්‍රාග්ධනය හමුවේ Chimerica නමින් කල්පිත රටක් බිහි වී ඇත. මේ ව්‍යුහාත්මක වෙනස නිසා චීන ආර්ථිකයේ බහුජාතික පරායත්ත බව පුළුල් වී ඇත. ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් සමඟ චීනයට එකඟ වීමට සිදු වන විට දේශීය ආර්ථිකයන් විගලිත වීම ආරම්භ වෙයි. ඒ නිසා වෙනත් රටවල සිදු වන අර්බුදයන් චීනයේ ද අර්බුදයන් වීමට වැඩි කලක් යන්නේ නැත. අන්තර්ජාලය මඟින් මෙහෙයවෙන මූල්‍ය සමපේක්ෂණයන් අධිනිශ්චය වූ යුගයක රටක ස්වාධිපත්‍යය සම්භාව්‍ය අර්ථයෙන් වටහා ගැනීම දුෂ්කරය. එපමණක් නොව අන්තර්ජාලය මත පිහිනන අනන්‍යතාව මත රඳවන අලූත් සමාජ ව්‍යාපාරවලට මුහුණ දීම ද පැරණි තාලයට කළ නොහැකිය.

thumb-1920-697683
අනෙක් අතට නූතන ගෝලීයකරණය තුළ ‘රාජ්‍යයට’ (State) හිමි ස්වභාවය ද ගුණාත්මක වශයෙන් පරිවර්තනය වෙමින් පවතියි. චීන රාජ්‍යය බටහිර ලිබරල්වාදීන් සලකන්නේ සර්වාධිකාරී පක්ෂ රාජ්‍යයක් ලෙසිනි. නමුත් රුසියාවට වඩා ආර්ථිකය මෙහෙයවීමේ දී චීන රාජ්‍යය කාර්යක්ෂමය. 2008 වර්ෂයේ සිදු වූ ගෝලීය මූල්‍ය අර්බුදයේ දී චීනය ඊට සාර්ථකව මුහුණ දුන්නේ චීන රාජ්‍යයේ ස්වාධීන බව නිසාය. සමාජ සම්ප‍්‍රදායන්, විවිධ සමාජ ව්‍යාපාර සහ සමාජ ප‍්‍රතිවිරෝධ මඟින් චීනයේ මූල්‍යකරණයට කළ හැකි බලපෑම දේශපාලනිකව අවම කිරීම පක්ෂයට කළ හැකිව තිබේ. නමුත් චීනයේ ඉඩම් තවම පෞද්ගලික දේපළක් නොවේ. ඉන් අදහස් වන්නේ ඉඩම් වෙළෙඳපොළ යාන්ත‍්‍රණයට හසුව නැත යන්න නොවේ. රාජ්‍යය නිසා ‘ඉඩම්’ හරහා සිදු වන මූල්‍ය සමපේක්ෂණය දුර්වල වී ඇත. එය නිෂ්පාදන ආර්ථිකයක් සහිත කාර්මික රටකට සුදුසු වුවත් අමෙරිකාව සමඟ කරන තරගයේ දී දුර්වල නිලයකි. නමුත් චීන රාජ්‍යය විසින් ඉඩම් සංවර්ධනයට අත ගසා ඇති බව ද සැලකිය යුතුය. මින් අදහස් වන්නේ ඉඩම් ප‍්‍රතිසංස්කරණ ප‍්‍රතිපත්තියක් චීනයට අවශ්‍ය බවයි.
චීනය මීට දශක තුනකට පෙර තම රාජ්‍යය හරහා මැදිහත් වූයේ වෙළෙඳපොළ ප‍්‍රතිසංස්කරණ වෙනුවෙන්ය. නමුත් මේ වන විට චීන රාජ්‍යය වෙළෙඳපොළ ප‍්‍රතිසංස්කරණ කටයුතු අභිභවා ගොස් වෙළෙඳපොළ කටයුතුවලට අතපොවමින් සිටියි. ඉන් අදහස් වන්නේ චීන රාජ්‍යය මේ වන විට ආයෝජනය සඳහා එළඹ ඇති බවයි. මේ හේතුව නිසා චීන රාජ්‍යයේ විවිධ අංශ අතර අසමානතාවක් ඇති වී තිබේ. රාජ්‍ය ව්‍යුහයේ ඇති වන මෙම අසමාන සංවර්ධනය සෘජු ලෙස කොමියුනිස්ට් පක්ෂයේ නිලධාරි ව්‍යුහය අභ්‍යන්තරයෙන් වෙනස් කිරීමට තුඩු දී ඇත. මෙවැනි තත්ත්වයක් ඇති වීම අහම්බයක් නොවේ. උදාහරණයක් ලෙස ලංකාවේ ජනතා විමුක්ති පෙරමුණේ සමහර නිලධාරීන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වීම නිසා පක්ෂය තුළ සාමාන්‍ය කාඩර්වරයා සහ විශේෂ උනන්දුවක් ඇති (උදා – විමල් වීරවංශ වැනි) පුද්ගලයන් බිහි වීම අසාමාන්‍ය නැත. ගැටලූව වන්නේ පක්ෂය මෙම ප‍්‍රායෝගික ශ‍්‍රම විභජනය න්‍යායිකව අවශෝෂණය කරන ආකාරයයි. රාජ්‍ය මූල්‍ය කළමනාකරණය හරහා ¥ෂ්‍ය වන කාඩර්වරයෙකුට වඩා පක්ෂයේ මූල්‍ය සංචිත සමඟ සෙල්ලම් කරන අභ්‍යන්තර කාඩර්වරයෙකු දේශපාලනිකව වඩා භයානකය. පළමුවැන්නාව රාජ්‍ය ක‍්‍රියාකාරීත්වය හරහා මාධ්‍ය මඟින් හෙළිදරව් වීමට නියමිතමුත් දෙවැන්න දේවාල න්‍යාය මත අබිරහස්කරණය වෙයි. පළමුවැන්නාට වඩා දෙවැන්නා සමාජීය මුදල් සංචිත තමන්ගේ පෞද්ගලික වැඩවලට යොදා ගනියි. එතැන දී ඔහුට එකතු වන්නේ පක්ෂ සාමාජිකයන් නොව ඥාතීන්ය.
පක්ෂයේ අභ්‍යන්තර විනය දැනට සිදු වන ගෝලීයකරණය හමුවේ රඳවා ගැනීම ඉතා දුෂ්කරය. මීටත් වඩා දුෂ්කර වන්නේ පක්ෂය තුළ අභ්‍යන්තර මධ්‍යගත ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැුක ගැනීමය. චීනයට අදාළව ගතහොත් මැයි මස 13 වන දා සිදු වූ වෙන්චුආයින් භූමිකම්පනය, 2008 වර්ෂයේ සිදු වූ මූල්‍ය කඩා වැටීමේ දී සහ ඔලිම්පික් ක‍්‍රීඩාව පැවැත්වූ ආකාරය එනම් පුළුල්ව රාජ්‍යය මඟින් කරන ලද (මැදිහත් වී කරන ලද) ව්‍යාපෘති බොහොමයක් සාර්ථක විය. නමුත් පක්ෂ නිලධාරීන් සහ මහජනතාව අතර සමහර ප‍්‍රදේශවල ප‍්‍රතිවිරෝධතා හටගෙන ඇත. පක්ෂයේ විවිධ මට්ටම්වල නිලධාරීන් අතර තීරණ ගැනීමේ හැකියාව දුර්වල වී ඇත. යම් කිසි සමාජීය ආයතනයක අර්බුදය මඟින් සංකේතවත් වන්නේ හුදු ආර්ථික ක‍්‍රියාවලිය පමණක් නොවේ.
දේශපාලන සුජාතකරණයේ දී ප‍්‍රජාතන්ත‍්‍රවාදයට (විශේෂයෙන් එහි ආකෘතියට) කළ හැකි කාර්යයක් තවදුරටත් චීනය තුළ ඉතිරි වී ඇත. 80 දශකයේ දී ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ප‍්‍රශ්නය අතිසරලය. නමුත් ගැටලූවට විසඳුම වන්නේ බටහිර ප‍්‍රජාතන්ත‍්‍රවාදය සෘජුව අනුකරණය කිරීම නොවේ. උදාහරණයක් ලෙස ලංකාවේ දෙමළ ජනයා සිංහල රාජ්‍යයෙන් ඉල්ලන්නේ ප‍්‍රජාතාන්ත‍්‍රිකව වෙන් වීමේ අයිතියයි. චීනය 2009 වර්ෂයේ ලංකාවේ සිදු වූ සාපරාධී යුද්ධයට ද්‍රව්‍යමය වශයෙන් ආධාර කළ ද එය සමාව දිය නොහැකි වරදකි. මහින්ද රාජපක්ෂ සරලමතිකයා සමඟ (Port-city) ආයෝජනය ආරම්භ කිරීමේ ප‍්‍රතිඵල අද දවසේ චීන රජය අත්විඳිමින් සිටියි. ලංකාවේ වාර්ගික එක්සත්කම වෙනුවෙන් චීනය පෙනී නොසිටිනතාක් ලංකාවේ චීන ආයෝජන අභියෝගවලට ලක් වෙයි. ඊට අමතරව ඔවුන්ට ලංකාවේ දී තම ආයෝජන සුරක්ෂිත කර ගැනීමට හවුල් වීමට සිදු වනු ඇත්තේ හොරුන් සමඟය. චීින තානාපතිවරයා මේ මෑතක දීි ප‍්‍රකාශ කළේ ‘කප්පම් ගෙවීම’ ඔබලාගේ ප‍්‍රශ්නයක් කියාය. නමුත් ලංකාවේ ඇමැතිවරුන්ට ‘කප්පම් දීම’ චීන කොමියුනිස්ට් පක්ෂයේ නිලධාරී මට්ටමේ ගැටලූවක් ලෙස වටහා ගැනීම අනාගත චීනයට යහපත්ය.

365938-workers-smash-lamborghini
පවතින පශ්චාත් – දෙවන ලෝක යුද සන්දර්භය තුළ දී පක්ෂ දෙකේ හෝ බහු – පක්ෂ ”ප‍්‍රජාතන්ත‍්‍රවාදය සමකාලීන නිදහස් වෙළෙඳපොළ ආර්ථිකය හමුවේ අසාර දර්ශනයක් බවට පත් වී ඇත. කලින් පැවැති ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ දේශපාලන පක්ෂ පාර්ලිමේන්තුව තුළ කළ නියෝජනය අද දවසේ දිනෙන් දින වළපල්ලට ගමන් කරමින් පවතියි. ඡුන්දදායකයන් තමන්ට අද්දා ගැනීම වෙනුවෙන් දේශපාලන පක්ෂවලට තම ප‍්‍රතිපත්ති දුර්වල කිරීමට සිදු වී ඇත. අද දවසේ නියෝජන ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු හුදු බෝඞ් ලෑල්ලකි. ඒ තුළ දෘෂ්ටිවාදී සුජාතකරණයක් හැර අන් සියල්ල හිස් සටන් පාඨ වෙයි. ජාතික ආර්ථිකයන් සමතික‍්‍රමණය කරමින් වැඩෙන බහුජාතික සහ සංක‍්‍රාන්ති ජාතික සමාගම් ක‍්‍රියාකාරිත්වය නිසා ජාතික රාජ්‍යයන්ගේ මතවාදී අඩංගුව අතාර්කික වී ඇත. රාජ්‍යයේ තීන්දු තීරණ ගන්නා තැන්වල දැන් ඉන්නේ තැරැුව්කරුවන්ය. ඕනෑම රටක ආර්ථික තලයේ වැඩසටහනක් ජාත්‍යන්තර තලයේ වෙනස්කම් හමුවේ අසරණ වෙයි. මේ නිසා බොහෝ රටවල මහජනතාවගෙන් වෙන් වූ කුඩා වූ පිරිසක් (Oligarch) එම රටේ තීන්දු තීරණ ගනිති. නැති බැරි අයට ඉතුරු වන්නේ ස්වයං – ආරක්ෂක සමාජ සංවිධාන (ඉන්දියාවේ මා ඕවාදය මෙන්) පිහිටුවා ගැනීමටය. තවදුරටත් දේශපාලන ව්‍යුහයේ මූලික අණුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය නොවේ. මෙම ව්‍යුහමය ක‍්‍රියාවලිය නිසා ඉහළ සමාජ ස්තර මාෆියා පන්නයේ දේශපාලන ආකෘතියකට හැඩගැසෙන අතර පීඩිත ජනකොටස් අරාජකවාදය ප‍්‍රමුඛ කරගත් නිලධාරිවාදය කරා ගමන් කරයි.
තවදුරටත් දේශපාලන පක්ෂවලට සෘජු ලෙස මහජන කැමැත්ත ප‍්‍රකාශ කළ නොහැකිය. පක්ෂ තුළ සිටින විවිධ කල්ලි කණ්ඩායම් සුවිශේෂ උනන්දුවක් සහිත පිරිස් ලෙස (පක්ෂයේ කොටසක් ලෙස එහි නොවන කොටසක්) රඟදක්වයි. රාජ්‍ය බලය හිමි වන්නේ පක්ෂයට නොව එහි විශේෂ කොටසකටය ලංකාවේ UNP ය මීට කදිම උදාහරණයකි. පාට පාට විප්ලවවල කාලය අවසන්ය. Facebook විප්ලව අවසානයේ රාජ්‍ය බලය යුද හමුදාවට පවරා දෙයි. අතීතයෙන් කැඞී නව දේශපාලනයක් නිර්මාණය කර ගැනීමේ ආශාවක් අපට අවශ්‍යය. 20 වන සියවසේ සමාජවාදී උරුමය ඒ සඳහා අපට අවශ්‍යය. චීනය මේ නව වෙනසට සූදානම්ද? මම නොදනිමි.

චීනය ලිපි පෙළ අවසානයි

Related Articles

චීනය 1 – ඇඩම්ස් ස්මිත් බෙජිං නගරයට

චීනය 2 – කොන්ෆියුසියානු සටන් කලාවේ විචාරකයෙක් ලෙස බෲස් ලී

චීනය 3 – චීන ආහාරවල දේශපාලනය

චීනය 4 – චීන ලිංගිකත්වය පෙරුම් පුරන ස්ති‍්‍රයට විචාරයක් ලෙස

චීනය 5 – චීනයේ ස්වාධිපත්‍යය

 

– Deepthi Kumara Gunarathne –

ඔබේ අදහස කියන්න...